කොච්චි_අනතුර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බට්ටාගේ පැටලී බෑග් එකත් එක්ක තරුණයෙක් වැටුණා එකපෙළට අනෙක් අයත් වැටුණා අඟුලාන දුම්රිය පාපුවරුවේ අනතුරින් මරණ 4 ක්



gossiplanka_2018-02-06_08-26-02.jpg


බට්ටාගේ පැටලී බෑග් එකත් එක්ක තරුණයෙක් වැටුණා එකපෙළට අනෙක් අයත් වැටුණා අඟුලාන දුම්රිය පාපුවරුවේ අනතුරින් මරණ 4 ක්


අධික තදබදය සහිත කාර්යාල දුම්රිය වල දුම්රිය පාපුවරුවේ යාම පුරුද්දක් කරගත් පිරිසක් අවාසනාවන්ත අනතුරකට ලක්වීමේ සිද්ධියක් ඊයේ අඟුලානෙන් වාර්තා වුණා.
මොරටුව - අඟුලාන දුම්රිය ස්ථානය ආසන්නයේ දකුණු කළුතර බලා ගමන් ගත් දුම්රියක පාපුවරුවේ ගමන්ගත් මගීන් පිරිසක් ඊයේ සවස බට්ටා ලොරි රථයක ගැටුණ අතර නවදෙනකු ඇද වැටී
පුද්ගලයන් දෙදෙනකු එතැනම මියගිය අතර තවත් දෙදෙනෙකු රෝහලේදී මියගියා.
අනතුරින් මියගිය අය අතර කළුතර දකුණ නගර සභා නිවාසහි පදිංචිව සිටි රවින් උදේශ (42) හා වාද්දුවේ පදිංචි ජයරත්න පෙරේරා අවු. (42) නම් කොතලාවල හමුදා ඇකඩමියේ සේවකයකු වූ අතර ඔවුන්ගේ සිරුරු හඳුනාගත නොහැකි තරමට කැබැලි වී තිබුණ බවද පැවසුණා.


දුම්රිය ලූනාව පාලම ආසන්නයට ළඟා වෙමින් තිබිය දී පාලම ආසන්නයේ දුම්රිය ධාවනය කරමින් තිබියදී දුම්රියට සමාන්තර මාර්ගයේ ධාවනය වූ බට්ටා ලොරියක් අවමංගල රථයකට ඉඩදීම සඳහා නතර කර තිබී ඇති අතර දුම්රිය පා පුවරුවේ සිටි මගියකු පිටෙහි එල්ලාගෙන සිටි ගමන් බෑගයක් පැටලී ඔහු මාර්ගයට වැටීමත් සමඟ සෙසු පුද්ගලයන් ද ඔහුට පැටලී ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය වී ඇත්තේ ඊයේ පස්වරු 4.45 ට පමණය.
අඟුලාන පොලිසියේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී තුවාලකරුවන් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
සිද්ධියෙන් පසු තුවාලකරුවන් පිරිසක් තරුණයන් ගැටුණු ලොරියෙන්ම කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. තුවාල ලත් පිරිස අතර චීන ජාතික තරුණියක්ද සිටින බවද ‍පොලීසිය කියා සිටී.
මෙම අනතුර නිසා තවත් 5 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රියට පිටුපසින් ඇති මැදිරියේ වන අතර එම අවස්ථාවේ මගීන් විශාල පිරිසක් එහි පාපුවරුවේ ගමන් ගනිමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
මෙම ස්ථානයේ මාර්ගය පටුවීම නිසා අනතුරු රැසක්ම සිදු වුවද බලධාරීන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති.
අනතුරට හේතුවූ ලොරිය පොලිස්භාරයට ගෙන රියදුරු මේ වනවිට අත්අඩංගුවේ පසුවේ.


 

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Ammo , mamanam malaata trains wala footboard wala yanne naha , train eke ida naththan next train eke hari bus eke hari yanne .Aye train eka poddak hari addanna gaththoth mama duwala gihin naginna dagalanneth na.Mokatada nikan illan kanne.Thawa deyak lankawe train wala minissu hariyata hasirenne harak wage , train eken bahinna inna minissuntath bahinna denne na , dagalagena harak wage train ekata naginna hadanne.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ලොරියේ අයිතිකාරයා අත්අඩංගුවට ගන්නේ ඌ අයින් කරලා වාහනේ නවත්වපු එකටද? එතකොට ඌත් අනියම් ලෙස මිනී මැරීමට සම්බන්ධද ? :baffled:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ටික ටික අපි එලියට එනවා.
    ටික ටික අපි පාපුවරුවේ යනවා..
    ටික ටික අපි වහලෙත් යනවා.
    ටික ටික අපිත් බංගලි වෙනවා.


     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,116
    968
    113
    V
    train driver must be arrested too
    that fucker should have known people are on the footboard
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හම්මෝ ඔතන හෙන ඩේන්ජරස් පොට් එකක්.මීට කලිනුත් හික්කඩුව ට්‍රේන් එකේ ඔයවගේ සිද්දියක් උනා.ඉස්සර මම එන්නෙත් හික්කඩුවේ ෆුට්බෝඩ් එකේ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක නීතියක් නැති රටක්. තියෙන නීති ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මිනිස්සු කෑ ගහපු ගමන් ඔක්කොම අකුල ගන්නවා.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Good transport system in Sri Lanka? It's a dream. For them, elections are more important than peoples' lives.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක නීතියක් නැති රටක්. තියෙන නීති ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මිනිස්සු කෑ ගහපු ගමන් ඔක්කොම අකුල ගන්නවා.
    වැඩිය ඕනා නැ බන් ඔය කෝච්චියේ ගිය සෙට් එක බැහැලා උද්ගෝෂණ පාරක් දැම්මනම් ට්‍රේන ඩ්‍රයිවර් රොන් සයිඩ් ආවා කියලා, පොලිසිය ඩ්‍රයිවර් අත්අඩංගුවට ගන්නවා.එහෙම බලයක් තියෙන්නේ රටේ උන්ට.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙච්චර ලොකු accident එකක් වෙලා අන්තිමට ගත්තු විසඳුම වෙච්ච තැනවත්, train එකට සම්බන්දව මුකුත් ආරක්ෂාකාරී පියවරක් ගන්න එක නෙවෙයි. ලොරි කාරයා අත්අඩංගුවට ගැනීම. :oo::oo::oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටික ටික අපි එලියට එනවා.
    ටික ටික අපි පාපුවරුවේ යනවා..
    ටික ටික අපි වහලෙත් යනවා.
    ටික ටික අපිත් බංගලි වෙනවා.



    දැන්වත් බෝ කරන එක පාලනේ කලේ නැත්තං බංගලි වෙලාවත් නවතින එකක් නෑ :no:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ බන් කව්රු මැරුණත් 10 වෙනිදා උදේ පාන්දරම ගිහින් කතිරේ ගහල වරෙන්.. මන් හිතුවේ වික්කාමසිංහ මහත්තයාගේ මොනෝ රේල් එකකින් වැටිලා කියල.. මොනෝ රේල් එකේ ගියානම් ඔහොම වෙන්නේ නෑනේ..
    මොනෝ රේල් කතා වලට රැවටිලා චන්දෙ දෙන හරක් ඉන්න රටක ඔහොම මිනිස්සු මැරෙන එක අහන්න දෙයක් නෑ.. 2015 ඉදල අද වෙනකම් එක කෝච්චියක් වැඩි කරලා නෑ ( කොහේ කොච්චි ගන්නද වික්කාමසිංහ මහත්තය බැංකු සුද්ද කරනවනේ) තියෙන ඒවා සුද්දගේ කාලේ ඒවා, හැම තැනම දිරල, කක්කුස්සි උතුරනවා, සීට් කැඩිලා, ෆෑන් කැඩිලා, සෙනග කට කපලා ඒ මදිවට හැමදාම පරක්කුයි.. ස්ටේෂන් වල පුටවක් තියා බන්කුවක්වත් නෑ වහල නෑ, අඩු ගානේ කොච්චි එන්නේ කීයටද බලාගන්න බෝඩ් එකක් නෑ හරියට. කමක් නෑ වික්කමසින්හට ගම හදන්න චන්දෙ දීපල්ලකෝ එතකොට මොනෝ රේල් කෙසේ වෙතත් ඇමතිලට බෙන්ස් ටිකක් ලැබෙයි. :angry::yes: