ලේක් හවුස් එක ලග 138 හෝල්ට් එක ගාවින් (ආමි චෙක් පොයින්ට් එක තිබ්බෙ) පහලට බැහැල වමට ගියාම තිබ්බ ස්පොට් එකක් වල කියල කියන්නෙ ඕකට. ඉස්සර සතියට දවසක් වත් යනවා. අදුරන එකෙක් අනිවා සෙට් වෙනවමයි බියර් එකක් ගහන්න ගියත්. ඩිම් ලයිට් එලිය, සිගරට් දුමෙන් පිරුන පරිසරය. කෙලවරේ ටේබල් එහෙක හිමින් සින්දුවක් අල්ලන කොල්ලො සෙට්. ඉදල හිටල එලියෙ යන ගෝරි වල සද්දෙ තාම මතකයි වගේ.
තැඹිලි කපන කෙනා, නාට්ටාමියගෙ ඉදල, ටෙක්ලීඩ්ල, පී එම්ල ඉදං ඕකෙ අඩුවක් නෑ ඒකාලෙ. අපේ හිටපු සෙට් එකෙ 8 දෙනා දැන් රටවල් 3-4 ක ආයි කවදාවත් හම්බ වෙන එකකුත් නෑ.
දැන් ඒ පබ් එක එක්කො ලොකු කරල සුපිරියට හදලත් ඇති එක්කො වහල ඇති. අර සෙට් දැන් ඒකට එන්නෙ නැතුවත් ඇති.