කොටස් වෙළෙඳපොළ නැගල

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    කොටස් වෙළෙඳපොළ නැගල

    වසරේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි. සියලු කොටස් ඒකක 106 කින් ඉහළට

    ASPI-18.11.2019-A.jpg

    හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් අද (18) දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා විය.

    දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් විය. මෙය පූර්ව ගනුදෙනු දිනයට (15) සාපේක්ෂව 1.77%ක ඉමළ යාමකි.

    මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 68.56 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,055.08 ක් ලෙසින් සටහන් විය.

    දිනය තුළ රුපියල් බිලියන 2.41 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

    2019 වසර තුළ දී මෙතෙක් වාර්තා වී තිබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,067.66 ක් වූ අතර අද දිනයේ දී එම සීමාව ඉක්මවා යාම ද සුවිශේෂී සිදුවීමක් වේ.

    අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කළම්බු කෝල්ඩ් ස්ටෝර්ස්, ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම් කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන ලදී.

    මේ අතර ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි කොටස් මිලියන 15.4 ක ප්‍රමාණයක් දිනය තුළ ගනුදෙනු වී තිබුණු අතර එය දිනයේ වැඩිම කොටස් පරිමාවක් ගනුදෙනු වූ සමාගම බවට පත්ව තිබිණි. එසේම සියෙරා කේබල්ස් සමාගමේ කොටස් මිලියන 10 ක්ද දිනය තුළ ගනුදෙනු වී තිබුණි.

    Source: biz.adaderana
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කෝටි 200ක් කියන්නේ ගානක්ද බන්.ඕවා නැග්ග ගමන් බහිනවා.පොඩි ඔර්ගසම් එකක්. නය කන්ද එහෙමම තියෙනවා යාලු.මේ අවුරුද්දේ ආන්ඩුව ගෙනියන්න සල්ලි නෑ.තවත් චයිනිස් ලෝන් එකක් අරගෙන බලමු යාලු ගිනි පොලියට.:D
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කෝටි 200ක් කියන්නේ ගානක්ද බන්.ඕවා නැග්ග ගමන් බහිනවා.පොඩි ඔර්ගසම් එකක්. නය කන්ද එහෙමම තියෙනවා යාලු.මේ අවුරුද්දේ ආන්ඩුව ගෙනියන්න සල්ලි නෑ.තවත් චයිනිස් ලෝන් එකක් අරගෙන බලමු යාලු ගිනි පොලියට.:D

    :P
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    කෝටි 200ක් කියන්නේ ගානක්ද බන්.ඕවා නැග්ග ගමන් බහිනවා.පොඩි ඔර්ගසම් එකක්. නය කන්ද එහෙමම තියෙනවා යාලු.මේ අවුරුද්දේ ආන්ඩුව ගෙනියන්න සල්ලි නෑ.තවත් චයිනිස් ලෝන් එකක් අරගෙන බලමු යාලු ගිනි පොලියට.:D
    නය නොගෙන කුට්ටි පිටින් විකුණන්න ආපහු යහපාලනේ ගේමුද සෙට්වෙලා