අපි ඕ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ ..ඉස්කෝලෙ යාලුවෝ සෙට් එකක් අපේ දිහා ආව..වැඩිපුරම සෙට් එක හිටියේ මැසිම ලග තම..පිස්සු කෙල කෙල ඉන්ටනෙට් අරව මෙව්ව තිබ්බෙත් නෑනෙ, ඔය ජී ටී ඒ අනන් මනන් ගේම් ගස
ගසා හිටියේ..කන්ඩ බොන්ඩවත් සිහියක් තිබුන් නෑ...ඒ අස්සේ එකෙක් සින්දුවක් කියනවා හෙඩ් සෙට් එකට කට තියලා..."මදුමතියේ මදුමතියේ බඩුම තමා බඩුම තමා" වෙලාවට කාටවත් ඇහෙන් නෑ ඉතින් සබ් එක ෆුල් වැඩිකරල
තිබ්බ හින්දා..අල්ලපු ගෙදරට ඇහෙන්ඩ ඇති වැඩිම වුනොත්.........අපේ දිහා වුනත් එවුන්ට ඕන විදිහට තමා මාත් ඉන්ඩ ඕන..ඔන්න පසුවෙදා,, සෙට් එක ගෙදර යන්ඩ යන්ඩ ලෑස්තිවෙලා එකෙක් හිටියා ලග හින්දා..යන්ඩ
ලෑස්තිවෙච්ච එකෙක්..මෑන් ගාව පෙන් එකක් තිබ්බ..ඒ දවස් වල පෙනුත් හෙනින අඩුයිනෙ..පොර"හා හා පැත්තකට පැත්තකට" කියලා අරකේ තිබ්බ ඉන්ග්රිසි සින්දු සෙට් එකක්ම පෙන් එකට කොපිකොර ගත්තා..මෑන් හිතලා
තියෙන්නෙ අරව කියල..මන් දාල දෙන්ඩ යද්දි මාවත් තල්ලුකරල බලෙම්ම දාගත්තා..යන්තන් එවුන් ටික යන්ඩ ගියා....දැන් අපේ පැත්තෙ පොරයි මායි ඉන්නවා,...මචන් මගෙත් ඔය පෝන් එකට සින්දු ටිකක් දාල දෙන්ඩකෝ...යකෝ
මන් ශොපින් එකෙන් දාගන්ඩ ගියා එක සින්දුවකට විසි පහක් ඉල්ලුවනෙ... මන්:නැදකින් ...හෙනගහනවනේ.....ඔව් අප්ප...දාන්ඩකෝ බලන්ඩ හොද සින්දු ටිකක්...මෙග බයිට් තිහක් විතර මෙමරිය ෆෝමැට් කරෙත් නෑ.........දැන්
ඔහොම මන් මැසිමෙන් ෆෝන් එක ඕපන් කරා,...පොර හිතුවේ අයිකන් ෆෝන් එකෙ වගේ ඩිස්ප්ලේ වෙයි කියලා..මැසිමේ පෙන්නන්නේ තම්බ්නේල්ස්..හෙහ් හෙහ්...පොරම පොරගෙ ගසාගත්තු සෙල්ෆි සෙට් එකක් වගේ..ජොකෙක්
වත් නැද්ද කොහෙද තිබ්බෙ..මන් සනිකව අනික් ෆෝල්ඩරේ ඕපන් කරා..ගෙදර එවුන් එනවද බලන ගමන්...මෑන් නිකන් මොකුත් නොදැක්ක ගානට "අන්න ඒ ෆෝල්ඩරෙ තමයි..මාදව අන්න ඒකට දාන්ඩ කියලා" මොකුත් නොදැක්ක
ගානට හෙන හයියෙන් කෑගැසුවා..හනේ ඉතින්....