කොන්දොස්තරට~සහාය~වෙන්න

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කොන්දොස්තරට~සහාය~වෙන්න

    අද නම් කියන්නේ චූටි කතාවක්…



    ඔයාලා දැකලා තියෙනවා නේද CTB බස් වල රියදුරු අසුනට පිටිපස්සේ තියෙන වීදුරුවේ…. එහෙමත් නැත්තං පූජ්‍ය පක්ෂයට වෙන් කරලා තියෙන අසුනට ඉස්සරහින් තියෙන වීදුරුවේ හරි, නැත්තං බස් එකේ ඇතුලේ රාක්ක වලට පහලින් හරි මෙහෙම වැකියකුත් එක්ක ස්‍ටිකරයක් අලවලා තියෙනවා…

    “කොන්දොස්තර මහතාට සහාය වෙන්න. ඔබ දුන් මුදලට ටිකට් පත ලබාගන්න.”

    ඉතිං මේකෙන් කියන්නේ කොන්දොස්තර මහත්තයාට උදව්වක් විදියට අපි දෙන ගානට ටිකට් එක හරියන්න ටිකට් එක ඉල්ල ගන්න කියලනේ…

    හික්… පොඩ්ඩක් හිතන්නකෝ බලන්න… ගමන් ගාස්තුව රුපියල් 30යි, අපි දෙන්නේ රුපියල් 100 කොලයක්. ඒ කියන්නේ අපි දුන් මුදල රුපියල් 100යි. දැන් එතකොට අපි කොන්දොස්තර මහත්තයාට සහාය වෙන්න ඕනේ නිසා රුපියල් 100 ටිකට් එකක් ඉල්ල ගන්න ඕනේ…
    අනිත් එක තමා මට නම් හිතන්නේ.. ඔය ස්ටිකරය ගස්සන්නේ ගමනාගමන මණ්ඩලයෙන්මයි. මොකටැයි කියලයි හිතන්නේ…?
    ඔය වාක්‍යයෙන් කියන්නේ බස් එකේ යන මගීන්ට වගේ වුනාට ඇත්තටම කියනවා ඇත්තේ කොන්දොස්තර මහත්තයාට. මෙන්න මෙහේම පනිවුඩයක් වෙන්ටෑ දෙන්නේ…
    කොන්දොස්තරු මහත්වරුනේ,
    බස් රථ වල ගමන් ගන්නා මගීන්ගෙන්, ලබාගන්නා මුදලට සරිලන ටිකට් එක නිකුත් කරන ගමන්, වංචා සහගත වැඩ නොකර එයාලගේ ඉතුරු සල්ලිත් දෙන්න.
    කියලා වගේ කියලයි මටනම් හිතෙන්නේ…
    ඕකම තව විදියටක මෙහෙමත් හිතන්න පුළුවන්…
    අඩෝ කොන්දා,
    තෝ බස් එකේ යන මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි වල ඉතුරු සල්ලි දීලා… තෝ ගානක් තියා ගන්නේ නැතුව ටිකට් එකේ ඇත්ත ගාන ලියල දීපිය.
    කියලා වෙන්නත් පුලූවන්….
    මොකද ලංකාගමනා ගමන මණ්ඩලේ ඈයෝ දන්නවා ගොඩක් මගීන්, තමන්ට ලැබෙන ඉතුරු මුදල ගනැ මිසක් ටිකට් එකේ ලියලා දෙන ගාන ගැන බලන්නේ නෑ කියලා.
    ඒ වගේම අපිට ලැබිය යුතු ඉතුරු සල්ලිටික ගානට ලැබෙනවනම් ටිකට් එකේ ලිව්ව ගාන ගැන පොඩ්ඩක්වත් බලන්නේ නෑ නේද…? අර කිව්වත් වගේ රුපියල් සීයේ නෝට්ටුව දුන්නම රුපියල් 70ක් ඉතුරු දුන්නම, අපේ ඉතුරු මුදල හරිනේ… ඒත් ටිකට් එකේ ලියලා තියෙන්නේ රුපියල් 28 නම්….
    ආහ් කොන්දොස්තරලා ගැන කතා කරද්දී තව කතාවක් මතක් වුනා… අර සාජන් නල්ල තම්බි කියන්නේ .. පොරගේ වීඩියෝ ක්ලිප්ස් වගයක් මට හම්බුනා දැනට සෑහෙන කාලෙකට කලින්. ඒක කොටසක තියෙනවා…
    සාජන් වාහනේකට විසිල් කරාම වාහනේ නවත්තන්නේ නැතුව යනවා… පස්සේ ලඟින් යන තට්ටු දෙකේ බස් එකක සාජන් එල්ලිලා නගිනවා. හික්… බස් එකේ කොන්දා ෆුට් බෝඩ් එකේ… පස්සේ සාජන් කොන්දාට කියනවා… (මට මතක විදියට ලියන්නම්… හැබැයි පොරගේ වාග් විලාසය කොපි කරන්න නම් මට තේරෙන්නේ නෑ…)
    ‍මේ නගිනවා තමුසේ උඩට…. ෆුට් ‍බෝඩ් ගිහින් බෙල්ල කඩාගන්නද ඕයි හදන්නේ… කියලා….


    උපුටාගැනීම
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් නම් ඕක වෙනස් වෙලා.. ප්‍රයිවට් බස් ව්අල තමයි ඔහොම තියෙන්නේ... ලංගම බස් වල තියෙන්නේ ශ්‍රී ලංගම ඔබ ව්එනුවෙනි.. ඔබ ගන්න ටිකට් පත ශ්‍රීලංගම වෙනුවෙනි කියල...
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    දැන් නම් ඕක වෙනස් වෙලා.. ප්‍රයිවට් බස් ව්අල තමයි ඔහොම තියෙන්නේ... ලංගම බස් වල තියෙන්නේ ශ්‍රී ලංගම ඔබ ව්එනුවෙනි.. ඔබ ගන්න ටිකට් පත ශ්‍රීලංගම වෙනුවෙනි කියල...
    :yes::yes::yes: