කේන්දරේ බලලා කියපුවා

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    නෑ අනුරාධපුරේ පැත්තේ පොරක්, මමනම් නෙවෙයි ගියේ අපේ අම්මයි ඇන්ටි කෙනෙකුයි ගියේ. වර්තමානය සහ අතිතයනම් මිනිහා ටක්කෙටම කියලා තිබුනා. ඕ ලෙවල් රිසාල්ට් එකේ ඉඳලම. ඒ ඇන්ටිගේ ගැන කිව්ව ඒවත් හරි. එතන මට පුදුම දේ මම කලින් දවසේ කල්පනා කරපු දේකුත් අපේ අම්මට කියලා තිබුනා මෙයා මෙහෙම කල්පනා කරනවා ප්‍රශ්නයක් කියලා :baffled:
    මචං number එකක් හොයලා දෙන්න
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචං number එකක් හොයලා දෙන්න
    නම්බර් එකක්නම් නෑ මම කාලෙකට කලින් මේකේ උන්ට යන විදියනම් කිව්වා. ආයෙම අහලා කියන්නම්. හැබැයි වැඩක් නෑ පුතේ. මොකටද බන් අපේ වර්තමානයයි අතීතයයි අහගෙන එන්නේ. අර ශාශ්ත්රය හරි කියන්නනම් හොඳයි. එතනින් එහා වැඩක් නෑ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මට කියපුවා නම් හරි ගිහින් නැ එකක් වත්.

    කැම්පස් එ⁣කේ ඉන්න කාලේ බැජාලා බැජිලා එකතු වෙලා ෆන් එකට රිසච් එකක් වගේ කලා බෙදිලා ගිමින් සාස්තර කාරයෝ කියන දේවල් ඇත්ත බලන්න. එකෙක් වත් ප්ලාන්ට් කරගන්නපුලුවන් තරමේ දෙයක් කිව්වේ නැ. ඒ නිසා ඕවා බොරු කියලා විස්වාස කරමි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අම්මට උඹ උපන් වේලාව මතක නම් උප්පැන්නෙ දාලා තියෙන්නේ ඒ වෙලාව නම් හරියට කේන්දර බලන්න පළපුරුදු කෙනෙක් බලනවා නම් කේන්දර තියෙන ඒව හරි.. අපේ කර්ම පල ගැන කියන්නේ..
    මම බැලුවේ වයසක පොරක් ගෙන් කියන ඒව 99% ක් හරි..අනික් උන්ට කියන ඒවත් හරි. කරුමෙට පොර මලා ගිය අවුරුද්දේ.
    uba pitiye appuda?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මං බැලුවේ බයියන්ට කේන්දර සීන් මාරට හරියනවා නේ. හොදයි හොදාායි හොදාාායි
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    බණ්ඩාරගම ට කිට්ටු ගෝනපොල කියල ගමක කෙනෙක්ගෙන් බැලුව. සාමාන්‍යයෙන් ගොඩක් දේවල් හරියට කිව්ව. සමහර දේවල් නම් තමා උනේ නැති ඒවත් තියනවා. ගොඩක් ඒව හරි කියලා හිතන්න පුලුවන්
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Meka sira seen ekak. bandinna kalin kellek sastarayak balala deyak kiwwa. Me kella hambela wadi kalayak naha Etakota.
    Kawuda manda saami kenek kiwwa kiyala mata kiwwe.
    Meki kiwwa anagathe wenna thibba deyak. Mama oya saastara eka binduwak wishwasa kale Naha. Meki kiwwa kathawa adahanna amaru deyak. Mokadha kiwwe mage langama kenek gana. Eki danna labbak Naha.
    Mata oya seen direwwe naha. Tawa hethu nisa mama ayin wuna mekigen.

    Awurudu deka thunakin ara kiyapu de unaane.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    Meka sira seen ekak. bandinna kalin kellek sastarayak balala deyak kiwwa. Me kella hambela wadi kalayak naha Etakota.
    Kawuda manda saami kenek kiwwa kiyala mata kiwwe.
    Meki kiwwa anagathe wenna thibba deyak. Mama oya saastara eka binduwak wishwasa kale Naha. Meki kiwwa kathawa adahanna amaru deyak. Mokadha kiwwe mage langama kenek gana. Eki danna labbak Naha.
    Mata oya seen direwwe naha. Tawa hethu nisa mama ayin wuna mekigen.

    Awurudu deka thunakin ara kiyapu de unaane.
    mokada une kiyapan ithin.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මේ ගැන මම කලින් ලියාපු එකක් Repost කරනවා..

    80 දශකයේ මැද කාලයේ විතර උන සිද්ධියක්.

