කොටස් වෙළඳ පොලෙන් ගොඩ යමු part -2

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    machan lankahospital eke kotas 600 k thiyenawa ape thaththata ethdan thaththajiwathun atharane mataeka harawa ganna puluwan nedamage namata ,puluwannamkohomada karanne,mata pm ekak ewapan plz
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,345
    113
    මුදල් තටාකකරණයක කියන්නේ මොකක්ද?
     

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    මුදල් තටාකකරණයක කියන්නේ මොකක්ද?

    money pooling - an individual or a company can collect small portions of funds from individuals and companies then the collecting individual or the company can raise a large sum.they can move into large scale investments trough that fund.:D:D:D:D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,345
    113
    money pooling - an individual or a company can collect small portions of funds from individuals and companies then the collecting individual or the company can raise a large sum.they can move into large scale investments trough that fund.:D:D:D:D

    :D
     
    Sep 25, 2008
    757
    35
    0
    සැහෙන හොඳ ප්‍රතිචාර තිබුනා පලවෙනි කොටසට.බොහොම ස්තූතියි .සමහර අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ බැරි උනාට සම වෙනද ඕන.මොකද අපේ බොසා ට හොරෙන් තමා මම මේක ලියන්නේ ,පොඩි පඩි delays වෙනවා.

    ඉස්සෙලා පලවෙනි එකේ තිබුන සමහර ප්‍රශ්න වලට මම උත්තර දීලම වැඩේ පටන් ගමු.

    Forex මර්කෙට් - මේක ලංකාවේ මූල්‍ය නීතියට අනුව නීති විරූදී දෙයක්.මම නෙමෙඉ කියන්නේ .මුදල් අමාත්යංශය තමි මේක කියන්නේ .අනික මේකේ අවදානම ගොඩක් ඉහලයි .ලංකාවේ ඉන්නේ උපදේශන ආයතන පමණක් නිසා මෙහි වගවීම පිලිබඳ ගැටළු තියෙනවා.මේ පිලිබඳ නියාමන ක්‍රියාවලියක් නැති නිසා මේ ගැන මම සහතිකවම අනුමත කරන්නේ නැහැ.

    Fixed deposit - මේ thread එකේ තියනවා ඔකේ වෙන scene එක .

    වග කිරීම - ඔව් මේකත් හොඳ දෙයක්.හැබැයි මම කතා කරන්නේ මූල්‍ය ආයෝජන නිසා ඕක පස්සේ කතා කරමු.

    දැන් අපි වැඩේ පටන් ගමු.

    මම ඊයේ කිව්වා වගේ අද මම කියන්න යන්නේ අද ලංකාවේ තියන ප්‍රදාන ආයෝජන ක්‍රම සහ ඒවායේ ගුණ දොස් .

    ස්ථාවර තැන්පතු.
    මේ ගැන මම වැඩිදුර කියන්ඩ යන්නේ නැහැ .හේතුව අපි හොඳටම දන්නා දෙයක් තමි මේකේ ලැබෙන ලාබය සාපේක්ෂව බොහොම අඩුයි.දැනට යන්නෙත් 6% -8% තමයි.කල් පෙරීමේදී රඳවා ගැනීමේ බද්ද සහ බැංකු ගාස්තු අඩු කරන නිසා ලැබෙන අදායම තවත් අඩුයි.අර්රක්ෂාව ගැන කිව්වොත් 100% කියල කියන්නත් බහ.හේතුව සඳහා Golden key සහ CIFL සිද්දීන් සඳහන් කරන්ඩ පුළුවන් ,අනික ජ්‍යෙෂ්ට පුරවැසි තැන්පතු පිළිබඳවත් මේ වන විට අර්බුධකාරී තත්වයක් තියනවා කියල තමි රාජ්‍ය බැංකු වල ලොකු පුටු කියන්නේ.කෙසේ වෙතට් හදිස්සියකට සල්ලි අපහු ගත්තොට් එහෙම සදා සොත්ති බඩු packet තමයි .

