කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113

    පොලොවෙන් ඇසෙන අද්භූත ශබ්දයට හේතුව හෙලිවේ…


    කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයෙන් මතුවන අද්භූත ශබ්දය පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීම පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැණීමේ ඒකකයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් (19) දින සිදු කෙරිණ.

    පසුගිය දින කිහිපය තුළ කොත්මලේ හැදුනුවැව වෑතලාව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණයෙ පොළොවෙන් මහා විශාල ශබ්දයක් නැගෙන බව සහ ඒ පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ඉල්ලීම පරිදි පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකය නිලධාරීන් නිළ වශයෙන් පැමිණෙන තුරු ජනතාවගේ භීතිය තුරන් කිරීමේ අරමුණින් භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයේ හිටපු ප්‍රධානියෙකු හා භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් මෙම භූමි පරීක්ෂණය සිදු කෙරිණ...
    ko hethuwa

    කොත්මලේ Dam එකේ Crack එකක් තියෙනවා බන් ලොකු කාලෙක ඉඳලා. ඒක ලොකු අව්ලක් නෑ කියලා ඉංජිනේරුවෝ කියලා තියෙනවලු.
    ඒත් උඹලා කොත්මලේ ගිය වෙලාවක Dam එක උඩට ගිහින් බලපන් ඒ Crack එක. ඇඟ සීතල වෙලා යනවා බන් දැක්කාම ගැලවිලා යයිද කියලා.
    මේ පාර මැදින් තියෙන්නේ ඒ Crack උන Line එක

    View attachment 217289

    මීට ටික කාලෙකට කලින් Dam එකට ඇතුල් වෙන පාරේ ගිලා බැස්මකුත් ඇති උනා උඹලට මතකද දන්නේ නෑ. යට Photo එකේ ඒක තියෙන්නේ ඒක

    View attachment 217292

    උඹලට මතකද මීට ගොඩ කාලෙකට ඉස්සර කොත්මලේ කිට්ටුව කඳු වලින් ගිනිකඳු වල වගේ දුමක් ගියපු සීන් එකක්. මට මතකයි නිව්ස් වලටත් ඔය ගැන පෙන්නුව ඒ කාලේ.

    ඒක මේක කෙසේ වෙතත් මේ සිද්ධිය ගැන වගකිවයුතු පාර්ශව වලින් හරි පරීක්ශනයක් කල යුතුයි බන්. මොකද දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නෑ.
    මොනම හේතුවක් නිසාවත් Dam එකට හානියක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් බැරි වෙලාවත් එහෙම දෙයක් උනොත් වෙන විනාසය ගැන තක්සේරු කරන්න බැරි වෙයි. මාවෙල, උලපනේ නාවලපිටිය, ගම්පොල පලාත් වලට වෙන දේ හිතා ගන්න බෑ.

    View attachment 217293

    මේ දේ මම මෙහෙම කිව්වට වෙන්නේ මොකක්ද කියලා හරි විස්තරයක් දන්නේ නෑනේ. ඒ නිසා මේ ගැන පරීක්ශන කරන අය කියන දේ අහලා ඒ විදියට වැඩ කරන්න තියෙන්නේ.


    TFS
    ------ Post added on Oct 20, 2023 at 12:42 PM
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    ko hethuwa


    TFS
    ------ Post added on Oct 20, 2023 at 12:42 PM
    මෙහිදී ආන්දෝලනයට තුඩුදුන් භූමිය පරික්ෂා පරීක්ෂා කිරීමක් සිදු කෙරුණු අතර, එහි තත්ත්වයන් පිළිබඳව හා ඇසෙන ශබ්දයට හේතුව පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට මහාචාර්ය අතුල සේනාරත්න මහතා කටයුතු කලේය.

    පෙර වැවක් තිබුණු ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයේ යටින් ජල කාන්දු වීමක් දක්නට ලැබෙන අතර , එය වර්තමානයේ බරපතළ තත්ත්වයක් නොවන බවත්,ඉදිරියට එය බරපතළ තත්ත්වයක් දක්වා නිර්මානය විය හැකි ප්‍රවණතාවයක් ඇති බවද මහාචාර්යවරයා පැවසිය.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    උඹලට මතකද මීට ගොඩ කාලෙකට ඉස්සර කොත්මලේ කිට්ටුව කඳු වලින් ගිනිකඳු වල වගේ දුමක් ගියපු සීන් එකක්. මට මතකයි නිව්ස් වලටත් ඔය ගැන පෙන්නුව ඒ කාලේ.
    I remember that incident; it was told that smoke was a peat deposit that started burning. You know that peat is similar to coal formed from decayed plants, and some countries still use it as a fuel source.
     
    • Like
    Reactions: kinkon and NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    මේව බම්ප් කරන්ඩ එපා. යන්න විදියක් නෑ කියලා තේරුනාම මට එල්ලිලා මරෙන්ඩ හිතෙනව
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    සද්දෙ ඇහෙන තැන හිටපු කූඩැල්ලො පවා අයින්වෙලා ගිහිල්ල, ගොඩනැගිලි පර්යේෂණ එකේ එවුන් ආපු ගමන්ම කෝටුවක්වත් පොළවට නොගහ ප්‍රශ්නයක් නෑ කියල යන්ඩ ගිහින්...

    ඇතුලේ මොටරයක් ඇති.

    ගිලාබහිද්දි, නායයද්දි කූඩැල්ලො අයින්වෙනවද
    ඔව් උන්ට තව ජීවත් වෙන් ඕන කියල හිතුනොත් අයින් වෙනවා
    ------ Post added on Dec 17, 2025 at 6:21 PM