කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය
.
"කවුද බං උඹව කැම්පස් එව්වෙ ආහ්..
ඇවිත් කතා කරපන් මූණට..
පාඩුවෙ ඉඳපන් "අලයා. "
විඳවපන් අවුරුදු හතරම..
උඹට පුලුවන්ද තොරණක් තියා පාරෙ කෙලින් ඇවිදින්නවත්..
කොල්ලෙක් උනානං කන පලලා මං
අහුවෙන්න නං ඉන්නෙපා..
"
"වරෙන්කො මලයා වරෙන්කො
කකුල උස්සලා කියලා දෙන්නම් උඹට.
හැමදාම ගෙදර ඉන්න නෙමෙයිනෙ.. "
ඉහත ප්‍රකාශ වලින් තර්ජනය කර ඇත්තේ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ය. ඒ ඔවුන්ගේම පහල වසරේ ශිෂ්‍යයන්ටය.. පළමු තර්ජනය කර ඇත්තේ ශිෂ්‍යාවකටය.
සියළු තර්ජන වල සාක්ෂි මා සතුය.
මේ තර්ජන වලට හේතුව කැළණිය විශ්වවිද්‍යාලයේ උපසංස්කෘතිය විවේචනය කිරීමය.
උදාහරණයක් ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ පැසිපන්දු ක්‍රීඩා කරන ශිෂ්‍යාවන්ට ක්‍රීඩාව සඳහා අඳින කොට කලිසම ඇඳගෙන වතුර බීම සඳහා ඒ අසල ඇති "ජිම්" කැන්ටිමට යාමට තහනම් කර ඇත. හේතුව ලෙස ජේස්ටෞත්තමයන් කියන්නේ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ හැඟීම් ඇවිස්සෙනවා කියාය. උපසංස්කෘතිය කෙලෙසනවා කියාය.
ඔය තත්වය ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකටම පොදුය.
මම අහන්නේ විශ්වවිද්‍යාල වල ඉන්නේ ගැහැණු ළමයෙකුගෙ කකුලක් දැකීමෙන් හිරි ඔතප් බිඳෙන, ගර්භනී වන සිසුන් නම් ලංකාවෙ උසස් අධ්‍යාපනය ගැන තවදුරටත් අප බලාපොරොත්තු තබා ගත යුතුද කියාය.
ඔවුන්ගේ ගෝත්‍රික උපසංස්කෘතිය ප්‍රශ්ණ කරන නිදහස් මතධාරී සිසුන්ට සිදුවන්නේ අලයන් වීමටය. ගුටි කෑමටය. අර මුලින් සඳහන් කර ඇති ආකාරයේ බූරුවන්ගේ තර්ජන වලට ලක්වීමටය. එක්කෝ ජපුරේ සමන්තට වගේ මොනිටරයකින් පහර කෑමට ලක්වී මිය යාමටය.
ඇහුවොත් නිදහස් අධ්‍යාපනය රකින්න කතා කරන සිසු විරුවෝය. නමුත් උන්ගෙන් ප්‍රශ්ණයක් ඇසීම ගුටිකෑමට හේතු වන්නේය.
කැළනියේ විද්‍යා ප්‍රදර්ශනයට පැන පහර දී කඩාකප්පල් කර සිසුන්ට තුවාල සිදුකර රෝහල්ගත කිරීමට පවා සිදුවිය.
වෙනදාට අනුන්ගේ ප්‍රශ්ණ ගැන පාරවල් වසා කෑහගන සිස්ස වියාපාර ඒවාට සද්ද නැත.
ජපුරේ පිරිත් පිංකමට කථිකාචාර්ය වරුන් හා ස්වාමීන්වහන්සේලා ඉදිරියේ දී පහර දී ගැහැනු ළමුන්ව ප්‍රාණ ඇපයට ගෙන කුඩුපට්ටම් කල උන් තවමත් නිදැල්ලේය.
ඒවාට සිස්ස සංගම් වල කතාවක් නැත.
උපසංස්කෘතිය ප්‍රශ්ණ කර ඇත.
අන්න සේනාව අවි අමෝරාගෙන වරෙන්කො කැම්පස් කියා සටනට බහියි.
උන් හිතන් ඉන්නේ විශ්වවිද්‍යාල කියන්නේ මුදානොගත් කලාප කියාය. උන්ගේ උපසංස්කෘතිය කාටවත් ප්‍රශ්ණ කල නොහැකි මහා ලොකු පූජනීය බඩකඩිත්තුවක් කියාය.
විශ්වවිද්‍යාලයට එන පළමු වසර සිසුන් කොණ්ඩ රැවුල් කපන්න ඕනේ උන්ට ඕනෑ විදිහටය. පෝලිමේ ගැසී ඇවිදිය යුතුය. හැම කැන්ටිමෙන්ම කෑමට බැරිය. විශ්වවිද්‍යාලයේ ඇතැම් කලාප තහනම් ය. අත් දිග ෂර්ට් කලිසම් දිග සායවල් හැට්ට ඇඳිය යුතුය. ඉංග්‍රීසි කතා කිරීම තහනම් ය.
උන්ට කියා කායිකව මානසිකව ලිංගික අතවරයට හෝ ලක් වීමට සූදානමින් සිටිය යුතුය . ප්‍රශ්ණ ඇසීමට බැරිය.උන් කියනා දේශපාලනය බාරගත යුතුය. උන්ගේ තොරණ ගැසීමට අට්ටාල හැදීමට කනු හිටවීමට යා යුතුය. උන්ගේ රැග් වලට යටවිය යුතුය. කොහෙවත් ඉන්නා කැන්ද හැලපයන්ට බලෙන් ගරු කල යුතුය.
වසරකට කලින් විශ්වවිද්‍යාලයට පැමිණීමේ එකම සුදුසුකම නිසා ඊට පසු පැමිණෙන සිසුන්ට බලහත්කාරයෙන් වද බන්ධනයට ලක් කිරීමට හා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , නීතිය හා විශ්වවිද්‍යාලයේ පරිපාලන නීති උල්ලංඝණය කරමින් වෙනම නීති පද්ධතියක් පවත්වාගෙන චන්ඩිපාට් දැමීමට උන්ට බලය ලැබෙන්නේ මොන පදනමින්ද කියා මට තේරෙන්නේ නැත.
විශ්වවිද්‍යාලයේ නිදහසේ ඉගෙනගැනීමට නොදී උන්ගේ උපසංස්කෘතියට අනුව හැසිරෙන්නය කියනකන් මේ රටේ බලධාරීන් ගොටුකොල හිටවන්නේ ඇයිද කියා දන්නේ නැත.
විශ්වවිද්‍යාල කියන්නේ ළමයින්ට නිදහසේ අධ්‍යාපනය ලබා චින්තකයන් විද්‍යාර්ථීන් බිහිකල යුතු ආයතන වුවත් ලංකාවෙ විශ්වවිද්‍යාල සිසුවිරු ජේස්ටෞත්තමයන්ගේ මුදානොගත් කලාපයන් ය.
මේවා විශ්වවිද්‍යාල නෙමේය. තලේබාන් ඇෆ්ගනිස්ථානයක් වැනිය.
වරද රජයේය. පරිපාලනයේය.
සිසුන් කවුරුත් සමානය. සියළු විශ්වවිද්‍යාල නඩත්තු වන්නේ මහජන බදු මුදලින් ය. එක එකාට ඕන ඕන විදිහට විශ්වවිද්‍යාල අවභාවිත වන්නේනම් එය මහජන බදු මුදල් අපහරණය කිරීමකි. විශ්වවිද්‍යාලයේ තිබිය යුත්තේ රටේ නීතිය මිස එක එක වෘෂභයන් හදාගත් උපසංස්කෘති නොවේය.
ඒ නිසා උපකුලපතිවරුනි. බලධාරීනි.. උසස් අධ්‍යාපන ඇමති තුමනි.
වහාම මේ ගෝත්‍රිකයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න.. සාක්ෂි ලබා දීමට අපි සූදානම්..
සියළු සිසුන්ට නිදහසේ ඉගෙනීමේ අයිතිය ලබා දෙන්න..
facebook සටහන-Asanga Bandara