කොත්තුවක් ගෙනාව.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පිටි මොලිය හරියට ඇවිත් නම් මම හිතන්නේ අල්ලන විදිහ වෙනස් කරානම් හරි. අතේ මහපට ඇගිල්ල හා දබරැගිල්ල අතරින් බෝලේ හැදිලා මිරිකෙන්න ඕනා. මුලින්ම චුටි පිටි ගුලි වලින් ට්‍රයි කරමු.

    අතේ තෙල් ගාගන්න.
    චුටි පිටි කෑල්ලක් වම් අතේ අල්ලට ගන්න. දිගටි සිලින්ඩරාකාර විදිහට තිබුනත් අවුලක් නැ, අල්ලගන්න ලේසිනේ.
    දැන් අතින් මිරිකන්න. මිරිකද්දි දකුනු අතේ ඇගිලි වලින් යටින් පිටි මෝලිය තව තෙරපන්න උඩට.එතකොට රවුමට එන්න බලාවි. ලොකු බෝලම හදන්නත් එපා මුලින්. චුටියට ⁣ට්‍රයි කරන්න. අවශ්‍ය ප්‍රමාණය අවාම මහපට හා දබරැගිලි තද කරලා

    නිතර ට්‍රයි කරන්න. පිටි වැඩ අමාරු නැ චුට්ටක් වත්. සතියට එක පාර ගානේ හැදුවත් මාසෙන් දෙකෙන් සුපිරි පිටි බාස් කෙනෙක් වෙතැකි.

    පිටි වැඩ වල අමාරුම දේ හිටං ඉන්නයි අච්චර රස්නේ තැටි ළඟ ඉන්නයි. ඇත්තටම කොත්තු බාස්ලාට ගෙවන්⁣නේ ඒකට. නැතුව පිටි වැඩ මාරම ලේසියි.
    thanks I'll try.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    වතුර මදි හා පිටිය හරියට ඇනිලා නැ. ගොඩක් අය වතුර දාන්න බයයි.

    මෙහෙම කරන්න.

    ඕනාම ප්‍රමාණයක කොප්පයක් ගන්න. පිටි කෝප්ප දෙකකට එම කෝප්පයෙන්ම වතුර තුන් කාලයි. ලුණු ටිකයි තෙල් චුට්ටයි. හොදට එකතු වෙනකං අනන්න. ඊට පස්⁣සේ දෙපැත්තට ඇද ඇද අනන්න. හොදට ඇනුනනම් වින්ඩෝ පෙන්නවා ඒ කියන්නේ තුනි පටලයක් තරමට ඇදෙනවා..

    ඊට පස්සේ තෙල් ගාලා වහලා පැය දෙයක් තියන්න. ඊට පස්සේ ආයි බෝල කඩලා රෝල් කරලා පැය බාගයක් වහලා තියන්න. මතුපිට ඩ්‍රයි වෙන්න දෙන්නම එපා.හැමතිස්සේම තෙල් ගාලා වහන්න ඕනා.

    හදද්දි, ෆ්ලැට් මතුපිටක තෙල් ගාලා අතින් තලලා බැදගන්න.

    නිතර හදද්දි හොදට පදම තේරිලා අත හුරුවෙයි.
    අපි කඩවලින් ගන්න පිටි වලත් අවුලක් තියනවාද මන්ද
    ආසාවෙන් හදන්න ගත්තට වැඩේ නවත්තන්නෙ ජීවිතේට ආයේ හදන්නේ නෑ කියලා හිතාගෙන
     
    • Like
    Reactions: indiehacker