කොත්මලේ ගණිතයා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කොත්මලේ ගණිතයා

    "සිකුරාධිපති"

    කොත්මලේ ගණිතයා පිළිබඳව ඇති එක්‌ රසවත් ජනප්‍රවාදයක්‌ මෙහි ඉදිරිපත් කරමු. දිනක්‌ උදෑසන මැතිරූ තල අත්ත කිහිළි ගන්නා ගෙන කොත්මලේ ඔය හරහා දමා ඇති පාදියවලට, පා තබමින් ගඟෙන් එතෙරව සෙන්කඩගල රාජසේවයට යන කොත්මලේ ගණිතයා විඩාව සංසිඳුවා ගෙන ගිමන් හැරීමට අඩිපාර අද්දර තිබූ අම්බලමකට ගොඩ වී අසුන්ගෙන බුලත් මඩිස්‌සලය ඇද විටක්‌ සපන්නට විය. ටික වේලාවකින් මහලුවියේ පසුවන තවත් වැසියෙක්‌ පැමිණ අම්බලමේ අසුන් ගත්තේය. පාලුව යැමට දෙදෙනා කතාබහට එකතු විය. තමා නක්‌ෂත්‍රකරුවකු බවත් රාජසේවය සඳහා සෙන්කඩගල රාජසභාවට යන බවත් බුලත්විට සපමින්ම ගණිතයා මහල්ලාට කීවේය. මහල්ලා නළල රැළි ගන්වා ගණිතයා දෙස බැලුවේය.හොඳයි මේ වෙලාවේ සිකුරු ග්‍රහයා ඉන්න ස්‌ථානය කියන්න පුළුවන්ද? මහල්ලා ගණිතයාගෙන් විමසුවේය. ගණිතයා කොටු අඳිමින් බෙල්ලන් දමමින් පන්හිඳ රැගෙන හිස කසමින් කීප වරක්‌ ග්‍රහචාරය ගැන බැලුවේය. එහෙත් සිකුරු සිටින ස්‌ථානය අපැහැදිලිය.
    "තවම හොයාගන්න බැරිවුණාද?" - අමුත්තා අසයි.
    ගණිතයා නැවතත් ග්‍රහචාරය පරීක්‌ෂා කොට හිස්‌කෙස්‌ අතින් පීරමින් පරීක්‌ෂා කළත් පිළිතුරක්‌ නොලැබෙයි. ඔහු අමුත්තා ලෙස බලා මොහොතක්‌ කල්පනා කරන්නට විය.
    "සිකුරු ග්‍රහයා ඔබතුමාවත්ද?" ගණිතයා අමුත්තාගේ දෑත අල්ලා ගනිමින් මුහුණ දෙස බැලුවේය.
    ඉගෙන ගත්තේ එච්චරයිද? - අමුත්තා ගණිතයාගේ දෙනෙත්වලට ඇඟිල්ල තැබුවා පමණෙකි. ඔහුගේ පෙනුම අතුරුදන් වී දෑස්‌ අන්ධ විය. කොත්මලේ ගණිතයා මහල්ලාගේ දෑත් තදින් ම බදාගෙන වැළපෙන්නට විය.
    ඔබ වහන්සේ මට නැවත පෙනුම ලබාදෙන්න. මොහොතකින් ගණිතයාට යළිත් තිබූ පෙනුම හිමිවිය. උතුරා ගිය ප්‍රිතියෙන් සිකුරුගේ පාමුල වැටුණු ගණිතයා සිකුර දෙවියාගේ වරම් හා ආශිර්වාදය ඉල්ලා සිටියේය. ඔහුගේ හිස මත අත තබා සිකුරු ග්‍රහයා ඔහුට ආශිර්වාද කළේය. ඒ සමග ඉන්පසු සිකුරු ග්‍රහයාගේ අසීමිත බලවේගය ඔහුගේ නක්‌ෂත්‍ර කටයුතුවලට හා ජීවිතයට එකතු විය. සිකුරුගේ ආශිර්වාදය හා වරම් ලැබූ කොත්මලේ ගණිතයාට ඉන්පසු "සිකුරාධිපති" යන ගෞරවනාමය හිසමිවිය. ඔහුගේ පරපුරේ අයද සිකුරාධිපති නම ආඩම්බරයෙන් අදත් භාවිත කරති
     
    • Like
    Reactions: Randima3000

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar388298_4.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    "සිකුරාධිපති"

    කොත්මලේ ගණිතයා පිළිබඳව ඇති එක්‌ රසවත් ජනප්‍රවාදයක්‌ මෙහි ඉදිරිපත් කරමු. දිනක්‌ උදෑසන මැතිරූ තල අත්ත කිහිළි ගන්නා ගෙන කොත්මලේ ඔය හරහා දමා ඇති පාදියවලට, පා තබමින් ගඟෙන් එතෙරව සෙන්කඩගල රාජසේවයට යන කොත්මලේ ගණිතයා විඩාව සංසිඳුවා ගෙන ගිමන් හැරීමට අඩිපාර අද්දර තිබූ අම්බලමකට ගොඩ වී අසුන්ගෙන බුලත් මඩිස්‌සලය ඇද විටක්‌ සපන්නට විය. ටික වේලාවකින් මහලුවියේ පසුවන තවත් වැසියෙක්‌ පැමිණ අම්බලමේ අසුන් ගත්තේය. පාලුව යැමට දෙදෙනා කතාබහට එකතු විය. තමා නක්‌ෂත්‍රකරුවකු බවත් රාජසේවය සඳහා සෙන්කඩගල රාජසභාවට යන බවත් බුලත්විට සපමින්ම ගණිතයා මහල්ලාට කීවේය. මහල්ලා නළල රැළි ගන්වා ගණිතයා දෙස බැලුවේය.හොඳයි මේ වෙලාවේ සිකුරු ග්‍රහයා ඉන්න ස්‌ථානය කියන්න පුළුවන්ද? මහල්ලා ගණිතයාගෙන් විමසුවේය. ගණිතයා කොටු අඳිමින් බෙල්ලන් දමමින් පන්හිඳ රැගෙන හිස කසමින් කීප වරක්‌ ග්‍රහචාරය ගැන බැලුවේය. එහෙත් සිකුරු සිටින ස්‌ථානය අපැහැදිලිය.
    "තවම හොයාගන්න බැරිවුණාද?" - අමුත්තා අසයි.
    ගණිතයා නැවතත් ග්‍රහචාරය පරීක්‌ෂා කොට හිස්‌කෙස්‌ අතින් පීරමින් පරීක්‌ෂා කළත් පිළිතුරක්‌ නොලැබෙයි. ඔහු අමුත්තා ලෙස බලා මොහොතක්‌ කල්පනා කරන්නට විය.
    "සිකුරු ග්‍රහයා ඔබතුමාවත්ද?" ගණිතයා අමුත්තාගේ දෑත අල්ලා ගනිමින් මුහුණ දෙස බැලුවේය.
    ඉගෙන ගත්තේ එච්චරයිද? - අමුත්තා ගණිතයාගේ දෙනෙත්වලට ඇඟිල්ල තැබුවා පමණෙකි. ඔහුගේ පෙනුම අතුරුදන් වී දෑස්‌ අන්ධ විය. කොත්මලේ ගණිතයා මහල්ලාගේ දෑත් තදින් ම බදාගෙන වැළපෙන්නට විය.
    ඔබ වහන්සේ මට නැවත පෙනුම ලබාදෙන්න. මොහොතකින් ගණිතයාට යළිත් තිබූ පෙනුම හිමිවිය. උතුරා ගිය ප්‍රිතියෙන් සිකුරුගේ පාමුල වැටුණු ගණිතයා සිකුර දෙවියාගේ වරම් හා ආශිර්වාදය ඉල්ලා සිටියේය. ඔහුගේ හිස මත අත තබා සිකුරු ග්‍රහයා ඔහුට ආශිර්වාද කළේය. ඒ සමග ඉන්පසු සිකුරු ග්‍රහයාගේ අසීමිත බලවේගය ඔහුගේ නක්‌ෂත්‍ර කටයුතුවලට හා ජීවිතයට එකතු විය. සිකුරුගේ ආශිර්වාදය හා වරම් ලැබූ කොත්මලේ ගණිතයාට ඉන්පසු "සිකුරාධිපති" යන ගෞරවනාමය හිසමිවිය. ඔහුගේ පරපුරේ අයද සිකුරාධිපති නම ආඩම්බරයෙන් අදත් භාවිත කරති
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ar-6.jpg



    කොත්මලේ ගණිතයා නමින් ප‍්‍රසිද්ධ වූ පොන්නා නැකැත්තා’ ආදී වශයෙන් පී.බී.කෙහෙල්ගමුවේ මහතා කොත්මලේ ගණිතයා හා පොන්නා නැකැත්තා
    සමහර තැනෙක එක් අයකු වශයෙන් පෙන්වයි. (කොත්මලේ පුරාවෘත්ත 104 පිට) මේ අයුරින් කොත්මලේ ඉතිහාසය පිළිබඳ සටහන් කරන කෙහෙල්ගමුවේ මහතා කොත්මලේ පුරාවෘත්තයෙහි දුටුගැමුණු කාලයේ දී පොන්නා සිටි බවක් ද ලියයි.

    ‘ඉර දිගට පැල් විස්ස නම් පැවැති කොත්මලේ කන්ද උඩ කෝට්ටයට පලා යව“ ලෙස එදා පිය රජු සමඟ උරණ වූ ගැමුණු කුමරුට අවවාද අනුශාසනා දී විහාර මහා දේවිය තම පුතණුවන්ට පලායන්න යැයි පැවැසූයේ මලය රට හෙවත් කොත්මලය පුරවරටය.

    උස් ගිරි මුදුන්වලින් ගහන මෙම ප‍්‍රදේශය කොත්මලය වූ බවක් ද, රත්තරන් කොතක් පහළ වූ මලය රට කොත්මලය වූ බවක් ද ඉතිහාසයේ සඳහන් වෙයි.



    ar-6.jpg


    පොන්න නැකැත්තා විසින් ලියන ලදැයි සැලකෙන ‘මහා ගණිතය’ නම් පුස්කොළ පොත හා ඔහුගේ පන්හිඳ


    කෙසේ නමුදු ශ‍්‍රී දළදා වහන්සේට රැකවරණය ලබාදුන්, මලියදේව රහතන් වහන්සේ වැඩ සිටි, ගැමුණු කුමරුට රැකවරණය සලසන ලද මේ බිම් ප‍්‍රදේශය ඉතා පෙ‍්‍රෟඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි. එකී කොත්මලයේ සාහිත්‍ය පිරික්සා බැලීමේදී හමුවන ප‍්‍රබල චරිත රැසකි.

