කොන්ඩම්_භීතිකාව

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
කොන්ඩම්_භීතිකාව

ෆුඩ්සිටියෙ නෝනගෙ කොන්ඩම් භීතිකාව.


condom_cartoon.jpg



කතන්දරකාරයා තම බ්ලොග් අඩවියේ දැමූ ලිපියක් හා උකුස්සා ඊට දැමූ කමෙන්ටුවක් සිහිපත් කල සිදුවීමක් පසුගිය දිනෙක මා හට සිදුවිය.

එදින සුපිරි වෙළඳසැලකට ගිය මා ඒ තුල වූ ෆාමසියට ගියේ කොන්ඩම් මිලදී ගැනීමටය. අවශ්‍ය කොන්ඩම් වර්ගයෙන් පැකට් දෙකක් ඉල්ලූ පසු වෙළඳ සේවිකාව එය රැගෙන කඩදාසි බෑගයක් වෙත දැමීමට සූදානම් විය.

සාමාන්‍යයෙන් ලංකාවේ ඇත්තේ රුපියල් තිහේ සිට ඉහලට මිලදීගත හැකි, ඝන කඩදාසි ඇසුරුමක බහා ඇති කොන්ඩම් තුනක් අඩංගු පැකට්ය. පාරිභෝගිකයාට අවශ්‍ය කොන්ඩම් ප්‍රමාණය කුමක් වුවත් මිලදීගැනීමට සිදුවන්නේ මෙම තුනේ පැකට්ය. එය තරමක කරදරයක් බැවින් වඩා වැඩි කොන්ඩම් ප්‍රමාණයක් අඩංගු පැකට් නැත්ද යන්න වෙළඳ සේවිකාව වෙතින් මා විමසීමි. ඇගේ ප්‍රතිචාරය යහපත් නොවීය,

"දන්නෑ!" යන්න එක්වරම පවසා ඈ පාර්සලය මාවෙත දිගුකලාය.

මෙහිදී ඇය සිදුකල මූලික වැරදි දෙකකි.

පළමුවැන්න නම් තමන් අලෙවි කරන භාණ්ඩය පිලිබඳ දැනුවත් භාවයක් ලබා නොසිටීමය.
දෙවැන්න තම පාරිභෝගිකයා වෙනුවෙන් දැක්වියයුතු මිත්‍රශීලී ස්වභාවය ඇය වෙත නොමැති වීමයි.

හරියටම කිවහොත් කතන්දර ලිපියේ උකුස්සා සඳහන් කල පරිදි ඇගේ හැසිරීම "මා කොන්ඩම් මිලදී ගත්තේ ඇය සමග ලිංගික කාර්යය සඳහාය" යන්න සිතා සිටින අයුරිනි.

ලංකාව තුල ලිංගිකත්වයට හිමිවන ස්ථානය පිලිබඳවත් ලිංගිකත්වය සම්බන්ධයෙන් ලාංකීය ආකල්ප පිළිබඳවත් බ්ලොග් අවකාශය තුල ඕනෑ තරම් පට්ටගසා ඇති බැවින් යලි යලිත් මතු කිරීම නිරර්ථක කාර්යකි. කෙසේ වුවත්, ප්‍රාග්ධනයේ ප්‍රසාරණයත් සමඟ දශකයක් දෙකක් තුල දිවයින පුරා ව්‍යාප්ත වූ "සුපිරි වෙළඳසල්" යනු නූතනත්වයේ සංකේතයකි. ඒ තුල සිටින මෙවැනි සේවිකාවන් ඇතිකරන්නේ නූතනත්වයට නොගැලපීමකි.

කෙසේ වුවත් ඇයට තේරුම්ගත හැකියයි සිතන ආකාරයෙන් මා මේ කරුණු පැහැදිලි කලෙමි. කිසිවක් නොකියූ ඇය අසා සිටියා පමණි!

"ඔයා එහාපැත්තට ගියානං ඔයාටත් ලේසියි අපිටත් ලේසියි" අවසානයේදී මා යෝජනා කලෙමි. ෆුඩ් සිටියේ අනෙක්පස පිහිටුවා තිබුනේ එළවළු විකුණන ස්ථානයයි.
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    මම කලින් වැඩ කරපු තැන නම් මැශින් තිබ්බ. රු5ක් දාපුවාම එකක් එනව.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Magenan budu bokkak innawa pharmacy ekak thiyena. Kalin call ekak dunnama lassanata packa karala thiyanawa. Dan thiyenawa ban 6, 12, 18 thiyena ewa. Hariyata nikan ara hair gel shashey packet walak wage :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තාම ලංකාව සාම්ප්‍රදායිකයිනේ මචන්
    ලැජ්ජාවට
    වෙන්න ඇති
    කේන්ති ගන්න එපා
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මම කලින් වැඩ කරපු තැන නම් මැශින් තිබ්බ. රු5ක් දාපුවාම එකක් එනව.

    එක දහස් නවසිය බර ගණන් වලද මචං?