කේන්දර ප්‍රශ්න

ගොඩක් අය කේන්දරේ සම්භන්ධ දේවල් මේ වගේ forum, facebook වගේ තැන් වල අහනවා දැකලා තියෙනවා. මම මගේ අත්දැකීමක් කියන්නම්. ඔයා ඕවා විශ්වාස නොකරන කෙනෙක් නම් මේක ඔයාට අදාල නෑ. ඇත්තටම මමත් ඉන්නෙ ඒ පැත්තෙ. ඔය subject එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඕක බලන කෙනා මට sure නෑ.. ඒකයි. අපේ ඒවා බැලුවෙ ගෙවල් වල අම්මලා තාත්තලාගෙ උවමනාවට.

මුලින්ම නිකමට පිරිමි ලමයගෙ කේන්දරේ බලන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවෙදි කියලා තිබුනා ඔය දැන් තියෙන සම්භන්දෙ හරි යන්නෙ නෑ.. නවත්තලා දාන්න කියලා. ඔන්න එතනින් පස්සෙ තමයි කේන්දර ප්‍රශ්නෙ ඇදිලා ආවෙ.. මොනවා කරන්නද ඉතින් ගෙවල් වලින් කෑගහන නිසා බලන් එන්න කියලා දුන්නා.. ඒ අතරෙ මම ඔය සයිට් වලින් එහෙම බැලුවා. එක එක ඒවා වලින් එක එක ගනන් ආවෙ. වැඩිම ගාන ආවෙ 53%ද කොහේද. පනස් ගානක් මතක නෑ.. මම රත් වෙලා හිටියෙ. අර 85%කට වඩාද කොහේද ගැලපෙන්න ඕනෙ කියනවනෙ.

ඒපාර ඕවා බලනවා කියලා යාලුවො සම්භන්ධ කරලා දීපු අයත් කියුවෙ ඕක හරි යන්නෙ නෑ කියලා. මම පුදුම විදියට මානසිකව වැටිලා හිටියෙ. ඉස්සර ගෙවල් වලින් ඕවා බලමු කියුවට අපි ශේප් කරන් හිටියා පස්සෙ බලන්න බැරිද කියලා..

ඔන්න ඒපාර කේන්දරේ බලන්න ගිහින් ගෙවල් වලින්.. ආවම ඇහුවා මොකද කියුවෙ කියලා. කට්ටියගෙ මූණු නම් හොද නෑ.. 😐මන් හිතුවෙ විනාසයි කියලා. ඒත් එහෙම උනේ නෑ.. 😌😁 70%ක් කේන්දර ගැලපෙනවා කියලා බලපු තැනින් කියලා. ඒ සාමාන්‍ය විදියට බලන එකට. ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය කියලා බලපු එකකින් 98%ක් තියෙනවා. ඒ කියපු විදියට අභ්‍යන්තර ගැලපීම ඒ ගානට තියෙනවලු. ඊට පස්සෙ අය වැය පොරොන්දමට ඉතිරි 0යි කියලා තියෙන්නෙ. ඒක ඉතා හොදයි කියලා දාලා තියෙනවා. මම දන්නෙ නෑ 0 උනාම ඉතා හොද වෙන්නෙ කොහොමද කියලා නම්. ඒගොල්ලො බලන ක්‍රමයක් වෙන්න ඇති. අෂ්ටකුට විවාහ සිහුම් පරික්ෂාව කියලා එකක් තියෙනවා ඒකෙන් 36 න් 28යි. තව පංචවිධ සම්පත් පොරොන්දම් ඔන්න ඔහොම එක එක විදියට බලලා තියෙනවා.. දැන් ඒකට අනුව ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නෙ..

මම දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. හැබැයි ඒ බලපු කෙනාට නම් පින් සිද්ද වෙනවා. නැත්නම් මොකක් හරි අවුල් කියුවා නම් ඕවා හැමෝගෙම හිතේ තියෙනවා. ඒපාර හැම එකටම කේන්දරේ.. 🙄

මේක දාන්න හේතුව මම දන්න අය සමහරු කාගෙන්වත් කේන්දරේ බලන්නෙ නැතුව සයිට් එකකින් හරි මොකක් හරි වෙන ටූල් එකකින් හරි එහෙම නැත්නම් කවුරුහරි එක්කෙනෙක් බලලා මොකක් හරි කියුවම හරි පිලිගන්න එක. සමහරු කේන්දරේ ගැලපෙන්නෙ නෑ කියලා වෙන් වෙන්න හදනවා.. ඒපාර හැමදාම දුකෙන් ඉන්න වෙන්නෙ. මම නම් හිතන්නෙ නෑ කේන්දරේට හැමදේම කරන්න පුළුවන් කියලා. සම්භන්ධයකදි විශ්වාසය තමයි වැදගත්.

