කොටි ෂේනුකා මෛත්‍රී හමුවෙන්න එයි.

lex

Member
Dec 31, 2006
95
14
0
කොටි ෂේනුකා මෛත්‍රී හමුවෙන්න එයි.

Kshenuka%20dancing.jpg


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බව එය බොරුවක් නම් තමාට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

පසුගියදා සටන දේශපාලන සංවාදයට එක් වෙමින් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කර තිබූ අතර ක්ෂෙනුකා සෙනෙවිරත්න හා ඇයගේ සැමියා LTTE සංවිධානයයේ විදෙස් ජාලය සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කර තිබියදි ඊට එරෙහිව වත්මන් ආණ්ඩුවත් මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම පිළිබඳවත් දැඩි විවේචනයක් එම සංවාදයේදී එල්ල කළේය.