ආගමක් තියෙනව
ෆලෝ කරන විදිහ වෙනස්
ස්පිරිචුවල් ගයිඩන්ස් එකක් විදිහට ෆලෝ කරනව
ඒකෙත් මට තේරුමක් නෑ කියල හිතෙන දේවල් කරන්නෙ නෑ
කේන්දර නැකැත් සුබ දිශාවල් මොකුත් නෑ
ආගමෙන් ඇඟට දාල තියෙන ප්‍රශ්න මදිවට ඔව්වත් ඔලුවෙ දාගන්න ඕන නෑ නෙ
.
.
.
.
මම බැන්දෙත් කේන්දර ගලපල නෙමේ
බඳින ගෑනි ගැන උඹට විශ්වාස නං , ගෑනි ගෙ ඇටිටියුඩ්ස් හොඳ නං
ඒ ගෑනි ඉපදුන වෙලාවෙ විශ්වයේ ග්‍රහලෝක වල පිහිටීම, උඹ ඉපදුන වෙලේ ග්‍රහලෝක තිබ්බ විදිහ එක්ක ගලප ගලප නටන්න ඕන නෑ
මේ ජීවිතේ හරි පොඩියි බං
ඔය බඳින්න බාදයි කියන එකාගෙ හොයල බලපං, තියෙන ලොකුම බාදාව තමා කේන්දරේ
.
.
.
මම දන්න අක්ක කෙනෙක් ඔසප් චක්‍රෙ නවතිනකම්ම කේන්දර ගලප ගලප උන්න
අන්තිමේ ගැලපෙන එකා හම්බෙනකොට නාකි වෙලා
දැං බල්ලෙක් හදං ඉන්නව