කොත්තු කන අය පරිස්සමෙන්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කොත්තු කන අය පරිස්සමෙන්

    Gallery-1124-original-736e537f0f664a3d8208e88c114f2c5a16fff5800e5c146b0b83b1c43213d003.jpg

    දිවයිනේ බොහෝ පිරිසක් අතර ප්‍රසිද්ධ ආහාරයක් වූ කොත්තු රොටියක් රාත්‍රි ආහාරයට ගෙන නිදාගත් 18 හැවිරිදි පාසල් සිසුවකු 17 වැනිදා රාත්‍රියේ මියගොස් ඇති බවට ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ. එසේ මියගොස් ඇත්තේ පොලිසියේ සැරයන්වරයකුගේ පුතකු වන දැහැමි අයේෂාන් පතිරාජ නමැති සිසුවකු බව පොලිසිය කියයි.
    වැඩිමහල් සොහොයුරා විසින් කඩේට ගොස් ගෙනෙන ලද කොත්තු රොටියක් ඉකුත් 17 වැනිදා රෑ කෑමට ගැනීමෙන් පසු සුපුරුදු ලෙසින් පාඩම් කටයුතුවලින් පසු ඔහු නින්දට ගොස් ඇති අතර ඊට පැය කිහිපයකට පසු නින්දේදීම සිසුවා මරණයට පත්වී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණයේදී හෙළිව තිබේ.මේ සිසුවාගේ මවුපියන් පැවැසුවේ පිරිමි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වූ අයේෂාන් මෙම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වී ඇති බවයි.
    ඌරගහ නගරයේ කඩයකින් ගෙනෙන ලද කොත්තු රොටිවල ඊස්ට් හා රසකාරක අධිකව තිබීමෙන් ආමාශයේ තැන්පත්ව තිබූ එම ආහාරවල යුෂ පෙණහලුවල රැඳීමෙන් මේ මරණය සිදුව ඇති බව වෛද්‍යවරු පැවැසූ බවත් අපේ දරුවාගේ මෙන් වෙනත් දරුවන්ට මෙවැනි අවාසනාවන්ත මරණවලට පත් නොවන ආකාරයෙන් ප්‍රමිතියක් ඇති කොත්තු රොටි නිෂ්පාදනයට නිසි ක්‍රමවේදයක් ඇති කරන ලෙස බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයි මවුපියෝ දැඩි වේදනාවෙන් කඳුළු සලමින් අප හා පැවැසූහ.
    ඉකුත් බ්‍රහස්පතින්දා සවස සුමුදු මධුෂාන් පතිරාජ නමැති මියගිය සිසුවාගේ සොහොයුරා නගරයෙන් මිලදී ගත් කොත්තු රොටියක් ආහාරයට ගැනීමෙන් පසු සිය නිවෙසේ කාමරයක තනිව නිදා සිටි සිසුවා පසුදා අවදි නොවීම නිසා මව ඔහු ගැන සොයා බැලීමේදී ඔහුගේ සිරුර ගල් ගැසී සීතල වී තිබීම ගැන කෑමොර ගසද්දී අසල්වැසියන් පැමිණ ඔහු ඌරගස්මංහන්දිය දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරු පවසා ඇත්තේ ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි.
    මේ සිසුවා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සමස්ත ලංකා වොලිබෝල් කණ්ඩායමේ හා මීටර් 200, 400 දිවීමේ තරග හා උස පැනීමේ ක්‍රීඩා ඉසව්වලදී පාසලේ දක්‍ෂතම ක්‍රීඩකයකු බවත් ඔහු උසස් පෙළ වාණිජ අංශයෙන් ලබන වසරේ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බවත් පොලිසිය කියයි.
     
    • Like
    Reactions: arsehole-froce

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඌරගහ නගරයේ කඩයකින් ගෙනෙන ලද කොත්තු රොටිවල ඊස්ට් හා රසකාරක අධිකව තිබීමෙන් ආමාශයේ තැන්පත්ව තිබූ එම ආහාරවල යුෂ පෙණහලුවල රැඳීමෙන් මේ මරණය සිදුව ඇති බව වෛද්‍යවරු පැවැසූ බවත්

    This is the first time I heard. Anybody knows details?.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඌරගහ නගරයේ කඩයකින් ගෙනෙන ලද කොත්තු රොටිවල ඊස්ට් හා රසකාරක අධිකව තිබීමෙන් ආමාශයේ තැන්පත්ව තිබූ එම ආහාරවල යුෂ පෙණහලුවල රැඳීමෙන් මේ මරණය සිදුව ඇති බව වෛද්‍යවරු පැවැසූ බවත්

    This is the first time I heard. Anybody knows details?.

    හිරු නිව්ස් එකේ තිබ්බේ.
    කොත්තු නොව්නත් ඊස්ට් වැඩියෙන් දාපු කෑම කාලා නිදාගත්තම ගොඩක් අයට බඩ පුරවාදාන සීන් එකක් තියනවා.
     
    AnuradhaRa

    Well-known member
  • ඌරගහ නගරයේ කඩයකින් ගෙනෙන ලද කොත්තු රොටිවල ඊස්ට් හා රසකාරක අධිකව තිබීමෙන් ආමාශයේ තැන්පත්ව තිබූ එම ආහාරවල යුෂ පෙණහලුවල රැඳීමෙන් මේ මරණය සිදුව ඇති බව වෛද්‍යවරු පැවැසූ බවත්

    This is the first time I heard. Anybody knows details?.

    ඒක තමා බං.. මරණයට හේතුව හරියට ඕන... :yes:
     
    AnuradhaRa

    Well-known member
  • හිරු නිව්ස් එකේ තිබ්බේ.
    කොත්තු නොව්නත් ඊස්ට් වැඩියෙන් දාපු කෑම කාලා නිදාගත්තම ගොඩක් අයට බඩ පුරවාදාන සීන් එකක් තියනවා.

    හවසට පාං එහෙම කාපුහම නේ මචං.. ඒත් මැරෙන්ඩ තරං... :confused:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඒක තමා බං.. මරණයට හේතුව හරියට ඕන... :yes:

    ඔතන ආහාරවලු යුෂ නෙවෙයි වෙන්න ඇති. නිකං ගෑස් එකක් වගේද දන්නෙ නෑ. නැත්තං යුෂ කොහොමද පෙනහලු වලට යන්නේ. ?
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හවසට පාං එහෙම කාපුහම නේ මචං.. ඒත් මැරෙන්ඩ තරං... :confused:

    ඔව් මචං :dull: ගොඩක් ඊස්ට් වැඩි වුන නිසාද දන්නෙ නෑ. රස කාරක කියල නම් කියනව ඇත්තේ අජිනමොටෝ. ඒවගෙන් නම් එක පාර මැරෙන්නෙ නෑනේ‍. :baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔව් මචං :dull: ගොඩක් ඊස්ට් වැඩි වුන නිසාද දන්නෙ නෑ. රස කාරක කියල නම් කියනව ඇත්තේ අජිනමොටෝ. ඒවගෙන් නම් එක පාර මැරෙන්නෙ නෑනේ‍. :baffled:

    එක තමයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මහජනතාව දැනුවත් කරන එක වයිද්යවරුන්ගේ යුතුකමක්. මේකේ හරියට හේතුව විස්තරාත්මකව පැහැදිලි කල යුතයි. එතකොටයි ජනතාව දැනුවත් වෙන්නේ.

    සමහර වෙලාවට මරුනහම කියන්නේ විෂබීජයක් ශරිරගත්වෙලා කියල. කෝකටත් තයිලය වගේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙක නම් වෙන්න බැරි දෙයක්. මූ කාපු ගමන් නිදාගන්න ඇති. බඩෙ තියෙන ඇසිඩ් රිවස් එකට ඇවිත් පෙනහලු වලට යන්න ඇති.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මහජනතාව දැනුවත් කරන එක වයිද්යවරුන්ගේ යුතුකමක්. මේකේ හරියට හේතුව විස්තරාත්මකව පැහැදිලි කල යුතයි. එතකොටයි ජනතාව දැනුවත් වෙන්නේ.

    සමහර වෙලාවට මරුනහම කියන්නේ විෂබීජයක් ශරිරගත්වෙලා කියල. කෝකටත් තයිලය වගේ

    අපේ රටේ එහෙම දැනුවත් කරන්නෙ නැති එකනේ මචං අව්ල :dull:ඩොත්ටලා කරන්නේ ලෙඩක් වුනාම බේත් කරන එකයි මැරුනම හේතු කියන එකයි. හොදට ඉන්න එව්න්ට තමන්ගේ ජිවිතේ හොදින් පවත්වගෙන යන්න ඕනේ දේවල් කියනවා අඩුයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙක නම් වෙන්න බැරි දෙයක්. මූ කාපු ගමන් නිදාගන්න ඇති. බඩෙ තියෙන ඇසිඩ් රිවස් එකට ඇවිත් පෙනහලු වලට යන්න ඇති.

    මමත් ඕක හිතුව.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අපේ රටේ එහෙම දැනුවත් කරන්නෙ නැති එකනේ මචං අව්ල :dull:ඩොත්ටලා කරන්නේ ලෙඩක් වුනාම බේත් කරන එකයි මැරුනම හේතු කියන එකයි. හොදට ඉන්න එව්න්ට තමන්ගේ ජිවිතේ හොදින් පවත්වගෙන යන්න ඕනේ දේවල් කියනවා අඩුයි.

    එකනේ. බෙහෙත් කරන කොට ලෙඩේ මොකද්ද කියලවත් හරියට කියන්නේ නැහැ. ඒවා අහනවටත් සමහරු අකමැතියි