කොරෝනා ඇත්තටම බයානකද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම මේ සීරියස් අහන්නේ. කොරෝනා වලින් මරුන අයගේ ප්‍රතිශතය ගොඩක් අඩුයි නේ. ගොඩක් අයට රෝග ලක්ෂණයක් වත් නැහැ. PCR එක පොසිටිව් වුනාට කිසිම උණක් වත් හැදෙන්නේ නැහැ ගොඩක් අයට. ලෝක සෞක්‍ය සංවිදානය කියනවා ලෝකෙ ජනගහනයෙන් 10% ට (මිලියන 760 ට ) කොරෝනා හැදිලා ඇති කියලා දැනට. ඒ කියන්නේ දැනට නිල වශයෙන් හඳුනාගත් කොරෝනා පොසිටිව් අය වගේ විසි ගුණයක් (දැනට හඳුනාගෙන තියෙන අය මිලියන 35)!! මේ ඔක්කොම ගත්තොත් මරණ අනුපාතය 0.1% ට කිට්ටුයි.

    වෙන විදියකට කිව්වොත් මේ කට්ටියට හැදිලා, හොඳ වෙලා, කවුරුත් දන්නෙත් නැහැ, කිසිම රෝග ලක්ෂනයක්වත් නැහැ, කලාතුරකින් කෙනෙක්ට තමයි රෝග ලක්ෂණයක් වත් එන්නේ. (ලංකාවේ සමාජයේත් මේ වගේ අය ගොඩාක් ඉන්න පුළුවන්, මේ එක පාර රෝග ලක්ෂණ එක්ක මතු වුනේ අන්න ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්). ඉතින් ඇත්තටම බය වෙන්න ඕනද තමන් ගොඩක්ම වයසක කෙනෙක් හරි දැනටමත් වෙන බරපතල ලෙඩකින් පීඩා විඳින්නෙක් හරි නෙමෙයි නං? අපි වැඩිය ගණන් ගන්නේ නැති ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, ජලබිතිකාව, මී උන වගේ ඒවායේ මරණ ප්‍රතිෂතයි රෝගී වෙන ප්‍රතිශතයයි ගොඩක්ම වැඩියි. මුකුත් ඕන නැහැ වාහන අනතුරු වලින් දවස ගානේ බර ගානක් මැරෙනවා.

    https://www.nbcnews.com/news/world/covid-19-may-have-infected-10-percent-world-s-population-n1242118
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම ඉන්න රටේ උං නං එහෙම තමා හිතං ඉන්නෙ දැනට 8000ක් වගේ මැරිලා 80000ක් විතර රිපොට් වෙලා ඉන්නවා. මෙහෙ ලොක් ඩවුන් කරේ නෑ. කොටින්ම කිව්වොත් හඩ් ඉමියුනිටි ට්‍රයි කරපු එකම රට මේක. හැබැයි ඒක සාර්තක වෙන්න මෙකෙ මිනිස්සුගෙ ගති පැවතුම් සෑහෙන ප්‍රයොජනවත් උනා. මුං කෙරොනා නැති කාලෙත් කතා කරද්දි දෙන්නෙක් අතර පරතරය තියා ගන්නවා. ලංකාවෙ වගේ කරේ එල්ලිලා කතා කරන්න යන්නෙ නෑ. කැස්සොත් වැලමිටින් වහ ගන්නවා, අපේ එවුන් කහින්නෙම අනික් එකාගෙ මූණට. මුංගෙ ළමයි අවුරුදු 16 වෙද්දි දෙමාපියන්ගෙන් වෙන් වෙලා වෙනම ජීවත් වෙන්න ගන්නවා. ඒ නිසා වැඩිහිටි අය තරුණ අයගෙන් වෙනම ජීවත් වෙන නිසා කොරෝනා වල රිස්ක් කැටගරි එක වෙන් කරල තියන්න ලේසිඋනා. ලංකාවෙ ඉතින් ආච්චි සීයා එක්ක මී මුණුබුරා වෙනකං එකට ජීවත් වෙන්නෙ ඒ හින්දා එකෙක්ට හරි හැදුනොත් වැඩිහිටි අයව බේරගන්න අමාරුයි.

    ඒ වගේම තමා රොහල් වල දැඩි සත්කාර ඇදන් ගාන. මෙහෙ මාරුතු වල කොරොනා නැගගනෙ එද්දි අලුත් ඇදං 2000ක් වගේ දැඩි සත්කාර වලට එකතු කරල අලුත් රෝහල් පවා හැදුවා. ලංකාවට එහෙම කරන්න ශක්තියක් නෑ

    ඔය වගේ ප්‍රායොගික පැත්තක් තියනවා.
     
    උඹ ස්වීඩන් වෙන්න ඇති ඉන්නේ.
    මමත් එක තමයි කියන්නේ. ගොඩක් අය බය වෙලා තියෙනවා වැඩියි කියලා හිතෙන්නේ (මම වැරදි වෙන්න පුළුවන්). ෆේස්බුක් අනන් මනං බැලුවම තේරෙන්නේ කට්ටිය බය වෙලා තියෙන්නේ හරියට අනිවාර්යෙන් මැරෙන ඒඩ්ස්/ජලබිතිකාව හදුනා කිව්වා වගේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹ ස්වීඩන් වෙන්න ඇති ඉන්නේ.
    මමත් එක තමයි කියන්නේ. ගොඩක් අය බය වෙලා තියෙනවා වැඩියි කියලා හිතෙන්නේ (මම වැරදි වෙන්න පුළුවන්). ෆේස්බුක් අනන් මනං බැලුවම තේරෙන්නේ කට්ටිය බය වෙලා තියෙන්නේ හරියට අනිවාර්යෙන් මැරෙන ඒඩ්ස්/ජලබිතිකාව හදුනා කිව්වා වගේ.

    බය වෙලා නම් ලංකාවෙ උන් මාස්ක් නොදා පාරේ යයිද?FB ඵක නෙමෙයි පාරට බැහැලා බලපං
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,728
    113
    ස්වීඩන් ආතල් මෙහෙ හරියන්නෑ.....උන්ගේ program එකක් ගියා රෝහල් ඇඳන් අඩු කරන්න. ඉතින් ඉක්මනට ආපහු ඒ වැරැද්ද හදාගන්න තරම් මුදල් තිබ්බා.

    ලංකාවේ family එකේ මැරෙන කෙනා (අපි ප්‍රාර්ථනා නොකරමු) ආදායම් උපයන කෙනා නම් පවුල අමාරුවට වැටෙනවා.

    Sweden වගේ සමාජ ආරක්ශාවක් නෑ.... ඉතින් අනිත් එවුන්ගේ කොපි ගහන්න කලින් පරිස්සම් වෙලා ඉමු.

    මේක කෘතීම human made වයිරස් ලක්ශන තියෙන නිසා පෙනහළු හානිය සදාකාලික යි. Super Emmunity තියෙනවා කියලා දඟලපු එවුනුත් මැරිලා තියෙනවා.
     
    • Like
    Reactions: hasithayad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    There are two measures in use.... The IFR and the CFR.
    IFR is the Infection Fatality Ratio - an estimate of deaths among all infected individuals
    CFR - an estimate of deaths among identified confirmed cases.

    It appears that the CFR is falling now. There are many reasons for this including the safety measures that are in place now. Also the fatality rates are age dependent.
    In the UK is's estimated that the CFR has fallen from more than 6% to 1.5% now. In the US it's fallen down to 3% and in Brazil to 3.1%
    Globally, the CFR is estimated to be around the 3.2% mark and the pandemic is still growing. :(

    Of course the figures of deaths or the case numbers are inaccurate and mostly under-reported. In some countries the the count is erroneous and in another it's outright lies.