කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බුද්ධ ධර්මයයි, ජොතිශයයි උබ පටවල ගෙන ඉන්නේ, හැම එකක්කම යොදාගන්න අවස්ථාවක් තියෙනවා. මම විද්‍යාව ගැන කිව්වේත් ඒකයි. බුද්ධ ධර්මය හැම එකටම යොදන්න ගියොත් එහෙනම් බදින්න වෙන්නේ නෑ මොකද ඒක රාගය වැඩිකරගැනීමක් කියලා නිකම් ඉන්න වෙන්නේ, රස්සාවක් කරන්න වෙන්නේ නෑ මොකද මැරුණම් පස්සේ ඒකෙන් වැඩක් නැති නිසා. නමුත් නිවන් දකින කෙනෙක්ට මේවා වැදගත් වෙන්න පුලුවන් නමුත් හැමෝටම නිවන් දකින්න ඕනේ නෑ.
    උබටත් නිවන් දකින්න දැන්ම ඕන නැති නිසානේ ගිහිගෙහි ඉන්නේ? ඒවගේම තමයි ගොඩක් මිනිස්සුන්ට නිවන් දකින්න දැන්ම ඕන නෑ. නමුත් පස්සේ සුදුසු අවස්ථාව ආවම ඒක කරගන්න බලන්නේ.

    සාමාන්‍යය ජීවිතයක් ගත කරන කෙනෙක්ට බුද්ධාගමම මදි, ඒකට විද්‍යාව ඕනේ තාක්ෂණීක දැනුම වැඩි කරගෙන ජිවත් වෙන්න ලේසි කරගන්න, ජොතිශයය ඕනේ තමන්ට අනාගතයේදි වෙන්න යන කරදර වලින් වැලකිලා හොද ජීවිතයක් ගෙනියන්න පාර හදාගන්න, විවිධ පුද්ගලයන්ගේ දර්ශණ ඕන වෙනවා තමන්ගේ පරිකල්පන හැකියාව වැඩි කරගන්න, රාගයත් ඕන වෙනවා , රාගය නිසා දුක් වෙනවා වගේම මිනිස්සු සතුටුත් වෙනවා උදාහරණයකට කිව්වොත් Sex කිරිම, විවිධ විනෝදාංශ වලට ඇලිලා ඉන්ද්‍රීය පිනවීම වගේ දේවල්, මෝහයනුත් මිනිස්සු සතුටු වෙනවා උදාහරණයකට video game play කිරිම. video game කියන්නේ පවතින දෙයක් නෙවෙයි ඇත්ත ලෝකයේ ඒක pixels ගොඩක් විතරයි නමුත් අපි ඒකට රැවටිලා ඒක වෙනමම ලෝකයක්, මින්ස්සු කියලා හදුනාගන්නවා, එතකොට ද්වේශයෙනුත් මිනිස්සු සතුටු වෙනවා උදාහරණයකට wrestling match වලට play කරන මිනිස්සු ඒවා කරන්නේ සතුටු වෙන්න වගේම හම්බ කරන්නයි නමුත් ඒක ද්වේශයෙන් පිරි තැනක්. එතකොට සාමාන්‍යය ජීවිතයක් ගෙනියන්න බෞද්ධාගමම මදි.

    බෞද්ධාගම අනුවම ජීවත් වෙන්න ගියොත් අන්තවාදි හම්බයෝ ඇවිත් අපිට අරින කොටත් සියලු සත්වයෝ නිදුක් වෙතවා කිය කිය ඉන්න වෙන්නෙ.

    හරිනේ දැන් ඔයා පිලිගත්තනේ සම්මා දිට්ටිය ගැන ඔයාගෙ තර්කේ බොරුවක් බව.ගණිතය,විදාව හරි විදිහට දකින එක නේ ඔයා සම්මා දිට්ඨිය කිව්වේ...

    නැවත කියන්නම් ඔය අනික් ලාමක විද්යා වලින් අපි වැඩ ගන්න බව ඇත්ත. නමුත් අපි ඒව සරන ගිහින් මිත්යාදෘශ්ඨියට වැටෙනවද? නෑ නේ. නමුත් ජොතිශය පස්සේ ගියාම මොකද වෙන්නේ එක එක දෙවියො පස්සේ ගිහින්, බලි බිලි දිදී අන්තිමේ එවගේම සරන යනවා . අපාය ගාමී වෙනවා. කවුරුත් ගනණ් හදල අපාය ගාමී වුනා කියල මම අහල නෑ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    hora nakath raalata nam hodatama ridei
    oka karannet apagata wena pawak
    mithyawa wapurana eka

    :yes::yes: ඕකට යන්න අපායක් වෙනම ඇති ... ජ්‍යෝතිෂය කියන ඌරු අසුචි මල්ල ඔලුවෙ තියන් ඕක ඇවිදින්නෙ, වැස්සක් වැස්ස ගමන් අසුචි නාන්න වෙන්නෙ ඔය මිත්‍යාදෘෂ්ටිකයට ...