    මගේ ඥාති සොහොයුරෙක් අතින් එයාගේ (එකල පෙම්වතිය, පසුව බිරිඳ) කෙල්ල ප්‍රෙග්නන්ට් උනා. මේ සම්බන්ධය ගෙවල් දෙකම දන්නා, ගෙවල් දෙකෙන්ම අනුමැතිය ලැබුන එකක්. මේ කෙල්ලගේ අක්කාගේ වෙඩිං එක අස්සේ තමයි මුන් දෙන්නා හනිමූන් ගිහින් කෙලවාගෙන තියෙන්නේ.

    මේ දෙන්නගේ විවාහය ඊළඟ වසරේ කරන්න තමයි සුදානම් වී තිබුනේ. ඒ නිසා මේ විවාහයත් ඉක්මනින්ම කරගෙන ඔවුන් වසරකට පමණ විදේශගතවී (මේ සොහොයුරා වසර ගණනාවක් විදේශගතව ඉඳ ආපසු ආ කෙනෙක්) දරුවා ලැබුන පසුව ලංකාවට එන්න සැලසුම් කළා. එතකොට විවාහයෙන් මාස හයකට පස්සේ දරුවා ලැබුන බව කාටත් අමතකයිනෙ.

    මේ සැලසුම සඳහා , ගමේ බොහොම පිළිගැනීමක් තියන, හඳහන් නක්ෂත්‍ර වැඩ ගැනත් දැනුමක් තියන (නමුත් කිසිවිටෙක මුදලට හෝ වෘත්තීයක් හැටියට ඒ දේවල් නොකරන විශ්‍රාමික විදුහල්පති කෙනෙක් ) කෙනෙකු ලවා, විවාහය ඉක්මන් කලයුතු යැයි කියවෙන 'බොරු හඳහන් රිපෝට්' එකක් ලියවා ගැනීමයි අපේ අදහස උනේ.

    අපි කිසි කෙනෙක් හඳහන් හෝ ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයට තියන ගෞරවය නිසා කවුරුත් ඔහුගේ වචනයට ගරු කරනවා. මේ වැඩිහිටි මනුස්සයාට වෙච්ච ඇත්තම දේ අපි කිව්වා. එයා එක පයින්ම වැඩේට එකඟ උනා. හේතුව, උපදින්න ඉන්න ළමයාව abort කරනවාට වඩා, කාගේ කාගේත් නම්බුවත්, දරුවාවත් ඔක්කොම බේරෙන නිසා. ඉතින්, මේ විවාහය ඉක්මනින් කල යුතුයි, නැතිනම් විවාහයට බාධා එනවා කියලා ලියලා දුන්නා. මේ කියූ රිපෝර්ට් එක දුන්නේ හඳහන් බලන්නේත් නැතුවයි. ඒ උනාට එයා හඳහන් දෙකම බලලා මගුලට ඉක්මන්ම නැකත් දිනයක් හදලා දෙන්නත් පොරොන්දු උනා. ඒ අනුව මාසයකින් විතර තියන දිනයක් මගුලට ලැබුනා.

    මේ වැඩේට අතරමැදියා උන මාව ගෙන්නලා, මේ හඳහන් බලාපු වැඩිහිටියා යම් දේවල් කිහිපයක් කිව්වා. ඔහු කිව්වේ හඳහන් අනුවනම්, මේ කුසේ ඉන්න දරුවාගේ උපතක් පෙන්නුම් කරන්නේ නැහැ, ඒ නිසා දරු උපතට පෙර, රට යන්න ටිකට් ගන්න එක, විසා හදා ගන්න එක වගේ දේවල් දැන්මම කරන්න ඉක්මන් වෙන්න එපා. ඒවා ටිකක් කල් දාන්න මගේ සොහොයුරාව පොළඹවා ගන්න කියලයි. ඒ අතරම, මේ ජෝඩුවට දරු ඵල දෙකක් තියනවා, ඒත් එයිනුත් එක දරුවෙකුගේ ජීවිතය බොහොම කෙටි විය හැකි බවත්, මේ සොහොයුරාටත් වැඩි ආයුෂයක් නැති බවත් කිව්වා.

    මම මේ දේවල් කා එක්කවත් කිව්වේ නැහැ. අපි කවුරුවත් හඳහන් පිලිබඳ විශ්වාසයක් තියන අය නොවෙයි. නමුත්, මගුලෙන් පසුව මේ ජෝඩුව ඥාති ගෙවල් විසිට් කරන්න නුවර ගිහින් ඉන්දැද්දී මනමාලිට අසනීප වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් උනා කිව්වාම මට එක පාරටම මතක් උනේ අර ඉහත කී "දරු උපතක් පෙන්නුම් කරන්නේ නැහැ". කියන කතාවයි. ඒ දරු ගැබට Miscarriage එකක් වෙලා තිබුනා. ඒක හඳහන් බලලා කිව්වා නේද කියන එක මට එච්චර බරට හිතට දැනුනේ නැහැ.

    මෙයින් වැඩි කලක් නොගිහින් මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන නිසා, මේ දේවල් සම්පුර්ණයෙන්ම අමතක වෙලා තිබුනත්, වසර ගණනාවකට පසුව, එක දිනක අම්මා එක්ක කතා කරනකොට කිව්වේ xx අයියාගේ පොඩි දරුවා මොකක් හරි හඳුනා ගත්ත නැති ලෙඩක් හැදිලා Lady Ridgeway Hospital එකට ඇඩ්මිට් කළා කියලයි. මට අර හඳහන් සිද්ධිය මතක් උනා. මම අම්මාට මේ හඳහන් කතාව එදා කිව්වා. අම්මා කිව්වෙත් එහෙම දෙයක් හිතන්නවත් එපා, ඒ දරුවා සනීප වෙලා එයි. ඕවා හිතේ වත් තියා ගන්න එපා කියලයි.ඒ උනාට හඳහන් කාරයා කිව්වා වගේම ඒ දරුවා මැරුණා.

    අවාසනාවකට, ඊළඟ අනාවැකියත් ඇත්ත උනා. ඒ අයියා අවුරුදු 50 ලබන්න පෙරම මියගියා.

    මොනවා උනත්, මම අදටත් ප්‍රතිපත්තියක් හැටියට හඳහන් බලවන්නේ වත්, විශ්වාස කරන්නේ වත් නැහැ. නමුත්, මේ පිළිබඳව හොඳ දැනුමක් තියන මිනිස්සු බොහෝම කලාතුරකින් ඉන්නවා. ඒ අයට අපි ගරු කල යුතුයි කියන මතයේ නම් මම ඉන්නවා.
    මචන් මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා.. එතනදි ඒ කේන්දරේ බලපු එක්කෙනා කිව්වෙ නැද්ද ඒකට කරන්න ඔනෙ වතාවත් මොනවවත්? සාමානයයෙන් කේන්දරෙන් කියවෙන්නෙ අපේ පෙර අත්මයක් අපි රැස්කරගත් කුසල අකුසල. ඒ කුසල අපිට මේ ආත්මේ කරන වැඩ වලින් නැති(අඩු) කර ගන්න වගේම පෙර අකුසල වලට මේ ආත්මෙදි කරන්න පුලුවන් වතාවත් තියෙනව මම අහල තියෙන විදිහට.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    මචන් මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා.. එතනදි ඒ කේන්දරේ බලපු එක්කෙනා කිව්වෙ නැද්ද ඒකට කරන්න ඔනෙ වතාවත් මොනවවත්? සාමානයයෙන් කේන්දරෙන් කියවෙන්නෙ අපේ පෙර අත්මයක් අපි රැස්කරගත් කුසල අකුසල. ඒ කුසල අපිට මේ ආත්මේ කරන වැඩ වලින් නැති(අඩු) කර ගන්න වගේම පෙර අකුසල වලට මේ ආත්මෙදි කරන්න පුලුවන් වතාවත් තියෙනව මම අහල තියෙන විදිහට.
    නැහැ, එහෙම දේවල් මොකුත්ම කිව්වේ නැහැ. ඒ හැර, එයා කියාපු වචන හරියටම මතක නැති උනත්, එයා කියන දේවල් "කාටවත් නොකියනවානම් හොඳයි" කියලා හැඟෙන විදියට තමයි මට ඒ දේවල් කිව්වේ.
    කොහොම උනත් එයාගේ ගණිත ක්‍රමය සහ මේ සිදුවීම් දාමය එකිනෙක ගැලපුනා කියලා හිතනවා මිසක්, හඳහන් බලලා, හැම කෙනෙකුගේම අනාගතය නිවැරදිව කියන්න කාටවත් පුළුවන් කියලවත්, කෙනෙකුගේ ඉරණම වෙනස් කරන්න පුළුවන් කියලවත් මම නම් හිතන්නේ නැහැ.
     
    • Like
    Reactions: b.tharindar

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මචන් මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා.. එතනදි ඒ කේන්දරේ බලපු එක්කෙනා කිව්වෙ නැද්ද ඒකට කරන්න ඔනෙ වතාවත් මොනවවත්? සාමානයයෙන් කේන්දරෙන් කියවෙන්නෙ අපේ පෙර අත්මයක් අපි රැස්කරගත් කුසල අකුසල. ඒ කුසල අපිට මේ ආත්මේ කරන වැඩ වලින් නැති(අඩු) කර ගන්න වගේම පෙර අකුසල වලට මේ ආත්මෙදි කරන්න පුලුවන් වතාවත් තියෙනව මම අහල තියෙන විදිහට.

    පෙර අත්මයක් අපි රැස්කරගත් කුසල අකුසල

    ඒ ගමන ජ්‍යෝතිෂයට ආගමේ තියන කුසල අකුසලත් සමපාත කලාද? හම්මේ.... මාරයි නේ.
     
    • Like
    Reactions: hodakolla