අවසාන නිගමනය: කේන්දරේ බලලා එක තැනකින් හරි නෑ කියුවොත් තව තැනකින් බලන්න.😉 කවදාවත් හිතේ ඉඩ වෙන් කරපු කෙනෙක්ට යන්න දෙන්න එපා.. බුදුසරණයි! 🙂
 
Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    වෙඩින් එක කවද්ද ඇන්ටි? සිස්සත්වෙ තියෙන දවස්වලට නෙවේනෙ දින දාගෙන තියෙන්නෙ? නෑ මේ ඉඩක් තිබ්බොත් මාත් එන්න ඇහුවෙ. 🥲
     
    දැන්ම බදින්නෙ නෑ.. බදින්න තරම් වයසක් නෑනෙ. තාම 16යි මාසයයි.. 😌 ඔයා ඕලෙවල් ලියන කාලෙට වගේ බලමු.. 😁
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය ඉන්දියන් ඩස්පයොන්ගෙ කෙහෙල්මල් ලංකාවේ උන්ටම හොඳයි..කේන්දර, නැකත් බල බල හිටපල්ලා මැරෙනකන්ම..රට දියුණු වෙයි.මේතරම් කල් කරෙත් ඕකමනේ.ඉන්දියන් උන් ලංකාවට දුන්න නියමෙටම ලණුව.දන්නවනේ අපේ උන් ලණු ගිලින්න සූරයෝ කියලා..😃😃
     
    ඔව් ඉතින් 10කින් විතර බලනකොට හරියනවා කියලා එකෙක් කියයි..:P
    ඔව් ඔව් ඒක තමයි මාත් කියන්නෙ. වෙලාවට පලවෙනි තැනින්ම ගැලපෙනවා කියුවා. 😂
     
    • Haha
    Reactions: Rapunzel003
    ඔය ඉන්දියන් ඩස්පයොන්ගෙ කෙහෙල්මල් ලංකාවේ උන්ටම හොඳයි..කේන්දර, නැකත් බල බල හිටපල්ලා මැරෙනකන්ම..රට දියුණු වෙයි.😃
    බල්ලොංට සුදු ආප්ප අරං දෙනව හොඳයි කේන්දරකාරයොන්ට දෙන සල්ලි වලින්, නැට්ට හරි වනයි නේ 😅
    මා පිය සිත් සතන් සනහා ලීමට පමණක් බව කරුණාවෙන් සලකන්න.. 😌
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    පිරිමි ලමයා කියන්නෙ නැතුව මාව මෙන්ශන් කරන්නනේ තිබ්බේ:rolleyes:
    Mata-Pena-Heena-Pix-Teller.gif
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Mulin manamalige gedara aya balala kiyanawa.
    ayeth manamalage gedarin balanawa.
    Dekama hariyanna one asanna washayenwath

    Ape paththe nam ehemayi.
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩක් අය කේන්දරේ සම්භන්ධ දේවල් මේ වගේ forum, facebook වගේ තැන් වල අහනවා දැකලා තියෙනවා. මම මගේ අත්දැකීමක් කියන්නම්. ඔයා ඕවා විශ්වාස නොකරන කෙනෙක් නම් මේක ඔයාට අදාල නෑ. ඇත්තටම මමත් ඉන්නෙ ඒ පැත්තෙ. ඔය subject එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඕක බලන කෙනා මට sure නෑ.. ඒකයි. අපේ ඒවා බැලුවෙ ගෙවල් වල අම්මලා තාත්තලාගෙ උවමනාවට.

