කොන්ඩේ යාම වළක්වා ගනිමු

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
කොන්ඩේ යාම වළක්වා ගනිමු


photo_02.jpg



කොන්ඩේ යන එක හැම කෙනාටම වගේ තියෙන ප්‍රශ්ණයක් ,ගෑණු පිරිමි භේදයක් නැතුව මේක පටන් ගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට ඕනෙම වයසකදි නමුත් කොන්ඩේ යන එක වැඩි වශයෙන්ම බලපාන්නේ පිරිමින්ටයි. මේකට මූලිකතම හේතුව Male Pattern Baldness. Male Pattern Baldness සංකුලතාව සදහා මූලික වශයෙන් හේතුව වන්නේ Androgenetic Alopecia නම් සංකුලතාවයි. Androgenetic Alopecia යනු DHT හෙවත් Di-hydro-testosterone නිසා හිසේ ඇති කෙස් ගැලවී යාමේ සංකුලතාවයි. DHT මගින් ප්‍රධාන වශයෙන් කරනු ලබන්නේ හිසේ ඇති කෙස් වල මුල් පෝෂණය වීම අහුරා ඒවා ස්භාවික ගැලවී යාමට උදව් කිරිමයි මෙය දිර්ඝකාලීන වශයෙන් සිදූවීමෙන් කොණ්ඩය මුළු මනින්ම ගැලවී යා හැකිතර අවසානයේදි නැවත කොණ්ඩය වැවීමට නොහැකි තත්වයට පත් වෙනවා. කොණ්ඩය යාමට තවත් හේතු අතර අධික උෂ්ණත්වයට හිස නිරාවරණය වීම, තද අව්වේ වැඩි වෙලා යාම , මානසික ආතතිය , පෝෂණ ඌණතාව, ජානමය හේතු හේතු වීමට පුලුවන්.

DHT නිසා හිස කෙස් ගැලවී යම පුරුෂ‍යන්ට පමණක් නොව කාන්තාවන්ටද බලපා හැකිය

කොණ්ඩය වවා ගැනිමට ,ගැලවී යාම අවම කිරිමට මේ ප්‍රතිකර්ම කරන්න.

ප්‍රෝටීන් අධීක අහාර අනුභවය
(නිවිති, කොට්ටම්බ, කිරි, මාළු වර්ග (කෙලවල්ලා, සැමන්) , චීස්, ඌරු මස්, සො‍යා බෝංචි, බිත්තර, ‍යෝගට්, චිකන් බ්‍රෙස්ට් (චිකන් බ්‍රෙස්ට් ග්‍රැම් 100 ග්‍රැම් 30 තියෙනවා ප්‍රෝටින්))
කොළ තේ පානය (Green tea)
පිරිමින්ගේ සහා කාන්තාවන්ගේ කොන්ඩේ යාමට මූලික වශයෙන් හේතු වෙන්නේ Di-hydro-testosterone. testosterone පුරුෂ හෝමෝනයක් වුනත් මෙය කාන්තාවන්ගේ යම් මට්ටමකට තිබෙනවා. testosterone ඕන වට වඩා නිපදවීමෙන් නිදහස් testosterone ඇති වෙනතර ඒවා පසුව Di-hydro-testosterone බවට පරිවර්තනය වනු ලබනවා. DHT හිස කෙස් වල පෝෂණ මාර්ග අහුරනු ලබනතර එමගින් කොණ්ඩය යෑම සිදුවන්නට පුලුවන්. Green Tea මගින් DHT අවහිර කරනු ලබනතර එම නිසා DHT නිසා අකලට හිසකෙස් ගැලවී යාම වළක්වා ගන්නට පුලුවන්

