කොන්ද පන ඇති වදුරබ OIC

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
කොන්ද පන ඇති වදුරබ OIC

28s4f90.jpg
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
960193_752178274850332_5240829409623546908_n.jpg


හොරට අත්සන් යොදා කූට ලේඛන සකස් කර මාධ්‍යයට නිකුත් කිරීමට තරම් වත්මන් ආණ්ඩුව පිරිහී ඇතැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති රැස්වීමක දී කීවේය.
පෙර දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය සාකච්ඡාවක දී සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා මාධ්‍යයට ඉදිරිපත් කළැයි කියන ලියවිල්ලක් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන දැනුම්වත් කිරීමට මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන සහිත ලිපියක් තිස්ස අත්තනායක මහතා පෙර දින මාධ්‍යයට ලබා දී ඇතැයි ද එහි දී කියැවිණි.
මෛත්‍රීපාල සිරිසේන මහතා -
‘ජනවාරි අට වැනි දා නියත පරාජයෙන් ගැලවෙන්නට මේ ආණ්ඩුව විවිධ දෑ කරනවා. තවත් මේවගේ දෑ මුද්‍රණය කරන්නට භාර දී තිබෙන බව අපට ආරංචියි.
ආණ්ඩුවට මගේ හඬ සහ අත්සන නැතිව බැරිවෙලා. මමත් රනිල් වික්‍රමසිංහ මහතාත් තනිව කිසිම ලියැවිල්ලකට අත්සන් තබා නෑ. අපේ අත්සන් ව්‍යාජා ලෙස යොදා හැදූ කූට ලියැවිල්ලකුයි අද පුවත්පත්වල පළ වෙලා තියෙන්නේ. අපි රජයෙන් ඉවත් වුණේ නොවැම්බර 21 වැනි දා. අත්තනායක මහතා ඉදිරිපත් කළ ලියැවිල්ලේ තිබේන්නේ නොවැම්බර පළමු වැනිදා අත්සන් කළ බව.
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ ගමන් අත්තනායක මහත්මයා කිව්වේ මමත් රනිල් වික්‍රමසිංහත් අතර වුණු කිසිම සාකච්ඡාවක් ගැන දන්නේ නෑ කියලා. දැන් ලියැවිල්ලක් ඉදිරිපත් කරනවා. මේ ආණ්ඩුව කොතරම් බංකොලොත්ද කියා එයින්ම පෙනෙනවා.
තැපැල් ඡන්දය දා රාජ්‍ය සේවකයන් නොමඟ යවන්නයි එවැනි ලියැවිල්ලක් ඉදිරිපත් කර තිබෙන්නේ.
මේවගේ කූට ලේඛණ සකස් කර මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිටත්, මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කිරීමටත් නඩු පැවරීමටත් බලාපොරොත්තු වෙනවා. ‘
රනිල් වික්‍රමසිංහ මහතා -
‘මමත් පොදු අපේක්ෂකත් අත්සන් කළ බව කියමින් තිස්ස අත්තනායක මාධ්‍යයට ලියැවිල්ලක් ඉදිරිපත් කළා. එය ව්‍යාජ ලියැවිල්ලක්. අපි එහෙම දේකට අත්සන් කර නෑ. මේ සම්බන්ධයෙන් මා පොලිස්පතිට පැමිණිලි කළා.‘
රාජිත සේනාරත්න මහතා -
‘රනිල් වික්‍රමසිංහ හා සාකච්ඡා කළේ මමයි. ඒ සාකච්ඡා කළෙත් අවස්ථා දෙකකදී නොවැම්බර මාසයේ මැද. ඊට සිරිසේන මහතා සහභාගී වුණෙත් නෑ. නොවැම්බර පළමු වැනිදා වෙනකොටත් අපි පක්ෂයෙන් ඉවත් වෙන්න තීරණය කර තිබුණේ නෑ. එතකොට ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම.
මෙය සම්පූර්ණ ව්‍යාජ ලියැවිල්ලක්. මං අවුරුදු හතලින් ගණනක් දේශපාලන කළා. මේවගේ පහත් වැඩක් දැක්කේ නෑ.‘
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මිනිස්සු......
    දැන් නිශාන්ත මුතුහෙට්ටිගම කියන පාදඩ,මැර,පාතාල දේශපාලකයා ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා මොකක් ද ගන්න තීන්දුව?
     

    waligamaya

    Well-known member
  • මෙන්න මිනිස්සු......
    දැන් නිශාන්ත මුතුහෙට්ටිගම කියන පාදඩ,මැර,පාතාල දේශපාලකයා ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා මොකක් ද ගන්න තීන්දුව?

    ගනි තින්දුව, $ බිලියන් ගනන් ගහලා ලන්කවේ ප්‍රදානම development project කලදාපු එකා කොරයි බලන් හිටපන්. මුතු හෙට්ටිගමලා කියන්නේ මහා හොරාවටේ ඉන්න තව එක කූරුමිනියෙක් විතරයි ( හැබැයි මුතු හෙට්ටිගම දන්න විදියට හොරා නෙමෙයි මැරයෙක් විතයි )