    ජීවිත රක්ෂණ
    මේක තමි ලංකාවේ සුලබම සහ ජනප්‍රියම ක්‍රමය .මෙහිදීත් සඳහන් කරන්න ඕනේ මෙහි අදායම හෙවත් return on investment එක පවතින්නේ 4% 5% අතර පරිමනයක තමි.හේතුව වෙන්නේ ඔව්න්ගේ සේවා සඳහා සඳහා තමි අපේ වරිකයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් වෙන්නේ.ආරෝග්‍යශාලා වාරිකය,ශල්‍යකර්ම සඳහා වන වාරිකය වගේ අතිරේක ගෙවීම් හැරුණු කොට ආයෝජන ප්‍රමාණය අඩුයි.මෙහිදී පළමුවෙනි වසර 3 තුල ඔබ ගෙවන සියලුම වාරික පාහේ වෙන්වන්නේ කොමිස් මුදල් සහ සේවා ගාස්තු සඳහා වන අතර හදිසි අවශ්‍යතාවයකදී මුදල් ආපසු ලබන්න විට යෙදවූ මුදලින් 25%-30% අතර ප්‍රමාණයක් පමණක් ඔබට ලබාගත හැකිය.යෙදවූ මුදල පූර්ණය වෙන්නේ වසර 6-8 කාලයක් තුලදී අතර එයද ඔබ යෙදවූ මුදල පමණක් ලබා ගත හැකිය.නමුත් අනාගත සුරක්ෂිතතාවය සලකූ විට හොඳ කරමයකි.

    Unit trust හෙවත් එකක බාර -
    මේකත් ටිකක් විතර ජනප්‍රියයි .මේකෙදි වෙන්නේ ඔබ යම් අරමුදලක කොටස් කරුවෙකු වීමි.අදාළ අරමුදලේ කොටස් අලුතෙන් මිලට ගැනීම හෝ දැනට සිටින්නේකුදේ කොටස් ඔබට විකිණීම මගින් ඔබට මේ හා සම්බන්ද වෙන්න පුළුවන්.නමුත් මෙහි ආයෝජන තීරණ හෝ එකක භාර මිල සම්බන්දයෙන් තීරණය කරන්නේ අදාළ සමාගම විසින් පමණි ,ආයෝජන අදායම ස්ථාවර අගයක් නොගන්න අතර මෙයින් යම් අවස්ථාවක ඔබට ඉවත් විය යුතු නම් ඒ සඳහා දඩ මුදලක් සහ ඔබගේ එකක භාර තවකෙකුට විකුණා ඔබගේ ආයෝජිත මුදල ප්‍රතිපූර්ණය කර ගත යුතුයි .මෙහිදී සිදුවන්නේ මුදල් තටාකකරණය වන අතර ආයෝජනයේ වැඩි පල නෙලන්නේ එකක භාර අරමුදල් සමාගමයි.

    භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් - මේවා කරන්න නම් විශාල පරිමාණ ආයෝජන ශක්‍යතාවයක් අවශ්‍ය වෙනවා.මිලියන 10 සිට මේවා පවතින අතර නිශ්චිත කාල රාමුවක් සඳහා නිශ්චිත පොලී අනුපාතයක් ගෙවනු ලැබේ .රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මෙම ක්‍රමය අනුගමනය කරනවා.

    Forex සහ commodity market - බැලූ බැල්මට මෙය කොටස් වෙළඳ පොළ ආකෘතියක හැඩය ගත්තත් මෙය එසේ නොවන අතර අවදානම ඉතා ඉහලය .
    මේක ලංකාවේ මූල්‍ය නීතියට අනුව නීති විරූදී දෙයක්.මම නෙමෙඉ කියන්නේ .මුදල් අමාත්යංශය තමි මේක කියන්නේ .අනික මේකේ අවදානම ගොඩක් ඉහලයි .ලංකාවේ ඉන්නේ උපදේශන ආයතන පමණක් නිසා මෙහි වගවීම පිලිබඳ ගැටළු තියෙනවා.මේ පිලිබඳ නියාමන ක්‍රියාවලියක් නැති නිසා මේ ගැන මම සහතිකවම අනුමත කරන්නේ නැහැ.

    මේ තමි ලංකාවේ සුලභම ආයෝජන මූලොපයන්ගේ ස්වරෝපය .අපි මේවගේ පවතින ලක්ෂණ ප්රේධ කරලා බලමු.

    ස්ථාවර තැන්පතු - අවදානම සාපේක්ෂව අඩුය.අදායම පහලය.නම්‍යතාවය අඩුය.
    රක්ෂණ සැලසුම් - අවදානම මද්යම අගයක් ගන්න අතර අදායම පහලය .නම්‍යතාවය අඩුය
    එකක භාර - මද්යම අවදානමක් පවතින අතර මුදල් තටාකකරනනය හෙයින් අවදානම මද්යම වේ .නමයතාවය අඩිය.
    බැඳුම්කර සහ බිල්පත් - අවදානම අඩුය .නිශ්චිට පොලිය සහ සුරක්ෂිත භාවය.නමයතාවය අඩුය.
    Forex සහ commodity market - අවදානම ඉහලය.නමයතාවක් ඇතත් එය සහතික නැත.අදායම පිලිබඳ සුරක්ෂිත බවක් නැත .

    ඔය අන්තිම එක හැරෙන්න අනිත් ඔක්කොමල එකතුවෙන සල්ලි යොදවන්නේ කොටස් වෙළඳ පොලටම තමයි.දැන් කොටස් වෙළඳපොල සුරක්ෂිත තැනක් නමෙයි කියන අයට උත්තරේ ලැබිල ඇති.

    පොඩ්ඩක් තම තමන්ගේ ආයෝජන ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න,තමන් මෙයන් කොකටද අයත් වෙන්නේ කියල.

    කොටස් වෙළඳ පොළ.

    අයි මම මේ ගැන මෙච්චර කියන්නේ ???

    කාරණේ හරිම සරලව කිව්වොත් මම මොකටද රක්ෂණ සමාගමක් හෝ බැංකුවක් හෝ එකක බාර සමාගමක් පොහොසත් කරන්නේ,මට පුළුවන්නේ කෙලින්ම කොටස් වෙළඳපොල ආයෝජනය කරලා ඒ අදාළ ලාබංශ ලබාගන්න.එකත් නීති රෙගුලාසි වලට යටත් නොවී.

    මෙහි ප්‍රතිපල සැකෙවින් ,

    රජයේ නියාමනය .
    රාජ්‍ය ආරක්ෂාව
    ලාබය බදු රහිත වීම
    කොටස් වලින් ලැබෙන වාර්ෂික හෝ කාර්තු ලාබංශ
    ඉහල ලැබ ප්‍රතිශතය

    හඳුන් වන්න පුළුවන් .

    දැන් හැරෙමු මේක අවදානම වැඩියි මේක ඔහේ උඩට පහලට යනවා,මට හේනට පාඩු උනා කියන මහත්තුරු දිහාට.

    කතාවක් තියනවා දන ගියෝය්ත් කතරගම නොදැන ගියොත් අතරමග කියල.වෙලාතියෙන්නේ මේ අය්යල අතරමග ගිහින් නන්නත්තාර වෙලා .

    ඇත්ත කතා කරොත් මේ බහුතරයක් අය්යල මේකේ ක්‍රමය උඩින් පල්ලෙන් දැනගෙන ඔස්තාර් ල වගේ තනියම කරගන්න ගිහින් තම එන ගන්නේ .තමන් කෙලවගත්ත මදිවට අනුන් ටත් කෙලවනවා .වසර 6 ක ආයෝජන උපදේශක තනතුරේ අත්දැකීමෙන් මේ වගේ අය්යල දහස් ගානක් මම දැකල තියනවා.
    ඉස්සෙල්ල මේක කරන හැටි න්‍යායාත්මකව ඉගෙන ගන්න.ඊට පස්සේ වැඩේට බහින්න.

    මුලින්ම කිව්වොත් මෙහිදී මුදල් තටාකකරණයක් වෙන්නේ නැහැ.අවශ්‍ය ඕනෑම වෙලාවක මුදල් ආපසු ගැනීම කරන්න පුළුවන් .මොකද මෙහි ද්‍රවශීලතාවය ඉතාම ඉහලයි .සියලුම මුදල් සහ ව්‍යාපාර කොටස් නිෂ්කාශන සහ තැන්පතු කටයුතු සිදුවන්නේ මද්යම තැන්පතු ක්‍රමය මගින් නිසා ඔබගේ ගිණුම අවශ්‍ය විටෙක ඒජන්ත සමාගම් අතර සීරුමාරු කිරීමටත් හැකියාව ලැබෙනවා.නිසි අයුරින් විශ්ලේෂණ වාර්තා පරිශීලනය කර මෙහි නියලුනොත් ඉහල ලැබ ලැබිය හැකියි.හොඳම උදාහරණය තමි ලෝකේ 1 - 10 වන කෝටිපති ලයිස්තුවේ සියලුම දෙනා ව්‍යාපාර වස්තු ව්‍යාපාරයේ යෙදෙනවා.

    අපි ටිකක් කම්මැලි මිනිස්සුනේ ,,,මම කිව්වේ හැමෝම නෙමෙයි .බහුතරයක් කැමති නැද්ද අර කිව්වා වගේ ඉගෙන ගන්න වැඩේ සහ විශ්ලේෂණ වැඩේ හරියටම කරන තැනකට මේක පන්ගරාත්තු කොරල සියලුම සේවා ලබාගන්න.කොටින්ම පුද්ගලික සහයකයෙක් වගේ ලිනේ එකක්.