හිස මුදුනින් කොන්ඩේ තුනී වෙන්න පටන්ගන තිබුනා , දැන් කොන්ඩේ යනවා ! මචන් මේකට නිවැරදි ප්‍රතිකාරයක් ගත්ත උකෙනෙක් ඉන්නවද ?
මේක බඩවැලේ දිරවපු කෑම ලේ වලට අදින එකේ ප්‍රශ්නයක් හිංදා එන ලෙඩක්.![]()
මේකට නිවැරදි ප්‍රතිකාරයක් ගත්ත උකෙනෙක් ඉන්නවද ?
Ithin badawale kama lewalata adina ekane wenna onaමේක බඩවැලේ දිරවපු කෑම ලේ වලට අදින එකේ ප්‍රශ්නයක් හිංදා එන ලෙඩක්.
ඔව් ඒක නිවැරදි කළාම විතරයි මේ ප්‍රශ්නෙ නිට්ටාවටම විසඳෙන්නේIthin badawale kama lewalata adina ekane wenna ona
මචන් මේ medicine නම් dermatologist කෙනෙක් channel කරලා ගන්න ඕනේ නේ ද ?Finasteride + Minoxidil + Derma Roller
41+වයස කීයද ඔයාට?
එහෙනම් යන එක ගන්න ගන්න එපා. වයසෙ හැටි
I was prescribed something similar by dermatologist yesterday. But it's not home remedies but modern medicine with those things you mentioned. Do you happen to know any success stories regarding what you mentioned?Olive oil/coconut oil mixed with egg white. Apply at least twice a week and see the results (do this at least 4 weeks).
Make sure not to mix with egg York, else it's going to be too smelly.
Also change to baby shampoo. Take a multivitamin as well.
Me lankawe un liyana ewa nedaහිසකෙස් ගැලවීයාම (Alopecia) අද සමාජයේ බහුලව පවතින ගැටළුවක් වේ. මෙය ආකාර දෙකකට සිදුවේ. පළමු ආකාරය (කැළැල් ඇති නොකරන හිසකෙස් ගැලවීයාම හෙවත් Non-scarring alopecia) හිසකෙස්වල රෝම කූපයේ (Hair follicle) ඇතිවන ආබාධයක් නිසා ඇතිවේ. මෙහිදී, හිසේ සම සාමාන්‍ය පරිදි දිස්වේ. දෙවන ආකාරය (කැළැල් ඇති කරන හිසකෙස් ගැලවීයාම හෙවත් Scarring or cicatricial alopecia) හිසේ සමෙහි ඇතිවන ගැටළුවක් නිසා සම්පූර්ණයෙන්ම රෝම කූප අහිමිවීමෙන් ඇතිවේ. දෙවන ආකාරය නිසා හිසේ තට්ටය ඇති ප්‍රදේශ ක්ෂය වී, දිලිසෙන සුලු ස්වභාවයක් ගනී. එවැනි ස්ථානවල සමෙහි රෝම කූප නොමැත.
පුරුෂාකාරයේ තට්ටය පෑදීම (Male pattern baldness) යනු කුමක්ද?
කැළැල් ඇති නොකරන හිසකෙස් ගැලවීයාම ප්‍රධාන වශයෙන් පුරුෂ හෝමෝන (Androgens) ක්‍රියාකාරීත්වය නිසා ඇතිවේ. එය Androgenic alopecia ලෙස හැඳින්වේ. මෙයට හේතුවන්නේ අසාමාන්‍ය පරිදි පුරුෂ හෝමෝන වලට සංවේදීවීම (Unusual sensitivity) සහ ඇතැම් ජානමය සාධකයි. පුරුෂාකාරයේ තට්ටය, තරුණ පිරිමි අය අතර බහුලව ඇතිවේ. එහිදී, නළල ප්‍රදේශයේ තට්ටය පෑදෙන අතර, හිස් මුදුනේ ද කෙස් තුනීවීම හෝ තට්ටය පෑදීම සිදුවේ. සාමාන්‍යයෙන්, පුරුෂාකාරයේ තට්ටය පෑදීම ඇති පුද්ගලයෙකුට, එම ආකාරයේම තට්ටය ඇති පිරිමි ඥාතීන් සිටිනු දක්නට ලැබේ. ඇතැම් විට, පුරුෂාකාරයේ තට්ටය, ගැහැණු අය අතරද දක්නට ලැබෙන අවස්ථා පවතී. එහිදී, පිරිමි අයගේ තට්ටය මතුවන වයසට වඩා වැඩි වයසකදී ගැහැණු අයගේ තට්ටය ඇතිවනු දක්නට ලැබේ.
පුරුෂාකාරයේ තට්ටය පෑදීම, කාන්තාවන්ගේ සිදුවන්නේ පිරිමින්ට වඩා අඩු තීව්‍රතාවයකින් වන අතර, නළල ප්‍රදේශයේ තට්ටය පෑදීම මද පමණින් සිදුවේ. තට්ටය පෑදීම සිදුවන කාන්තාවකගේ, ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සහ කුරුළෑ බහුල නම්, එයට හේතුව ඇයගේ ශරීරයේ පුරුෂ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩිවීම හෝ බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය (polycystic ovary syndrome/PCOS) වියහැක.
ප්‍රතිකාර කිරීම
සාමාන්‍යයෙන්, පුරුෂාකාරයේ තට්ටය සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවේ. මුඛ මාර්ගයෙන් ලබාදෙන ෆිනස්ටරයිඩ් (Finasteride) ඖෂධය හෝ 5% මිනොක්සිඩිල් (Minoxidil) ආලේපනය භාවිතා කිරීමෙන් තට්ටය පෑදීම තවදුරටත් වර්ධනය වීම වැලැක්විය හැකි අතර, ඇතැම්විට කෙස් වර්ධනය වීම ද කුඩා ප්‍රමාණයකින් සිදුවේ. පුරුෂාකාරයේ තට්ටය පෑදීම සඳහා ප්‍රතිකාර කිරීම, එම තත්ත්වයේ මුල් අවස්ථාවේදීම ආරම්භ කලයුතු අතර, ජීවිත කාලය පුරාවටම ප්‍රතිකාර කලයුතු වේ. පුරුෂාකාරයේ තට්ටය ඇති පිරිමි අයගෙන් තුනෙන් එකකට පමණ, මින් එකම ප්‍රතිකාරයක්වත් ඵලදායී නොවේ. ෆිනස්ටරයිඩ් භාවිතා කරන අයගෙන් 1% කට පමණ, එහි අතුරු ආබාධයක් ලෙස ලිංගික ආශාව අඩුවීම සිදුවේ. ගර්භණී මවකගේ කුස තුළ වර්ධනය වන පිරිමි කළලයක , ලිංගික අවයව වර්ධනය වීමට බලපෑම් ඇතිකරන බැවින්, දරුවන් බිහිකල හැකි වයස් වල සිටින කාන්තාවන් ෆිනස්ටරයිඩ් භාවිතා නොකල යුතුය. ඇතැම්විට, ස්පයිරනොලැක්ටෝන් (Spironolactone) සහ සයිප්‍රොටෙරෝන් (Cyproterone) වැනි ප්‍රති-පුරුෂ හෝමෝන ඖෂධ (Anti-androgen medications) භාවිතා කිරීමෙන් කාන්තාවන්ගේ තට්ටය පෑදීම පාලනය වනු දක්නට ලැබේ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
ඕන්නම් චැනල් කරලා ගනින් නැත්තන් ෆාමසියෙන් ඉල්ලගනින්.මචන් මේ medicine නම් dermatologist කෙනෙක් channel කරලා ගන්න ඕනේ නේ ද ?
ගෑවෙ එකපාරයි ඇඩෙනවා සැරටමේකට ප්‍රතිකාරයක් විදිහට රතුළුණු/ලොකු ළුණු යුෂ ගානවා නේද ? කවුරුහරි කරලා ප්‍රතිපල අරන් තියනවද ?
finasteride is known to decrease the size of the prostate gland by about 25%.ඕන්නම් චැනල් කරලා ගනින් නැත්තන් ෆාමසියෙන් ඉල්ලගනින්.