පළවෙනියට විශ්වවිද්‍යාලයට එනකොට කාටවත් ragging පිළිබඳව අත්දැකීම් නෑනේ.ආවට පස්සේ ragging සම්බන්ධව විවිධාකාරයේ අත්දැකීම් ලැබෙනවා.ඒ දකින ඇසෙන දෙය තමන්ට දැනෙන විදිහට එක එක අය ඒ පිළිබඳව යම් යම් තීන්දු තීරණ වලට එළඹෙනවා.ඒ තීන්දු තීරණ වලට අනුව සමහරු නවක වදය තිබිය යුතුයි ක්‍රියාත්මක කළ යුතුයි යන අයුරින් හැසිරෙනවා.අන්න ඒ අය තමයි නවක වදයට නැඹුරු අය කියලා කිව්වේ.
අපි අනුමත නොකරන දෙයකට අපි නැඹුරු විය යුතුද? මම නම් මම අනුමත නොකරන දෙයකට නැඹුරු නෑ.
විශ්වවිද්‍යාල වල තියෙන්නේ rag කරන අයගේ ප්‍රශ්ණයක්.ඒක හොඳයි කියලා පිළිගන්න අයගේ ප්‍රශ්ණයක්.මනුස්සයෙක්ට අවුරුදු 18 පැනලත් හරි වැරැද්ද, හොඳ නරක බෙදා වෙන්කර ගන්න බැරි ඇයි? ඇයි හරි තීන්දු තීරණ අරන් ක්‍රියාත්මක කරන්න බැරි? වටපිටාවෙන් අපට ලැබෙන හැමදෙයක්ම අපි බාරගත යුතුද?ඇයි නරක දේ බැහැර කරන්න බැරි?අපේ campus වලත් ඉන්නවා ragging වලට විරුද්ධ lecturers ලා.එයාලා මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නකන් අපි ඒක කරන්න ඕනෙද?
හා හරි ragging කතාව පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ ..
උපසංස්කෘතිය ගැන මොකද කියන්නේ.
මේ උපසංකකෘතියක් කියලා එකක් තව දුරටත් කර ගහගෙන යන්නෙ ඇයි.
උපසංස්කෘතිය කියලා මේ කර ගහගෙන යන්නේ මහා සංකෘතියේවත් නැති
පසුගාමී වැඩවසම් වටිනාකම් පද්ධතියක් නේද.
මේ උපස්ංකෘතියේ අරමුණ අර ඊනියා හද්දා පිටිසර ගමෙන් එන ළමයා හා
කොළබ හතෙන් එන ලමයා එක මට්ටමට මට්ටම් කරලා තැලීමද? නැත්නම්
විශ්වවිද්‍යාල වලට එන අලුත් දෙයක් හිතන්න පුළුවන් ළමයෙක්ගේ පිටකොන්ද කැඩීමද?