    යුගයෙන් යුගයට ජනප‍්‍රවාද, ජනශ‍්‍රැති අලුත්වීම සාමාන්‍ය දෙයකි. ඇතැම් ජනශ‍්‍රැතිවලින් කොටස් අඩුවේ. ඇතැම් ජනශ‍්‍රැති සඳහා කොටස් එකතුª වේ. මෙකී ජනශ‍්‍රැති මඟින් පැන නැඟී ඇති දුර්මතයක් පිළිබඳ විමසීම මෙම ලිපියේ අරමුණයි.

    වර්තමාන මහා ගණිතය පොතේ හිමිකරු ඩී.ජී.සරත් සෝමවීර

    කොත්මලේ ජනප‍්‍රවාද ගත තොරතුරු පිළිබඳ සොයා බැලීමේදී “පොන්නා නැකැත්තා” යනු වැදගත් සාධකයකි. එමෙන්ම කොත්මලේ පුරාණය සොයා යෑමේදී කොත්මලේ මහා ගණිතයා පිළිබඳව ද බොහෝ කරුණු ඉස්මතු වේ.

    සෙංකඩගල තම රාජ්‍ය කරගත් රාජාධි රාජසිංහ රජු (කි‍්‍ර.ව.1782 – 1798) සමයේ ප‍්‍රකට නක්ෂත‍්‍රකරුවකු හා කවියකු පිළිබඳව සඳහන් වේ.



    ar-9.jpg

    පොන්න නැකැත්තා විසින් ලියන ලදැයි සැලකෙන ‘මහා ගණිතය’ නම් පුස්කොළ පොත හා ඔහුගේ පන්හි

    කොත්මලේ ගණිතයා ලෙස ආශ්චර්යවත් පෙළහර පෑවේ පොන්නා නැකැත්තා ම දැයි සොයාබැලීම වැදගත් ය.




    කොත්මලේ සාහිත්‍යයේ ඉතාමත් වටිනාතම ග‍්‍රන්ථය වනුයේ පී.බී.කෙසෙල්ගමුවේ මහතා ලියූ “කොත්මලේ පුරාවෘත්ත” ග‍්‍රන්ථයයි. කොත්මලේ සාහිත්‍ය ගැන කතිකාවේදී, මෙතෙක් කොත්මලේ පිළිබඳ කතා කළ විද්වතුන්ගේ අත්පොත වූයේ ද එයයි.

    මෙම ‘කොත්මලේ පුරාවෘත්ත’ පොතෙහි ආකාරයට කොත්මලේ ගණිතයා උත්පත්තිය ලබන්නේ මාවෙල බානවෙල කොටුවේ ගෙදරය.

    එසේ ගණිතයා තම උපන් ගම වූ මාවෙල සිට සෙංකඩගල රාජාධි රාජසිංහ රජුගේ සේවයට පැමිණි බව නිශ්චිත වුවද පොන්නා නැකැත්තා පිළිබඳ ගොඩනැඟී ඇති ජනප‍්‍රවාදගත තොරතුරු පරස්පර විරෝධීය.

    ගැමුණු රජ දවස පොන්නා නැකැත්තා ජීවත්ව සිටි බව කියැවෙන ජනප‍්‍රවාද ද තිබෙන අතර පොන්නා සම්බන්ධයෙන් ඇති අනෙකුත් ජනප‍්‍රවාද රාජාධි රාජසිංහ රජු සමය දක්වා පැමිණෙයි.

    ක‍්‍රි.පූ. 161 සිට 137 දක්වා ලංකාව පාලනය කළ ගැමුණු රජ සමයෙහි සිට කි‍්‍ර.ව. 1782 – 1798 දක්වා රජකළ රාජාධි රාජසිංහ රජු සමය දක්වා ජීවත් වූ පුද්ලයකු සිටිය නොහැකිය.


    ar-7.jpg

    එහෙයින් පොන්නා නැකැත්තා ජීවත්ව සිටියේ මේ එක් අවදියක බව පිළිගත යුතුය. ගැමුණු රජු දවස පොන්නා නැකැත්තා ජීවත් වූ බව කියැවෙන ජනප‍්‍රවාද මෙසේයි.

    ගැමුණු කුමරු ගුත්තා නමින් කොටගේ පිටිය නම් ග‍්‍රාමයේ අප‍්‍රසිද්ධව වෙසෙන අවධියේ වීසුරු ගෙදර ඌරු පැලැස්සේ ගම්මැහේගේ බාල දියණිය සමඟ ඇතිකරගත් සබඳතාවක් මත පසුව විවාපාත‍්‍ර වෙයි. පැළැල්ලදෙණියේ මහගෙදරට පදිංචියට යන්නේ ඉන් පසුවය.

