මෙහි වීඩියෝ දර්ශණ මගින් ඔබ දකින්න ඇති සහකාර පොලිස් අධිකාරී සමරනායක මහතා වැන් එක ඇතුලට ඔඵව දාලා මේ බෝම්බය පරික්ෂා කරලා එකපාරටම ඔහුටත් නොදැනිම අඩි කීපයක් පසුපසට ඇවිදිනවා..... ඒ අවස්ථාවේදී බොම්බ නීෂ්ක්‍රීය කිරීම සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති පුද්ගලයකුගෙන් මේ බෝම්බය තිබුන අති අවධානම් තත්ත්වය පිළිබදව පෙනුන හොදම සාක්ෂිය. (ඔය තත්ත්වය යටතේ අපි ගියානම් ඇතිවන මර බියට මළපහ වෙලා එතනම මැරිලා වැටෙයි.)
ඒ නිසා පිපිරීමක් සිදු වුනොත් හැකිතාත් උපරිම විදියට එම ස්ථානයෙන් ඇත් වෙලා ඉන්න බලන්න. ත්රස්ථවාදියාට ඔනේ පුඵවන් තරම් ජීවිත හානි කිරීමේ පරමාර්ථයක් නිසා පිපුරුමෙන් පසු ඒක බලන්න එන අවධානම ගැන නොදත් අය මේ වගේ පශ්චාත් ප්‍රහාරයකින් ත්‍රස්ථවාදීන්ගේ පහසු ගොදුරක් වෙන්න පුඵවන්.
හිටපු ජනාධිපතිනී අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිනිය වෙත සිදු කල මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරයේදී එතුමියට මේ ආකාරයෙන්ම පශ්චාත් ප්‍රාරයක් කොළඹ ජාතික රෝහල ආසන්නයේදී සිදු කරන්න LTTE ත්රස්තයන් සැලසුම් කරලා තිබිලා තියනවා. නමුත් ජනාධිපතිතුමියගේ ආරක්ෂාව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින් අවස්ථානුකූලව කටයුතු කර එතුමිය නවලෝක රෝහල වෙත ඇතුලත් කල නිසා LTTE ත්ර්ථවාදීන්ගේ අරමුණ ව්‍යර්ථ උනා.
ඒ නිසා වසර 30 ක යුද්ධකින් බැට කාපු අපි මේ වගේ දේවල් වලින් පාඩම් ඉගනගෙන මෙවැනි ව්‍යසනයන්ගෙන් සිදු වන හානිය හැකි තරම් අවම කර ගැනීමට කටයුතු කරන්න ඔනේ.