ලෝකප්‍රකට ධන කුවේරයකු වන එලෝන් මස්ක් මහතා 1971 ජුනි මස 28 දින උදය වරුවේ (නිවැරදි වෙලාව නොදනී) දකුණු අප්‍රිකාවේ පරිපාලන කේන්ද්‍රය ලෙස සැලකෙන ප්‍රෙටෝරියා (Pretoria) හි දී උපත ලබා ඇති බව සඳහන් වෙනවා. බොහෝ මුලාශ්‍ර වලට අනුව ඔහුගේ ලග්නය කටක වෙයි. ඒ නිසා උපන් වෙලාව පෙරවරු 08:30 පමණ වියහැකි බව අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව ඔහුගේ ජන්ම පත්‍රයට අදාළ තොරතුරු පහත දැක්වෙයි.
--
--
මේ ඒ මහතාගේ සේයාරුවක්
දැන් අපි ජ්‍යෝතිශ්‍යය පැත්තෙන් මෙයා ගැන මොනවද කියන්න පුළුවන් කියලා බලමු.
1. බාහිර ස්වරූපය අනුව කටක ලග්න හිමියෙක් බව පැහැදිළියි. කටක ලග්න හිමියකුගේ බාහිර පෙනුම ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි;
"ගොරෝසු දේ පරිහරණය අපහසු මධ්‍යම ප්‍රමාණයේ සියුමැලි ශරීරය. දික්වූ අවයව. ප්‍රිය මුහුණ. සෞම්‍ය පෙනුම."
සිංහ නවාංශකය බැවින්;
"පළල් වූ නළල සහ උරහිස්,, සම්පුර්ණ වැඩුණු දේහය, කුඩා තියුණු ඇස්, ලොකු හිසක් හා තේජවන්ත පෙනුම. වකුටු නොවූ දිගු හිසකෙස්"
චන්ද්‍ර කේන්ද්‍රයේ ලග්නය සිංහය බැවින් මේ හැඩහුරු කම් කැපීපෙනෙයි.
නමය අධිපති බලවත් ශුභ ග්‍රහයා වන ගුරු පස්වැන්නේ ත්‍රිකෝණ ගතව සිට කේතු දකියි. පිතෘස්ථානාධිපති හත් වැන්නේ කේන්ද්‍ර ගතව රාහු සමඟ සිටියි. චන්ද්‍ර කේන්ද්‍රයේ නමය අධිපති රාහු සමඟ හයේ ය. දහය අධිපති ශනි සමඟ දහයේම සිටියි. පියා බොහෝ රජෙක් හා සමාන බලවන්තයෙක් වෙයි. එහෙත් රාහු කේතු පාපින්ගේ දෘෂ්ටිය නිසා පියාගෙන් වෙන්වෙයි. ලග්න කේන්ද්‍රයේ හා චන්ද්‍ර කේන්ද්‍රයේ මාතෘකාරකයා අතිශයින් පීඩිත බැවින් දශාව ද අනුව මවගේ ඇසුරෙන් ද වෙන්වීම සිදුවේ. එහෙත් නෛසර්ගික මාතෘකාරක වන සඳුගේ දශාව ලබත් ම නැවත මව සොයා යන්නේය.
ලග්න කේන්ද්‍රයේ බලවත් ශුභ ගුරු ග්‍රහයා විද්‍යාස්ථානයේ සිටියි. නවාංශක කේන්ද්‍රයේද බලවත්ව කේන්ද්‍රගතව සිටි නිසා උසස් අධ්‍යාපනය සඵල වෙයි. චන්ද්‍ර කේන්ද්‍රයේ ද විද්‍යාස්ථානාධිපති වන්නේ ගුරු මය. එහිද ගුරු ඉතා බලවත්ව හතර වැන්නේ කේන්ද්‍රගතව සිටීමෙන් අධ්‍යාපනය අතිශයින් සඵල බව සනාත වෙයි. ඒ සඳහා මවගේ උපකාර ලැබෙන බවද එයින් ම පැහැදිළි වෙයි (හතර වැන්න මාතෘස්ථානය බැවින්).
කාලචක්‍ර සටහනේ සිවුකොණේම ග්‍රහයන් පැතිරී සිටීම නිසා ද ලග්න කේන්ද්‍රයේ රාහු කුජ සමඟ යෝග වී කේන්ද්‍ර ගත බැවින් ද, ලග්නාධිපති ධනස්ථානයේ, හතර අධිපති අයස්ථානයේ, දොළහා අධිපති දොළහේම සිටීම හා ඒ හැම තැනකම පාප දෘෂ්ටි වැටීම යන කරුණු වලට අනුව ලොව සිවු දෙස පතළ කීර්තිය, කල් නොපවතින සහකාර බැම්ම, මහා ධනපතියකු වන බව, නොසැළී සිටීමේ ගුණය, වැටුණත් නැගිටීම, හා තරඟ කරුවන් සහ සතුරන් ගේ නොනවතින බලපෑම් සියල්ල එසේම නිරුපණය වන බව හොඳින් පෙනෙයි. පුත්‍රකාරක ගුරු ලග්න කේන්ද්‍රයේ පුත්‍රස්ථානයේ, නවාංශක කේන්ද්‍රයේ සඳු සිකුරු සමඟ ද සිටීමෙන් දරු ඵල අධික කරයි.
ගෙවෙන දශා අනුව බැලුවත් ගෙවෙමින් පවතින්නේ රාහු ගේ මහ දශාව බැවින් චිත්ත පීඩා අධික වෙයි. සිතට නිවනක් නැත. චෝදනා නින්දා අපහාස විඳින්නට සිදුවෙයි. සතුරු බලය තර වෙයි. එහෙත් බොහෝ ප්‍රකට කරයි. හදිසි ධනය නොසිතන වෙලාවක ලැබෙයි. වියදම ද එසේම අධිකය. ලාභයට වඩා අලාභය වැඩිවෙයි.
එහෙත් නැවත ඉදිරියේ දී ලබන්නාවූ ගුරු ගේ දශාවේ දී ජන්මියා තව තවත් උසස් තලයකට පැමිණෙනවා ඇත. සියළු සතුරු බලවේග යටපත් වී කීර්තිය පතළ වෙනවා ඇත. 2029 ජූලී 19 න් පසු ජීවිතයේ ස්වර්ණමය යුගය එළඹීමට නියමිතය.
ඉක්මන් කේන්තිය හා චංචල සිත මොහුගේ දුර්වල කම් වේ. පිත්තාරෝග හා උදරය ආශ්‍රිත රෝග පවතියි. උෂ්ණය අධික අර්ශස් රෝගය හටගනියි. යටි බඩේ ආබාධය ක් හෝ සැත්කමක් හේතුවෙන් 2045 ජූලි මාසය මාරක විය හැකියි.