කොරියන් භාෂා අත්වැල 2

deepaldas

Well-known member
  • කොරියන් භාෂා අත්වැල 2

    සුභ දවසක් !

    11745651_1465419983753443_1024616218308362162_n.jpg


    කලින් සතියෙදි කිව්වා වගේ කොරියන් ඉගන ගන්නේ මේ අපිට ඉගනගන්නේ ආතල් එකට නෙමෙයි මේක ඉගන ගන්න එක රැපියල් කෝටී ගානක් වටින නිසා. ඉගන ගත්තොත් ඉතිං තමන්ට තමා.
    දන්නවනේ කොරියානුවන්ගේ හැටි උන්ගේ වැඩ පිලිවලයි. අකුරක් ලිව්වත් එහෙම තමයි ඒකේ පිලිවලක් තියෙනවා. අපිට ඕන විදියට අකුරැ ලියන්න බැ. කොරියන් අකුරක් ලියනකොට පෑන හසුරවන විදිය පවා ගොඩක් වැදගත්. කොරියන් අකුරක් ලියනකොට උඩ ඉදලා පහලට හො වමේ සිට දකුණට විතරයි ලියන්න පුලුවන්. එ කිව්වේ මෙන්න මේ විදියට


    Untitled4.jpg

    Untitled5.jpg

    * මේ අකුරැ ටයිප් කරනකොට මේම වුනාට ලියනකොට මෙහෙම නැ. උදාහරණයක් විදියට අපි කවුරැවත් “g” “a” අකුරැ මේ විදියට ලියන්නේ නැ නේ. ආන්න ඒ වගේ තමයි. මේ අකුරැ ලියන විදිය මේ විඩියො එකෙන් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි.



    consonants.jpg


    දැන් තියෙන ප්ර්ශ්නේ තමයි මෙතන සමහර ශබ්ද නැ නේ. ද,ග,ර වගේ.
    ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔතන තියෙනවා සමහර අකුරැ ශබ්ද දෙකකට උපයොගි වෙනවා.


    Untitled6.jpg

    මෙහෙමයි මචං, මෙ අකුරැ බොහොවිට වචනයන මුල් අකුරය ආවම ඔය මුලින් එක ක්,ග්,ත්,ල්,ප්,ච් ආකාරයෙන් තමයි ශබිද වෙන්නේ. නමුත් වචනයක මැදකට හො අගකට සෙට් වුනොත් බොහොවිට ග්,ද්,ල්,ප්,ච් තමයි ශබ්ද වෙන්නේ. (දැනට එහෙම හිතපන්කො එත් ඇත්තටම එහෙම නේමෙ. ඒක මම ගබන සතියේ කියලා දෙන්නම්)
    කොරියන් කියන්නේ සිංහල ඉංග්රිෙසි වලට සාපේක්ශව ආමාරැ භාෂාවක් නෙමේ. කරගෙන යනකොට ආසාව ඉබේම ඇතිවෙනවා.


    දැන් මගේ ත්‍රෙඩ් එකත් එක්ක ඉන්න ගොඩක් එය ට්‍රයි කරනවා ඇති කොරියන් වලින් තමන්ගේ නම ලියන්න :) මම මේ එකට උදවුවක් දෙන්න හදන්නේ එහෙනම් සුදානම් වෙන්න කොරියන් වලින් ඔයාගේ නම ලියාගන්න...

    11208485_345149452340936_748237805_n.jpg


    අකුරක් සැදෙන ආකාරය

    ව්‍යංනජනයක් හා ස්වරයක් එකතු වෙලා අකුරක් හැදෙනවා කියන එක ඔයාලා දැනටමත් දන්නවා නේ. කොරියන් වලින් එහෙම ලියනකොට තිරස්ව තියෙන ස්වර පහලට එනවා කියලත් සිරස්ව තියෙන ස්වර වි්‍යංජනයට ඉදිරියෙන් ලියනවා කියන එකත් දන්නවා නේ මතක නැතිනම් මම අකුරැ දෙකක් ලියලා පෙන්නන්ම්

    갸 슈 දැන් මතකයි නේ සිද්ධිය.

    කලින් සතියේ වගේ මම දැන් දෙන්නම් කොරියන් වචන කිහිපයක් කොරියන් විභාගේ පාස් කරන්න නම් ඉතිං මෙව්වා පාඩම් කරන්න ඕන.