කොණ්ඩය නිතරම යම්තම් තෙතමනය සහිතව තබා ගන්න.
පොල්තෙල් හෝ කොට්ටම්බ හෝ මොනයම් හිසතෙල් වර්ගයක් හිස්කබලේ සෑම දාම ගෑම ගාලා පහුවෙනිදට ඒක හෝදන්න
හිස් කබල සතියකට සැරයක් වත් හොදට සම්භාහනය කරන්න මෙමගින් හිසේ රුධිර ගමනා ගමනය ක්‍රමවත් වී හිස කෙස් ප්‍රණවත් කර ගන්නට පුලුවන්.
දුම්බීමෙන් වැළකී සිටින්න
මානසික ආතතිය අඩු කරගන්න
පැයකට සැරයක් වතුර වීදුරුවක් පානය කරන්න
(ජලය හිස කෙස් ,සම නිරෝගීව ,ප්‍රාණවත් ලෙස තබා ගැනීමට උදව් වෙනවා)

Vitamin B3, B5, B9, E අහාර වැඩිපුර කන්න
ගෝවා, මාළු, කුකුළ් මස්, සෝයා බෝංචි වල මේ විටමින් ජාති බහුල ලෙස තියෙනවා

Vitamin B3 තියෙනවා
කෙලවල්ලා මාළු , කුකුළ් මස්, ඌරු මස්, හතු, අලිගැටපේර වල

Vitamin B5 තියෙනවා
සහල් (දුඹුරු සහල් වල විශේෂයෙන්ම), පාන්, හතු, මාළු බිත්තර, චීස්, මාළු (සැමන් වගේ)

Vitamin B9 තියෙනවා
මාමයිට්, සෝයා බෝංචි, නිවිත්, ටර්නිප් කොළ,බෝංචි, හාතාවාරිය

ZINC අහාර වැඩිපුර කන්න
පාන්, චීස්, බටර්, කිරි, මුහුදු කෑම (මාළු, ඉස්සෝ, දැල්ලෝ,කකුළුවෝ) ,බිත්තර කහ මදයේ ,චොකලට්, හතු Zinc බහුල ලෙස තියෙනවා

Magnesium අහාර වැඩිපුර කන්න
කිරි, කෙළවල්ලා මාළු, කෙසෙල් ,චොකලට්, සෝයා බෝංචි වල

Magnesium වැඩිපුර තියෙනවා

යකඩ අහාර වැඩිපුර කන්න
නිවිති ,පළා වර්ග, බෝංචි වර්ග වල යකඩ තියෙනවා.

දුඹුරු සහල් , මාළු, මස්, පළා වර්ග, පාන්, මාමයිට්, බිත්තර, කෙසෙල්, එළවළු වර්ග නිතර කනවා නම් සමබර ලෙස කොණ්ඩේ යාම විතරක් නෙවෙයි අනෙක් රෝග වළක්වා ගන්නත් පුලුවන්.

ෂැම්පු ගානකොට
හිස කෙස් වර්ධනය වෙන ෂැම්පු ජාතියක් ගාන්න


 
Last edited:

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
matat loku prasnayak macho meka, mokada A/L karaddi patteta ganata tiba konde den adu wela macho, night shift karaddi konde yanawada?

stress එක නිසා කොන්ඩේ යනවා. night කරද්දි stress එක ගොඩක් වෙලාවට එනවා. දවසට අඩුම ගානේ පැය 7ක් වත් නිදාගන්න ඕනේ.
 
Last edited:

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
කොණ්ඩේ ගැන දැම්මේ ෆවුසිගේ thread එකේ ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න තිබිච්ච නිසයි මේ වගේ ඊළග දවසේ දාන්න ඕන ලිපියක් ගැන අදහසක් දෙන්න මම ඒක හොද නම් ලියලා දාන්නම් එතකොට
 

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    "ෂැම්පු ගානකොට
    හිස කෙස් වර්ධනය වෙන ෂැම්පු ජාතියක් ගාන්න"

    hoda shampoo 1k kipalako gannda:baffled:


     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    patta post eka machoO
    man nam nanda kalin pol thel gala hodata massge karala tikak wela idala nanne.
    konde elaya kalu wela thiyanwa