කොම්පෝස්ට් පොහොර

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කොම්පෝස්ට් වලට නයිට්‍රිජන් ලැබෙන්න නම් පොඩි "කෙමක්" කරන්න ඕනෑ.

    අහල පහල අයට නොපෙනෙන්න කොම්පෝස්ට් වලට හෝ ටැංකියට චූ කරන්න ඕනෑ.

    කාටවත් නොපෙනෙන්න මේක කරන්න පුලුවන්නම් වැඩේ 100% සාර්ථකයි.

    මේක කාටවත් පේන්න කලොත් වෙන දේ දන්නවානේ.
    @PHBhagya ලැජ්ජයිනේ අනේ ඕවට 🙈
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    වැටමාර අත්තක් පෝරවෙන්න දාන එක ඊට වඩා නම්බුයි වගේ....😆
    මම මේක joke එකක් වගේ ලිව්වට, ඉඩක් ලැබුන හැම වෙලාවකම මම මේක ප්‍රායෝගිකව කරනවා. මට පරිස්සම් වෙන්න වෙලා තියෙන්නේ neighbours ලාගෙන් නොවෙයි, අපේ ගෙදර ඇත්තන් ගෙනුයි.
    මගේ කොම්පෝස්ට් බින් දෙකම තියෙන්නේ shade clothe වලින් හදාපු greenhouse එකක් පිටිපස්සේ නිසා කාටවත් පේන්නේ නැහැ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අද නිවාඩු දවසෙ උදෙන්ම ගෙදර තිබුණ කොම්පෝස්ට් වළ අදින වැඩේට අතගැහුව. කට්ටියටම වැදගත් වෙයි කියල හිතල ඒ ගැන පොඩි විස්තරයක් දාන්නයි හදන්නෙ.

    අපේ ගෙදර කුණු එකතු කරන්න අවු කීපයක් තිස්සෙ තිබුණෙ පහල තියෙනව ජාතියෙ ප්ලාස්ටික් ටැංකියක්.
    හැබැයි මටනං මේ වැඩේ හරි ගියේම නෑ. ගෙදර ඉතුරුවෙන කෑම එහෙමත් දාන නිසා, ප්ලාස්ටික් ටැංකියෙ අවට,
    ගඳ ගහන්න, මැස්සො බෝවෙන්න පටංගත්ත. මේකෙන් හැදෙන පෝර, හරියට දිරන්නෙ නැතුව තැම්බුන තෙත ගතියක් තමයි තිබුණෙ. පැළ වලට දැම්මම පොඩි පැළ මැරෙනව. පස් එක්ක කලවම් කරල වේලෙන්න තියල දැම්මත් එච්චර ලොකු සාර්ථකත්වයක් නෑ.

    එහෙම වෙන්න හේතුව දන්න කෙනෙක් ඉන්නවනං කියන්න. මොකද, මේව ගොඩක් ගෙවල් වල තියෙනව දැකල තියෙනව.

    View attachment 113080
    කොහොම හරි පහුගිය අවුරුද්දෙ මුල කොවිඩ් ලොක්ඩවුන් එකත් එක්ක,
    "අපි හම්බකරොත් අපි කනවා" තේමාව යටතේ සිදුවුණ වගා සංග්‍රාමයේ අතුරුඵලයක් විදිහට, අපේ මෑණියන්ගේ මගපෙන්වීම යටතේ, මගේ මූලිකත්වයෙන් ගේ පිටිපස ඉතිරි ඉඩේ කපන ලද කුණුවළ හින්ද මේ සියළු ගැටළු වලට පිළියම් ලැබුණ. (ITN නිවුස්)

    ටැංකියට වඩා කුණු වළේ වාසි ගොඩක් තියෙනව,
    කැපෑසිටි එක එහාමෙහා කරල වැඩිකරගන්න පුලුවන්, මොන ජරාව දැම්මත් ගඳ නෑ, මැස්සො අඩුවුණා, වැහි දවස් වලට චොර වෙන්නෙ නෑ, කුණු දාන්න, පෝර ගන්න ලේසියි.

    මේක අඩි 2x3.5x2 විතර බොහොම පොඩි සයිස් වළක් අවුරුද්දක් තිස්සෙ ගෙදර සේරම කුනු, වතු උදළුගාන තණකොළ එහෙමත් මේකට තමයි දැම්මෙ,
    අවුරුද්දෙ මැද එක පාරක් කුණුවළ උඩ යට පෙරලුව
    මේ තියෙන්නෙ පෝර වළ ඇද්දට පස්සෙ,

    View attachment 113079
    ඔන්න පෝර ටික වැලි හලන දැලෙන් හලල ගත්තම තියෙන විදිහ,
    මේ වැඩේට ටිකක් කොටු ලොකු දැලක් තිබ්බනං ලේසියි. වැලි හලන එකෙන් හලද්දි එපාවෙනව.

    View attachment 113081
    ඔන්න අවසාන ඵලය,
    View attachment 113082
    View attachment 113083
    ඔන්න තියෙනව අතුරුඵලය,
    මේකෙ තියෙන්නෙ වළේ පස් වලින් කලවම් වෙච්ච කබොක් කැට, නොදිරපු කුණු.
    වෙන දෙයක් වෙච්චාවෙ කියල ඒකත් දැම්ම කෙහෙල් ගස් මුලටම.

    View attachment 113084
    View attachment 113085
    අපේ වත්තෙ තියෙන්නෙ කබොක් පසක්, ගැඩවිලෙක් ආසාවට දකින්න නෑ. පෝර වලේ ඉඳන් ගැඩවිල්ලු සෑහෙන මතුවුනා. වැඩේ අවසානභාගය වෙනකොට දෙමළිච්චො, කොන්ඩ කුරුල්ලො එකතුවෙලා පාටියකුත් දැම්ම.
    View attachment 113087
    ඕක තමයි මගේ පෝර වළේ කතාව...

    උඩ කියල තියෙන ජාතියෙ ටැංකි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනං, ඒ ගැන අදහසකුත් පටලවාගෙන යන්න...
    නිපුණතා සංවර්ධන එකට අමතරව @Solo Rider ගේ කෘෂිකර්මේ ගලවලා ඔයාට දෙනවා. TFS :love:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,110
    46,701
    113
    I Love You Smile GIF by corgiyolk
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මරු.👍 කුණු වල වහලද තියන්න ඕන?වැස්සට වතුර පිරුණට කමක් නැද්ද?
    නෑ.. වහල නෑ. වතුර පිරුනට අවුලක් නෑ. පසට උරාගන්නව...
    ඒ නිසා ගඳක් මුකුත් නෑ.
     
    • Love
    Reactions: NRTG