කොච්චි- තවත් හොල්මන් කොච්චියක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    කොච්චි- තවත් හොල්මන් කොච්චියක්

    මාර සින් එක තවත් කොච්චියක් හොල්මන් කරලා කියවලම බලන්නකො

    * දුම්රිය එන්ජින් දෙකම ධාවනය වු‍ෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි
    * එයත් එකම දවසේ එකම දිසාවට-එකම වෙලාවේ
    * සිද්ධි දෙකින්ම කිසිවකුටත් අනතුරක් නැහැ

    රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පෙරේදා (5 දා) ස්වයංක්‍රීයව ධාවනය වූ පරිද්දෙන් හරියටම මෙයට වසර 100කට පෙර එවැනිම දිනක දුම්රියක් ඉබේ ධාවනය වී ඇත. මෙම සිදුවීම් දෙක අතර පුදුමසහගත සමානකමක් ඇතැයි දුම්රිය සේවකයෝ විශ්වාසය පළ කරති.

    මෙයට වසර සියයකට පෙර 1913 දෙසැම්බර් 05දා මාලිගාවත්ත දුම්රිය අංගණයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වී ඇත. දුම්රිය දෙකම ධාවනයවී තිබෙන්නේ අලුයම 1.45ට පමණ වන අතර, එකම දුම්රිය නැවතුම්පළක සිටය.

    ස්වයංක්‍රීයව දුම්රිය ධාවනවූ දින දෙකම එකම දින වීම තවත් විශේෂත්වයකි. දුම්රිය දෙකම මාලිගාවත්ත සිට
    කොටුව දෙසට ධාවනයවී ඇත. මෙම සිදුවීම් දෙකෙහිදීම කිසිම පුද්ගලයකුට කවරාකාරයක හෝ අනතුරක් සිදු නොවීම ද විශ්මයජනක සිදුවීමක් ලෙස දුම්රිය සේවකයෝ දක්වති.

    මුල්වරට දුම්රිය ඉබේ ධාවනය වූ අවස්ථාවේ එය කැලණිවැලි මාර්ගයේ සිට මාළිගාවත්ත, මරදාන පසුකර කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි හින්දු කෝවිල ආසන්නයේදී නැවතී ඇති බව වාර්තාවේ. එහිදී එම දුම්රිය මඟ දෙපස නවත්වා තිබූ බඩු කරත්තවල හැපෙමින් කිලෝමීටර් 3.5 පමණ ගමන් කර ඇත.

    එදා “සත තුනේ දිනමිණ” සිද්ධිය වාර්තා කළේ මෙහෙමයි

    n13120721-2.jpg

    n13120721-3.jpg

    gossip9lanka
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔය සින් එක දන්න එකෙක් මේ පාර ජෝක් එකට වගේ මේ වැඩේ කරලා තියෙන්නේ !
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඕක පට්ටම පට්ට ගොතපු කතාවක්. අර දෙවන පත්තර කොටස ඇයි පැහැදිලි නැත්තේ. අනේ මබ් මේවටත් රැවටෙන පොරවල් ඉන්නවා නේ. :D:D:D
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඔය කෝච්චි එන්ජින් ඔටෝ රන් වෙන එක වෙන රටවලත් හැමතිස්සෙම වගේ වෙන දෙයක්. ලංකාවෙත් එහෙමයි. ගොඩක්ම වෙන්නේ රේල්වේ යාඩ් වල. ගොඩාක් කලාතුරකින් තමා ප්‍රධාන ලයින් එක දිගේ ඔයින් එකක් එන්නේ. එහෙම වුනහම තමා ඉතින් ඕක නිව්ස් එකක් වෙන්නෙත්. අර Unstoppable ෆිල්ම් එකේ තියෙන්නෙත් ඒ වගේම සීන් එකක් තමයි.