අද නිවාඩු දවසෙ උදෙන්ම ගෙදර තිබුණ කොම්පෝස්ට් වළ අදින වැඩේට අතගැහුව. කට්ටියටම වැදගත් වෙයි කියල හිතල ඒ ගැන පොඩි විස්තරයක් දාන්නයි හදන්නෙ.
අපේ ගෙදර කුණු එකතු කරන්න අවු කීපයක් තිස්සෙ තිබුණෙ පහල තියෙනව ජාතියෙ ප්ලාස්ටික් ටැංකියක්.
හැබැයි මටනං මේ වැඩේ හරි ගියේම නෑ. ගෙදර ඉතුරුවෙන කෑම එහෙමත් දාන නිසා, ප්ලාස්ටික් ටැංකියෙ අවට,
ගඳ ගහන්න, මැස්සො බෝවෙන්න පටංගත්ත. මේකෙන් හැදෙන පෝර, හරියට දිරන්නෙ නැතුව තැම්බුන තෙත ගතියක් තමයි තිබුණෙ. පැළ වලට දැම්මම පොඩි පැළ මැරෙනව. පස් එක්ක කලවම් කරල වේලෙන්න තියල දැම්මත් එච්චර ලොකු සාර්ථකත්වයක් නෑ.
එහෙම වෙන්න හේතුව දන්න කෙනෙක් ඉන්නවනං කියන්න. මොකද, මේව ගොඩක් ගෙවල් වල තියෙනව දැකල තියෙනව.
කොහොම හරි පහුගිය අවුරුද්දෙ මුල කොවිඩ් ලොක්ඩවුන් එකත් එක්ක,
"අපි හම්බකරොත් අපි කනවා" තේමාව යටතේ සිදුවුණ වගා සංග්රාමයේ අතුරුඵලයක් විදිහට, අපේ මෑණියන්ගේ මගපෙන්වීම යටතේ, මගේ මූලිකත්වයෙන් ගේ පිටිපස ඉතිරි ඉඩේ කපන ලද කුණුවළ හින්ද මේ සියළු ගැටළු වලට පිළියම් ලැබුණ. (ITN නිවුස්)
ටැංකියට වඩා කුණු වළේ වාසි ගොඩක් තියෙනව,
කැපෑසිටි එක එහාමෙහා කරල වැඩිකරගන්න පුලුවන්, මොන ජරාව දැම්මත් ගඳ නෑ, මැස්සො අඩුවුණා, වැහි දවස් වලට චොර වෙන්නෙ නෑ, කුණු දාන්න, පෝර ගන්න ලේසියි.
මේක අඩි 2x3.5x2 විතර බොහොම පොඩි සයිස් වළක් අවුරුද්දක් තිස්සෙ ගෙදර සේරම කුනු, වතු උදළුගාන තණකොළ එහෙමත් මේකට තමයි දැම්මෙ,
අවුරුද්දෙ මැද එක පාරක් කුණුවළ උඩ යට පෙරලුව
මේ තියෙන්නෙ පෝර වළ ඇද්දට පස්සෙ,
ඔන්න පෝර ටික වැලි හලන දැලෙන් හලල ගත්තම තියෙන විදිහ,
මේ වැඩේට ටිකක් කොටු ලොකු දැලක් තිබ්බනං ලේසියි. වැලි හලන එකෙන් හලද්දි එපාවෙනව.
ඔන්න අවසාන ඵලය,
ඔන්න තියෙනව අතුරුඵලය,
මේකෙ තියෙන්නෙ වළේ පස් වලින් කලවම් වෙච්ච කබොක් කැට, නොදිරපු කුණු.
වෙන දෙයක් වෙච්චාවෙ කියල ඒකත් දැම්ම කෙහෙල් ගස් මුලටම.
අපේ වත්තෙ තියෙන්නෙ කබොක් පසක්, ගැඩවිලෙක් ආසාවට දකින්න නෑ. පෝර වලේ ඉඳන් ගැඩවිල්ලු සෑහෙන මතුවුනා. වැඩේ අවසානභාගය වෙනකොට දෙමළිච්චො, කොන්ඩ කුරුල්ලො එකතුවෙලා පාටියකුත් දැම්ම.
ඕක තමයි මගේ පෝර වළේ කතාව...
උඩ කියල තියෙන ජාතියෙ ටැංකි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනං, ඒ ගැන අදහසකුත් පටලවාගෙන යන්න...