කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

hansanax

Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

    .
    "කවුද බං උඹව කැම්පස් එව්වෙ ආහ්..
    ඇවිත් කතා කරපන් මූණට..
    පාඩුවෙ ඉඳපන් "අලයා. "
    විඳවපන් අවුරුදු හතරම..
    උඹට පුලුවන්ද තොරණක් තියා පාරෙ කෙලින් ඇවිදින්නවත්..
    කොල්ලෙක් උනානං කන පලලා මං
    අහුවෙන්න නං ඉන්නෙපා..
    "

    "වරෙන්කො මලයා වරෙන්කො
    කකුල උස්සලා කියලා දෙන්නම් උඹට.
    හැමදාම ගෙදර ඉන්න නෙමෙයිනෙ.. "

    ඉහත ප්‍රකාශ වලින් තර්ජනය කර ඇත්තේ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ය. ඒ ඔවුන්ගේම පහල වසරේ ශිෂ්‍යයන්ටය.. පළමු තර්ජනය කර ඇත්තේ ශිෂ්‍යාවකටය.
    සියළු තර්ජන වල සාක්ෂි මා සතුය.

    මේ තර්ජන වලට හේතුව කැළණිය විශ්වවිද්‍යාලයේ උපසංස්කෘතිය විවේචනය කිරීමය.
    උදාහරණයක් ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ පැසිපන්දු ක්‍රීඩා කරන ශිෂ්‍යාවන්ට ක්‍රීඩාව සඳහා අඳින කොට කලිසම ඇඳගෙන වතුර බීම සඳහා ඒ අසල ඇති "ජිම්" කැන්ටිමට යාමට තහනම් කර ඇත. හේතුව ලෙස ජේස්ටෞත්තමයන් කියන්නේ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ හැඟීම් ඇවිස්සෙනවා කියාය. උපසංස්කෘතිය කෙලෙසනවා කියාය.
    ඔය තත්වය ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකටම පොදුය.

    මම අහන්නේ විශ්වවිද්‍යාල වල ඉන්නේ ගැහැණු ළමයෙකුගෙ කකුලක් දැකීමෙන් හිරි ඔතප් බිඳෙන, ගර්භනී වන සිසුන් නම් ලංකාවෙ උසස් අධ්‍යාපනය ගැන තවදුරටත් අප බලාපොරොත්තු තබා ගත යුතුද කියාය.

    ඔවුන්ගේ ගෝත්‍රික උපසංස්කෘතිය ප්‍රශ්ණ කරන නිදහස් මතධාරී සිසුන්ට සිදුවන්නේ අලයන් වීමටය. ගුටි කෑමටය. අර මුලින් සඳහන් කර ඇති ආකාරයේ බූරුවන්ගේ තර්ජන වලට ලක්වීමටය. එක්කෝ ජපුරේ සමන්තට වගේ මොනිටරයකින් පහර කෑමට ලක්වී මිය යාමටය.

    ඇහුවොත් නිදහස් අධ්‍යාපනය රකින්න කතා කරන සිසු විරුවෝය. නමුත් උන්ගෙන් ප්‍රශ්ණයක් ඇසීම ගුටිකෑමට හේතු වන්නේය.
    කැළනියේ විද්‍යා ප්‍රදර්ශනයට පැන පහර දී කඩාකප්පල් කර සිසුන්ට තුවාල සිදුකර රෝහල්ගත කිරීමට පවා සිදුවිය.
    වෙනදාට අනුන්ගේ ප්‍රශ්ණ ගැන පාරවල් වසා කෑහගන සිස්ස වියාපාර ඒවාට සද්ද නැත.

    ජපුරේ පිරිත් පිංකමට කථිකාචාර්ය වරුන් හා ස්වාමීන්වහන්සේලා ඉදිරියේ දී පහර දී ගැහැනු ළමුන්ව ප්‍රාණ ඇපයට ගෙන කුඩුපට්ටම් කල උන් තවමත් නිදැල්ලේය.
    ඒවාට සිස්ස සංගම් වල කතාවක් නැත.

    උපසංස්කෘතිය ප්‍රශ්ණ කර ඇත.