    ගුත්තා තමා ගැමුණු කුමරු යැයි තම බිරිඳ වූ රන්මැණිකාටවත් වෙනත් කිසිවකුටවත් නොපවසයි. එහෙත් බුද්ධංගල හා රජතලා කුඹුරු ඔහු අස්වද්දන්නේ දුටුගැමුණු කුමරු යුද්ධ කරන විට අවශ්‍ය කරන ධාන්‍ය සැපයීමේ අරමුණ ඇතිව බව ගුත්තා පවසයි.



    ar-8.jpg
    ර්තමාන මහා ගණිතය පොතේ හිමිකරු ඩී.ජී.සරත් සෝමවීර

    මෙහි තමන් සමඟ දිවි ගෙවන ගුත්තා, හිද්දලයා නැතිනම් එද්දලයා කිසිවිටකවත් දුටුගැමුණු කුමරු යැයි රන්මැණිකා නොදැන සිටියද සෑම දිනකම මල්කදට (බත් පෙට්ටියට) ඇඹුල රැගෙන යාම ඇය පුරුද්දක් කරගත්තාය. දිවා ආහාරය ගනු ලබන ගුත්තා රන්මැණිකාගේ උකුලේ හිස තබා නිදාගැනීම පුරුද්දක් කරගත් අතර එවන් දිනයකදී කුමරු විකාර සිහිනයක් දකියි. මේ සිහිනය පිළිබඳව ද ගැමි මත තුනකි.

    ඉන් පළමු මතය තම බඩවැල් මුවින් පැමිණ දික් වී ගොස් නැවත කෙටි වී කුසට ඇදී යාමයි. දෙවැනි මත කුමරුගේ මහපටඇඟිල්ලේ මීයක් බැඳීමය. (1980 ජනවාරි 07 දින ගුවන් විදුලිය ‘තුන්පත් රටා’ වැඩ සටහනකදී මහාචාර්ය ජේ.බී.දිසානායක සූරීන් ප‍්‍රකාශ කළ බැව් එස්.කේ.ජයවර්ධනයෝ ප‍්‍රකාශ කරති) තුන්වන මතය කුමරුගේ දිව දික්වී එළියට පැමිණ ලංකාව වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.

    කෙසේ නමුදු මේ විකාර සිහිනය දැකීමෙන් කලබල වූ කුමරු ඡ්‍යොතිෂ ශාස්ත‍්‍රඥයකු සොයාගොස් සිහින පලාඵල දැනගනී. එහිදී එම ඡ්‍යොතිෂඥයා පොන්නා නැකැත්තා බවත් පොන්නා තමා ඉදිරියේ සිටින්නේ කුමරු බව තේරුම්ගෙන ඔහු රජවන බව පවසා වැඳවැටෙන බව පී.බී.කෙසෙල්ගමුවේ මහතා පවසයි. (කොත්මලේ පුරාවෘත්ත 45 පිටුව)

    ඊට අමතරව පොන්නා නම් ඡ්‍යොතිෂඥයා ගුප්ත ශාස්ත‍්‍රයෙහිද කෙළ පැමිණියකු හෙයින් හේ යක්ෂයින් බැඳගෙන වැඩගත් බව පැවසෙන ජනප‍්‍රවාද ද එයි.

    එහිදී එක් යක්ෂයකු බැඳගෙන වැඩ කරගනු ලබන පොන්නා පුසුල්පිටිය විහාරස්ථානයේ ගල් පඩිපෙළ ඉදි කරවාගනී. පුසුල්පිටිය විහාරස්ථානය ගැමුණු අවධියෙහි තිබූ බවට සාක්ෂි බොහොමයකි. ඒ සෑම සාක්ෂියක් ම හුදු ජනප‍්‍රවාදවලටම සීමා වූ අතර ලිඛිත ඒවා නොවේ.

    එම කාලයේත් කුමරු ගල් පඩිපෙළ නැඟ විහාරස්ථානයට ආගිය බව ඉතිහාසයේ සඳහන් වෙයි. එම ගල් පඩිපෙළ කරවනු ලැබූයේ පොන්නා නමැති ශාස්ත‍්‍රඥයා නම් එය ගැමුණු කුමරු අප‍්‍රසිද්ධව සිටි අවධියටත් පෙර අවධියේ විය යුතුය. මේ අනුව පොන්නා නැකැත්තා ජීවත්ව සිටියේ ගැමුණු අවධියේ බව එක් මතයකි.

    ඉහත කී ජනප‍්‍රවාද හැරුණු විට අනෙකුත් සියලුම ජනප‍්‍රවාද රාජාධි රාජසිංහ රජු සමයට අයත් වේ. ‘කොත්මලේ ගණිතයා නමින් ප‍්‍රසිද්ධ වූ පොන්නා නැකැත්තා’ ආදී වශයෙන් පී.බී.කෙහෙල්ගමුවේ මහතා කොත්මලේ ගණිතයා හා පොන්නා නැකැත්තා සමහර තැනෙක එක් අයකු වශයෙන් පෙන්වයි.

    (කොත්මලේ පුරාවෘත්ත 104 පිට) මේ අයුරින් කොත්මලේ ඉතිහාසය පිළිබඳ සටහන් කරන කෙහෙල්ගමුවේ මහතා කොත්මලේ පුරාවෘත්තයෙහි දුටුගැමුණු කාලයේ දී පොන්නා සිටි බවක් ද ලියයි. ජනප‍්‍රවාද කලින් කලට වෙනස්වීම සාමාන්‍ය දෙයකි.

    එහෙයින් අතිශයෝක්තිය පිණිස ජනප‍්‍රවාද ගොඩනඟන්නන් පොන්නා නැකැත්තාවද ගැමුණු රජු සමයට ආඳ්‍ර, ගලපා ඇතැයි සිතිය නොහැකි ද? කෙසෙල්ගමුවේ මහතා මේ පිළිබඳ වැඩි අවධානයක් නොදක්වනු ලබන අතර ඔහුට අනුව ගැමුණු කල පොන්නා ජීවත්වී නම් පොන්නා යනු නක්ෂත‍්‍ර පරම්පරා නාමයක් විය යුතුය.

    කොත්මලේ ගණිතයා පිළිබඳව ඇති මතිමතාන්තර බොහොමයකි. ඔහු විසූ ඉඩම අද ආඩියා කොටුව වත්ත ලෙස ව්‍යවහාර වේ. ඔහුගේ පෙළපත ද ජනප‍්‍රවාදගතය. එයින් ද විවිධ මතිමතාන්තර ඉදිරිපත් වේ. ඒ අනුව නයින් කෙළිනා තොට තිබූ රත්තරන් පුහුලක නිධානය ගැනීමට මෙරටට දකුණු ඉන්දියාවේ සිට පැමිණෙන බමුණෙක් වෙයි.

    රන්පුහුල ගැනීම අරමුණ කරගත් මෙකී බමුණා මාවෙලින් විවාහයක් කරගෙන එහිම ජීවත් වූයේලු. ඉන්පසු එම ස්ති‍්‍රයට දාව උපදින කුලුඳුල් පුත‍්‍රයා රන්පුහුල ගැනීමේදී බිලි දෙයි. රන් පුහුලක් රැගෙන එය අරක් ගෙන සිටි නාගයා පසුපස හඹා ඒවියැයි සිතා ගල්තලාවක් මතට දිව ගිය අතර එහිදී හටගත් පිපාසය නිසා රන් පුහුල බිම තැබීය.

    එවිට ගලපලාගෙන රන් පුහුල නැවතත් එම ගලෙහි නිදන්ගත වූ බව ද රන්පුහුල බිම තැබූ ස්ථානය පුසුල්පිටිය ලෙස හැඳින්වූ බවද සඳහන් ය. ගැමුණු කුමරු සිටි අවදියේ තිබුණා යැයි සැලකෙන පුසුල්පිටිය විහාරස්ථානය ඉදිවන්නේ ඉන්පසුව බවත් ජනප‍්‍රවාදයේ එයි.

    ජනප‍්‍රවාදගත කරුණු අනුව ගණිතයා යනු මාවෙල පදිංචි වූ බමුණාගේ දෙවැනි පුත‍්‍රයායි. ගැමුණු ගුත්තා ලෙස අප‍්‍රසිද්ධව කොත්මලේ වෙසෙන යුගයේ පුසුල්පිටිය විහාරස්ථානය ගැන සඳහන් වේ. මෙම සිද්ධිය අනුව ගණිතයා ද ගැමුණු යුගයට පෙර සිටි චරිතයක් බවට පත් වේ.

    ඉහත කී කරුණු සැලකීමේ දී පොන්නා යනු ඉන්දියානු සම්භවයකින් මෙරටට පැමිණි පුද්ගලයකු යැයි සිතිය හැකිය.

    1. පොන්නා යනු ඉන්දියානු භාෂාවේ යෙදෙන නමක් යැයි සිතිය හැකියි. මන්ද, සිංහල අර්ථය අනුව පොන්නා යනු මෝඩයාට හා පිරිමින්ට නුසුදුසු පහත් වැඩ කරනු ලබන තැනැත්තාට කියනු ලබන නමකි.

    මහා සිංහල ශබ්දකෝෂය) සිංහල ගැමි වහරේ දී පොන්නා යනු ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශවයටම අයත් නොවන වැඩ කරනු ලබන්නාටය.

    එවැනි නාමයක් ප‍්‍රබල නැකැත්තකුට යෙදිය නොහැකි යැයි සිතමි. නම් තැබීම කුඩා වයසේ දී සිදුවන්නකි.

    එසේ නොතේරෙන වයසේදී එවැන්නක් යෙදී තිබුණද, නුසුදුසු යැයි හැඟෙන වයසේ දී එය වෙනස් කරගත හැකිය.

    එවැන්නක් පිළිබඳ ජන මතයක් හෝ ලිඛිත සාක්ෂියක් නැත. එබැවින් එය ද්‍රවිඩ භාෂාවෙන් පැවත එන්නක් විය යුතුය.

    2. පොන් යන දමිළ වචනයේ තේරුම ‘රන්’ යන්නයි. (දෙමළ සිංහල ශබ්දකෝෂය - සහභාගීත්ව සංවර්ධන පර්ෂදය – 1994) එබැවින් ‘පොන්නා’ යනු නිශ්චිතයෙන්ම ද්‍රවිඩ වචනයකි.

    3. පොන්නා නම් වූ කවියකු පිළිබඳව පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා ලියූ සිංහල සාහිත්‍ය වංශයේ සඳහන් වෙයි. “වෙන්ගි නුවර (කණ්ණාඩි රට) කි‍්‍රෂ්ණා ඪඪඪ රජු විසින් පොන්නා කවියාට උභයකවිචක‍්‍රවර්ති උපාධිය පිරිනමන ලදී” (138 පිටුව)

    ඒ අනුව පොන්නා යනු දෙමළ සම්භවයකින් ආවෙක් බව සිතිය හැකිය. මෙකල අති ප‍්‍රසිද්ධියට පත් කොත්මලේ නක්ෂත‍්‍රකරුවාද දක්ෂ කවිකාරයකු බව ඉතිහාසයේ සඳහන් වේ. ඔහු කියූ කවි බොහොමයක් ජනප‍්‍රවාදයේ තවමත් නොනැසී පවතී. ඉන්දියානු කවියා ද පොන්නාය.

    ‘චක‍්‍රවර්ති’ නාමය දෙනු ලබන්නේ භාෂාවේ ඇති නිපුණත්වය මතයි. (මහා සිංහල ශබ්දකෝෂය). එහෙයින් කවියේ මනා නිපුණත්වයක් ඇති පොන්නා කවියාට තුන්වන කි‍්‍රෂ්ණ රජු සමයේ දී ‘උභයකවිචක‍්‍රවර්ති’ (උභය + කවි + චක‍්‍රවර්ති) උපාධිය පිරිනැමුණු බව එහි සඳහන් වේ.

    මේ අනුව පොන්නා නමින් මෙරට ව්‍යවහාර වූයේ අදාළ නැකැත්කරුගේ ගෝත‍්‍ර නාමය

    නැතහොත් පරම්පරා නාමය විය නොහැකිද?

    පොන්න නැකැත්තා විසින් ලියන ලදැයි සැලකෙන ‘මහා ගණිතය’ නම් පුස්කොළ
    පොත හා ඔහුගේ පන්හිඳ

    පොන්නා නැකැත්තා විසින් ලියන ලද යැයි සලකන ‘මහාගණිතය’ නම් වූ පුස්කොළ පොතක් වෙයි. එය අදටත් මාවෙල පදිංචි ඩී.ජී.සරත් සෝමවීර මහතා ළඟ සුරක්ෂිතව තිබේ. එසේම පොන්නා නැකැත්තා භාවිත කළායැයි සැලකෙන පන්හිඳ ද ඔහු ළඟ සුරක්ෂිතව ඇත.

    මෙකී පුස්කොළපොත ලියැවී ඇත්තේ තෙලිඟු භාෂාවෙනි. ‘තෙලිඟු’ යනු දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා දේශයේ පවුල් කතා කරනු ලබන භාෂාවකි. (මහා සිංහල ශබ්ද කෝෂය) එහි අග බුද්ධ වර්ෂ 2301 (එනම් කි‍්‍ර.ව. 1757) ලෙස සඳහන් ය. “ශිකුරාජපති” “ස්වස්ති සිද්ධම්” යන පාඨය ද එයි.

    පුස්කොළ පිටු 191 කින් සමන්විත දිගින් හා පළලින් පිළිවෙළින් සෙ.මි. 15.5, සෙ.මි. 4.8 වන මෙම පුස්කොළ පොත දෙපසින් ලී පටි තබා බැඳ පසු සෙ.මී. 7 උසයි. මම එය පරීක්ෂා කොට බැලුවෙමි. ඇතුළත පළමු පුස්කොළයේ ‘මහා ගණිතය’ ලෙස සටහන් කර ඇති මෙහි දෙමළ අක්ෂර ද බහුලව භාවිතා කොට ඇති බව පෙනේ.

    (පුස්කොළ පොතෙහි එක් පැත්තක් කාවන් හා කෘමීන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවක් පෙනුණි. පැරණි පොත පත රක්ෂා කරනු පිණිස වගකිවයුත්තෝ මේ පිළිබඳව ද අවධානය යොමු කරත්වා) පොතෙහි අවසන් පිටෙහි සඳහන් වන ආකාරයට මේ පොත ලියනු ලැබුයේ ශිකුරාජපතිය. මෙකී පොත කි‍්‍ර.ව. 1757 දී ලියූ නිසා එය කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල ලියන ලද්දක් බව නිශ්චිතය.

    මහා ගණිතය නම් වූ පොත එකලට අයත් වීමෙන් ‘ශිකුරාජපති’ නම් තැනැත්තා මෙකල ජීවත්වූ බවක් හැඟේ.

    පොන්න නැකැත්තා නැකැත් කටයුතු සඳහා භාවිතා කළා යැයි සැලැකෙන නැකැත් පඩි

    කොත්මලේ ගණිතයා මහා ගණිතය ලියා ඇත්තේ කි‍්‍ර.ව. 1757 දී බැව් නිශ්චිත බැවින් කීර්ති ශ‍්‍රී රාජසිංහ (ක‍්‍රි.ව. 1747 - 82) හා රාජාධිරාජසිංහ (කි‍්‍ර.ව. 1782 - 98) කල ගණිතයා ජීවත්වූවා යැයි පැවසීම නිවැරදි ය. ඔහු කීර්ති ශ‍්‍රී රාජසිංහ සහ රාජාධිරාජසිංහ යන රජ දෙපළටම සේවය කළා යැයි සිතිය හැකි ය.

    මේ කරුණු දෙස විමර්ශනාත්මකව බැලීමේ දී ගණිත ශාස්ත‍්‍රයෙහි කෙළ පැමිණි හෙයින් ‘ගණිතයා’ ලෙස ද කොත්මලේ සිට රාජ සේවයට ගිය නිසාවෙන් ‘කොත්මලේ ගණිතයා’ ලෙස ද ඔහු හඳුන්වන්නට ඇත. ඔහු ගේ නම නැතහොත් පරම්පරා නාමය ‘පොන්නා’ වීම සිදුවිය නොහැකි ද?

    මෙකී නැකති ශාස්ත‍්‍රඥයා කෙරෙහි ගොඩනැඟී ඇති ජනප‍්‍රවාද තව බොහොමයකි.

    නැකැත් තරුවක් ගැහෙනු දැකීමෙන් පොන්නා නැකැත්තා අපූරු ප‍්‍රකාශයක් කරයි. ඉදිරි කලෙක කොත්මලේ ඔයේ දෙපස පිහිටි තිස්පනේ කන්දත් කඹදොරකන්දත් එකට එක්වී රටට සෞභාග්‍ය ගෙන එමින් ගඟ උතුරු දෙසට ගලන්නට පටන්ගන්නා බව නැකැත්තා පැවසුවේ යැයි ජනප‍්‍රවාදයේ එයි.

    එම ප‍්‍රකාශයෙන් අවුරුදු 200 කටත් පසුව ගඟ හරහා වේල්ලක් බැඳ කඳු දෙක යා කොට ගඟෙහි ජලය, අඩි 1300 කට ආසන්න තිරස් කොන්කී‍්‍රට් අතුරණයකින් යුතු උමඟකින් හා අඩි 390 කින් යුත් අධිපීඩන උමඟකින් උතුරු දෙසින් පිහිටි බලාගාරයෙහි ට’ර්’බයින තෙක් ගෙන යන ආකාරයෙන් කොත්මලේ ජලාශය ඉදිකරනු ලැබේ.

    ජලාශය ඉදිකිරීම මත නිසැකවම රටේ අභිවෘද්ධියක් ඇති විය. ප‍්‍රකාශයෙන් අවුරුදු ගණනාවකට පසු එය සත්‍ය බවට පත්වී ඇත.

    පොන්නා නැකැත්තා ජීවත් වූ කාලයේ දී ප‍්‍රබල ග‍්‍රහයෝගයක් ඇති බවත් එහිදී හටගන්නා ග‍්‍රහ යුද්ධයක් පිළිබඳව ඔහු දැනුම්වත් ව සිටියේ ය. තම ගණිත ශාස්ත‍්‍රය හා ඡ්‍යෝතිෂ ඥානය ඔහු උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට ගනී.

    මේ ප‍්‍රබල ග‍්‍රහ යුද්ධයෙන් සිකුරාගේ කුණ්ඩලාභරණය ගැලවී පෘථිවි තලය මත පතිත වන බව දැනගත් පොන්නා නැකැත්තා කුණ්ඩලාභරණය ලබාගැනීම් අදිටනින් එය වැටෙන ස්ථානයේ පැලක් ඉදිකරගැනීම සඳහා පිටත් වෙයි. දකුණු ඉන්දියාවේ සිට පැමිණි ගණිතඥයකු එම ස්ථානයේ පැලක් ඉදිකර කුණ්ඩලාභරණය අයත් කරගනු පිණිස බලා සිටියේලු. කර කියාගත දෙයක් නොවූ පොන්නා නැකැත්තා එකී බමුණා ඉදිකරගෙන තිබූ පැලෙහි වහලේ වැදී කුණ්ඩලාභරණය බිම පතිත වන ස්ථානය සෙවීම ආරම්භ කළේ ය.

    කුණ්ඩලාභරණය නියම ලෙස බිම පතිත වන ස්ථානය සොයාගන්නා පොන්නා නැකැත්තා ඒ ඉඩ ප‍්‍රමාණය වෙන් කරගනී. ග‍්‍රහ යුද්ධය ආරම්භ වී සුළු මොහොතකින් පොන්නා සිටි ස්ථානයට කුණ්ඩලාභරණය පතිත වනුයේ අනෙක් බමුණා ගේ පැලේ වහලේ වැදීමෙනි. එහෙයින් එකී බමුණා ද කුණ්ඩලාභරණයට අයිතිවාසිකම් කියයි. ආරවුල විසඳ්‍රගත නොහී එය දුර දිග ගොස් අවසානයේ නතරවන්නේ රජතුමා ඉදිරියෙනි.

    මෙතරම් වටිනා කුණ්ඩලාභරණයක් තොප දෙදෙනාටත් රාජත්වයෙහි වූ මටත් නොවටිනා හෙයින් එය උත්තම දළදා වහන්සේ වෙත පුදමි” යැයි කියමින් එම රත්තරන් කුණ්ඩාලාභරණයෙන් නෙළුම් පලා පෙත්තක් සකසා ශ‍්‍රී දළදා වහන්සේ වැඩ සිටුවීමට ප‍්‍රයෝජනයට ගන්නා ලදී.

    වර්තමානයේ දළදා වහන්සේ වැඩ හිඳින ගණ රන් පලාපෙත්ත සිකුරාගේ කුණ්ඩලාභරණයේ වූ රත්තරන්වලින් සකසනු ලැබූවක් යැයි කියති. මෙකී කුණ්ඩලාභරණය වැටුණු ස්ථානය කුණ්ඩසාලය වශයෙන් ප‍්‍රසිද්ධ වූයේ ලු. එහෙත් 1971 දී ඩී.ජී. වික‍්‍රමසිංහ ලියූ ‘මඟ දිගට ජනකතා’ ග‍්‍රන්ථයේ කුණ්ඩසාලය හැදෙන ආකාරය සඳහන් වන්නේ මෙකී විස්තරයට වෙනත් අයුරකින් සටහන් කිරීමෙනි.

    එහි පොන්නා නැකැත්තා හෝ ගණිතයා පිළිබඳව සටහනක් නොවන අතර භික්ෂූන්වහන්සේ නමක් සහ බ‍්‍රාහ්මණයෙක් අතර මෙම ආරවුල හටගනී. කුණ්ඩලාභරණය නොලැබීමෙන් සංවේගයට පත් වන බ‍්‍රාහ්මණයා මහවැලි ගඟෙහි වූ වක්කලමට පැන දිවි නසාගන්නා බවත් දුම්බර මිටියාවතේ අණ තෙද පතුරන ‘පිටියේ දෙවියන්’ එකී බමුණාගේ අවතාරය බවත් එහි සඳහන් වේ. එහි එන ආකාරයට රජතුමා 1 වන විමලධර්මසූරිය රජතුමායි. මෙකී සිද්ධීන් පරස්පර විරෝධී වෙයි.

    රාජාධිරාජසිංහ රජු සමයේදී තමන්ට සේවය කරන ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රඥයින්ගේ දැනුම පිරික්සීමට සිතූ රජතුමා නින්ද ගමකින් ලැබෙන විශාල ලබු ගෙඩියක් නොකපා එහි ඇති ඇට ගණන කොපමණ දැයි විචාරයි.

    අයෙකු ඇට නැලියක් ඇතැයි ද තවත් අයෙකු ඇට දෙනැලියක් ඇතැයි ද විවිධ ප‍්‍රකාශ කළත් ලබු ගෙඩිය හොඳින් පිරික්සන පොන්නා නැකැත්තා මෙහි ඇට තුනක් ඇති බවත් ඉන් ඇට දෙකක් පුහු බවත් එක් ඇටයක් පමණක් හොඳ ඇටයක් බවත් ප‍්‍රකාශ කරයි.

    මෙතරම් විශාල ලබු ගෙඩියක ඇට තුනක් පමණක් ඇති බවට කෙරෙන ප‍්‍රකාශය ගැන අනෙකුත් ශාස්ත‍්‍රඥයින් විසුළු කළ බැව් ජනප‍්‍රවාදයේ එයි. එහෙත් රජතුමා ඇතුළු රජවාසල සියලු දෙනාම මවිතයට පත් කරමින් නැකැත්තා කියූ ප‍්‍රකාශය සත්‍ය විය. ලබු ගෙඩිය දෙපලු කළ විට එහි හොඳ ඇට එකක් සහ පුහු ඇට දෙකක් තිබී ඇත.

    මේ සිදුවීමෙන් රජතුමාගේ ප‍්‍රසාදය ලැබිය යුතු වුව ද ඔහුට සිදුවූයේ අනෙකකි. මේ පුද්ගලයා ජීවත්ව සිටියහොත් තමාගේ රජ පදවියට ද අභියෝගයක් වේදැයි සිතූ රජතුමා නැකැත්තාගේ හිස ගසා දමන්නට නියම කළේ ඉන් අනතුරුව ය.

    පොන්නා නැකැත්තා එවෙලෙහි කාල හෝරාවක් තමන්ගේ ජන්ම වේලාවත් සසඳ්‍ර බලා තව පැය තුනකින් මිය යන බව දැන වදකයින්ගේ කඩු පහරින් මිය යනවාට වඩා තම ආයුෂ ක්ෂය වීමෙන් මිය යාම සුදුසු යැයි සිතා කවියෙන් ඉල්ලීමක් කරයි.

    “සත් අවුරුද්දක් වසිනා වැස්සේ
    බිංදු ගණන් කරලා දෙඤ්ඤං
    සත් අවුරුද්දක් ගිය කණ්කුණ්ඩගෙ
    කකුල් ගණන් කරලා දෙඤ්ඤං
    අබ තුන් පෑලක් මැනලා දුන්නත්
    පියලි ගණන් කරලා දෙඤ්ඤං
    තව තුන් පැයකට නොමරා සිටියොත්
    මෙතුන් පදේ තෝරා දෙඤ්ඤං”

    රජ අණ පරිදි තව පැය තුනක් සඳහා අභය දානය දෙනු ලබයි. පැය තුන නිම වත්ම තම ආයුෂ ක්ෂය වී අදෘශ්‍යමාන චිත්ත බලයක් තිබූ, අද විද්‍යාඥයින්ටත් සොයාගත නොහැකි වූ ආශ්චර්යවත් පෙළහර පාන ලද පොන්නා නැකැත්තා ස්වභාවිකව මිය පරලොව යයි.

    මේ පිළිබඳ තවත් එක් මතයක් ගැමියන් අතර පවතී. නිශ්චිත වශයෙන්ම වදකයින්ගේ කඩු පහරින් මිය යන බව දැනගත් පොන්නා නැකැත්තා තමාටම වස්කවි කියාගෙන තම ආයුෂ ක්ෂය කරගත් බවක් ඉන් කියැවේ. කෙසේ නමුදු මේ ප‍්‍රාඥයාගේ මරණය සිදුවූයේ ඉහත සිද්ධියෙන් බව පිළිගත් මතයයි.

    මේ අයුරින් කොත්මලේ පුරාවට පැතිර ඇති ජනශ‍්‍රැතිවල පොන්නා නැකැත්තා හෙවත් කොත්මලේ ගණිතයා ජීවමානව තවමත් සිටියි. ඔහුගේ පරම්පරාවේ ඇත්තන්ගේ පිළිගැනීම ද මේ දෙදෙනකු නොව එක් අයකු බවයි.


    උපුටා ගැනීමකි
     
    Last edited: