කොන්ඩමයක් ගන්න ගිහින් වෙච්ච වැඩක්...............

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    කොන්ඩමයක් ගන්න ගිහින් වෙච්ච වැඩක්...............

    condom_girl-475.jpg


    ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එළියට ආපු එළ කොල්ලෙක් තමයි ශෝන්... දවසක් ශෝන් ෆාමසියකට ගිහින් ෆාමසි අයිතිකාරයගෙන් ඉල්ලුවා කොන්ඩම් එකක්.
    ඉතින් ෆාමසි අයිතිකාරයා කිව්වා.,

    "කොන්ඩම් එන්නේ පැකට් එකක කොන්ඩම් කිහිපයක් වශයෙන්.
    ඒ කිව්වේ කොන්ඩම් පැකට් තියෙනවා 3ක් තියෙන ඒවා, 6ක් තියෙන ඒවා, 12ක් තියෙන ඒවා. ඉතින් කියේ එකද්ද ඕනේ..?"
    "මේකයි සීන් එක අන්කල්.. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා දැන් ගොඩක් කල් වෙනවා.
    අන්කල්ට කියන්න අන්කල් එයානම් මාර හොට් කෙල්ලෙක්..සුපිරි කියන්නේ ආය සුපිරිම තමා.. ඉතින් අද මට එයාලගේ ගෙදරින් රෑ කෑමකට එන්න කිව්වා.මං හිතන්නේ එයාගේ අම්මලා මට කැමැත්ත දේවි.
    ඉතින් ඊට පස්සේ මං හිතන් ඉන්නේ එයත් එක්ක රෑ එළියට යන්න.
    මට දැනෙනවා අද තමා මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය රෑ උදා වෙන්නේ කියලා..

    එයා මාත් එක්ක එක වතාවක් එකට හිටියොත් අනිවා එයාට ආයෙත් ඕන වේවි තවත් කිහිප වතාවක් මාත් එක්ක ඉන්න.
    ඒ හින්දා මට 12 පැකට් එකක්ම දෙන්න.."
    ඉතින් ඊට පස්සේ ෆාමසි අයිතිකාරයා මැතිව්ට 12 පැකට් එකක් දුන්නා.
    ඉතින් ශෝන් ඒකත් අරන් ගෙදර ගිහින් ලැස්ති වෙලා යාලු වෙලා ඉන්න ගෑනු ළමයාගේ ගෙදරට ගියා හවස. ඉතින් ගෙදර යද්දී ඉන්නේ ගෑනු ළමයයි, එයාගේ අම්මා විතරයි.
    තාත්තා තමා ඇවිත් නෑ.
    දැන් 3 දෙනා සතුටු සාමිච්ච්යේ යෙදිලා ඉද්දි ඇහුනා තාත්තා ඇවිත් දොරට තට්ටු කරන සද්දේ. අම්ම ගිහින් දොර ඇරියා..

    "ස්ටැන්ලි.. ඇයි පරක්කු උනේ ඔයා..? ඔයාට අමතක උනාද අද අර දරුවා අද එන විත්තිය..?"

    "නෑ ජෙනී.. පොඩි වැඩ ටිකක් තිබුණා. එක ඉවර කරලම ආවා. ඔයා ඒ ළමයාව කෑම මේසෙට එක්කන් යන්න.මං වොෂ් එකක් දාන් කෙලින්ම එතනට එන්නම්.."

    ඉතින් දැන් ශෝන්, ශෝන් ේ ගෑනු ළමයා, අම්මා කෑම මේසේ වාඩි වෙලා බලන් හිටියා ගෑනු ළමයගේ තාත්තාත් කෑම මේසෙට එනකම්.
    තාත්තා ආවට පස්සේ ශෝන්.,

    "මං කැමතියි කෑමට කලින් දෙවියන් සිහි කරලා ඉන්න. ඔයාලා මොකද කියන්නේ..?"

    අනිත් අයත් ඉතින් ඒකට කැමති වෙලා ඇස් වහගෙන යාච්ඤා කරලා ඉවර වෙලා බලද්දී ශෝන් තාමත් ඇස් වහගෙන යාච්ඤා කරනවා. කට්ටිය බලන් ඉන්නවා ඉන්නවා ශෝන් ඉවර නෑ.

    ටික වෙලාවකට පස්සේ ශෝන් ඇස් ඇරියා යාච්ඤාව ඉවර කරලා. ශෝන්ගේ ගෑනු ළමයා ශෝන්ට කිට්ටු වෙලා හිමින් කිව්වා..

    "ඔයා මට කවදාවත් කියලා නෑනේ ඔයා ඔච්චර ආගමට ලැදි කෙනෙක් කියලා.."

    ඒක අහලා ශෝනුත් සෑහෙන අවුල් මූණෙන් හිමිට ගෑනු ළමයට ලං වෙලා කිව්වා..,

    "ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.."


    ඒක නෙවෙයි කතාව.. කොන්ඩම් පාවිච්චිය සමහර රටවල සාමාන්‍ය දෙයක් උනාට අපේ වගේ රටවලට තාමත් අශිලාචාර දෙයක් වගේ..
    කඩේකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්නත් ලැජ්ජයි බයයි..
    ඉතින් මේ පහල තියෙන වීඩිඕ එක එහෙම කතාවක් කියන්නේ එකත් බලන්න..
    වීඩියෝ එක බලන්න




    source internet
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    "ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.."

    :lol: :lol:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    "ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.." ela