    අන්න සේනාව අවි අමෝරාගෙන වරෙන්කො කැම්පස් කියා සටනට බහියි.

    උන් හිතන් ඉන්නේ විශ්වවිද්‍යාල කියන්නේ මුදානොගත් කලාප කියාය. උන්ගේ උපසංස්කෘතිය කාටවත් ප්‍රශ්ණ කල නොහැකි මහා ලොකු පූජනීය බඩකඩිත්තුවක් කියාය.
    විශ්වවිද්‍යාලයට එන පළමු වසර සිසුන් කොණ්ඩ රැවුල් කපන්න ඕනේ උන්ට ඕනෑ විදිහටය. පෝලිමේ ගැසී ඇවිදිය යුතුය. හැම කැන්ටිමෙන්ම කෑමට බැරිය. විශ්වවිද්‍යාලයේ ඇතැම් කලාප තහනම් ය. අත් දිග ෂර්ට් කලිසම් දිග සායවල් හැට්ට ඇඳිය යුතුය. ඉංග්‍රීසි කතා කිරීම තහනම් ය.
    උන්ට කියා කායිකව මානසිකව ලිංගික අතවරයට හෝ ලක් වීමට සූදානමින් සිටිය යුතුය . ප්‍රශ්ණ ඇසීමට බැරිය.උන් කියනා දේශපාලනය බාරගත යුතුය. උන්ගේ තොරණ ගැසීමට අට්ටාල හැදීමට කනු හිටවීමට යා යුතුය. උන්ගේ රැග් වලට යටවිය යුතුය. කොහෙවත් ඉන්නා කැන්ද හැලපයන්ට බලෙන් ගරු කල යුතුය.

    වසරකට කලින් විශ්වවිද්‍යාලයට පැමිණීමේ එකම සුදුසුකම නිසා ඊට පසු පැමිණෙන සිසුන්ට බලහත්කාරයෙන් වද බන්ධනයට ලක් කිරීමට හා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , නීතිය හා විශ්වවිද්‍යාලයේ පරිපාලන නීති උල්ලංඝණය කරමින් වෙනම නීති පද්ධතියක් පවත්වාගෙන චන්ඩිපාට් දැමීමට උන්ට බලය ලැබෙන්නේ මොන පදනමින්ද කියා මට තේරෙන්නේ නැත.
    විශ්වවිද්‍යාලයේ නිදහසේ ඉගෙනගැනීමට නොදී උන්ගේ උපසංස්කෘතියට අනුව හැසිරෙන්නය කියනකන් මේ රටේ බලධාරීන් ගොටුකොල හිටවන්නේ ඇයිද කියා දන්නේ නැත.

    විශ්වවිද්‍යාල කියන්නේ ළමයින්ට නිදහසේ අධ්‍යාපනය ලබා චින්තකයන් විද්‍යාර්ථීන් බිහිකල යුතු ආයතන වුවත් ලංකාවෙ විශ්වවිද්‍යාල සිසුවිරු ජේස්ටෞත්තමයන්ගේ මුදානොගත් කලාපයන් ය.

    මේවා විශ්වවිද්‍යාල නෙමේය. තලේබාන් ඇෆ්ගනිස්ථානයක් වැනිය.

    වරද රජයේය. පරිපාලනයේය.
    සිසුන් කවුරුත් සමානය. සියළු විශ්වවිද්‍යාල නඩත්තු වන්නේ මහජන බදු මුදලින් ය. එක එකාට ඕන ඕන විදිහට විශ්වවිද්‍යාල අවභාවිත වන්නේනම් එය මහජන බදු මුදල් අපහරණය කිරීමකි. විශ්වවිද්‍යාලයේ තිබිය යුත්තේ රටේ නීතිය මිස එක එක වෘෂභයන් හදාගත් උපසංස්කෘති නොවේය.

    ඒ නිසා උපකුලපතිවරුනි. බලධාරීනි.. උසස් අධ්‍යාපන ඇමති තුමනි.