    ඕක දාපු ත්‍රෙඩ් උනත් කාටහරි ප්‍රයෝජනයක් එන විදිහට දාල නෑ .. තමන්ගෙ බොරු මනස්ගාත අනිත් මිනිස්සුන්ගෙ ඔලුවලට පුරෝන එක තමයි කරන්නෙ, අඩුම ගානෙ ජෝතිෂ වලට ආස කෙනෙකුට සම්පුර්ණයෙන් දෙයක් ඔලුවට අරන් තනියම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට දාන්නෙ නෑ ... නිකන් උඩින් පල්ලෙන් දානව අනිවාර්යයෙන් ජ්‍යෝතිෂ කරන බුවෙක් හොයන් යන්න වෙන විදිහට .. ප්‍රශ්නෙ විතරයි දාන්නෙ (විෂබීජේ) විසඳුම් දාන්නෙ නෑ .. තනියම ප්‍රයෝජනයක් ගන්න බෑ, යන්න වෙනව ජෝතිෂ කරන බුවෙක් ලඟට ... ඉතින් සෘජු සහ වක්‍රාකාර රැවටීමක් තමයි ඒක ... බිස්නස් තමයි ඉතින් ... හැමෝම බිස්නස් කරන්න ඕනෙ ඒත් මනස්ගාත මාකටින් කරන ගානක් තියෙන්න ඕනෙ, මේක තම තමන්ගෙ කූට උපක්‍රම ප්‍රචාරය කරන තැනක් නෙමෙයි, Advertisements and promotions වගේ දේවල් GT කරයි අවශ්‍ය විදිහට සහ සයිට් එකට ගැලපෙන විදිහට .... මේ ෆෝරම් එකට එන අය එන්නෙ කාගෙවත් වක්‍ර හෝ සෘජු කූට උපක්‍රම වල ගොදුරක් වෙන්න නෙමෙයි, යම් යම් මට්ටම් වල දැනුම සහ විස්තර එකතු කරගන්න .... සයිට් එක GT ගෙ උනා කියල එයා ඇක්ෂන් ගන්නකම්ම ඉන්න අවශ්‍ය නෑ, අපි හැමෝම එකතු වෙලා තමයි මේක හැදිල තියෙන්නෙ, මේකට එකතුවෙන්නෙ ලංකාවෙ කොහෙ හරි ඉන්න ඇත්ත මිනිස්සු, රොබෝල නෙමෙයි, මේ වගේ ෆෝරම් වලින් යම් කිසි දෙයක් නිදහසේ ප්‍රචාරය උනොත්, ගොඩක් අය ඕනෙම ජරාවකට අහුවෙනව ..... ඒත් මේක දැන් ඕනාවට වැඩී, ... අර එකෙක් ඉන්නෙ ෆෙන්ෂුයි කාරයෙක් .. කාඩ් එකක් සාක්කුවෙ දාන් ගියාම විභාගෙ පාස් වෙනවලු ... ඒකෙන් පාස් උනේ නැත්තන් ඊළඟ පාර ලියනකොට ලක්ෂ ගානක යන්තරයක් දාන්නලු ... එකෙනුත් පාස් උනේ නැත්තන් උගේ අධෝමාර්ගයට හානි කරන්න එපාලු, ඒවා කිල්ලට අහුවෙලා නිසාලු පාස් වෙන්න බැරි උනේ ... ඔය වගේම අය තමයි දැන් ඉන්න ජෝතිෂ කරන අය .... ඉන්නෙ මෙයාලට වඩා බෞද්ධ අය නෑ වගේ, කොහෙ බැලුවත් පොර වෙන්න හම්බයන්ට බැන ගත්ත ගමන්මයි , ඒත් කරන්නෙ බුදුදහම ප්‍රතික්ෂේප කල මිත්‍යා දෘෂ්ටික වැඩ ... ලැජ්ජ නැතුව අහනවත් එක්ක බුදුහාමුදුරුවො කොහෙද ජෝතිෂ ප්‍රතික්ෂේප කලේ කියල ... මිනිස්සුන්ගෙ ඔළු වලට අමුතුවෙන් විෂබීජ පුරෝනව ... එතකොට මෙයාලට පුලුවන්නෙ සල්ලි අරන් ජෝතිෂ බෙහෙත් දෙන්න ... එලකිරියට හොර කට්ටඩියෙක් විතරයි අඩු වෙලා තිබ්බෙ දැන් ඔන්න එහෙම එකෙකුත් ඉන්නව .... උදේට බලපන්කො යන රූප ලාවන්‍ය වැඩසටහන්, හරියට වෛද්‍ය වැඩසටහන් වගේ, මේ කරන්නෙ වෙළඳ ප්‍රචාරණයක් කියල හොයන්නත් බැරි තරමට ඇත්තටම වෛද්‍ය උපදෙස් දෙනව වගේ තමයි කරන්නෙ, සමහර අය හිතනව ඇති ඒ අය ඇත්ත උපදෙස් දෙනව කියල, අරක ගාන්න මේක ගාන්න කියල, තනිකර එයලගෙ ප්‍රොඩක්ට් එක ප්‍රචාරය කිරීමක් හීන් නූලෙන් මේ මනුස්සය කරන්නෙත් ඒවගේ තමයි ...
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    මෙහෙම හිතන්න, බුදු හාමුදුරුට තිබුනා ඥාණයක් අනාගතය දකින්න, ඒහෙම දැකලා තමයි ජත්තමානවකයට පිහිට වුනේ, ජත්ත මානවක කථාවේ හැටියට බුදු හාමුදුරු දකිනවා දිවැසින් අනාගතයේදි හොරුන් රැළක් ජත්ත මානවකයාව මරලා දානවා , එතකොට බුදු හාමුදුරු කරේ ඔහු ළගට ගිහින් පිහිට වෙච්ච එකයි , එතකොට මේ වගේම එක අවස්ථාවකදි බුදු හාමුදුරු තමන්ගේ නෑදෑයන්ට පිහිට වුනා සතුරු රජෙන් කට්ටයවම මරන්න එනකොට, මේක 3 පාරක් කරා නමුත් 3 පාරදීම නෑදෑයෝ බේරගන්න බැරි වුනා, නමුත් නෑදෑයන්ට බුදු හාමුදුරු නිසා ගොඩක් කල් ජීවත් වෙන්න ලැබුනා.

    එතකොට මේකෙන් ගම්‍යය වන දේ තමයි, අනාගතය FIXED. ඒ කියන්නේ අනාගතය කලින්ම සැලසුම් වෙලා තියෙන්නේ නියාම ධර්ම අනුව (කර්ම නියාමය කියන්නේ නියාම ධර්ම වලින් 1ක් විතරයි) නමුත් මේ අනාගතය වෙනස් කරන්න පුලුවන් අපි උත්සහායක් ගත්තොත්, උදාහරණයකට කිව්වොත්, බුදු හාමුදුරු ගිහින් හොරුන් ටික ජත්ත මානවකයාව මරනවා කියලා රජුට කිව්වා නම් ජත්ත මානවකයාව බේරගන්න තිබුනා නමුත් බුදු හාමුදුරු දැනගෙන ඉන්න ඇති එදා මැරුනේ නැත්නම් ළගදීම හරි මැරෙන බව, සමහර විට ඒක වෙන ක්‍රමයකින් පටිසම් දෙන්නත් පුලුවන්. සමහර විට ලබන භවයේ වගේ. සමහර විට ඒක අහෝසි කර්මයක් වෙන්නත් පුලුවන් (අහෝසි කර්ම කිව්වේ කර්මය පටිසන් දෙන්න බැරි වුනාම ඒක අහෝසි වෙන එකයි)

    ජෝතිෂ්‍යය කියෙන්න්ත් ඒ වගේ දෙයක්, මේ FIXED අනාගතය දකින දෙයක් නමුත් අපි උත්සහායෙන් අනාගතය වෙනස් කර ගත්තොත් ජෝතිෂ්‍යයේ තියෙන දේම වෙන්නේ නෑ. බුදු දහමේ හැටියටම ජීවත් වෙන්න අමාරුයි මොකද බුදු දහමේ හැටියට මොක වුනත් බාරගන්න සුදානම් වෙලා ඉන්න ඕනේ, නමුත් ජෝතිෂ්‍යය අනුව අපිට පුලුවන් අපි කරලා තියෙන කර්මයන්ව වල ප්‍රතිඑල කලින්ම දකින්න, දැකලා ඒවාට මොනවා හරි කරන්න එතකොට අපිට පටිසන් දෙන කර්මයේ සැරබාල වෙනවා. බුදු දහම හොදයි නමුත් ජෝතිෂ්‍යයත් හොදයි, එකක් හොදයි කියලා අනෙක් ප්‍රතික්ෂේප කරන එක තේරුමක් නෑ.

    මම කතාකරපු දේට නෙවි උත්තරයක් දීල තියෙන්නේ. බුදුදහමේ විෂය පතයට සම්බන්ද, බුදුදහමේ අර්ත දැක්විම්වලට වෙනස් අර්තදක්විම් ඇති විෂයන් ප්‍රතික්ෂේප කල යුතයි කියන එක.

    එක්කෝ බුදුදහම විස්වාස කරන්න ඕන. එක්කෝ ජෝතිෂ්‍ය විශ්වාස කරන්න ඕන.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    බුදුදහම

    කර්මය සුබ අසුබ ගැන සවිස්තරාත්මකව මුල සිට අගට ඉතාම ගැබුරින් සදහන් වේ. මන්දයත් කර්මය සිදීම යනු නිවන අවබෝද කරගැනීමයි. එනිසා කර්මය ගැන හරි ගැබුරු විස්තරයක් බුදුදහම තුල ඇත (කර්මය ඇතිවන අයිරු, කර්මය ක්‍රියාත්මක වන යාන්ත්‍රනය, කර්මය පලදෙන/නොදෙන හැටි)

    (1) මිනිසෙක් ඉපදුනු වෙලාව සහ ඉහත දේ අතර කිසිදු සම්බන්දයක් නැත.

    (2) තාරකා, ග්‍රහලෝක අතර කිසදු සම්බන්දයක් නොමැත

    (3) පෘතග්ජන පුද්ගලයන්ට සරල ගණිත සමීකරණ මගින් ඉහත සදහන් දේවල් විස්තරකර නොහැක. කර්මය ක්‍රියාත්මක වන අයුරු ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීමට, මනස දියුණු කරගෙන ඉහල තත්වයකට පැමිණිය යුතයි.

    (4) දෙවියන් සහ කර්මය අතර සම්බන්දයක් නැත (දෙවියන් හිටියත් නැතත් කර්මය සම්බන්ද අර්ථදැක්වීම් වෙනස් නොවේ. දෙවියන් යනු හුදෙක් අප වැනි කර්මයේ පහසු ගොදුරකි )

    මේ අපි දන්නා තේරවාත බුදුදහමයි
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරිනේ දැන් ඔයා පිලිගත්තනේ සම්මා දිට්ටිය ගැන ඔයාගෙ තර්කේ බොරුවක් බව.ගණිතය,විදාව හරි විදිහට දකින එක නේ ඔයා සම්මා දිට්ඨිය කිව්වේ...

    නැවත කියන්නම් ඔය අනික් ලාමක විද්යා වලින් අපි වැඩ ගන්න බව ඇත්ත. නමුත් අපි ඒව සරන ගිහින් මිත්යාදෘශ්ඨියට වැටෙනවද? නෑ නේ. නමුත් ජොතිශය පස්සේ ගියාම මොකද වෙන්නේ එක එක දෙවියො පස්සේ ගිහින්, බලි බිලි දිදී අන්තිමේ එවගේම සරන යනවා . අපාය ගාමී වෙනවා. කවුරුත් ගනණ් හදල අපාය ගාමී වුනා කියල මම අහල නෑ.

    සම්මා දිට්ටිය ගැන මම මොකුත් කිව්වේ නෑ උබ කිව්වට පස්සේ එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නෑ මම කිව්වේ බොරුවක් කියලා. සම්මා දිට්ටිය කියන්නේ නිවැරදි දැක්මටයි ඒක මම කලිනුත් කියලා ඇති, තෙරුවන් හෝ මොකක් හරි නිවැරදි දෙයක් දකින එකටයි සම්මා දිට්ටිය කියන්නේ ,ඒක බුද්ධාගමට විතරක් අදාළ දෙයක් නෙවෙයි. කෙටියෙන් කිව්වොත් සම්මා දිට්ටිය කියන්නේ සත්‍යය සත්‍යය වශයෙන් දැකීමයි. එතකොට සත්‍යය වන සෑම දෙයකටම සම්මා දිට්ටිය අදාළයි, බුදු දහම විතරක් නෙවෙයි සත්‍යය වෙන්නේ, විද්‍යාව සත්‍යය වෙනවා එතකොට ඒකටත් සම්මා දිට්ටිය අදාළයි. බුදු දහම කිව්වම ඒක අමුතුම ජාතියේ දෙයක් නෙවෙයි, බුදු දහමෙන් විස්තර වෙන්නේ මේ ලෝකේ පවතින සත්‍යයේ කොටසක් ගැනයි, මේ පද්ධතියෙන් ඉවත් වෙන හැටි ගැනයි (සංසාරය), දුක අඩු කරගන්න හැටියි එතකොට සත්‍යය වන ඕනෙම දෙයකට බෞද්ධාගමේ ඉගැන්වීම් වලංගු වෙනවා.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම කිව්වේ නෑ බුදු හාමුදුරුවෝ බොරු කියනවා කියලා ? මම කිව්වේ මොකක් වත් අවබෝධ කරගන්නේ නැතුව, විමසන්නේ නැතුව විශ්වාස කරන්න එපා කියලයි, ඒකෙන් අදහස් වෙන්නේ නෑ බොරු කියලා විශ්වාස කරන්න එපා කියලා, මම අදහස් කරේ තමන් ඒක විමසන කම් ,මධ්‍යස්ථව ඉන්න ඕනේ කියලයි. ඕනෙම දෙයක් බොරුයි කියලා පිළිගන්න ඕනෙත් ඒ දේ විමසලා ඉවර වුනාට පස්සෙයි ,එතකම් ඒක බොරුයි කියල කියන්නත් බෑ, ඇත්ත කියලා කියන්නත් බෑ.

    ඉතින් බුදු හාමුදුරුවෝ බොරු කියන්නේ නැත්තන් විශ්වාස කරන්නේ බයවෙන්නේ මොකටද? :lol: මොකද විශ්වාස කළා කියලා කිසි කෙනෙකුට අපිට දර්මය අවබෝධ කරවන්න, නිවන් යවන්න බෑ නේ! නිවන්න යන්න උවමනා මිනිහා ඒක කරන්නේ කොහොමද කියන ක්‍රියා පටිපාටිය විශ්වාස කරනවා විතරනේ! නිවන් යන්න ඒක කරලා බලන්න එපැයි! ඉතින් කරලා බලන්නත් මුලින් ඒක කියපු කෙනයි, කරන පිළිවෙලයි විශ්වාස කරලා ඉන්න එපැයි! ඒ විශ්වාසයට තමා තිසරණය කියන්නේ.

    ඔයා කියනවා ඔයා කිවුවේ නෑ ලු බුදු හාමුදුරුවෝ බොරු කියනවා කියලා! ඊට පස්සේ කියනවා බුදු හාමුදුරුවෝ කියපු දේවල් විමසන්නේ නැතුව විශ්වාස කරන්න එපා ලු! ඊට පස්සේ ආයෙත් කියනවා එකෙන් අදහස් කලේ නෑ ලු බොරු කියලා විස්වාස කරන්න එපා කියලා! ඊට පස්සේ ආයෙත් කියනවා විමසලා ඉවර වෙනකං පිළිගන්නේ නැතුව ඉන්නලු! :lol: මොනාද ඔය කියන්නේ? :lol: ඔය ඔයා පාවිච්චි කරන "පිළිගන්න කලින් විමසන" theory ඒක තමා මන් කලිනුත් ඇහුවේ? :D


    මෙතන ඉන්න එවුන් හිතන්නේ උන් ජෝතිෂ්‍යය ගැන පරතෙරටම ගිහින් දැනුමක් තියෙනවා කියලා, එහෙම නැතුව යමක් බොරුයි කියල,කියන්න බෑ. :D උබ ජෝතිෂ්‍යය ගැන කොච්චර දන්නවද? උබ අඩුම ගානේ රතු විතාන වගේ වත් දන්නවද ? එහෙම දන්නේ නැතුව උබ කොහොමද කියන්නේ ජෝතිෂ්‍යයේ තියෙන දේවල් බොරුයි කියලා? :P:rofl: ඇත්තම කිව්වොත් මම ජෝතිෂ්‍යය ගැන දන්නේ නෑ, ඉතින් මම කියන්න යන්නේ නෑ ජෝතිෂ්‍යය කියන්නේ බොරුයි කියලා, මම කරන්නේ මධ්‍යස්ථව ඉදගෙන ඉන්න එකයි. ඒ වගේම ජෝතිෂ්‍යය කියන දේ ,ජෝතිෂ්‍යයෙකුගෙන් මැනීම ගැලපෙන්නේ නෑ, ඒක හරියට හොර චීවරධාරියෙකුගෙන් බෞද්ධ ශාසනය ගැන අදහසක් ගන්නවා වගේ. ජෝතිෂ්‍යයකාරයෝ එක එක ඒවා කියන්න පුලුවන් , දොස්තරලා වුනත් එහෙමනේ ,එක එක ලෙඩ කියනවා, සමහර දොස්තරලා MBBS තියාගෙනත් හරියට බෙහෙත් කරන්න දන්නේ නෑ, ඒකෙන් අපිට කියන්න බෑ වෛද්‍යය විදයාවේ බොරුයි කියලා, කිසිම වෙලාවක පුද්ගලයෙකුගෙන් ඒ පුද්ගලයා නි‍යෝජනය කරන දේ මනින්න බෑ, එතකොට උබ මනින්නේ පුද්ගලයා මිසක් ඒ නියෝජනය කරන දේ නෙවෙයි.


    මන් දැන් ජෝතිෂ්‍ය බොරු කියාගෙන ආවද? :D මම මෙතන ජෝතිෂ්‍ය හරි කියලා හෝ වැරදි කියලා හෝ කිසිම මතයක්/තර්කයක් ඉදිරිපත් කරලා නෑ. කලින් කරලත් නෑ. ;)

    ජෝතිෂ්‍ය වේදියෝ සමහර වෙලාවට කියන ඇතැම් දේවල්, හරියටම වෙනවා මන් දැකලා තියනවා. හැබැයි මන් ජෝතිෂ්‍ය මගේ ජීවිතේට ලං කරගෙන නැහැ. මන් ජෝතිෂ්‍ය ඇත්තද/බොරුද කියලා හොයන්න යන්නෙත් නෑ. මොකද මට ඒක අදාළ නැහැ. මම follow නොකරන දෙයක සත්‍ය/අසත්‍ය තාව හොයන්න මට උවමනාවක් නැහැ. ඒවගේමයි, මට නොපෙනුන පලියට දෙයක් නැහැ කියලා මතයකට එන කෙනෙක් නෙවේ මන්. මට නොපෙනෙන දේවල් ලෝකේ ඕනෑතරම් තියනවා. ඒ නිසා, මම ජෝතිෂ්‍ය කිසි වෙලාවක අමුලික බොරුවක් කියලා කියන්නේ නෑ. මොකද මට ඒක බොරුවක් වුනත්, ඇත්තක් උනත් මට එකෙන් ඒහැටි වැදගත්කමක් නැහැ.

    ඔයා අහපු දේට උත්තර නොදී, කිසිම අදාළ නැති ඒවා ටිකක් තමා ඇදලා අරන් තියෙන්නේ! :D මම සාමාන්යෙන් ජෝතිෂ්‍ය threads වලට comment කරන්නේ නෑ. මුලින් කී හේතුව නිසා. මේ thread එකට අවෙත් ඒ නිසා නෙවේ. ඔයා බුදුදහම ඔයාට ඕනේ විදිහට "develop" කරගෙන දේශනා කරනවා දැකලා ඒ ගැන අහන්න මෙතනට අවේ. :rofl:



    වැරදියි, බුදු හාමුදුරුවෝ කියපු සෑම දෙයක්ම සත්‍යයයි කියලා පිළිගත්තොත් එතන තියෙන්නේ අමුලිකා ශ්‍රද්ධාවක් මිසක්, අකාරවති ශ්‍රද්ධාවක්වත් ,ප්‍රඥ්ඥාවක්වත් නෙවෙයි, එතකොට කෙනෙක්ට නිවන් දකින්න බෑ මොකද පුද්ගලයා බුදුන් කියන දේ පිළිගන්නේ බුදුන්ට තියෙන ගෞරවයට මිසක්, ධර්මය අවබොධ කරගෙන ඒ දේ විමසලා නොවන නිසා. බුදු හාමුදුරු කියන දේ ගැන මධ්‍යස්ථයව අහගෙන ඉන්න එකයි නියම බෞද්ධයෙකුගේ ලක්ෂණය, එහෙම අහලා, ධර්මය විමසලා, ධර්මය අවබෝධ කරගෙන පිළිගන්න එකයි කරන්න ඕනේ. උබ ආගමේ තියෙන දේ ඒ විදියටම පිළිගන්නවා නම් උබ මුස්ලිම් වගේ එකෙක් ,බෞද්ධයෙක් වෙන්න බෑ. :rolleyes: බෞද්ධයෙකුගේ ලක්ෂණය බුද්ධියට තැන දීමයි. තේරුම් ගනින් මම කියන දේ. කොහොමත් මම ආයි තේරුම් කරන්නේ නෑ.

    දැන් ඔයා හිතන් ඉන්නේ බුද්ධ දේශනා ඒ අයුරින්ම පිලි ගැනීම අමුලිකා ශ්‍රද්ධාව කියලා? බුද්ධ දේශනාව "අර ඔයාගේ theory" එකට දාලා pass උනාම, පිලි ගැනීම, අකාරවති ශ්‍රද්ධාව? :D කවුද කිවුවේ එහෙම? කොහෙද එහෙම සඳහන් වෙන්නේ? කොහෙන්ද ඔය කතාව හොයා ගත්තේ? :D ඔයා අඩුම ගානේ දන්නවද ඔයාම ඔය කියන අමුලිකා ශ්‍රද්ධාව , අකාරවති ශ්‍රද්ධාව මොකද්ද කියලවත්? අමුලිකා ශ්‍රද්ධාව කියන්නේ "එක එක කෙනාගේ මතවාද වලට අනුව වෙනස් වන මුලයක් නැති" එකට. අකාරවති ශ්‍රද්ධාව කියන්නේ "ශ්‍රී සද්දර්මය ශ්‍රවනයෙන්, කල්‍යාණ මිත්‍ර සේවනයෙන්, යෝනිසෝමනසිකාරයෙන්... කරුණු දැනගෙන, ගුණ වශයෙන් දැනගෙන තිසරණය කෙරෙහි ඇතිවන" ශ්‍රද්ධාවටයි. තිසරණය පිහිටි බෞද්ධයෙකුට තියෙන්නේ අකාරවති ශ්‍රද්ධාව. දැන් තිසරණය සහිත බුද්ධ දේශනා ඒ අයුරින්ම පිලිගන්න මිනිස්සු අමුලිකා ශ්‍රද්ධාව තියන මිනිස්සු? මුස්ලිම් වගේ එවුන්? බුද්ධ දේශනා වල සත්‍යතාවය පරික්ෂා කරලා ඔප්පු කරලා පමණක් පිළිගෙන, තමන් දන්න විෂය කරුනුත් ඒකටම ඔබලා ධර්මය විකෘති කරගෙන ඉන්න මිනිස්සු අකාරවති ශ්‍රද්ධාව තියන මිනිස්සු? නියමයි නේ! :D

    ඔයා ආයිත් දුවන් ඇවිත් තියෙන්නේ එකම තැනට. :D

    ඔයාට බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක්/පැහැදීමක් නැත්තම් කිසි ගැටළුවක් නෑ. ඔයා බෞද්ධයෙක් නෙවේ නං දැන්ම කියන්න. කතාව මෙතනින් ඉවරයි. හැබැයි ඔයා කිහිප තැනකම ප්‍රකාශ කරනවා බුදු රජාණන් වහන්සේ කියන ඒවා පිලි ගන්නවලු. හැබැයි "අහලා, ධර්මය විමසලා, ධර්මය අවබෝධ කරගෙන පිළිගන්න" එකලු කරන්න ඕනේ! ඉතින් මන් ආයෙත් අහන්නේ, ඔයා ධර්මය පිළිගන්න පෙර සත්‍යතාව විමසලා බලන්නේ මොන ක්‍රමවේදය පාවිච්චි කරලද? :D

    ඔයා හිතන් ඉන්නේ බුදු රජාණන් වහන්සේ කියන ඒක ශේප් එකේ අහං ඉඳලා, වැඩිය ඔලුවට ගන්නේ නැතුව කරලාම බලලා, අවබෝධ කරගෙනම පිලි ගන්නවා කියලා නේද? :D ඔයා හිතන් ඉන්නේ බුද්ධ ධර්මය කියන්නේ chemistry වගේ එකක් කියලද? කරලා බලලා, අවබෝධ කරගෙන, පිළිගන්න? chemistry practical එකක් වගේ පරික්ශනේ කොරලා, නිරීක්ෂණ සලකා බලලා, නිගමනේට එන්න? :D

    නියම බෞද්ධයාගේ ලක්ෂණය බුද්ධ ධර්මයේ සත්‍යතාව ඔප්පු කරගන්න නටන ඒක නෙවේ, බුදු රජාණන් වහන්සේ ගැන විශ්වාසය තියලා, උන් වහන්සේගේ ධර්මය ගැන විශ්වාසය තියලා, උන්වහන්සේ පෙන්නලා දුන්න අඩි පාරේ ගමන් කරන ඒක. බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ තමන් වහන්සේ දේශනා කල ධර්මය තව කෙනෙකුට ඔප්පු කරලා බලලා සහතික කරන්න දෙයක් ඉතුරු කරලා නෙවේ. ඒක මතක තියාගන්න. බුදු දහම ඔයා හදාරපු subjects වලින් මනින්න හදන්න එපා. ඔයාට ඒක කරන්න බෑ! කොහෙත්ම. විද්‍යාවේ තියෙන්නේ දෙයක් කරලා බලලා, විමසලා , අවබෝධ කරගෙන පිළිගන්න එක. බුදු දහමේ ඔකේ අනිත්පැත්ත. මුලින් පිළිගෙන, විමසලා, ඊළඟට කරලා, අන්තිමට අවබෝධ වෙන්නේ. ඔයාට දෙක මාරු වෙලා තියෙන්නේ! මුලික ගණිත කර්ම බැරි මිනිහෙක් ගණිතය හදාරලා ගනිතඥයෙක්ගණිත වුනත්, තිසරණය නැති මිනිහෙක් බුද්ධ ධර්මය මැරෙනකන් විමසුවත් සමත/විදර්ශනා කලත් මාර්ගපල ලබන්නේ නෑ කවදාවත්. ඔයාටත් එච්චරයි. :yes:

    මන් දැක්කා ඔයා "සම්මා දිට්ටියටත්" ඔයාම මනෝ ගහලා හදා ගත්ත ගස් බයිලයක් දාල තියනවා! :confused:

    ඔයා කියන විදිහට මෙච්චර කල් රහතන් වහන්සේලා බිහි උනේ මුලින් ධර්මයේ සත්‍යතාව පරික්ෂා කරලා වෙන්න ඇති? එතකොට බුදු කෙනෙක් පහල වෙන්නේ මොකටද? මේ ඉන්න මිනිස්සු ටිකටම පුළුවන්නේ, බුද්ධ ධර්මය check කරන්න තරම බුද්ධියක් තියනවනං, තවටිකක් මහන්සි වෙලා ඔහොමම බුදුවෙලාම යන්න? :lol: ඊළඟට පහල වෙන්නේ මෛත්‍රී බුදුන් නිසා, බුද්ධ ධර්මයේ සත්‍යතාව check කරන්න තරං අපරිමිත බුද්ධියක් සහිත ඔහේ පසේ බුදුවරයෙක් වෙන්ට ඇති! :shocked:

    එකම විකාර ටික ආයෙත් කියන නිසයි ඔය ටික කිවුවේ. දැන් ඔයා අර මන් අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකෝ! තාම එකට උත්තර දුන්නේ නැහැ නෙව! :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔන්න තේරුනේ නැති අයට. සත්‍යය කියන දේ ගත්තම ඒක නියතයක්, සදාකාලිකයි, අති විශාලයි. සත්‍යයට උදාහරණයක් තමයි. මේ ලෝකේ ඉලෙට්‍රෝන පවතිනවා, විශ්වය කියලා දෙයක් පවතිනවා, ග්‍රහ ලෝක ඉර වටේ යනවා. මේ විශ්වය ගැන, ග්‍රහ ලෝක ගැන බෞද්ධාගමෙත් විස්තර වෙනවා. මට මතකයි සැරියුත් හිමිද කොහේද විශ්වයෙ එහෙට මෙහෙට යන්න ගිහින් අතරංමං වෙලා පස්සේ බුද්ධ රැස් මගින් නැවත පෘථ්වියට ආපු හැටි.( කථාව මතක කෙනෙක් හිටියොත් මට කියන්න, මට හරියටම කථාව මතක නෑ නමුත් වෙච්ච දේ මතකයි, ඒක තමයි මම ඔය කිව්වේ)

    එතකොට සත්‍යයේ පවතින එක් විෂයය එගැන්වීම් අනෙක් විෂ්‍යයන් වලටත් යොදාගන්න පුලුවන් මොකද දෙකම පවතින්නේ එකම තලයක නිසා. නමුත් විද්‍යාව ඒ තරම් දියුණූ නෑ තාම ඒක නිසා ඒකේ සත්‍යය වන්නේ මොකක්ද කියලා කියන බෑ, ඒක නිතර නිතර update වෙනවා, නමුත් විද්‍යාවේ සමහර දේවල් තහුවුරු වෙච්ච දේවල් එතකොට ඒවාට තමයි සත්‍යය කියන්නේ. අර other කියන ගොඩේ තමයි ජෝතිශ්‍යය තියෙන්නෙත්, මලයාලම් ගුරුකම්, සමහර ආගම් වල සමහර එගැනිවීම් (මට ඒක හරියටම කියන්න බෑ). උදාහරණයකට කිව්වොත් ගුරුකම් කරොත් ඒක වැඩ කරනවා. මේ ගුරුකම් නිසා ආනන්ද හිමිගේත් ශීලය එකපාරක් බිදෙන්න ගියා එතකොට ඒක බොරුවක්ද? නෑ නේ, ඒක ඇත්තක්, ඇත්තක් නෙවෙයි නම් ඒක වැඩ කරන්න විදියක් නෑ නේ.එතකොට සත්‍යය කියන දේ මොන විෂයෙන් එගැන්වුවත් එකයි. ඒක සත්‍යයක් වශයෙන් දැකීමටයි සම්මා දිට්ඨිය කියන්නේ.

    5IeNSOP.png
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113


    සම්මා දිට්ටිය ගැන මම මොකුත් කිව්වේ නෑ උබ කිව්වට පස්සේ එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නෑ මම කිව්වේ බොරුවක් කියලා. සම්මා දිට්ටිය කියන්නේ නිවැරදි දැක්මටයි ඒක මම කලිනුත් කියලා ඇති, තෙරුවන් හෝ මොකක් හරි නිවැරදි දෙයක් දකින එකටයි සම්මා දිට්ටිය කියන්නේ ,ඒක බුද්ධාගමට විතරක් අදාළ දෙයක් නෙවෙයි. කෙටියෙන් කිව්වොත් සම්මා දිට්ටිය කියන්නේ සත්‍යය සත්‍යය වශයෙන් දැකීමයි. එතකොට සත්‍යය වන සෑම දෙයකටම සම්මා දිට්ටිය අදාළයි, බුදු දහම විතරක් නෙවෙයි සත්‍යය වෙන්නේ, විද්‍යාව සත්‍යය වෙනවා එතකොට ඒකටත් සම්මා දිට්ටිය අදාළයි.
    බුදු දහම කිව්වම ඒක අමුතුම ජාතියේ දෙයක් නෙවෙයි, බුදු දහමෙන් විස්තර වෙන්නේ මේ ලෝකේ පවතින සත්‍යයේ කොටසක් ගැනයි, මේ පද්ධතියෙන් ඉවත් වෙන හැටි ගැනයි (සංසාරය), දුක අඩු කරගන්න හැටියි එතකොට සත්‍යය වන ඕනෙම දෙයකට බෞද්ධාගමේ ඉගැන්වීම් වලංගු වෙනවා.

    fAJABdB.gif


    260.gif
     
    Last edited:
    • Like
    Reactions: shenic

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කේන්දර නැකත් අතහැර... 09-29-2014 09:23 AM pala hambaya yanna
    තර්ක නැති වෙනකොට රිදිලා :P මේක මට දීපු එකා තමයි හම්බයා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කේන්දර කාරයෝ ගැන කියලා වැඩක් නෑ උන්ගේ රස්සාව ප්‍රමෝට් කරන්නේ අමුතු විදියට වෙලාවකට බුදුදහමේ කැලි අරන් ඡොතිශයට ඡොයින්ට් කරනවා අයි ලංකාවේ බහුතරය බෞද්ධ හින්ද බෞද්ධ කම ටිකක් විකුණුවනම් රස්සාව ගොඩ දාගතහැකි . නැත්තම් උන්ගෙම කිහිප දෙනෙක් ‍‍ප්‍රචාර යනවා අහවලා ගේ නැකත් බලනවා හොදයි බලි තොවිල් වලට හොදයි කියලා බොරු ප්‍රචාර වලින් මිනිස්සු රවට්ටනවා එලකිරියෙත් අපි දැකලා තියෙනවා නේ ඔය වෙලාව බලපු ඈයෝ ෆෙක් වලින් ඇවිල්ලා තමන්වම ප්‍රමෝට් කරපු හැටි අහවලා මගේ වෙලාව බැලුවය ඌ හරියටම විස්තර කිව්වය බයිලා ගොඩයි බැලුවම දෙන්නම එකයි .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කේන්දර කාරයෝ ගැන කියලා වැඩක් නෑ උන්ගේ රස්සාව ප්‍රමෝට් කරන්නේ අමුතු විදියට වෙලාවකට බුදුදහමේ කැලි අරන් ඡොතිශයට ඡොයින්ට් කරනවා අයි ලංකාවේ බහුතරය බෞද්ධ හින්ද බෞද්ධ කම ටිකක් විකුණුවනම් රස්සාව ගොඩ දාගතහැකි . නැත්තම් උන්ගෙම කිහිප දෙනෙක් ‍‍ප්‍රචාර යනවා අහවලා ගේ නැකත් බලනවා හොදයි බලි තොවිල් වලට හොදයි කියලා බොරු ප්‍රචාර වලින් මිනිස්සු රවට්ටනවා එලකිරියෙත් අපි දැකලා තියෙනවා නේ ඔය වෙලාව බලපු ඈයෝ ෆෙක් වලින් ඇවිල්ලා තමන්වම ප්‍රමෝට් කරපු හැටි අහවලා මගේ වෙලාව බැලුවය ඌ හරියටම විස්තර කිව්වය බයිලා ගොඩයි බැලුවම දෙන්නම එකයි .
    :yes::yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කතාකරපු දේට නෙවි උත්තරයක් දීල තියෙන්නේ. බුදුදහමේ විෂය පතයට සම්බන්ද, බුදුදහමේ අර්ත දැක්විම්වලට වෙනස් අර්තදක්විම් ඇති විෂයන් ප්‍රතික්ෂේප කල යුතයි කියන එක.

    එක්කෝ බුදුදහම විස්වාස කරන්න ඕන. එක්කෝ ජෝතිෂ්‍ය විශ්වාස කරන්න ඕන.

    ඔව් බන්. උබ කියන කතව හරි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බුදුදහම

    කර්මය සුබ අසුබ ගැන සවිස්තරාත්මකව මුල සිට අගට ඉතාම ගැබුරින් සදහන් වේ. මන්දයත් කර්මය සිදීම යනු නිවන අවබෝද කරගැනීමයි. එනිසා කර්මය ගැන හරි ගැබුරු විස්තරයක් බුදුදහම තුල ඇත (කර්මය ඇතිවන අයිරු, කර්මය ක්‍රියාත්මක වන යාන්ත්‍රනය, කර්මය පලදෙන/නොදෙන හැටි)

    (1) මිනිසෙක් ඉපදුනු වෙලාව සහ ඉහත දේ අතර කිසිදු සම්බන්දයක් නැත.

    (2) තාරකා, ග්‍රහලෝක අතර කිසදු සම්බන්දයක් නොමැත

    (3) පෘතග්ජන පුද්ගලයන්ට සරල ගණිත සමීකරණ මගින් ඉහත සදහන් දේවල් විස්තරකර නොහැක. කර්මය ක්‍රියාත්මක වන අයුරු ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීමට, මනස දියුණු කරගෙන ඉහල තත්වයකට පැමිණිය යුතයි.

    (4) දෙවියන් සහ කර්මය අතර සම්බන්දයක් නැත (දෙවියන් හිටියත් නැතත් කර්මය සම්බන්ද අර්ථදැක්වීම් වෙනස් නොවේ. දෙවියන් යනු හුදෙක් අප වැනි කර්මයේ පහසු ගොදුරකි )

    මේ අපි දන්නා තේරවා
    බුදුදහමයි

    :yes::yes::yes::yes:
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    ලස්සනට අපමා ගෙන සරලව තේරුම් ගන්න පුලුවන් දේශනාවක්........
    මමත් නිතරම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දේශනා අසනවා.....
    ගොඩක් පිං... මේ වගේ වටිනා ත්‍රේඩ් වලට....
    තෙරුවන් සරණයි....
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ලස්සනට අපමා ගෙන සරලව තේරුම් ගන්න පුලුවන් දේශනාවක්........
    මමත් නිතරම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දේශනා අසනවා.....

    :yes: