ගොඩක් අය කේන්දරේ සම්භන්ධ දේවල් මේ වගේ forum, facebook වගේ තැන් වල අහනවා දැකලා තියෙනවා. මම මගේ අත්දැකීමක් කියන්නම්. ඔයා ඕවා විශ්වාස නොකරන කෙනෙක් නම් මේක ඔයාට අදාල නෑ. ඇත්තටම මමත් ඉන්නෙ ඒ පැත්තෙ. ඔය subject එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඕක බලන කෙනා මට sure නෑ.. ඒකයි. අපේ ඒවා බැලුවෙ ගෙවල් වල අම්මලා තාත්තලාගෙ උවමනාවට.
මුලින්ම නිකමට පිරිමි ලමයගෙ කේන්දරේ බලන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවෙදි කියලා තිබුනා ඔය දැන් තියෙන සම්භන්දෙ හරි යන්නෙ නෑ.. නවත්තලා දාන්න කියලා. ඔන්න එතනින් පස්සෙ තමයි කේන්දර ප්‍රශ්නෙ ඇදිලා ආවෙ.. මොනවා කරන්නද ඉතින් ගෙවල් වලින් කෑගහන නිසා බලන් එන්න කියලා දුන්නා.. ඒ අතරෙ මම ඔය සයිට් වලින් එහෙම බැලුවා. එක එක ඒවා වලින් එක එක ගනන් ආවෙ. වැඩිම ගාන ආවෙ 53%ද කොහේද. පනස් ගානක් මතක නෑ.. මම රත් වෙලා හිටියෙ. අර 85%කට වඩාද කොහේද ගැලපෙන්න ඕනෙ කියනවනෙ.
ඒපාර ඕවා බලනවා කියලා යාලුවො සම්භන්ධ කරලා දීපු අයත් කියුවෙ ඕක හරි යන්නෙ නෑ කියලා. මම පුදුම විදියට මානසිකව වැටිලා හිටියෙ. ඉස්සර ගෙවල් වලින් ඕවා බලමු කියුවට අපි ශේප් කරන් හිටියා පස්සෙ බලන්න බැරිද කියලා..
ඔන්න ඒපාර කේන්දරේ බලන්න ගිහින් ගෙවල් වලින්.. ආවම ඇහුවා මොකද කියුවෙ කියලා. කට්ටියගෙ මූණු නම් හොද නෑ..

මන් හිතුවෙ විනාසයි කියලා. ඒත් එහෙම උනේ නෑ..


70%ක් කේන්දර ගැලපෙනවා කියලා බලපු තැනින් කියලා. ඒ සාමාන්‍ය විදියට බලන එකට. ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය කියලා බලපු එකකින් 98%ක් තියෙනවා. ඒ කියපු විදියට අභ්‍යන්තර ගැලපීම ඒ ගානට තියෙනවලු. ඊට පස්සෙ අය වැය පොරොන්දමට ඉතිරි 0යි කියලා තියෙන්නෙ. ඒක ඉතා හොදයි කියලා දාලා තියෙනවා. මම දන්නෙ නෑ 0 උනාම ඉතා හොද වෙන්නෙ කොහොමද කියලා නම්. ඒගොල්ලො බලන ක්‍රමයක් වෙන්න ඇති. අෂ්ටකුට විවාහ සිහුම් පරික්ෂාව කියලා එකක් තියෙනවා ඒකෙන් 36 න් 28යි. තව පංචවිධ සම්පත් පොරොන්දම් ඔන්න ඔහොම එක එක විදියට බලලා තියෙනවා.. දැන් ඒකට අනුව ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නෙ..
මම දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. හැබැයි ඒ බලපු කෙනාට නම් පින් සිද්ද වෙනවා. නැත්නම් මොකක් හරි අවුල් කියුවා නම් ඕවා හැමෝගෙම හිතේ තියෙනවා. ඒපාර හැම එකටම කේන්දරේ..
මේක දාන්න හේතුව මම දන්න අය සමහරු කාගෙන්වත් කේන්දරේ බලන්නෙ නැතුව සයිට් එකකින් හරි මොකක් හරි වෙන ටූල් එකකින් හරි එහෙම නැත්නම් කවුරුහරි එක්කෙනෙක් බලලා මොකක් හරි කියුවම හරි පිලිගන්න එක. සමහරු කේන්දරේ ගැලපෙන්නෙ නෑ කියලා වෙන් වෙන්න හදනවා.. ඒපාර හැමදාම දුකෙන් ඉන්න වෙන්නෙ. මම නම් හිතන්නෙ නෑ කේන්දරේට හැමදේම කරන්න පුළුවන් කියලා. සම්භන්ධයකදි විශ්වාසය තමයි වැදගත්.
අවසාන නිගමනය: කේන්දරේ බලලා එක තැනකින් හරි නෑ කියුවොත් තව තැනකින් බලන්න.

කවදාවත් හිතේ ඉඩ වෙන් කරපු කෙනෙක්ට යන්න දෙන්න එපා.. බුදුසරණයි!