    වහාම මේ ගෝත්‍රිකයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න.. සාක්ෂි ලබා දීමට අපි සූදානම්..
    සියළු සිසුන්ට නිදහසේ ඉගෙනීමේ අයිතිය ලබා දෙන්න..

    facebook සටහන-Asanga Bandara​
     
    • Like
    Reactions: somalal

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ස්ටුපිඩ් කන්ට්‍රි ස්ටුපිඩ් පීපල් ස්ටුපිඩ් කල්චර් මදර් ෆකින් රිලිජන්.. ඕල් ඉන් වන් ප්ලේස්.

    7.8731° N, 80.7718° E
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,993
    113
    ස්ටුපිඩ් කන්ට්‍රි ස්ටුපිඩ් පීපල් ස්ටුපිඩ් කල්චර් මදර් ෆකින් රිලිජන්.. ඕල් ඉන් වන් ප්ලේස්.

    7.8731° N, 80.7718° E

    main-qimg-e6edee10709a24857dda78d5c01eed5f.webp
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බනින්න එපා බන් උන්ට අනුකම්පා කරපල්ල

    හද්ද ගම් වල ඉඳලා කොළඹ ආවම කොළඹ, ගම්පහ, කළුතර, නුවර ළමයි ඉංග්‍රීසි කතා කරනවා, අපිට ඉංග්‍රීසි බෑ

    අපි උපාධිය ඉවර වෙලා ජොබ් එකක් හොයා ගන්නෙ කොහොමද?

    ඔහොම හිතනකොට උන්ට අර මම කලින් කියපු ඉංග්‍රීසි පුලුවන් ළමයි එක්ක ලොකු වයිරයක් සහ තමන් ගැන හීන මානයක් ඇති වෙනවා

    ඒ ඇති වෙන වයිරයට සහ හීන මානයට විසඳුමක් විදියට තමා උන් රැග් කරන්න පටන් ගන්නේ, අර ඇති වෙන මානසික පීඩනයෙන් මිදෙන්න

    ඒත් උන් කියන්නේ වෙන දෙයක්

    ඉස්කෝලෙ යන කාලෙ පොත් වලම ඇලිලා හිටපු උන් කැම්පස් ආවාම පද්ධති ගැන කතා කරනවා, සමාජ අසාධාරනේ ගැන කතා කරනවා, අම්මගෙ රෙද්ද
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    රැග් එක කියන එක හරි අමුතුම දෙයක්.....

    පිටින් බලාගෙන ඉන්නකල් දකින්නේ ඒක මහ විකාරයක්, තේරුමක් නැති දෙයක් කියලා....

    හැබැයි ඒක අත් විදින එකා ඒ කාලෙදි ඉන්නෙ හෙනම බයෙන්, තරහෙන් කරගන්න දෙයක් නැතුව.... හැබැයි ඌම පස්සෙ කාලෙකදී තේරුුම් ගන්නවා ඒක උට මාර වටිනවා කියලා. ඒ ගොඩක් දේවල් ඇතුලේ හැංගුනු තේරුම් තියනවා කියලා...

    හැබැයි ඕක අවුල් වෙලා තියෙන්නේ මානසික අසහන කාරයෝ කීප දෙනෙක් කරන අනවශ්‍ය වැඩ හින්දා. ඒකෙන් අර කිව්ව නියම තේරුමක් තියන දේවලින් පිට පැනලා කරන අනවශ්‍ය දේවල් හින්දා මේක විකාරයක් වෙලා තියෙන තැන් තියනවා...උන්ට ඒක වෙනමම අයිටම් එකක්....

    ඉතිං ඕක ගැන මෙහෙම කොච්චර වාද කරත් වැඩක් නෑ. මොකද එක එක්කෙනා ඉන්නෙ එක එක මත වල කවදාවත් සංසන්දනය කරන්න බැරි විදියේ, හරියට කෙනෙක් මහින්ද හොරා කියද්රදි තව කෙනෙක් රනිල් හොරා කියනවා වගේ.

    මේ වගේ වාද වෙන ඒවා බලන් යන එක වෙනම ආතල් එකක්
     
    රැග් එක ඔච්චර වටිනවා කියලා කලින් කියන්න එපැයි බං. මං හිතන්නේ
    ලෝකෙ සමාජ විද්‍යාඥයන් වත් රැග් එකේ ඔය වටිනාකම් ගැන දැනුවත්
    වෙලා නැතුව ඇති. උබලා ඉතින් ඔච්චර වටින දෙයක් හංගන් ඉඳලා හරියනවා ඇයි?
    ඕක මචං අපි රජයේ අනුගහයත් ඇතුව ලංකාව පුරා ව්‍යාප්ත කරන්න ඕන.
    රැග් එක පාසල් මට්ටමට ඔෆිස් වලට ටියුසන් පන්ති වලට ප්‍රයිවට් uni වලට හඳුන්වා
    දෙන්න ඕන. ලංකාවෙන් බිහි කරන බුද්ධිමතුන්ගේ මට්ටමම රැග් එකේ සාර්ථකත්වයට
    හොඳ උදාහරණ මගෙ හිතේ.
     
    • Like
    Reactions: vito

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පරිපාලනේ හෝ රජය කවදාවත් ඕවා නැති කරන්න සහභාගී වෙන්නේ නෑ.පවුල් පසුබිමෙන් සහ පාසල් වලින් ළමයින්ගේ විනයක්, සදාචාරයක්, අන් අයට ගරු කිරීමක්, ලද දෙයින් සතුටු වීමක්, සහයෝගයෙන් ඉදිරියට යෑමක් වගේ ගතිගුණ නිර්මාණය කරලා තියෙනවනං ragging කියලා වචනයක් වත් අපිට අහන්න ලැබෙන එකක් නෑ.

    නමුත් අපේ රටේ පාසල් වලින් එළියට එන සමහර ළමයින් තුළ ඔය කියන ගතිගුණ නිර්මාණය වෙලා නැහැ.අධ්යාපනික සුදුසුකම් විතරයි තියෙන්නේ.අධ්යාපනික සුදුසුකම් තිබුණ පලියට මේ පුද්ගලයා සමාජයට ආදර්ශවත් ඵලදායි පුද්ගලයෙක් බවට පත්වෙයිද? මේ පුද්ගලයා අන් අයට ඉරිසියා කරන, පුළුවන් තරන් දේවල් පිනටම බලාපොරොත්තු වෙන, අන් අයගේ දියුණුවට අකුල් හෙලන, අන් අයට රිදවන, අන් අය සිටින තත්වයෙන් අයුතු ප්රයෝජන ගන්න, සියළුම වැඩ බලෙන් බදාගෙන කරලා අන් අයට දෝෂාරෝපණය කරන, පහත් මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් වෙන්න බැරිද?
    මොවුන් ඉන්පසු සමාජයේ විවිධ රැකියා කරයි,පවුලක් අලුතින් නිර්මාණය කරයි.මොවුන් බිහිකරන හෝ මොවුන් යටතේ සිටින අය හට මොවුන්ගෙන් ධනාත්මක බලපෑමක් වෙයිද? නැතිනම් මොවුන්ගේ බලපෑම යටතේ සියළු දේ බරකරත්ත ඇදගෙන යෑමක් වැනි වෙයිද?රාජ්ය අංශය පිළිබඳව ඔබ සතුටුද?
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    උන් කියන්නෙ නම් අහවල් සම තත්වයට ගැනීමක් ගැන.. පොන්න හරක්.. එක එකාගෙ ලනු කාගෙන එනව සම තත්වෙ හදන්න.. ඇවිල්ල අවුරුද්දයි.. කතා කරන්නෙ හරියට ඒ පොන්නයො අම්මගෙ බඩෙන් එලියට ආවෙත් කැම්පස් එක ඇතුලෙදි වගේ.. උනුත් එකයි ලෙචාලත් එකයි.. ලෙචාල බලන් ඉන්නෙත් අපිට පුකේ අරින්න.. ඕකුන් එක්සෑම් රිපීට් කරනවයි, ලකුනු අඩුවෙන් දානවයි හෙන කේස්. අපිට අපි ලියපු පේපර් එකට ඌ ලකුනු දැම්මෙ කොහොමද , කැපුනෙ මොනවටද කියල බලන්න අයිතියක් නෑ.. අධිකරණය නියෝග ඕනි.. නැත්නම් ඌ ලබ්බ දාල දුන්නත් අපි බාර ගන්න ඕනි.. පකේ නිදහස් අධ්‍යාපනය..

    ප්‍රයිවට් යුනිවර්සිටි වලත් මෙහෙමද බන්.. සින්නො නැතත් ලෙචාල හරි උබලට සැරින් සැරේ පුකේ අරින්න දගලනවද.. ?
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    පරිපාලනේ හෝ රජය කවදාවත් ඕවා නැති කරන්න සහභාගී වෙන්නේ නෑ.පවුල් පසුබිමෙන් සහ පාසල් වලින් ළමයින්ගේ විනයක්, සදාචාරයක්, අන් අයට ගරු කිරීමක්, ලද දෙයින් සතුටු වීමක්, සහයෝගයෙන් ඉදිරියට යෑමක් වගේ ගතිගුණ නිර්මාණය කරලා තියෙනවනං ragging කියලා වචනයක් වත් අපිට අහන්න ලැබෙන එකක් නෑ.

    නමුත් අපේ රටේ පාසල් වලින් එළියට එන සමහර ළමයින් තුළ ඔය කියන ගතිගුණ නිර්මාණය වෙලා නැහැ.අධ්යාපනික සුදුසුකම් විතරයි තියෙන්නේ.අධ්යාපනික සුදුසුකම් තිබුණ පලියට මේ පුද්ගලයා සමාජයට ආදර්ශවත් ඵලදායි පුද්ගලයෙක් බවට පත්වෙයිද? මේ පුද්ගලයා අන් අයට ඉරිසියා කරන, පුළුවන් තරන් දේවල් පිනටම බලාපොරොත්තු වෙන, අන් අයගේ දියුණුවට අකුල් හෙලන, අන් අයට රිදවන, අන් අය සිටින තත්වයෙන් අයුතු ප්රයෝජන ගන්න, සියළුම වැඩ බලෙන් බදාගෙන කරලා අන් අයට දෝෂාරෝපණය කරන, පහත් මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් වෙන්න බැරිද?
    මොවුන් ඉන්පසු සමාජයේ විවිධ රැකියා කරයි,පවුලක් අලුතින් නිර්මාණය කරයි.මොවුන් බිහිකරන හෝ මොවුන් යටතේ සිටින අය හට මොවුන්ගෙන් ධනාත්මක බලපෑමක් වෙයිද
    ? නැතිනම් මොවුන්ගේ බලපෑම යටතේ සියළු දේ බරකරත්ත ඇදගෙන යෑමක් වැනි වෙයිද?රාජ්ය අංශය පිළිබඳව ඔබ සතුටුද?

    ඔයා දැන් ඔය කියන්න හදන්නෙ රැග් එක නිසා තමන් ගැනම විතරක් නොහිතා
    සමාජය ගැන හිතන මිනිස්සු බිහිවනවා වගේ එකෙක් නේද. ඉතින් දැනටමත් ලංකාවේ
    ඉහල පුටු වල ඉන්න ගොඩක් අය රජයේ කැම්පස් වලින් බිහි වෙච්ච අයනේ. ඉතින් ලංකාව
    ඔයාගෙ තර්කෙට අනුව තව්තිසා දිවිය ලෝකෙ වගේ වෙන්න එපැයි මේ වෙනකොට.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔයා දැන් ඔය කියන්න හදන්නෙ රැග් එක නිසා තමන් ගැනම විතරක් නොහිතා
    සමාජය ගැන හිතන මිනිස්සු බිහිවනවා වගේ එකෙක් නේද. ඉතින් දැනටමත් ලංකාවේ
    ඉහල පුටු වල ඉන්න ගොඩක් අය රජයේ කැම්පස් වලින් බිහි වෙච්ච අයනේ. ඉතින් ලංකාව
    ඔයාගෙ තර්කෙට අනුව තව්තිසා දිවිය ලෝකෙ වගේ වෙන්න එපැයි මේ වෙනකොට.
    මං ඔය කියලා තියෙන්නේ ragging වලට ගොඩක් නැඹුරු අයගේ ලක්ෂණ.උඩින් තියෙන ටික දැක්කේ නැද්ද? පවුල් පසුබිමෙන් සහ පාසල් වලින් ළමයින්ගේ විනයක්, සදාචාරයක්, අන් අයට ගරු කිරීමක්, ලද දෙයින් සතුටු වීමක්, සහයෝගයෙන් ඉදිරියට යෑමක් වගේ ගතිගුණ නිර්මාණය කරලා තියෙනවනං ragging කියලා වචනයක් වත් අපිට අහන්න ලැබෙන එකක් නෑ.
     
