කොටකෙතන ඝාතකයා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොටකෙතන ඝාතකයා

    කොටකෙතන චන්ද්‍රානිගේ ඝාතකයා දෙවැනි පුතා

    11100597_984078074958633_6427886466570851675_n_j.jpg

    කහවත්ත කොටකෙතන දී පසුගියදා ඝාතනය වූ චන්ද්‍රානි ස්වර්ණලතා මහත්මියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ දහඅට හැවිරිදි දෙවැනි පුත්‍රයා (9දා) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුගේ පෙම්වතියට ඇඳුම් මිලදී ගැනිම සඳහා මව මුදල් ලබා නොදීම නිසා ඇතිවූ ප්‍රශ්නයක් මත ඔහු මෙම ඝාතනය කළ බවට පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර තිබේ.
    මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුෂාන් මහේෂ් නමැති මිය ගිය කාන්තාවගේ දෙවැනි පුත්‍රයාය.
    සිද්ධිය සිදුවූ දිනයේ සැකකරු රාත්‍රී 8 ට නින්දට ගිය බව පැවසුවත් පොලිස් පරීක්ෂණවලදී ඔහු රාත්‍රී 10 වනතෙක්ම සිය පෙම්වතිය සමඟ ජංගම දුරකතනයෙන් කෙටි පණිවුඩ හරහා සම්බන්ධ වෙමින් සංවාදයේ යෙදී සිටි ඇති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මේ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළත් ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ තමා රාත්‍රී 8 ට නින්දට ගිය බවය. කෙසේ වෙතත් ඇති වූ සැකය මත සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී පවසා ඇත්තේ තමන් විසින් මෙම ඝාතනය සිදුකළ බවය.

    සැකකරු සඳහන් කරන ආකාරයට සිය පෙම්වතිය සමඟ දිනක් පාරේ කතාබස් කරමින් සිටියදී ඔහුගේ පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් එය දැක මවට පවසා ඇත. මව එම සිද්ධියට දිගින් දිගටම ඔහුට බැණ වැදී ඇති අතර එම ගැටලූව දින කිහිපයක් පැවතී ඇත. එසේම එළඹෙන සිංහල අවුරුද්දට තම පෙම්වතියට ඇඳුම් අරන් දීම සඳහා රුපියල් 3000ක මුදලක් මවගෙන් ඉල්ලා ඇත. එ් චන්ද්‍රානි ස්වර්ණලති මහත්මිය ඝාතනයට ලක්වූ දින (4දා) රාත්‍රියේදීය. එහිදී මවත් පුතත් අතර වාදයක් ඇතිවී පුතා විසින් මව තල්ලූ කර දමා ඇත. එහිදී චන්ද්‍රානි මහත්මිය බිමට වැටී ඇති අතර එ් හේතුවෙන් ඇයට සිහිය නැතිවී ඇත. තම මව මියගිය බවට සැකකළ පුත්‍රයා නිවසේ තිබූ මන්නා පිහිය ගෙන හිසටත් මන්නා පහරක් ඇතුළු පහරවල් කිහිපයක් එල්ල කර මෙය වෙනත් අයෙකු විසින් සිදුකළ ඝාතනයක් බවට එ්ත්තු ගැන්වීමට උත්සාහ දරා ඇත. පසුව නිවස පුරා ලේ විසිරුවා 2නිවසේ මිදුලේ ද ලේ විසුරුවා ඇගේ ලේ වහනය වන හිසට ෂොපින් බෑගයක් දමා මීටර් 500ක් පමණ දුරින් වූ ඇලට රාත්‍රියේ ගෙන ගොස් දමා තිබේ. ඔහු හැඳ සිටි සරම ද සඟවා මන්නා පිහිය වීසිකර දමා නිවසට පැමිණ නිදාගෙන ඇත.
    තම මවගේ අවමංගලයය සිදුවන මොහොතේ දිද ඔහු තරමක් වික්ෂිප්ත භාවයකින් යුතුව කටයුතු කළ ආකාරය එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද නිරීක්ෂණය කළ හැකි විය. ශරීරය මිහිදන් කළ අවස්ථාවේදී අසාමාන්‍ය ලෙස දැඩි ශෝකයෙන් යුතුව හැඩූ ඔහු වත්තන් කර ගැනීමට ඔහුගේ මිතුරන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. යොවුන් සේනාංකයට සම්බන්ධවී නේවාසික පුහුණුවක් ලබමින් සිටි ඔහු සති අන්තයට පමණක් නිවසට එන අතර පසුගිය 3වැනි සිකුරාදා ඔහු නිවසට පැමිණ තිබේ
    මොහු මෙම ඝාතනයෙන් පසුව සිය මව අභිරහස් ලෙස ඝාතනය වූ බවට අඟවමින් හැසිරී ඇති අතර පසුව මෙම ඝාතනය ඔහු විසින් පෙම්වතියට යොමුකරන ලද එස්.එම්.එස් පණිවිඩ හරහා පොලිසියට හෙළිවන තෙක්ම සඟවාගෙන ඇත.
    සැකකරු මේ වන විට කොළඹ අපරාධ කොට්ටාශය භාරයේ ප්‍රශ්න කරමින් සිටින අතර වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරනු ලැබේ. සැකකරු අද (10දා) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Friday April 10th 2015~Anura S. Liyanage Target-news~ගයාන් ගාල්ලගේ /
    වජිර ලියනගේ /-රිවිර ඡායාරූපය-ප්‍රදීප් දඹරගේ------Share
     
    • Like
    Reactions: DAMER

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    samaje kohatada ban yanne me.. issara ahapu dakapu ewada me.. deyyane athwaredda kese wethath thamange ammata mehema deyak karanna hitha hadenne kohomada..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    භෞතිකවාදය කරතියාගත්තු මූසල සමාජයක් මේක. ධර්මයක් දකින්නෑ , දකින්න හිතන්නෑ , දෙමව්පියන්ගෙත් වරදක් විදියට දකින්නත් පුලුවන්. දෙමව්පියන්ට ළමයි එක්ක ඉන්න කාලය නෑ , පන්සලකට පල්ලියකට යන්නෑ. කොම්පියුටරයක් , ෆෝන් එකක් බදාගෙන පෝන් එකක් බලලා වින්දනය විතරක් ලබන සමාජයක් අද තියෙන්නේ.

    :no::no::no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    භෞතිකවාදය කරතියාගත්තු මූසල සමාජයක් මේක. ධර්මයක් දකින්නෑ , දකින්න හිතන්නෑ , දෙමව්පියන්ගෙත් වරදක් විදියට දකින්නත් පුලුවන්. දෙමව්පියන්ට ළමයි එක්ක ඉන්න කාලය නෑ , පන්සලකට පල්ලියකට යන්නෑ. කොම්පියුටරයක් , ෆෝන් එකක් බදාගෙන පෝන් එකක් බලලා වින්දනය විතරක් ලබන සමාජයක් අද තියෙන්නේ.

    :no::no::no:

    uba kiyana oya buathikawadaye ananthayatama gihilla thiyana batahira ratawal walath me wage katha ahanna labenne godak kalathurakin, apita waradila thiyenne kohoda.?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    භෞතිකවාදය කරතියාගත්තු මූසල සමාජයක් මේක. ධර්මයක් දකින්නෑ , දකින්න හිතන්නෑ , දෙමව්පියන්ගෙත් වරදක් විදියට දකින්නත් පුලුවන්. දෙමව්පියන්ට ළමයි එක්ක ඉන්න කාලය නෑ , පන්සලකට පල්ලියකට යන්නෑ. කොම්පියුටරයක් , ෆෝන් එකක් බදාගෙන පෝන් එකක් බලලා වින්දනය විතරක් ලබන සමාජයක් අද තියෙන්නේ.

    :no::no::no:

    :lol::lol::lol::lol::lol:

    එතකොට උඹලගෙ ලොක්කා කට්ටඩියො පස්සෙ ගියේ මොකද ? භෞතිකවාදය අමතක වෙලා වෙන්න ඇති. :lol::lol:


    මොනව උනත් තිරිසන් පුතෙක් මූ නම්. මරණ දඬුවම දෙන්න ඕන :nerd::nerd: