කොදෙව්වන් සමග තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩා
එළඹෙන ජූනි මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. ඒ අනුම එම කණ්ඩායමට කලකට පසු මහේල උඩවත්ත මෙන්ම කසුන් රාජිත,ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දු එක්කිරීමට කටයුතු කර ඇත.
ආබාධ තත්වයන් නිසා දිමුත් කරුණාරත්න, නුවන් ප්‍රදීප් කණ්ඩායමට එක්කර නොමැති අතර ලක්ෂාන් සඳකැන්, ධනුෂ්ක ගුණතිලක සහ දුෂ්මන්ත චමීරටද ස්ථාන අහිමිවී ඇත. කණ්ඩායම සකස් කිරීමේදී පසුගියදා පැවති අන්තර් පළාත් ටෙස්ට් තරඟාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇතිබව පෙනෙන්ට ඇත.
ඒ අනුව කොදෙව්වන් සමග ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර සෙසු ක්‍රීඩකයන් වන්නේ මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ඇන්ජෙලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා,අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ,කසුන් රාජිත, ළහිරු ගමගේ, සුරංග ලක්මාල්,ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු ය.
මැතිව්ස් සහ සුරංග ලක්මාල් කණ්ඩායමට නම්කර සිටියද ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය අනුව කණ්ඩායමට ක්‍රීඩාකිරීම තීරණය වනු ඇත. ටෙස්ට් තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියට පෙර තෙදින පුහුණු තරඟයකටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවීමට නියමිතය. එසේම කොදෙව් දේශයේ පැවැත්වෙන මුල්ම දිවා-රාත්‍රී ටෙස්ට් තරඟයටද ශ්‍රී ලංකාව තරඟ කිරීමටද නියමිතය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශයේදී කිසිඳු ටෙස්ට් තරඟාවලි ජයක් ලබා නැත.
උපුටා ගැනීම -https://www.her.lk/latest-news/615-2018-05-11-17-54-57