ko hethuwaපොලොවෙන් ඇසෙන අද්භූත ශබ්දයට හේතුව හෙලිවේ…
කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයෙන් මතුවන අද්භූත ශබ්දය පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීම පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැණීමේ ඒකකයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් (19) දින සිදු කෙරිණ.
පසුගිය දින කිහිපය තුළ කොත්මලේ හැදුනුවැව වෑතලාව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණයෙ පොළොවෙන් මහා විශාල ශබ්දයක් නැගෙන බව සහ ඒ පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ඉල්ලීම පරිදි පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකය නිලධාරීන් නිළ වශයෙන් පැමිණෙන තුරු ජනතාවගේ භීතිය තුරන් කිරීමේ අරමුණින් භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයේ හිටපු ප්‍රධානියෙකු හා භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් මෙම භූමි පරීක්ෂණය සිදු කෙරිණ...
කොත්මලේ Dam එකේ Crack එකක් තියෙනවා බන් ලොකු කාලෙක ඉඳලා. ඒක ලොකු අව්ලක් නෑ කියලා ඉංජිනේරුවෝ කියලා තියෙනවලු.
ඒත් උඹලා කොත්මලේ ගිය වෙලාවක Dam එක උඩට ගිහින් බලපන් ඒ Crack එක. ඇඟ සීතල වෙලා යනවා බන් දැක්කාම ගැලවිලා යයිද කියලා.
මේ පාර මැදින් තියෙන්නේ ඒ Crack උන Line එක
View attachment 217289
මීට ටික කාලෙකට කලින් Dam එකට ඇතුල් වෙන පාරේ ගිලා බැස්මකුත් ඇති උනා උඹලට මතකද දන්නේ නෑ. යට Photo එකේ ඒක තියෙන්නේ ඒක
View attachment 217292
උඹලට මතකද මීට ගොඩ කාලෙකට ඉස්සර කොත්මලේ කිට්ටුව කඳු වලින් ගිනිකඳු වල වගේ දුමක් ගියපු සීන් එකක්. මට මතකයි නිව්ස් වලටත් ඔය ගැන පෙන්නුව ඒ කාලේ.
ඒක මේක කෙසේ වෙතත් මේ සිද්ධිය ගැන වගකිවයුතු පාර්ශව වලින් හරි පරීක්ශනයක් කල යුතුයි බන්. මොකද දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නෑ.
මොනම හේතුවක් නිසාවත් Dam එකට හානියක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් බැරි වෙලාවත් එහෙම දෙයක් උනොත් වෙන විනාසය ගැන තක්සේරු කරන්න බැරි වෙයි. මාවෙල, උලපනේ නාවලපිටිය, ගම්පොල පලාත් වලට වෙන දේ හිතා ගන්න බෑ.
View attachment 217293
මේ දේ මම මෙහෙම කිව්වට වෙන්නේ මොකක්ද කියලා හරි විස්තරයක් දන්නේ නෑනේ. ඒ නිසා මේ ගැන පරීක්ශන කරන අය කියන දේ අහලා ඒ විදියට වැඩ කරන්න තියෙන්නේ.
TFS
------ Post added on Oct 20, 2023 at 12:42 PM
