කේ. ජයතිලක මහතා අභාවප‍්‍රාප්ත වේ.
ශ්‍රී ලංකාවේ ගත්කරුවරයකු හා පඬිවරයකු වූ කේ. ජයතිලක (85) මහතා කොළඹ
පෞද්ගලික රෝහලකදී මින් මඳ වේලාවකට පෙර අභාවප‍්‍රාප්ත විය. ජයතිලක මහතා නවකතා කෙටිකතා හා විචාර ග‍්‍රන්ථ මගින් සිංහල සාහිත්‍ය පෝෂණය කළ විද්වතෙකි.
1926 ජූනි මස 27 වැනිදා ගම්පහ කන්නිමහරදී ඔහු උපත ලැබීය. ජයතිලකයන් මූලික අධ්‍යාපනය ලැබුවේ රදාවාන ආණ්ඩුවේ පිරිමි පාඨශාලාවෙනි.
ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී උපාධිය ලබාගත් ඔහු 1943 දී වියෝ දසුන නම් කාව්‍ය ග‍්‍රන්ථය රචනා කරමින් ග‍්‍රන්ථකරණයට පිවිසියේය. කේ. ජයතිලකයන් නවකතා 16ක්ද කෙටි කතා සංග‍්‍රහයන් 8ක්ද විචාර ග‍්‍රන්ථ 9ක් ද සිංහල සාහිත්‍යයට දායාද කර ඇත. මීට අමතරව පැරැණි ග‍්‍රන්ථ කීපයක සංස්කරණද ළමා පොත් කීපයක් ද ඔහු අතින් රචනා විය.
මියයන තුරුම ග‍්‍රන්ථකරණයේ නියැලි කේ. ජයතිලකයන්ට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතක් හිමිව ඇත. ඔහුගේ භාෂා සාහිත්‍ය සේවාව අගයමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඔහුට සාහිත්‍ය සූරී සම්මාන උපාධිය පිරිනැමීය. මීට අමතරව සාහිත්‍ය රත්න රාජ්‍ය සම්මානයද ඔහුට හිමිවිය.
ප‍්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක සමග විවාහ වී සිටින ජයතිලක මහතා සිවුදරු පියෙකි. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
සියලු දෙනාගේ දැන ගැනීම පිණිස උපුටා ගත්තේ මෙතනින් http://www.lankadeepa.lk/index.php/articles/3835