    ragging කියන්නේ අනවශ්‍ය දෙයක්.ඒකෙන් සමාජය ගැන හිතන මිනිස්සු බිහිවෙනවා කියලා දෙයක් නෑ.කව්ද එහෙම කියන්නේ?
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    බනින්න එපා බන් උන්ට අනුකම්පා කරපල්ල

    හද්ද ගම් වල ඉඳලා කොළඹ ආවම කොළඹ, ගම්පහ, කළුතර, නුවර ළමයි ඉංග්‍රීසි කතා කරනවා, අපිට ඉංග්‍රීසි බෑ

    අපි උපාධිය ඉවර වෙලා ජොබ් එකක් හොයා ගන්නෙ කොහොමද?

    ඔහොම හිතනකොට උන්ට අර මම කලින් කියපු ඉංග්‍රීසි පුලුවන් ළමයි එක්ක ලොකු වයිරයක් සහ තමන් ගැන හීන මානයක් ඇති වෙනවා

    ඒ ඇති වෙන වයිරයට සහ හීන මානයට විසඳුමක් විදියට තමා උන් රැග් කරන්න පටන් ගන්නේ, අර ඇති වෙන මානසික පීඩනයෙන් මිදෙන්න

    ඒත් උන් කියන්නේ වෙන දෙයක්

    ඉස්කෝලෙ යන කාලෙ පොත් වලම ඇලිලා හිටපු උන් කැම්පස් ආවාම පද්ධති ගැන කතා කරනවා, සමාජ අසාධාරනේ ගැන කතා කරනවා, අම්මගෙ රෙද්ද

    මල්ලි හද්ද ටවුන් එකක කියලා තේරෙනවා ඉංග්‍රීසි පුළුවන් උනාම ජොබ් තියනවා කියලා කියන නිසා..ඒත් උඹට සිංහල බෑ ලැජ්ජ වෙයන් ඒ ගැන වයිරය
    අසාධාරනේ අම්මගෙ රෙද්ද
     
    Last edited:

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මං ඔය කියලා තියෙන්නේ ragging වලට ගොඩක් නැඹුරු අයගේ ලක්ෂණ.උඩින් තියෙන ටික දැක්කේ නැද්ද? පවුල් පසුබිමෙන් සහ පාසල් වලින් ළමයින්ගේ විනයක්, සදාචාරයක්, අන් අයට ගරු කිරීමක්, ලද දෙයින් සතුටු වීමක්, සහයෝගයෙන් ඉදිරියට යෑමක් වගේ ගතිගුණ නිර්මාණය කරලා තියෙනවනං ragging කියලා වචනයක් වත් අපිට අහන්න ලැබෙන එකක් නෑ.

    නැඹුරු වෙනවා කියන්නෙ මොකද්ද. අපි අතරත් ඕන තරං ඉන්න පුළුවං
    සමාජ විරෝධී හැසිරීම් වලට "නැඹුරු" වෙන අය. නමුත් ඒකෙන් කියවෙන්නෙ නෑ
    අපි ඒ හැසිරීම් අනුමත කරනවා කියලා. විශ්වවිද්‍යාල වල තියෙන්නෙ රැග් කරන අයගේ
    ප්‍රශ්නයක් නෙවෙයි. රැග් එකට ඉඩ දීල කට පියං ඉඳීම ගැන ප්‍රශ්නයක්.
    විශ්වවිද්‍යාල වලට ගිය අයයි , යන අයයි උගන්නන අයයි ඔක්කොම හිතාගෙන ඉන්නවා
    මේ උපසංස්කෘතිය වැඩකට ඇති දෙයක් කියලා. ඒක තමයි මේක නවත්තන්න බැරි.
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Mama nam hitanne ragging walata godakma bara dushkara palath walin hari uparima kattak kala hari campus ena ungen......unge tiyena wairaya pita karanne ragging walata muwa wela.......campus eka kiyannet samajaye pethikadak.....hema wargema un innawane.....samahara mihiri mataka wagema apprasanna matakt campus life eke tiyenawa...eka deyak politics nam kawadawat api hitapu kaledi ape faculy eka etulata awe nehe.....genna dunnet nehe studentsla........den kale ragging gena nemei kiwwe kalekata issara gena kiwwe...den komada danne nee.....den unclelane ban
     
    • Like
    Reactions: hansanax

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නැඹුරු වෙනවා කියන්නෙ මොකද්ද. අපි අතරත් ඕන තරං ඉන්න පුළුවං
    සමාජ විරෝධී හැසිරීම් වලට "නැඹුරු" වෙන අය. නමුත් ඒකෙන් කියවෙන්නෙ නෑ
    අපි ඒ හැසිරීම් අනුමත කරනවා කියලා. විශ්වවිද්‍යාල වල තියෙන්නෙ රැග් කරන අයගේ
    ප්‍රශ්නයක් නෙවෙයි. රැග් එකට ඉඩ දීල කට පියං ඉඳීම ගැන ප්‍රශ්නයක්.
    විශ්වවිද්‍යාල වලට ගිය අයයි , යන අයයි උගන්නන අයයි ඔක්කොම හිතාගෙන ඉන්නවා
    මේ උපසංස්කෘතිය වැඩකට ඇති දෙයක් කියලා. ඒක තමයි මේක නවත්තන්න බැරි.

    පළවෙනියට විශ්වවිද්‍යාලයට එනකොට කාටවත් ragging පිළිබඳව අත්දැකීම් නෑනේ.ආවට පස්සේ ragging සම්බන්ධව විවිධාකාරයේ අත්දැකීම් ලැබෙනවා.ඒ දකින ඇසෙන දෙය තමන්ට දැනෙන විදිහට එක එක අය ඒ පිළිබඳව යම් යම් තීන්දු තීරණ වලට එළඹෙනවා.ඒ තීන්දු තීරණ වලට අනුව සමහරු නවක වදය තිබිය යුතුයි ක්‍රියාත්මක කළ යුතුයි යන අයුරින් හැසිරෙනවා.අන්න ඒ අය තමයි නවක වදයට නැඹුරු අය කියලා කිව්වේ.
    අපි අනුමත නොකරන දෙයකට අපි නැඹුරු විය යුතුද? මම නම් මම අනුමත නොකරන දෙයකට නැඹුරු නෑ.
    විශ්වවිද්‍යාල වල තියෙන්නේ rag කරන අයගේ ප්‍රශ්ණයක්.ඒක හොඳයි කියලා පිළිගන්න අයගේ ප්‍රශ්ණයක්.මනුස්සයෙක්ට අවුරුදු 18 පැනලත් හරි වැරැද්ද, හොඳ නරක බෙදා වෙන්කර ගන්න බැරි ඇයි? ඇයි හරි තීන්දු තීරණ අරන් ක්‍රියාත්මක කරන්න බැරි? වටපිටාවෙන් අපට ලැබෙන හැමදෙයක්ම අපි බාරගත යුතුද?ඇයි නරක දේ බැහැර කරන්න බැරි?අපේ campus වලත් ඉන්නවා ragging වලට විරුද්ධ lecturers ලා.එයාලා මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නකන් අපි ඒක කරන්න ඕනෙද?
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    අවුරුදු 18 කදී තේරෙන දේවල් මොනවද කියලා හිතලා බලන්න ...........when you are getting old you may think different......just compare the thinking difference when you were 18 and now.....when you entered to the university you were guided by several factors and mostly you believe them but unfortunately it's like illusion .....