    මුලින්ම නිකමට පිරිමි ලමයගෙ කේන්දරේ බලන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවෙදි කියලා තිබුනා ඔය දැන් තියෙන සම්භන්දෙ හරි යන්නෙ නෑ.. නවත්තලා දාන්න කියලා. ඔන්න එතනින් පස්සෙ තමයි කේන්දර ප්‍රශ්නෙ ඇදිලා ආවෙ.. මොනවා කරන්නද ඉතින් ගෙවල් වලින් කෑගහන නිසා බලන් එන්න කියලා දුන්නා.. ඒ අතරෙ මම ඔය සයිට් වලින් එහෙම බැලුවා. එක එක ඒවා වලින් එක එක ගනන් ආවෙ. වැඩිම ගාන ආවෙ 53%ද කොහේද. පනස් ගානක් මතක නෑ.. මම රත් වෙලා හිටියෙ. අර 85%කට වඩාද කොහේද ගැලපෙන්න ඕනෙ කියනවනෙ.

    ඒපාර ඕවා බලනවා කියලා යාලුවො සම්භන්ධ කරලා දීපු අයත් කියුවෙ ඕක හරි යන්නෙ නෑ කියලා. මම පුදුම විදියට මානසිකව වැටිලා හිටියෙ. ඉස්සර ගෙවල් වලින් ඕවා බලමු කියුවට අපි ශේප් කරන් හිටියා පස්සෙ බලන්න බැරිද කියලා..

    ඔන්න ඒපාර කේන්දරේ බලන්න ගිහින් ගෙවල් වලින්.. ආවම ඇහුවා මොකද කියුවෙ කියලා. කට්ටියගෙ මූණු නම් හොද නෑ.. 😐මන් හිතුවෙ විනාසයි කියලා. ඒත් එහෙම උනේ නෑ.. 😌😁 70%ක් කේන්දර ගැලපෙනවා කියලා බලපු තැනින් කියලා. ඒ සාමාන්‍ය විදියට බලන එකට. ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය කියලා බලපු එකකින් 98%ක් තියෙනවා. ඒ කියපු විදියට අභ්‍යන්තර ගැලපීම ඒ ගානට තියෙනවලු. ඊට පස්සෙ අය වැය පොරොන්දමට ඉතිරි 0යි කියලා තියෙන්නෙ. ඒක ඉතා හොදයි කියලා දාලා තියෙනවා. මම දන්නෙ නෑ 0 උනාම ඉතා හොද වෙන්නෙ කොහොමද කියලා නම්. ඒගොල්ලො බලන ක්‍රමයක් වෙන්න ඇති. අෂ්ටකුට විවාහ සිහුම් පරික්ෂාව කියලා එකක් තියෙනවා ඒකෙන් 36 න් 28යි. තව පංචවිධ සම්පත් පොරොන්දම් ඔන්න ඔහොම එක එක විදියට බලලා තියෙනවා.. දැන් ඒකට අනුව ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නෙ..

    මම දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. හැබැයි ඒ බලපු කෙනාට නම් පින් සිද්ද වෙනවා. නැත්නම් මොකක් හරි අවුල් කියුවා නම් ඕවා හැමෝගෙම හිතේ තියෙනවා. ඒපාර හැම එකටම කේන්දරේ.. 🙄

    මේක දාන්න හේතුව මම දන්න අය සමහරු කාගෙන්වත් කේන්දරේ බලන්නෙ නැතුව සයිට් එකකින් හරි මොකක් හරි වෙන ටූල් එකකින් හරි එහෙම නැත්නම් කවුරුහරි එක්කෙනෙක් බලලා මොකක් හරි කියුවම හරි පිලිගන්න එක. සමහරු කේන්දරේ ගැලපෙන්නෙ නෑ කියලා වෙන් වෙන්න හදනවා.. ඒපාර හැමදාම දුකෙන් ඉන්න වෙන්නෙ. මම නම් හිතන්නෙ නෑ කේන්දරේට හැමදේම කරන්න පුළුවන් කියලා. සම්භන්ධයකදි විශ්වාසය තමයි වැදගත්.

    අවසාන නිගමනය: කේන්දරේ බලලා එක තැනකින් හරි නෑ කියුවොත් තව තැනකින් බලන්න.😉 කවදාවත් හිතේ ඉඩ වෙන් කරපු කෙනෙක්ට යන්න දෙන්න එපා.. බුදුසරණයි! 🙂

    linga porondama galapunada babo ?