කොටින් සතු අවසන් බිම් අඟලත් තව පැය කීපයකිŞ
ත්රස්තවාදීන් සතු අවසන් බිම් කඩද ඉදිරි පැය 24 ක කාලය ඇතුළත මුදා ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජෝර්දානයේ දී පැවැසීය. කුඩා බිම් කඩකට සීමා වී ඇති ත්රස්තවාදී බලය සම්පූර්ණයෙන්ම මැඬපැවැත්වීමට හැකි වූ බව කී ඒ මහතා ත්රස්ත ග්රහණයේ සිරවී සිටින දමිළ ජනතාව මුදා ගැනීමට වීරෝදාර රණවිරුවන් සමත් වී ඇතැයිද සඳහන් කෙළේය. නිල සංචාරයක් සඳහා ජෝර්දානය බලා ගිය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය (14) දා මේ බව කීවේ එරට වෙසෙන ශ්රී ලාංකික සේවක සේවිකාවන් පිරිසක් අමතමිනි. උතුරේ එල්. ටී. ටී. ඊ සංවිධානය කුඩා බිම්කඩකට සීමා කිරීමට රණවිරුවන් සමත් වෙලා තිබෙනවා. ත්රස්තවාදයෙන් මේ රට මුදා ගැනීමට රණවිරුවන් කරනු ලැබූ දායකත්වයට සමස්ත ජනතාවගේම ගෞරවය රණවිරුවන් වෙත ලැබිය යුතුයි. අපට මේ ජයග්රහණ ලබා ගැනීමට හැකි වෙන්නේ දක්ෂ යුද, ගුවන්, නාවික හමුදාපතිවරුන් තිදෙනාගේ හා දක්ෂ පොලිස්පතිවරයකුගේ සේවය ලැබීම නිසයි. එසේම ආරක්ෂක ලේකම්වරයාගේ බලවත් කැපවීම හා මග පෙන්වීම මේ ජයග්රහණයට හේතු වූ බවද ජනපතිවරයා මෙහිදී පැවැසීය
source:http://www.dinamina.lk/2009/05/16/_art.asp?fn=n0905161

Last edited: