කොම්පෝස්ට් පොහොර

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    podi haal ura wala pala karana eka hari yanawada bn? maath try kala hariu giyemahme bn..pohora ehema every week wage danna onida?
    ගෝව වගේ පැළ ජාතිනං හැදෙනව මචෝ . මිරිස්, බටු වගේ ගස් හැදෙන්නෙ නෑ.
    ඔතන ගොඩක් දාල තියෙන්නෙ ඉඟුරුයි, කහයි ඒව ලඟදි දැම්මෙ කාලයක් ගිහින් තමයි තත්වෙ බලන්න වෙන්නෙ.
    පෝර බෑග් වල මඤ්ඤොක්ක දැම්ම. ඒකනං සාර්ථක නෑ.
    පෝරනං මතක් වෙච්ච වෙලාවට උඩින් දානව :lol:
    math giya awurudde okak gatta arpico eken eketh oya scene ekamai wenne wathura galanawa :(
    barima unoth math walak kapanawa
    වැස්ස කාලෙට සුදුපාට පණුවො ජාතියක් හැදෙනව. ඒක තමයි ඉවසන්නම අමාරු වැඩේ.

    තියෙන පොඩි ඉඩේ පොඩියට හරි වළක් කපාගත්තොත් ඔය ප්‍රශ්න මුකුත් නෑ. අපේ ගෙදර 6 දෙනෙක් ඉන්නව. අවුරුද්දක් තිස්සෙ කිසි අවුලක් නැතුව කුණු දැම්ම.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මරුනෙ බන්. 10:19ට ගත්ත ෆොටෝ එකේ නිපුන ගෝනියෙ මොනාද තියෙන්නෙ ? ගෝවා ද ? මාත් බණ්ඩක්ක හිටෙව්වා. බෑ බන් මොක්කුද සත්තු වගයක් එනවා. කොළ කොඬ වෙලා යනවා. නියමයි. පුළුවන් නම් වගාව හොඳට ලොකුවට කරන්න. දැක්කම ආසයි. :love2:
    ඔවු මචෝ ගෝව තියෙන්නෙ. මම පැල කරේ ගෙඩි ගෝව. ඒත් ගෙනත් හිටෙවුවම අතු ගෝව විදිහට පැළවෙන්නෙ. පැළ,ඇට විකුණන කෙනාගෙ අවුලක්ද, මගේ අවුලක්ද දන්නෑ. ගෝව හිටවන හැම පාරම ඕක වෙනව.
    සත්තුන්ගෙන් බේරගන්න එකනං ටිකක් අමාරුයි තමයි.
    mama nang barrel ekak use kale, messo nang tikak wediuna, but pohora tika awa ganat, mama indul demme ne, kade ganna thiyana compost tikakuth kalawan kala
    මටත් අවුල් යන්න ඇත්තෙ ඉඳුල් දාපු එක තමා. වෙන දාන්න තැනකුත් නෑනෙ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුණු වලට නගර සභාවෙන් දෙන කොන්ක්‍රීට් බදුන තමයි හොදම එක....... පොලිතින් ඉදුල් නොදා හොද කොම්පොස්ට්පොහොර පහසුවෙන්ම හදාගන්න පුලුවන්........ හැබැයි ඉදුල් දැම්මොත් පණුවො හැදෙනවා......දැන් දැන්නගර සභාවේ මේ අයිටම් එක හොයාගන්න අමාරුයි......
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අද නිවාඩු දවසෙ උදෙන්ම ගෙදර තිබුණ කොම්පෝස්ට් වළ අදින වැඩේට අතගැහුව. කට්ටියටම වැදගත් වෙයි කියල හිතල ඒ ගැන පොඩි විස්තරයක් දාන්නයි හදන්නෙ.

    අපේ ගෙදර කුණු එකතු කරන්න අවු කීපයක් තිස්සෙ තිබුණෙ පහල තියෙනව ජාතියෙ ප්ලාස්ටික් ටැංකියක්.
    හැබැයි මටනං මේ වැඩේ හරි ගියේම නෑ. ගෙදර ඉතුරුවෙන කෑම එහෙමත් දාන නිසා, ප්ලාස්ටික් ටැංකියෙ අවට,
    ගඳ ගහන්න, මැස්සො බෝවෙන්න පටංගත්ත. මේකෙන් හැදෙන පෝර, හරියට දිරන්නෙ නැතුව තැම්බුන තෙත ගතියක් තමයි තිබුණෙ. පැළ වලට දැම්මම පොඩි පැළ මැරෙනව. පස් එක්ක කලවම් කරල වේලෙන්න තියල දැම්මත් එච්චර ලොකු සාර්ථකත්වයක් නෑ.

    එහෙම වෙන්න හේතුව දන්න කෙනෙක් ඉන්නවනං කියන්න. මොකද, මේව ගොඩක් ගෙවල් වල තියෙනව දැකල තියෙනව.

    View attachment 113080
    කොහොම හරි පහුගිය අවුරුද්දෙ මුල කොවිඩ් ලොක්ඩවුන් එකත් එක්ක,
    "අපි හම්බකරොත් අපි කනවා" තේමාව යටතේ සිදුවුණ වගා සංග්‍රාමයේ අතුරුඵලයක් විදිහට, අපේ මෑණියන්ගේ මගපෙන්වීම යටතේ, මගේ මූලිකත්වයෙන් ගේ පිටිපස ඉතිරි ඉඩේ කපන ලද කුණුවළ හින්ද මේ සියළු ගැටළු වලට පිළියම් ලැබුණ. (ITN නිවුස්)

    ටැංකියට වඩා කුණු වළේ වාසි ගොඩක් තියෙනව,
    කැපෑසිටි එක එහාමෙහා කරල වැඩිකරගන්න පුලුවන්, මොන ජරාව දැම්මත් ගඳ නෑ, මැස්සො අඩුවුණා, වැහි දවස් වලට චොර වෙන්නෙ නෑ, කුණු දාන්න, පෝර ගන්න ලේසියි.

    මේක අඩි 2x3.5x2 විතර බොහොම පොඩි සයිස් වළක් අවුරුද්දක් තිස්සෙ ගෙදර සේරම කුනු, වතු උදළුගාන තණකොළ එහෙමත් මේකට තමයි දැම්මෙ,
    අවුරුද්දෙ මැද එක පාරක් කුණුවළ උඩ යට පෙරලුව
    මේ තියෙන්නෙ පෝර වළ ඇද්දට පස්සෙ,

    View attachment 113079
    ඔන්න පෝර ටික වැලි හලන දැලෙන් හලල ගත්තම තියෙන විදිහ,
    මේ වැඩේට ටිකක් කොටු ලොකු දැලක් තිබ්බනං ලේසියි. වැලි හලන එකෙන් හලද්දි එපාවෙනව.

    View attachment 113081
    ඔන්න අවසාන ඵලය,
    View attachment 113082
    View attachment 113083
    ඔන්න තියෙනව අතුරුඵලය,
    මේකෙ තියෙන්නෙ වළේ පස් වලින් කලවම් වෙච්ච කබොක් කැට, නොදිරපු කුණු.
    වෙන දෙයක් වෙච්චාවෙ කියල ඒකත් දැම්ම කෙහෙල් ගස් මුලටම.

    View attachment 113084
    View attachment 113085
    අපේ වත්තෙ තියෙන්නෙ කබොක් පසක්, ගැඩවිලෙක් ආසාවට දකින්න නෑ. පෝර වලේ ඉඳන් ගැඩවිල්ලු සෑහෙන මතුවුනා. වැඩේ අවසානභාගය වෙනකොට දෙමළිච්චො, කොන්ඩ කුරුල්ලො එකතුවෙලා පාටියකුත් දැම්ම.
    View attachment 113087
    ඕක තමයි මගේ පෝර වළේ කතාව...

    උඩ කියල තියෙන ජාතියෙ ටැංකි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනං, ඒ ගැන අදහසකුත් පටලවාගෙන යන්න...
    කොම්පෝස්ට් වලට නයිට්‍රිජන් ලැබෙන්න නම් පොඩි "කෙමක්" කරන්න ඕනෑ.

    අහල පහල අයට නොපෙනෙන්න කොම්පෝස්ට් වලට හෝ ටැංකියට චූ කරන්න ඕනෑ.

    කාටවත් නොපෙනෙන්න මේක කරන්න පුලුවන්නම් වැඩේ 100% සාර්ථකයි.

    මේක කාටවත් පේන්න කලොත් වෙන දේ දන්නවානේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කොම්පෝස්ට් වලට නයිට්‍රිජන් ලැබෙන්න නම් පොඩි "කෙමක්" කරන්න ඕනෑ.

    අහල පහල අයට නොපෙනෙන්න කොම්පෝස්ට් වලට හෝ ටැංකියට චූ කරන්න ඕනෑ.

    කාටවත් නොපෙනෙන්න මේක කරන්න පුලුවන්නම් වැඩේ 100% සාර්ථකයි.

    මේක කාටවත් පේන්න කලොත් වෙන දේ දන්නවානේ.
    වැටමාර අත්තක් පෝරවෙන්න දාන එක ඊට වඩා නම්බුයි වගේ....😆