කොත්තු කන අය පරිස්සමෙන්
දිවයිනේ බොහෝ පිරිසක් අතර ප්‍රසිද්ධ ආහාරයක් වූ කොත්තු රොටියක් රාත්‍රි ආහාරයට ගෙන නිදාගත් 18 හැවිරිදි පාසල් සිසුවකු 17 වැනිදා රාත්‍රියේ මියගොස් ඇති බවට ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ. එසේ මියගොස් ඇත්තේ පොලිසියේ සැරයන්වරයකුගේ පුතකු වන දැහැමි අයේෂාන් පතිරාජ නමැති සිසුවකු බව පොලිසිය කියයි.
වැඩිමහල් සොහොයුරා විසින් කඩේට ගොස් ගෙනෙන ලද කොත්තු රොටියක් ඉකුත් 17 වැනිදා රෑ කෑමට ගැනීමෙන් පසු සුපුරුදු ලෙසින් පාඩම් කටයුතුවලින් පසු ඔහු නින්දට ගොස් ඇති අතර ඊට පැය කිහිපයකට පසු නින්දේදීම සිසුවා මරණයට පත්වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිව තිබේ.මේ සිසුවාගේ මවුපියන් පැවැසුවේ පිරිමි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වූ අයේෂාන් මෙම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වී ඇති බවයි.
ඌරගහ නගරයේ කඩයකින් ගෙනෙන ලද කොත්තු රොටිවල ඊස්ට් හා රසකාරක අධිකව තිබීමෙන් ආමාශයේ තැන්පත්ව තිබූ එම ආහාරවල යුෂ පෙණහලුවල රැඳීමෙන් මේ මරණය සිදුව ඇති බව වෛද්‍යවරු පැවැසූ බවත් අපේ දරුවාගේ මෙන් වෙනත් දරුවන්ට මෙවැනි අවාසනාවන්ත මරණවලට පත් නොවන ආකාරයෙන් ප්‍රමිතියක් ඇති කොත්තු රොටි නිෂ්පාදනයට නිසි ක්‍රමවේදයක් ඇති කරන ලෙස බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයි මවුපියෝ දැඩි වේදනාවෙන් කඳුළු සලමින් අප හා පැවැසූහ.
ඉකුත් බ්‍රහස්පතින්දා සවස සුමුදු මධුෂාන් පතිරාජ නමැති මියගිය සිසුවාගේ සොහොයුරා නගරයෙන් මිලදී ගත් කොත්තු රොටියක් ආහාරයට ගැනීමෙන් පසු සිය නිවෙසේ කාමරයක තනිව නිදා සිටි සිසුවා පසුදා අවදි නොවීම නිසා මව ඔහු ගැන සොයා බැලීමේදී ඔහුගේ සිරුර ගල් ගැසී සීතල වී තිබීම ගැන කෑමොර ගසද්දී අසල්වැසියන් පැමිණ ඔහු ඌරගස්මංහන්දිය දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරු පවසා ඇත්තේ ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි.
මේ සිසුවා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සමස්ත ලංකා වොලිබෝල් කණ්ඩායමේ හා මීටර් 200, 400 දිවීමේ තරග හා උස පැනීමේ ක්‍රීඩා ඉසව්වලදී පාසලේ දක්ෂතම ක්‍රීඩකයකු බවත් ඔහු උසස් පෙළ වාණිජ අංශයෙන් ලබන වසරේ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බවත් පොලිසිය කියයි.

ගොඩක් ඊස්ට් වැඩි වුන නිසාද දන්නෙ නෑ. රස කාරක කියල නම් කියනව ඇත්තේ අජිනමොටෝ. ඒවගෙන් නම් එක පාර මැරෙන්නෙ නෑනේ. 