කොම්පියුටරයයි ඇයයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොම්පියුටරයයි ඇයයි

    පිටත දත්ත කොම්පියුටර් කොටස් වලට ගෙනිහින් දෙන...
    අකුර අකුර ගලප ගලප අපිත් ඔහේ ටයිප් කරන.......
    කිසි වරදක් නැතත් ඒකෙ අපිටම නිතරම වැරදෙන.....
    යතුරු පුවරුවක් වාගෙයි ඔබෙ ආදරෙ මෙමට පුදන....

    එහා මෙහා හොලව හොලව අත යට සිට දවස ගෙවන...
    ඇරෝ එකෙන් ලොකු වින්ඩෝ දහස් ගනං ඕපන් වෙන...
    විධානයට පමණයි වැඩ... ක්ලික් නොකලොත් ඔහේ දුවන....
    මූසිකයක් වගේ හිතෙයි ඔයාගෙ හිත වෙලාවකට.........

    ඕන එකයි එපා එකයි හොය හොය අපි කියවනකොට....
    මල් කඩනා මුවාවකින් සියල්ල මතකෙට යොමුකොට......
    ඊට පස්සෙ එකින් එකට මතක් කරන් වද දෙනකොට....
    හාඩ් එකක් වගේ හිතෙයි ඔබෙ ආලය වෙලාවකට......

    දුක් කදුලැල් තුටු පැසසුම් ලබනා විට අඩු වැඩි වෙන....
    සුදු මුහුනේ කෝල කමට කව්රුත් ඉදහිට රැවටෙන......
    ආදරයෙන් කථාකරන විට රතු කොල නිල් විසිවෙන...
    මොනිටරයක් වගේ නොවෙද ඇගෙ වත මේකප් ගැල්වුන...

    සව් කැද සේ ප්‍රනීතයට සිරුරට පණ ගෙන දෙන්නේ....
    මව් පුවරුව සමග කොටස් පරිඝනකෙට සවි වෙන්නේ....
    නැව් ගණනට ටෝක් දිදී ඇගේ බලය පෙන්වන්නේ....
    සී පී යූ එකක් වගේ ආදරෙ මට ලංවෙන්නේ.......

    නෝ පාකිං පාර ක්ලෝස් කරන්ට් එකට කෙල වෙන්නේ...
    වයි වේටිං බැකප් ඩියර් යූ පී එස් පැමිණෙන්නේ......
    තැන්පත් කල ආදරයයි ඇගෙ හදවත මතු වෙන්නේ....
    නින්දක් නැත අවැසි විටෙක මගෙ සහයට පැමිණෙන්නේ...

    කතා කරන විටදි ඇගේ හඩ පමණක් ඇසිය යුතුය...
    අන් අය හා සංඤාවෙන් වත් කථාව තහනම් විය....
    කනට දමන් ආතල් පිට සින්දු අහන එක අගනෙය..
    හෙඩ් ෆෝන් එක වගේ නේද ඇගෙ ගතිගුන හරි පුදුමය....

    සල්ලි තියෙනකං කැරකී එහෙට මෙහෙට පැමිනෙන්නේ...
    ඉල්ලන දේ ඕනවටත් වැඩි වේගෙන් ලැබ දෙන්නේ...
    මාසෙ අගට යද්දි අනේ බ්‍රෑන්ඩ්විඩ්ත් කෙල වෙන්නේ.....
    එස් එල්ටී ලිමිට් එකක් වගේ නොවෙද ඇගෙ සෙනෙහේ.....

    මිනිස් දිවියෙ කඩිනම සුවපහසුව කොම්පියුටර....ය....
    කවුරු මොනවා කිව්වත් එය ලැබදෙන වැඩකිඩ මරු...ය....
    සිතේ සුවය ගතේ දිරිය සහකාරිය මත ...වේය......
    කවුරු මොනවා කිව්වත් ඒ අය නං නැතුවම ....බෑය....

    computer-girl-sweet-withgrugs-xmas-Favim.com-81930_large.jpg

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කොම්පීටරේ ඔය කියන සේරම තියන නිසා මම කොම්පීටරයක් විවාහ කරගන්න හිතුව.. හිලක් විතරනෙ අඩු..
    6422_zps0aa868fd.png


    gPuCpCR.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොම්පීටරේ ඔය කියන සේරම තියන නිසා මම කොම්පීටරයක් විවාහ කරගන්න හිතුව.. හිලක් විතරනෙ අඩු..
    6422_zps0aa868fd.png


    gPuCpCR.png
    හිලකුත් හදපන්..... එතකොට අංග සම්පූර්ණ‍යි......:lol::lol::lol:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    විධානයට පමණයි වැඩ... ක්ලික් නොකලොත් ඔහේ දුවන....
    මූසිකයක් වගේ හිතෙයි ඔයාගෙ හිත වෙලාවකට.........


    computer-girl-sweet-withgrugs-xmas-Favim.com-81930_large.jpg



    හැමදාම වගේ එළකිරි වැඩක්.... ස්තූතිය සහෝ........
     
    Last edited: