කේන්දරේ බලලා කියපුවා

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කේන්දරේ බලාගෙන කියපුවනම් හරි ගිහින් නෑ, එකම හරිගියපු තැන මිනිහා කේන්දරේ නිකන් අතට ගද්දිම කියන කෙනෙක්. මිනිහා කිව්ව ඒවානම් ඔක්කොම අගේ හරි. මගෙත් හරි අපේ අනිත් අයගෙත් හරි.
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    කේන්දරේ බලාගෙන කියපුවනම් හරි ගිහින් නෑ, එකම හරිගියපු තැන මිනිහා කේන්දරේ නිකන් අතට ගද්දිම කියන කෙනෙක්. මිනිහා කිව්ව ඒවානම් ඔක්කොම අගේ හරි. මගෙත් හරි අපේ අනිත් අයගෙත් හරි.
    Koheda inne machan me kena
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කේන්දරේ බලාගෙන කියපුවනම් හරි ගිහින් නෑ, එකම හරිගියපු තැන මිනිහා කේන්දරේ නිකන් අතට ගද්දිම කියන කෙනෙක්. මිනිහා කිව්ව ඒවානම් ඔක්කොම අගේ හරි. මගෙත් හරි අපේ අනිත් අයගෙත් හරි.
    කොහෙද ඉන්නෙ මචං
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,204
    9,807
    113
    අම්මට උඹ උපන් වේලාව මතක නම් උප්පැන්නෙ දාලා තියෙන්නේ ඒ වෙලාව නම් හරියට කේන්දර බලන්න පළපුරුදු කෙනෙක් බලනවා නම් කේන්දර තියෙන ඒව හරි.. අපේ කර්ම පල ගැන කියන්නේ..
    මම බැලුවේ වයසක පොරක් ගෙන් කියන ඒව 99% ක් හරි..අනික් උන්ට කියන ඒවත් හරි. කරුමෙට පොර මලා ගිය අවුරුද්දේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Na

    කේන්දරේ බලාගෙන කියපුවනම් හරි ගිහින් නෑ, එකම හරිගියපු තැන මිනිහා කේන්දරේ නිකන් අතට ගද්දිම කියන කෙනෙක්. මිනිහා කිව්ව ඒවානම් ඔක්කොම අගේ හරි. මගෙත් හරි අපේ අනිත් අයගෙත් හරි.
    Horana da
    ------ Post added on Mar 14, 2021 at 9:43 AM
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Koheda inne machan me kena
    කොහෙද ඉන්නෙ මචං
    Na


    Horana da
    ------ Post added on Mar 14, 2021 at 9:43 AM
    නෑ අනුරාධපුරේ පැත්තේ පොරක්, මමනම් නෙවෙයි ගියේ අපේ අම්මයි ඇන්ටි කෙනෙකුයි ගියේ. වර්තමානය සහ අතිතයනම් මිනිහා ටක්කෙටම කියලා තිබුනා. ඕ ලෙවල් රිසාල්ට් එකේ ඉඳලම. ඒ ඇන්ටිගේ ගැන කිව්ව ඒවත් හරි. එතන මට පුදුම දේ මම කලින් දවසේ කල්පනා කරපු දේකුත් අපේ අම්මට කියලා තිබුනා මෙයා මෙහෙම කල්පනා කරනවා ප්‍රශ්නයක් කියලා :baffled:
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    නෑ අනුරාධපුරේ පැත්තේ පොරක්, මමනම් නෙවෙයි ගියේ අපේ අම්මයි ඇන්ටි කෙනෙකුයි ගියේ. වර්තමානය සහ අතිතයනම් මිනිහා ටක්කෙටම කියලා තිබුනා. ඕ ලෙවල් රිසාල්ට් එකේ ඉඳලම. ඒ ඇන්ටිගේ ගැන කිව්ව ඒවත් හරි. එතන මට පුදුම දේ මම කලින් දවසේ කල්පනා කරපු දේකුත් අපේ අම්මට කියලා තිබුනා මෙයා මෙහෙම කල්පනා කරනවා ප්‍රශ්නයක් කියලා :baffled:
    අතීතෙයි වර්තමානෙයි හරියටම කිව්වා කියන්නේ ජොතිෂ්‍යකාරයා උබේ එෆ්බී ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඇති🤭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    unnamed.jpg
     

    HmNRazor

    Well-known member
  • ගෑනු සහ කසාදේ ගැන කියලා තියන දේ නම් හරි වගේ, අන්තිමට අපේ අම්මා මගේ කේන්දරේ බලවලා තියෙන්නේ අනුරාධපුර පැත්තේ ජෝතිශ්‍යය කරන එක්තරා හාමුදුරුකෙනෙක් ට කියලා. මුලින්ම කියලා තිබුනේ ඒක ☝️ , මම කොහොමත් ඔය ජෝතිශ්‍යය විශ්වාස කරන පොරක් නෙමේ. බොරු පොයිය ගොඩක් උන් කියන්නේ, මැයි මාසේ ඉපදුන එකෙක් මම, ධන යෝග තියනවාලු, රාජ යෝග තියනවා ලු, වාසනාව 100% ලු යකෝ ලොතරැයියකින් රු 20ක දිනුමක් වත් අැදිලා නෑ මේ අවුරුදු 30ස් ගානටම මට. පකේ ධන යෝග එක්ක වාසනාව 100%. කේන්දරේ සීන් හොඳයි ඉතින් වැඩ නැති උන්ට. උඩ බලාගෙන ඉන්න උන්ට. :yes:😅
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,648
    5,727
    113
    හරි ගිහින් තියනවද බං
    මේ ගැන මම කලින් ලියාපු එකක් Repost කරනවා..

    80 දශකයේ මැද කාලයේ විතර උන සිද්ධියක්.

    මගේ ඥාති සොහොයුරෙක් අතින් එයාගේ (එකල පෙම්වතිය, පසුව බිරිඳ) කෙල්ල ප්‍රෙග්නන්ට් උනා. මේ සම්බන්ධය ගෙවල් දෙකම දන්නා, ගෙවල් දෙකෙන්ම අනුමැතිය ලැබුන එකක්. මේ කෙල්ලගේ අක්කාගේ වෙඩිං එක අස්සේ තමයි මුන් දෙන්නා හනිමූන් ගිහින් කෙලවාගෙන තියෙන්නේ.

    මේ දෙන්නගේ විවාහය ඊළඟ වසරේ කරන්න තමයි සුදානම් වී තිබුනේ. ඒ නිසා මේ විවාහයත් ඉක්මනින්ම කරගෙන ඔවුන් වසරකට පමණ විදේශගතවී (මේ සොහොයුරා වසර ගණනාවක් විදේශගතව ඉඳ ආපසු ආ කෙනෙක්) දරුවා ලැබුන පසුව ලංකාවට එන්න සැලසුම් කළා. එතකොට විවාහයෙන් මාස හයකට පස්සේ දරුවා ලැබුන බව කාටත් අමතකයිනෙ.

    මේ සැලසුම සඳහා , ගමේ බොහොම පිළිගැනීමක් තියන, හඳහන් නක්ෂත්‍ර වැඩ ගැනත් දැනුමක් තියන (නමුත් කිසිවිටෙක මුදලට හෝ වෘත්තීයක් හැටියට ඒ දේවල් නොකරන විශ්‍රාමික විදුහල්පති කෙනෙක් ) කෙනෙකු ලවා, විවාහය ඉක්මන් කලයුතු යැයි කියවෙන 'බොරු හඳහන් රිපෝට්' එකක් ලියවා ගැනීමයි අපේ අදහස උනේ.

    අපි කිසි කෙනෙක් හඳහන් හෝ ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයට තියන ගෞරවය නිසා කවුරුත් ඔහුගේ වචනයට ගරු කරනවා. මේ වැඩිහිටි මනුස්සයාට වෙච්ච ඇත්තම දේ අපි කිව්වා. එයා එක පයින්ම වැඩේට එකඟ උනා. හේතුව, උපදින්න ඉන්න ළමයාව abort කරනවාට වඩා, කාගේ කාගේත් නම්බුවත්, දරුවාවත් ඔක්කොම බේරෙන නිසා. ඉතින්, මේ විවාහය ඉක්මනින් කල යුතුයි, නැතිනම් විවාහයට බාධා එනවා කියලා ලියලා දුන්නා. මේ කියූ රිපෝර්ට් එක දුන්නේ හඳහන් බලන්නේත් නැතුවයි. ඒ උනාට එයා හඳහන් දෙකම බලලා මගුලට ඉක්මන්ම නැකත් දිනයක් හදලා දෙන්නත් පොරොන්දු උනා. ඒ අනුව මාසයකින් විතර තියන දිනයක් මගුලට ලැබුනා.

    මේ වැඩේට අතරමැදියා උන මාව ගෙන්නලා, මේ හඳහන් බලාපු වැඩිහිටියා යම් දේවල් කිහිපයක් කිව්වා. ඔහු කිව්වේ හඳහන් අනුවනම්, මේ කුසේ ඉන්න දරුවාගේ උපතක් පෙන්නුම් කරන්නේ නැහැ, ඒ නිසා දරු උපතට පෙර, රට යන්න ටිකට් ගන්න එක, විසා හදා ගන්න එක වගේ දේවල් දැන්මම කරන්න ඉක්මන් වෙන්න එපා. ඒවා ටිකක් කල් දාන්න මගේ සොහොයුරාව පොළඹවා ගන්න කියලයි. ඒ අතරම, මේ ජෝඩුවට දරු ඵල දෙකක් තියනවා, ඒත් එයිනුත් එක දරුවෙකුගේ ජීවිතය බොහොම කෙටි විය හැකි බවත්, මේ සොහොයුරාටත් වැඩි ආයුෂයක් නැති බවත් කිව්වා.

    මම මේ දේවල් කා එක්කවත් කිව්වේ නැහැ. අපි කවුරුවත් හඳහන් පිලිබඳ විශ්වාසයක් තියන අය නොවෙයි. නමුත්, මගුලෙන් පසුව මේ ජෝඩුව ඥාති ගෙවල් විසිට් කරන්න නුවර ගිහින් ඉන්දැද්දී මනමාලිට අසනීප වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් උනා කිව්වාම මට එක පාරටම මතක් උනේ අර ඉහත කී "දරු උපතක් පෙන්නුම් කරන්නේ නැහැ". කියන කතාවයි. ඒ දරු ගැබට Miscarriage එකක් වෙලා තිබුනා. ඒක හඳහන් බලලා කිව්වා නේද කියන එක මට එච්චර බරට හිතට දැනුනේ නැහැ.

    මෙයින් වැඩි කලක් නොගිහින් මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන නිසා, මේ දේවල් සම්පුර්ණයෙන්ම අමතක වෙලා තිබුනත්, වසර ගණනාවකට පසුව, එක දිනක අම්මා එක්ක කතා කරනකොට කිව්වේ xx අයියාගේ පොඩි දරුවා මොකක් හරි හඳුනා ගත්ත නැති ලෙඩක් හැදිලා Lady Ridgeway Hospital එකට ඇඩ්මිට් කළා කියලයි. මට අර හඳහන් සිද්ධිය මතක් උනා. මම අම්මාට මේ හඳහන් කතාව එදා කිව්වා. අම්මා කිව්වෙත් එහෙම දෙයක් හිතන්නවත් එපා, ඒ දරුවා සනීප වෙලා එයි. ඕවා හිතේ වත් තියා ගන්න එපා කියලයි.ඒ උනාට හඳහන් කාරයා කිව්වා වගේම ඒ දරුවා මැරුණා.

    අවාසනාවකට, ඊළඟ අනාවැකියත් ඇත්ත උනා. ඒ අයියා අවුරුදු 50 ලබන්න පෙරම මියගියා.

    මොනවා උනත්, මම අදටත් ප්‍රතිපත්තියක් හැටියට හඳහන් බලවන්නේ වත්, විශ්වාස කරන්නේ වත් නැහැ. නමුත්, මේ පිළිබඳව හොඳ දැනුමක් තියන මිනිස්සු බොහෝම කලාතුරකින් ඉන්නවා. ඒ අයට අපි ගරු කල යුතුයි කියන මතයේ නම් මම ඉන්නවා.
     

    Sen-lu

    Well-known member
  • හරියට කිව්ව කියන අයගෙන්, කවුද කිව්වේ, කොහෙද ඉන්නෙ ඇහුවම. එක්කෝ කියපු උන්දැ මැරිලා, නැත්නම් ඉන්න තැන මතක නෑ. හරියට කියන අය ගැන කතන්දර නම් මම අහල තියෙනව එකෙක් වත් හම්බවෙලා නම් නෑ.