කොත්මලෙන් මතුවුන අපේ උරුමය සොයා ගිය ගමන.....

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    කොත්මලෙන් මතුවුන අපේ උරුමය සොයා ගිය ගමන.....

    මගේ පළවෙනි Elakiri Traveler thread එක ල0කාවේ ඉතිහාසයට ආදරය කරන ඔබටයි....

    කොත්මලෙන් මතුවුන අපේ උරුමය සොයා ගිය ගමන ආරම්භ උනේ පාන්දර 4.30 ට නිට්ටඹුවෙන්.මේ ගමන ගියේ මොටර්සයිකලෙන් තමා ඉතින්.(වාහනෙක යනවට වඩා ලේසියෙන් ඔනේ තෑන් වලට ගියා)
    අපි නිට්ටඹුව,ගම්පොල හරහා කොත්මලේට යනකොට 7.45 වගේ උනා.

    මුලින්ම අපි කොත්මලේ මහවෑලි මහාසෑය බලන්න ගියා.
    කොත්මලේට තේජසක් එක් කරන වෑඩ නිමවෙමින් පවතින මහවෑලි මහාසෑය..

    2qld0qo.jpg

    කොත්මලේ ජලාශය නිසා නැතිවූ පූජා ස්ථාන සිහිපත් කරනු පිණිස මහවැලි මහා සෑය 1983 මාර්තු 20 ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලද්දකි.


    අපි කොත්මලේ බලා ගමන් අරඹුවේ වියලි කාලයට පමනක් මතුවන කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය විහාරය දෑක බලා ගෑනිම සදහාය.(කොත්මලේ නැරඹුම් මධ්‍යස්ථානයේ සිට 200m දුරින් දකුණු පසෙහි ඇති මහවැලි අධිකාරියේ බෝර්ඩ් ලෑල්ල ලගින් පහලට ඇති පාරෙන් 500m ඉදිරියට ගිය විට කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය විහාරය දෑක බලා ගෑනිමට ලගාවිය හෑකිය.)

    කොත්මලේ ව්‍යාපෘතිය නිසා ග්‍රාම සේවා වසම් 16 ක්, ගම්මාන 66 ක්, තේවතු 4 ක්, කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය, මොරපේ බෝධි මාලකාරාමය, මොරපේ සුභද්‍රාරමය, හැදුණුවැව මැදගොඩ ගංගාරාමය, ඔතලාවේ බෝධිරුක්කාරාමය, නවන්ගම අබිනවාරාමය සහ තිස්පනේ ශ්‍රී සුබ්ද්‍රාරාමය වැනි පෞරාණික පන්සල් 18 ක් ද, මොරපේ දේවාලය සහ හැදුණුවැව මැදගොඩ පත්තිනි දේවාලය යන හාස්කම් ඇති දේවාලයන්ද කොත්මලේ ජලාශයට යටවේලා තියෙනවා.

    අපි බලන්න ගියේ එවායින් එකක් වුන කඩදොර විහාරයයි.

    මහවැලි අධිකාරියේ බෝර්ඩ් එක

    1zqa6g9.jpg



    කඩදොර ශ්‍රී ප්‍රතිබිම්බරාමයේ බුදුගෙය අද පෙනෙන්නට ඇති අකාරය..
    අපි ගිය දවසට[2012/07/05]කලින් දවසේ වැහැලා බුදු මැදුරෙන් බාගයක් විතර වතුරට යට වේලා..
    34i2tn4.jpg




    තෙජමානව වැඩ සිටින බුදු පිළිම වහන්සේ[ලොකයේ කලාත්මකම නිර්මානයක් කිව්වොත් නිවැරදි]

    24lq2j7.jpg


    abo2er.jpg

    ඇතින් පෙන්නේ කොත්මලේ වේල්ල..
    2hs9klj.jpg


    මට පිනන්න බැරි නිසා බුදුගේ ඉස්සරහින් photos ගන්න බැරි වුනා .මේ ටික ගත්තේත් පට්ට ගෙමක් දිලා.


    බොධි‍ය තිබු ස්ථානය අද

    5pg12.jpg


    dli9g4.jpg



    ජිවිතයට දෑකිය යුතු තැනක් විදිහට මමනම් කඩදොර විහාරය දකින්නේ.
    මෙවැනි සුන්දර නිර්මාන නිදන් සොරුන්ට නොදි සුරැකිම අපේ යුතුකමක් හා වගකිමක් ලෙස සලකන්න.

    ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ලබා කොත්මලේ මිටියාවතට අප මෙලෙස සමුදුන්නා.

    තවත් Elakiri Thread එකකින් හමුවෙමු..(හොද නරක කියලා යන්න..)
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොද අධ්‍යයනයක්..Cj අයියා.. මෙතනට යන පාර ගැන වැඩි සඳහනක් නම් නැහැ..එක පැත්තකින් හොඳයි..මේ කාලේ පන්සලේ බුදුපිළිමෙත් හාරලා නිදන් හොයන මිනිස්සුත් රටේ ඉන්න නිසා..(එළකිරියෙනම් නැහැ).මම මහවැලි සෑය බලන්න නම් ගියා..මේකේ නම් වැඩ මම හිතන්නේ නැහැ තවම නිමවෙලා ඇති කියලා..හරිම හෙමින් යන වැඩක්..බොරු කියන්න ඕන නැහැ..මම ඇතුලු පිරිස සෑය ඇතුලට නම් ගියා..එහෙම යන එක හොඳ නැහැ කියලා කියුවට මම දැකපු එක පොටෝ එකක් නිසා මට යන්නම උනා..සමරහක් අය කියනවා..මහැවැලි ව්‍යාපාරයට ගෙනාපු බැඩු වලින් වැඩ ඉවර උනාම අන්තිමට සෑහෙන්න අමුද්‍රව්‍ය ඉතිරි වෙලා තියෙනවා කියලා..මිනිස්සු ඒ ගැන හොයන්න ගත්තම..ගාමිණී මහත්තයා..ඒ දේවල් උපයෝගී අරන් මහැවැලි සෑය හදන්න කියුවා කියලා...ඒ ස්ථානයේ වර්තමාන තත්ත්වය ගැන නම් මට එදා(2011-12-27) සතු‍ටු වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුනේ නැහැ..ඒ අවට වල් බිහිවෙලා..ඈලියාවට ගිහින් වගේ තිබුනේ.. :(
     
    Last edited:

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    Machn oya pot ekta yanne kohomada? Boat ekenda?
    Rep+
    kothmale dam 1ka gawa idala pussellawa peththata 200m vithara yanakota parak hambenawa.eke 500m wage giyahama hari.dan gihilla wedak ne machan.dan kothmaleta wahinawa.dan pansala wathurata aye yata wela athi.