    누 나 - නානු - අක්කා
    나 무 - නාමු- ගස
    무치 - මොජි - තොප්පිය
    바 치 පාජි- කලිසම
    치 바 - චිමා- සාය
    고기 - කොගී - මස්
    바 다 - පදා - මුහුද
    머 리 - මොරි - හිස
    수 도 - සුදො - අගනගරය
    나 이 - නඉ - වයස
    아 버지 - අබොජි - තාත්තා
    어 머 니 - ඔමොනි- තාත්තා
    이야 기 - ඉයාගි - කතා බහ
    교 수 - ක්යො සු - මහාචාරවරැ
    휴가 - හ්යුගා - නිවාඩු


    හරි දැන් දන්නවානේ වචන ගොඩක් එහෙනම් ඔන්න ලබන සතිය වෙනකොට මේ ටික පාඩම් කරගත්තොත් අපිට පුලුවන් කොරියන් විභාගය ලියන්න හොද ආරම්භයක් ගන්න.
    හරි මම හිතනවා දැන් ඔයාලා ට හොද දැනුමක් තියෙනවා කියලා කොරියන් අකුරැ සම්බන්දවයෙන් එත් ඔය දැනුම ඇත්තටම මදි. මම දෙන මෙන්න මේ චාට් එක ලියාගන්න ඔයාගේ පොතේ


    111.jpg


    දැන් මේ චාට් එක ඔයාලා දවසට දෙපාරක් ලියන්න ඕන ලබන සතිය වෙනකම් (නියමිත මාත්රාේව ගත්තේ නැත්තම් ලෙඩ හොද වෙන්නේ නැ)
    අනිවා මචං මේ වැඩේ නම් කරන්නම ඔන උබට කොරියන් යන්න ඕනනම්.
    හරි මම දැන් දෙනවා තව වැඩක් මෙන්න මේ වචන ටික දාන්න කොරියන් වලින් ලියලා පොටො එකක් ගහලා හරි ටයිප් කරලා හරි කොහොම හරි ලියලා දාන්න ත්රෙපඩ් එකේ මට එතකොට බලාගන්න පුලුවන් කී දෙනෙක් මේ පාඩම් මාලාව එක්ක ඉන්නවද කියන එක.
    හරි එහෙනම් මෙන්න වචන ටික එත් එක්කම කොරියන් භාෂා අත්වැල 2 සාර්ථකව අවසන් වෙනවා ලබන සතියෙ මුනගැහෙන තුරැ ඔබට සුභ සතියක්. කොරියන් යන්නම අපි සෑම දෙනාටම හැකිවේවා.


    කොරියන් භාෂාවෙන් ලියන්න.
    නාබි- සමණලයා
    නුගු - කවුද?
    හානා- එක (1)
    තරි - කකුල
    හ්යු ජි - ටිෂු පේපර්
    පනානා - කෙසෙල්
    තරිමි - අයන් එක (ස්තිරික්කේ බන්)
    හරැ - දවස
    කාසු -ගායකයා


    Thankx for SEOUL LANKA INSTITUTE
    Respect to my teacher : Sunil Gamachchige

    © 2015 DaS Created For Student of Korean Language
    Elakiri Community® 2015-07-20

    ප.ලි. Youtube link එක වැඩ නැ මම දන්නේ නැ ඒ ඇයි කියලා කෙසෙ වෙතත් මෙන්න ලින්ක් එක. මෙතනින් ගියොත් බලාගන්න පුලුවන්. https://youtu.be/3eoZJybaoT4
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Honda wadak machan. Niyamayi.. Uda wachana wala podi waradi tikak tiyanawa. Ewa hadanna. :) digatama karagena yanna mcaho..
     

    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    누 나 - නුනා - අක්කා
    고기 - කොගි - මස්
    어 머 니 - ඔමොනි- අම්මා
    이 야 기 - ඉයාගි - කතා බහ
    휴가 - හ්යුගා - නිවාඩු


    මේ ටික මේ විදිහට නිවැරදි වෙන්න ඕනේ.....

    :):):):):):):):):):):):):):):):)
     

    deepaldas

    Well-known member
  • 누 나 - නුනා - අක්කා
    고기 - කොගි - මස්
    어 머 니 - ඔමොනි- අම්මා
    이 야 기 - ඉයාගි - කතා බහ
    휴가 - හ්යුගා - නිවාඩු


    මේ ටික මේ විදිහට නිවැරදි වෙන්න ඕනේ.....

    :cool::cool::cool:thankx bro i just fix it

    හිස නමා ස්තුතිය පුද කරනවා සහයොගයට
     
    Last edited:

    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    누 나 - නුනා - අක්කා
    고기 - කොගි - මස්
    어 머 니 - ඔමොනි- අම්මා
    이 야 기 - ඉයාගි - කතා බහ
    휴가 - හ්යුගා - නිවාඩු


    මේ ටික මේ විදිහට නිවැරදි වෙන්න ඕනේ.....

    :cool::cool::cool:thankx bro i just fix it

    හිස නමා ස්තුතිය පුද කරනවා සහයොගයට

    Thank you bro..
    :):):):):):):):):):):):):):):):):):):):):):):)
    සිලබස් එක වෙනස් කරළා.. අලුත් පොතක්ලු තියෙන්නේ.. 2011 පොතේ වගේ, අලුත් එකේ English වලින් තියෙනවලු.
     
    Last edited: