කොරියානු_සෙබළා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කොරියානු_සෙබළා

උතුරු කොරියානු සෙබලා සුවය ලබයි

98740793_mediaitem98740790.jpg

පසුගියදා උතුරු කොරියානු සෙබලෙක් කොරියානු යුධ මුක්ත කලාපය හරහා ( Demilitarized Zone (DMZ) ) දකුණු කොරියාවට පැමිණීමට උත්සහ කිරීමේදී උතුරු කොරියානු දේශ සිමා ආරක්ෂක බටයින් විසින් එල්ල කෙරුණු වෙඩි ප්‍රහාර වලින් තුවාල ලබා සිටියදී දකුණු කොරියාව විසින් ඔහුව බේරා ගනු ලැබුණි. මෙම සෙබලාට තම රටේ සෙබළුන් විසින් වෙඩි පහර 40 කට වඩා එල්ල කර ඇති බව දකුණු කොරියාව පවසයි. වෙඩි වැදුණු සෙබලා ගස් යට කොළ ගොඩක් උඩ වැටි සිටියදී දකුණු කොරියානු ආරක්‍ෂකයින් විසින් සොයාගන්න ලදී. හමුවන විට වෙඩි වැදීමෙන් ඔහු සිහිසුන් තත්වයේ පසුවූ අතර වහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදීම ඇරැඹීය.

පසුගිය සිකුරාදාවන තෙක් ඔහුගේ ජීවිතය ඉතා අවිනිශ්චිත තත්වයක පැවතුනි. එයට ප්‍රධනතම හේතුව වුයේ ඔහුගේ ශරීරයේ විශාල ලෙස පරපෝෂිත පනුවන් පැතිර ගොස් සිටීම නිසාවෙනි. ඔහු ඉතා දරුණු ලෙස පරපෝෂී පණුවන්ගෙන් පිඩා වින්දේය. වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල විශාල ලෙස නරක් වී තිබිණි. වෛද්‍යවරුන් ප්‍රකශ කලේ ඔහුගේ ශරීරයේ තිබී අඟල් 11 පමණ දිග පණුවෙකු ඉවත් කල බවය. උතුරු කොරියානුවන් බොහොමයක් මෙම පරපෝෂී පණුවන්ගෙන් පිඩා විඳින තත්වයක් දක්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ උතුරු කොරියානුවන් ගන්නා දුෂිත අහාර හේතුවෙනි. ඉතා දරිද්‍ර තත්වයෙන් පෙලෙන රටක් වන උතුරු කොරියාව ඔවුන්ගේ වගාවන්ට පොහොර ලෙස මිනිස් මලපහ භාවිතා කරයි. අතීතයේදී රසායනික පොහොර භාවිතා කලත් මේ වන විට ගොවීන්ට රසායනික පොහොර සොයා ගැනීමට ඉතා දුෂ්කර වී ඇත. රසායනික පොහොර නොමැති කමින් මිනිස් මල පොහොරක් ලෙසින් භාවිත කිරීම නිසා පරපෝෂී පනුවන් මිනිස් ශරීරයට ඇතුළුවේ. විශේෂයෙන්ම නොපිසූ අහර ලබා ගැනීමේදී මෙම පරපෝෂී පනුවන් ශරීර ගත වේ.

මේ වන තෙක් සිහිසුන්ව සිටි සෙබලා ක්‍රම ක්‍රමයෙන් සුවය ලබමින් ඊයේ දිනයේ සම්පුර්ණ සිහිය ලබා ඇත. ඔහු අවදිවූ මොහොතේම දකුණු කොරියානු චිත්‍රපටයක් නැරබීමට අවස්ථව ඉල්ලා ඇත. තවද ඔහුගේ කාමරයේ දකුණු කොරියානු කොඩි එල්ලා තබා ඇත. එය ඔහුගේ මානසිකත්වය යහපත් ආකාරයෙන් සහ කම්පනයක් ඇති නොවන ආකාරයට තැබීමටය.

උතුරු කොරියාව විසින් එරට වැසියන්ට රටින් පිටවීයාමට යාමට එරහිව තහංචි පනවා ඇත. යම් පුද්ගලයකු එසේ ගියහොත් වෙඩි තැබීමට පියෝන්ග්යෑන්ග් පාලනය විසින් අණ නිකුත් කොට ඇත. නමුත් සෑම වසරකදීම උතුරු කොරියානුවන් දහසකට ආසන්න පමණ පිරිසක් දකුණු කොරියාවට සරණාගතයින් ලෙස පැමිණේ. බොහොමයක් උතුරු කොරියානුවන් චීනය හරහා ගොස් දකුණු කොරියාවට ලඟා වේ. නමුත් යුධමුක්ත ( DMZ ) කලාපය ඔස්සේ ගමන් කිරීම ඉතා විරලය. මන්ද යුධ මුක්ත කලාපය යනු සන්නද්ධ භටයින්ගෙන් සමන්විත දැඩි ආරක්‍ෂිත කලාපයකි. සෝල් ( Seoul ) වාර්තා පෙන්වා දෙනු ලබන ආකාරයට 1953 දී සිදුවූ කොරියානු යුද්ධයෙන් පසුව මේ වන තෙක් උතුරු කොරියානුවන් තිස්දහසක පමණ පිරිසක් දකුණු කොරියාවේ ආරක්ෂිතව දිවි ගෙවනු ලබන බවයි. ඒ අතරින් බහුතරයක් චීන කොරියානු දේශසීමා හරහා දකුණු කොරියාවට සංක්‍රමණය වූ පිරිස්ය.

254517.jpg

උතුරු දකුණු කොරියානු දේශසීමාවේ පිහිටා ඇති යුධ මුක්ත කලාපය. Demilitarised Zone (DMZ)

උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com
 
Last edited:
  • Like
Reactions: barath dpriye

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඕවා ඉතින් උන් නේ කියන්නේ.අපි ඇහින් දැක්කේ නැහැනේ.හරියට ඒ කාලේ LTTE උන් හමුදාව මානසිකව වට්ටන්න හමුදාව ගැන බොරු කිව්වා වගේද කියලා කවුද දන්නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඕවා ඉතින් උන් නේ කියන්නේ.අපි ඇහින් දැක්කේ නැහැනේ.හරියට ඒ කාලේ LTTE උන් හමුදාව මානසිකව වට්ටන්න හමුදාව ගැන බොරු කිව්වා වගේද කියලා කවුද දන්නේ.

    :yes:ඇමරිකාව කියන හැටියට තමා දකුණු කොරියාවේ උන් වැඩ කරන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමරිකන් කාරයො මිනිස්සුන්ව උතුරු කොරියාවට එරෙහිව උසි ගන්නන්න ලියල දානව උඹත් ඉතිං දාගෙන ශෙයා කරනව :P කොරපං කොරපං. ඇමරිකාව න්‍යශ්ඨික අවි හැදුවත් කමක් නෑ. පාවිච්චි කලත් කමක් නෑ. උතුරු කොරියාව අත්හදා බැලීමක් කලොත් ලෝකෙම අනතුරේ. :dull: හිරෝශිමා නාගසාකි එහෙම කොච්චර විනාස වුනාද උතුරු කොරියාවෙ වැඩ හින්ද නේ ? :angry:
     
    වඳුරට දැලිපිහියක් හම්බ උනාම ඌ මොකද කරන්නේ ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වඳුරට දැලිපිහියක් හම්බ උනාම ඌ මොකද කරන්නේ ?

    අනේ පලයං බං යන්න. ඌ වඳුරෙක් කියන මතේ ප්‍රචාරය කරල තියෙන්නෙත් ඇමරිකන් කාරයොම තමා. දැන් ඌ ගාව න්‍යශ්ඨික අවි නැද්ද ? තරමක් දුරට හරි ගහන්න පුලුවන් රොකට් නැද්ද ? කෝ එහෙනං ගහන්න එපෑ දකුණු කොරියාවට. උඹල හිතං ඉන්නෙ උඹලටත් වඩා ඌ ගොනා කියල. හිතුණ ගැහුව ජාතියෙ එකෙක් කියල. ඌ එහෙම හරකෙක් නෙමේ යකෝ ඇමරිකන් කාරයන්ගෙ ලණු කන උඹයි හරක :sorry: ඌ න්‍යශ්ඨික අවි හදන්නෙ උන්ගෙ ආරක්ශාවට මිසක් ලෝකෙ අල්ලන්න නෙමේ.
     
    උබට හොඳ පැහැදිලි කිරීමකින් සත්‍ය වටහල දෙන්න පුළුවන්. එත් කම්මැලියි බන් ටයිප් කරන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උබට හොඳ පැහැදිලි කිරීමකින් සත්‍ය වටහල දෙන්න පුළුවන්. එත් කම්මැලියි බන් ටයිප් කරන්න

    ඇමරිකන් කාරයන්ගෙ සත්‍යය වෙන්ඩ ඇති :lol: උඹලට නාගසාකි හිරෝශිමා පේන්නෙ නෑ උතුරු කොරියාව රොකට් එකක් අත්හදා බැලුවොත් තමා ප්‍රශ්නෙ :lol: න්‍යශ්ඨික අවි පාවිච්චි කල්ල මිනිස්සු මරපු එකම රට කොච්චර ආයුධ හැදුවත් භය වෙන්න දෙයක් නෑ උන් මාර හීලෑයි. න්‍යශ්ඨික අවි තියාගෙනත් ඒවගෙන් කිසිම රටකට ගහපු නැති රටක් රොකට් එකක් හැදුවොත් අන්න වඳුරට දැළි පිහිය අහුවෙලාා :lol:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ඇමරිකන් කාරයො මිනිස්සුන්ව උතුරු කොරියාවට එරෙහිව උසි ගන්නන්න ලියල දානව උඹත් ඉතිං දාගෙන ශෙයා කරනව :P කොරපං කොරපං. ඇමරිකාව න්‍යශ්ඨික අවි හැදුවත් කමක් නෑ. පාවිච්චි කලත් කමක් නෑ. උතුරු කොරියාව අත්හදා බැලීමක් කලොත් ලෝකෙම අනතුරේ. :dull: හිරෝශිමා නාගසාකි එහෙම කොච්චර විනාස වුනාද උතුරු කොරියාවෙ වැඩ හින්ද නේ ? :angry:

    :yes::yes::yes: