කොම්පෝස්ට් පොහොර

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අද නිවාඩු දවසෙ උදෙන්ම ගෙදර තිබුණ කොම්පෝස්ට් වළ අදින වැඩේට අතගැහුව. කට්ටියටම වැදගත් වෙයි කියල හිතල ඒ ගැන පොඩි විස්තරයක් දාන්නයි හදන්නෙ.

    අපේ ගෙදර කුණු එකතු කරන්න අවු කීපයක් තිස්සෙ තිබුණෙ පහල තියෙනව ජාතියෙ ප්ලාස්ටික් ටැංකියක්.
    හැබැයි මටනං මේ වැඩේ හරි ගියේම නෑ. ගෙදර ඉතුරුවෙන කෑම එහෙමත් දාන නිසා, ප්ලාස්ටික් ටැංකියෙ අවට,
    ගඳ ගහන්න, මැස්සො බෝවෙන්න පටංගත්ත. මේකෙන් හැදෙන පෝර, හරියට දිරන්නෙ නැතුව තැම්බුන තෙත ගතියක් තමයි තිබුණෙ. පැළ වලට දැම්මම පොඩි පැළ මැරෙනව. පස් එක්ක කලවම් කරල වේලෙන්න තියල දැම්මත් එච්චර ලොකු සාර්ථකත්වයක් නෑ.

    එහෙම වෙන්න හේතුව දන්න කෙනෙක් ඉන්නවනං කියන්න. මොකද, මේව ගොඩක් ගෙවල් වල තියෙනව දැකල තියෙනව.

    Screenshot_2021_0214_125749.jpg

    කොහොම හරි පහුගිය අවුරුද්දෙ මුල කොවිඩ් ලොක්ඩවුන් එකත් එක්ක,
    "අපි හම්බකරොත් අපි කනවා" තේමාව යටතේ සිදුවුණ වගා සංග්‍රාමයේ අතුරුඵලයක් විදිහට, අපේ මෑණියන්ගේ මගපෙන්වීම යටතේ, මගේ මූලිකත්වයෙන් ගේ පිටිපස ඉතිරි ඉඩේ කපන ලද කුණුවළ හින්ද මේ සියළු ගැටළු වලට පිළියම් ලැබුණ. (ITN නිවුස්)

    ටැංකියට වඩා කුණු වළේ වාසි ගොඩක් තියෙනව,
    කැපෑසිටි එක එහාමෙහා කරල වැඩිකරගන්න පුලුවන්, මොන ජරාව දැම්මත් ගඳ නෑ, මැස්සො අඩුවුණා, වැහි දවස් වලට චොර වෙන්නෙ නෑ, කුණු දාන්න, පෝර ගන්න ලේසියි.

    මේක අඩි 2x3.5x2 විතර බොහොම පොඩි සයිස් වළක් අවුරුද්දක් තිස්සෙ ගෙදර සේරම කුනු, වතු උදළුගාන තණකොළ එහෙමත් මේකට තමයි දැම්මෙ,
    අවුරුද්දෙ මැද එක පාරක් කුණුවළ උඩ යට පෙරලුව
    මේ තියෙන්නෙ පෝර වළ ඇද්දට පස්සෙ,

    Screenshot_2021_0214_125235.jpg

    ඔන්න පෝර ටික වැලි හලන දැලෙන් හලල ගත්තම තියෙන විදිහ,
    මේ වැඩේට ටිකක් කොටු ලොකු දැලක් තිබ්බනං ලේසියි. වැලි හලන එකෙන් හලද්දි එපාවෙනව.

    Screenshot_2021_0214_125314.jpg

    ඔන්න අවසාන ඵලය,
    Screenshot_2021_0214_125251.jpg

    Screenshot_2021_0214_125113.jpg

    ඔන්න තියෙනව අතුරුඵලය,
    මේකෙ තියෙන්නෙ වළේ පස් වලින් කලවම් වෙච්ච කබොක් කැට, නොදිරපු කුණු.
    වෙන දෙයක් වෙච්චාවෙ කියල ඒකත් දැම්ම කෙහෙල් ගස් මුලටම.

    Screenshot_2021_0214_125222.jpg

    Screenshot_2021_0214_125205.jpg

    අපේ වත්තෙ තියෙන්නෙ කබොක් පසක්, ගැඩවිලෙක් ආසාවට දකින්න නෑ. පෝර වලේ ඉඳන් ගැඩවිල්ලු සෑහෙන මතුවුනා. වැඩේ අවසානභාගය වෙනකොට දෙමළිච්චො, කොන්ඩ කුරුල්ලො එකතුවෙලා පාටියකුත් දැම්ම.
    Screenshot_2021_0214_125139.jpg

    ඕක තමයි මගේ පෝර වළේ කතාව...

    උඩ කියල තියෙන ජාතියෙ ටැංකි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනං, ඒ ගැන අදහසකුත් පටලවාගෙන යන්න...
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අපේ ගෙදරනං තියෙන්නේ concrete වලින් හදපු ටැංකියක් .
    මේක මෙහෙ නගර සබාවෙන් ගෙවල් වලට ගොඩක් අඩු ගානකට දුන්න .
    එකෙන්නම් ලොකුවට ගදක් එන්නේ නැහැ .
     

    The Kingslayer

    Well-known member
  • අපිත් පොහොර වලක් තමයි කපලා තියෙන්නෙ.
    එ වැඩේ ගොඩක් සාර්තකයි කියල මටත් හිතෙනවා.
    මාස 3කින් විතර පොහොර පස් ටික ගන්නව පැල වලට දාන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එළකිරි කොල්ලෙක්නේ මේ අපේ........පට්ට... (y) (y) (y)
    වැලන්ටයින් සමරුවේ නැතෙයි......😛😛
    Screenshot_2021_0214_141553.jpg

    Screenshot_2021_0214_141628.jpg

    :lol: :lol: :lol:
    අපේ ගෙදරනං තියෙන්නේ concrete වලින් හදපු ටැංකියක් .
    මේක මෙහෙ නගර සබාවෙන් ගෙවල් වලට ගොඩක් අඩු ගානකට දුන්න .
    එකෙන්නම් ලොකුවට ගදක් එන්නේ නැහැ .
    එහෙමද මචෝ. අපේ එක වැස්සට හෙන චොර වෙන්න ගත්ත. පණුවොත් හැදෙනව.
    මචන් ඔය ප්ලාස්ටික් ටැංකියට කොළ රොඩු විතරයි හරියන්නේ මම හිතන්නේ. ඉදුල් වගේ දේවල් වලට මැස්සෝ සෙට් වෙනවා තමයි මමත් හිතන්නේ
    මටත් ඒකනං හිතුන මචෝ.. හැබැයි ඉතිං දාන්න තැනකුත් නෑනෙ.
    අනික ටීවී එකේ කොම්පෝස්ට් හදනකොට ඉඳුල් දැම්මට අවුලක් නෑ කිවුව.
    ටැංකියට දානකොට තමයි අවුල් යනව ඇත්තෙ.
    අපිත් පොහොර වලක් තමයි කපලා තියෙන්නෙ.
    එ වැඩේ ගොඩක් සාර්තකයි කියල මටත් හිතෙනවා.
    මාස 3කින් විතර පොහොර පස් ටික ගන්නව පැල වලට දාන්න
    ඔවු වළේ පස් එක්ක මික්ස් වෙනකොට හොඳට එනව..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    BUMPER

    patta mcn math krnna one gardening seen ekata asai
    👍👍👍
    වගා කරන කොල්ලෙක්නේ. එළකිරි. (y)(y)(y)
    එහෙම වගා කරන්නෙ නෑ මචෝ.. යන්තං තියෙන ඉඩේ පොඩියට කොමන් එළවළු ටිකක් දාල තියෙන්නෙ.
    👍👍👍
    එලම :yes::yes:

    අපි වවමු රට නගමු
    👍👍👍
    Idame kohomada size
    පර්චස් 27ක් විතර. ඒකෙන් 4ක් 5ක් විතර පාරට ගිහින් තියෙනව.
    ඔය සෙල්ලම් දාල තියෙන හරියෙ ගෙයි බිත්තියයි තාප්පෙයි අතර අඩි 8ක් 10ක් වගේ තියෙන්නෙ.
    👍👍👍
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,810
    113
    Mother Earth
    මරුනෙ බන්. 10:19ට ගත්ත ෆොටෝ එකේ නිපුන ගෝනියෙ මොනාද තියෙන්නෙ ? ගෝවා ද ? මාත් බණ්ඩක්ක හිටෙව්වා. බෑ බන් මොක්කුද සත්තු වගයක් එනවා. කොළ කොඬ වෙලා යනවා. නියමයි. පුළුවන් නම් වගාව හොඳට ලොකුවට කරන්න. දැක්කම ආසයි. :love2: