කොරියානු_සෙබළා
උතුරු කොරියානු සෙබලා සුවය ලබයි
පසුගියදා උතුරු කොරියානු සෙබලෙක් කොරියානු යුධ මුක්ත කලාපය හරහා ( Demilitarized Zone (DMZ) ) දකුණු කොරියාවට පැමිණීමට උත්සහ කිරීමේදී උතුරු කොරියානු දේශ සිමා ආරක්ෂක බටයින් විසින් එල්ල කෙරුණු වෙඩි ප්‍රහාර වලින් තුවාල ලබා සිටියදී දකුණු කොරියාව විසින් ඔහුව බේරා ගනු ලැබුණි. මෙම සෙබලාට තම රටේ සෙබළුන් විසින් වෙඩි පහර 40 කට වඩා එල්ල කර ඇති බව දකුණු කොරියාව පවසයි. වෙඩි වැදුණු සෙබලා ගස් යට කොළ ගොඩක් උඩ වැටි සිටියදී දකුණු කොරියානු ආරක්‍ෂකයින් විසින් සොයාගන්න ලදී. හමුවන විට වෙඩි වැදීමෙන් ඔහු සිහිසුන් තත්වයේ පසුවූ අතර වහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදීම ඇරැඹීය.
පසුගිය සිකුරාදාවන තෙක් ඔහුගේ ජීවිතය ඉතා අවිනිශ්චිත තත්වයක පැවතුනි. එයට ප්‍රධනතම හේතුව වුයේ ඔහුගේ ශරීරයේ විශාල ලෙස පරපෝෂිත පනුවන් පැතිර ගොස් සිටීම නිසාවෙනි. ඔහු ඉතා දරුණු ලෙස පරපෝෂී පණුවන්ගෙන් පිඩා වින්දේය. වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල විශාල ලෙස නරක් වී තිබිණි. වෛද්‍යවරුන් ප්‍රකශ කලේ ඔහුගේ ශරීරයේ තිබී අඟල් 11 පමණ දිග පණුවෙකු ඉවත් කල බවය. උතුරු කොරියානුවන් බොහොමයක් මෙම පරපෝෂී පණුවන්ගෙන් පිඩා විඳින තත්වයක් දක්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ උතුරු කොරියානුවන් ගන්නා දුෂිත අහාර හේතුවෙනි. ඉතා දරිද්‍ර තත්වයෙන් පෙලෙන රටක් වන උතුරු කොරියාව ඔවුන්ගේ වගාවන්ට පොහොර ලෙස මිනිස් මලපහ භාවිතා කරයි. අතීතයේදී රසායනික පොහොර භාවිතා කලත් මේ වන විට ගොවීන්ට රසායනික පොහොර සොයා ගැනීමට ඉතා දුෂ්කර වී ඇත. රසායනික පොහොර නොමැති කමින් මිනිස් මල පොහොරක් ලෙසින් භාවිත කිරීම නිසා පරපෝෂී පනුවන් මිනිස් ශරීරයට ඇතුළුවේ. විශේෂයෙන්ම නොපිසූ අහර ලබා ගැනීමේදී මෙම පරපෝෂී පනුවන් ශරීර ගත වේ.
මේ වන තෙක් සිහිසුන්ව සිටි සෙබලා ක්‍රම ක්‍රමයෙන් සුවය ලබමින් ඊයේ දිනයේ සම්පුර්ණ සිහිය ලබා ඇත. ඔහු අවදිවූ මොහොතේම දකුණු කොරියානු චිත්‍රපටයක් නැරබීමට අවස්ථව ඉල්ලා ඇත. තවද ඔහුගේ කාමරයේ දකුණු කොරියානු කොඩි එල්ලා තබා ඇත. එය ඔහුගේ මානසිකත්වය යහපත් ආකාරයෙන් සහ කම්පනයක් ඇති නොවන ආකාරයට තැබීමටය.
උතුරු කොරියාව විසින් එරට වැසියන්ට රටින් පිටවීයාමට යාමට එරහිව තහංචි පනවා ඇත. යම් පුද්ගලයකු එසේ ගියහොත් වෙඩි තැබීමට පියෝන්ග්යෑන්ග් පාලනය විසින් අණ නිකුත් කොට ඇත. නමුත් සෑම වසරකදීම උතුරු කොරියානුවන් දහසකට ආසන්න පමණ පිරිසක් දකුණු කොරියාවට සරණාගතයින් ලෙස පැමිණේ. බොහොමයක් උතුරු කොරියානුවන් චීනය හරහා ගොස් දකුණු කොරියාවට ලඟා වේ. නමුත් යුධමුක්ත ( DMZ ) කලාපය ඔස්සේ ගමන් කිරීම ඉතා විරලය. මන්ද යුධ මුක්ත කලාපය යනු සන්නද්ධ භටයින්ගෙන් සමන්විත දැඩි ආරක්‍ෂිත කලාපයකි. සෝල් ( Seoul ) වාර්තා පෙන්වා දෙනු ලබන ආකාරයට 1953 දී සිදුවූ කොරියානු යුද්ධයෙන් පසුව මේ වන තෙක් උතුරු කොරියානුවන් තිස්දහසක පමණ පිරිසක් දකුණු කොරියාවේ ආරක්ෂිතව දිවි ගෙවනු ලබන බවයි. ඒ අතරින් බහුතරයක් චීන කොරියානු දේශසීමා හරහා දකුණු කොරියාවට සංක්‍රමණය වූ පිරිස්ය.
උතුරු දකුණු කොරියානු දේශසීමාවේ පිහිටා ඇති යුධ මුක්ත කලාපය. Demilitarised Zone (DMZ)
උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com

Last edited:

ඇමරිකාව කියන හැටියට තමා දකුණු කොරියාවේ උන් වැඩ කරන්නේ.
කොරපං කොරපං. ඇමරිකාව න්‍යශ්ඨික අවි හැදුවත් කමක් නෑ. පාවිච්චි කලත් කමක් නෑ. උතුරු කොරියාව අත්හදා බැලීමක් කලොත් ලෝකෙම අනතුරේ.
හිරෝශිමා නාගසාකි එහෙම කොච්චර විනාස වුනාද උතුරු කොරියාවෙ වැඩ හින්ද නේ ? 
උඹලට නාගසාකි හිරෝශිමා පේන්නෙ නෑ උතුරු කොරියාව රොකට් එකක් අත්හදා බැලුවොත් තමා ප්‍රශ්නෙ