කොලඹ ට්‍රැෆික්

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කොලඹ ට්‍රැෆික්

    මචන්ලා මම මේක දාන්න හිතුවේ මේ දවස් වල ගොඩක් අය කොලඹ ට්‍රැෆික් ගැන කතා කරන හින්ද. එක එක අය එක එක විදිහේ විසඳුම් යෝජනා කරනවා. ඒත් එහෙම කියන දේවල් සමහර වෙලාවට කරන්න ගියහම තමයි ඒවගෙ තියෙන අමාරුකම තේරෙන්නෙ.

    අපි කැම්පස් ඉන්නකොට ප්‍රොජෙක්ට් එකට කරේ කොලඹ තියෙන ට්‍රැෆික් එකට විසඳුමක් හොයන එක. එහෙම කරහම අපිට විසඳුම් 5ක් ඉදිරිපත් කරන්න පුලුවන් උනා.

    1. පවතින මාර්ග පුලුල් කිරීම
    2. Bus Rapid Transit System (BRT System)
    3. Bus Priority Lane System
    4. Monorail System
    5. Subway System

    මම දැන් උඩ කියපු විකල්ප ගැන කෙටි විස්තරයක් කරන්නම්.

    1. පවතින මාර්ග පුලුල් කිරීම

    මේ විසඳුම තමයි ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන් විසඳුම. ඒත් මම පැහදිලිවම කියන්න ඕන පාරවල් පලල් කරනව කියන එක තාවකාලික විසඳුමක් විතරයි කියන එක. ඒකට හේතු 3ක් තියෙනව.

    1. පාරක් පලල් කරහම ට්‍රැෆික් අඩු වෙනව. එතකොට කලින් ට්‍රැෆික් වැඩි හින්දා ඒ පාර මග ඇරල විකල්ප මාර්ග භාවිතා කරපු අය ආයෙමත් පලල් කරපු පාරට එනව. එතකොට ටික දවසකින් ආයෙත් පාරෙ කලින් වගේම ට්‍රෆික් වැඩි වෙලා.

    2. අපි ගොඩක් වෙලාවට කරන්නෙ පාරෙ ට්‍රැෆික් වැඩි වෙන වෙලාව මග හැරල ගමන යන එකනේ. ඒත් පාර පලල් කරහම මුලින් ට්‍රැෆික් අඩු වෙන හින්දා ආයෙත් අපි හරි වෙලාවටම යන්න පුරුදු වෙනව. එතකොට ටික දවසකින් ට්‍රැෆික් කලින් වගේම තමයි.

    3. ගොඩක් මිනිස්සු පාරෙ ට්‍රැෆික් හින්ද අකමැත්තෙන් හරි පොදු ප්‍රවාහන සේවා ( විශේෂයෙන් කෝච්චි ) පාවිච්චි කරනව. ඒත් පාර පලල් වෙලා ට්‍රැෆික් අඩු උන ගමන් තමන්ගෙ වාහන වලින් යන්න පටන් ගන්නව. එතකොට ට්‍රැෆික් එක කලින් වගේම තමයි.

    2. Bus Rapid Transit System (BRT System)

    මේකෙදි කරන්නෙ පවතින පාරෙ තව එක ලේන් එකක් වැඩි කරනව. ඒ ලේන් එක තනිකරම බස් වලට විතරක් වෙන් කරනව. මේ ලේන් එකට වෙන වාහන ඇතුල් කරන්න බෑ. ඒක අනික් ලේන් වලින් වෙන් කරල තියෙන්නෙ. එතකොට ටවුන් දෙකක් අතර හැම විනාඩි 10ට වගේ සැරයක් බස් එකක් යනව. නමුත් සීමිත නැවතුම් තිබුනොත් වැඩේ ඉතාම සාර්ථකයි. මේකෙදි යම් පමනකින් ගමන් වෙලාව අඩු කරගන්න පුලුවන්. නමුත් හංදි වලදි ඇති වෙන ට්‍රැෆික් එක මේ සිස්ටම් එකටත් අනිවාර්යෙන්ම බලපාන හින්ද හොඳ විසඳුමක විදිහට සලකන්න බැහැ.

    3. Bus Priority Lane System

    මේක තමයි අඩුම වියදමකින් කරන්න පුලුවන් විසඳුම. නමුත් මේකෙ කාර්යක්ශමතාව ඉතාම අඩුයි. මේකෙදි කරන්නෙ පවතින මාර්ගයෙම වම් පැත්තෙ ලේන් එක බස් වලට විතරක් වෙන් කරනව. ඒත් අනික් වාහන ඒ ලේන් එක පාවිච්චි කරනවනම් මේක වැඩක් වෙන්නෙ නෑ මොකද බස් ලේන් එක වෙනම පාරෙන් වෙන් කරල නැති හින්ද.දැනටත් ලංකාවෙ මේකෙ සමහර දේවල් ක්‍රියාත්මක වෙනව උනත් කිසිම ආකාරයක ට්‍රැෆික් අඩුවීකම්වත් ගමන් කාලයේ අඩුවීකමක්වත් නෑ.

    4. Monorail System

    මොනො රේල් කියන්නෙ තනි පිහිල්ලක් උපයෝගී කරගෙන ධාවනය වන දුම්රිය කියන එක. ගොඩක් වෙලාවට විදුලියෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. ආසියාවෙ ගොඩක් රටවල ( විශේෂයෙන්ම ජාපානෙ ) මේක ඉතාම සාර්ථම අන්දමින් යොදා ගන්නව.

    මේක පවතින මාර්ග එක්ක කිසිම සම්බන්ධයක් නැති හින්ද ඉතාම අඩු ගමන් කාලයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනව. ඒ වගේම තමයි විදුලියෙන් ක්‍රියාත්මක කරන කරන හින්ද පරිසර හිතකාමී වෙනව. ගමන් කරන මගීන් ප්‍රමානය අනුව මේකෙ විශාලත්වයත් වෙනස් කරගන්න පුලුවන් ( පෙටිටි ප්‍රාමානය ). ඒ වගේම මෙක අලුත් වැඩියාවන් අඩු සිස්ටම් එකක් විදිහටත් ප්‍රසිද්ධයි. Automated System එකක් හින්ද අනතුරු නැති තරම්.

    මේක ලංකාවට අලුත්ම දෙයක් හින්දා විදේශ රටවලින් තාක්ශණික සහය ලබා ගන්න වෙනව. ප්‍රධානම දේ තමයි මේකට ලොකු මූලික වියදමක් ( Capital cost) වැය කරන්න වෙන එක.

    5. Subway System

    මේක තමයි අපි කවුරුත් දන්න උමං මාර්ග. කාර්යක්ශමතාව අතින් ගත්තහම මේක තමයි හොඳම එක. නමුත් වියදම ඉතාම ඉහලයි. කිලෝමීටරයක් හදන්න ඩොලර් බිලියන ගානක් යනව. ලංකාව වගේ රටකට මේක හරියන්නෙ නෑ.

    එහෙම බලපුවහම මොනො රේල් තමයි අපිට තියෙන හොඳම විසඳුම. අපි බලමු ඉදිරියට අපිට මොනො රේල් එකක යන්න පුලුවන් වෙයිද කියල.
     
    Last edited:
    • Like
    Reactions: sat_12

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    දේශපාලුවෝ නිසා කෙල උනේ
    නැතිනං තිබ්බේ ඒ කාලෙම සබ්වේ එකට උමගක් කපල තියන්න
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    ලොවෙත් බයික් පදින අයියල ටික ඔය පාරෙන් දාල හරි යන එක නම් sure
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔය මොකුත් ඕන නැහැ බන්,පොන්න කාලකන්නි පොලිස් කාරයෝ ටික පාරේන් තොළොන්චි වෙලා යනවනම් ඇති.138 පාර නම් බ්ලොක් වෙන්නේ ඔය පොන්නයෝ නිසා ඕකුන් නැති දවස් වලට කිසිම ට්‍රැෆික් 1ක් නැහැ
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දේශපාලුවෝ නිසා කෙල උනේ
    නැතිනං තිබ්බේ ඒ කාලෙම සබ්වේ එකට උමගක් කපල තියන්න

    ලංකාවට කෙලවීමක් මිස ගොඩ ඒමක් නෑ වගේ බන් :no: :no: :no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් හිතෙන්නේ monorail තමයි හොඳම. ඒත් දේශපාලුවෝ අත ගහන්නේ කුට්ටිය ලොකු එවටනේ. අර මත්තල හදන වෙලාවේ ඔය වගේ එකක් ඒ සල්ලි වලින් හැදුවනම් කොච්චර වටිනවද? :(
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔය මොකුත් ඕන නැහැ බන්,පොන්න කාලකන්නි පොලිස් කාරයෝ ටික පාරේන් තොළොන්චි වෙලා යනවනම් ඇති.138 පාර නම් බ්ලොක් වෙන්නේ ඔය පොන්නයෝ නිසා ඕකුන් නැති දවස් වලට කිසිම ට්‍රැෆික් 1ක් නැහැ

    ලංකාවෙ කිසිම ට්‍රැෆික් ප්ලෑන් එකක් නෑ කියන්නෙ ඒකනෙ බන්. පොලිස් කාරයින්ට වඩා නම් ට්‍රැෆික් ලයිට් දාහෙන් සම්පතයි.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මමත් හිතෙන්නේ monorail තමයි හොඳම. ඒත් දේශපාලුවෝ අත ගහන්නේ කුට්ටිය ලොකු එවටනේ. අර මත්තල හදන වෙලාවේ ඔය වගේ එකක් ඒ සල්ලි වලින් හැදුවනම් කොච්චර වටිනවද? :(

    අනිවා බන්. ලංකාවට මොනොරේල් සිස්ටම් දෙකක් දාන්න කතා කරල තිබුන. එකක් Battaramulla to Fort. අනික Mount Lavinia to Fort
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ දේවල් ඇත්තටම වෙනවා නම් හොදයි.. ඒත් මේ රටේ ඔය වගේ දේවල් ඇති කරන එකයි අමාරු
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,200
    113
    37
    @ katubedda
    Man nam hitanne, owata kalin minissunta pare eka lane ekaka yanna kiyala denna one, specially bikes, ita passe thamai mono rail wage ewa genna one,

    ඔවු බන් වාහන එලවන හැම එකාටම හරියට තමන්ගේ ලේන එකේ එලවන්න පුරුදු කරන්න ඔනි ඔක්කොටම කලින්. නැත්නම ලේන් 8 පාරක් හැදුවත් වැඩක් නැ එකෙක් ඇදේට යනකොට
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,200
    113
    37
    @ katubedda
    අපේ ඩ්‍රයිවර්ලගේ විනය මදි.. හැම එකාම බලන්නේ එකෙක් ඔවර්ටෙක් කරලා ඉස්සරහට යන්න. එකෙක් වත් කැමති නැ එකා පිටිප‍ස්සේ එකා යන්න.විනය හදන්න ඔනි පාරවල් හදන්න කලින්.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ මගේ අදහස් ටික

    කට්ටියම එන්න කතා කරමු
    1) කොළඹ තියෙන ඉස්කෝල ටික අනිවා අයින් වෙන්න ඕන. එක පාරට නෙවෙයි ක්‍රම ක්‍රමයෙන්,මේකට ආදි ශිෂ්‍ය සංගම් සද්දයක් දායි ඒත් ඒක කරන්නම ඕන.

    හේතුව-පිට පලාත් වලින් පුදුම වාහන ගොඩක් එන්නේ ළමයි අරගෙන.
    ට්‍රෆික් තියෙන ප්‍රධාන වෙලාවල් දෙකට අමතරව තව මැද්දෙත් වෙලාවක් හැදෙනවා මේ ඉස්කෝල ටික නිසා

    2)කොටුවේ මැනිං මාකට් එකත් එපා. මාළු මාකට් එක වගේ ඕකත් ළඟ තැනකට ගිහින් දාන්න ඕන, නාටමිල දකුණු පැත්තේ ලේන් එකේ කරත්ත තල්ලු කරන් යන්නේ පාරී වේගෙන්ම යන වාහනේ ඒක වගේ. අනෙක ලොරි තඩි.

    3)බස් නැවතුම් පළ
    මේකත් එපා. මුලු රටේම තියෙන බස් සේරම උඩේටයි හවසටයි මේකට රින්ගනවා. දවල්ට ඒව පාර්ක් කරන්න ඉඩ යනවා
    මගේ යෝජනාව
    කොලඹ මාර්ග සේරම ආවරණය වෙන්න බස් සේවාවක් පැය 24 අවශ්‍යතාවය අනුවක්‍රියාත්මක වෙන්න ඕන. මේකටත් බස් කාරයෝ අනිවා ගේම ඉල්ලනවා. එතකොට කොළඹින් පිට පිහිටුවන මධ්‍යම බස් නැවතුමේ ඉඳලා ඕනම තැනකට මේ බස් වලින් මිනිස්සුන්ට යන්න පුලුවන්.

    4) කොළඹට ඇතුලුවන පුද්ගලික වාහන වලින් මුදලක් අය කිරීම
    ඕකෙනුත් වාහන ඇතුලු වෙන එක සීඑමා වෙනවා. දැන් සමහර ඩයල්ස් මාන්නේ පෙන්නන්න තඩි කාර් වලින් වැඩට එන්නේ.

    සංවාදයට විවෘත්තයි
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔවු බන් වාහන එලවන හැම එකාටම හරියට තමන්ගේ ලේන එකේ එලවන්න පුරුදු කරන්න ඔනි ඔක්කොටම කලින්. නැත්නම ලේන් 8 පාරක් හැදුවත් වැඩක් නැ එකෙක් ඇදේට යනකොට

    Man nam hitanne, owata kalin minissunta pare eka lane ekaka yanna kiyala denna one, specially bikes, ita passe thamai mono rail wage ewa genna one,

    පොඩ්ඩක් හිතල බලපන්කො අපේ එවුන්ගෙ විනය කොහොමද කියල. වාහනේ පාරට දාගන්න හරි පොඩි පාරකින් ලොකු පාරකට දාගන්න හරි කොච්චර ට්‍රයි කරන්න ඕනෙද? එකෙක්වත් නවත්තල ඉඩ දෙන්නෙ නෑ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔය මොකුත් ඕන නැහැ බන්,පොන්න කාලකන්නි පොලිස් කාරයෝ ටික පාරේන් තොළොන්චි වෙලා යනවනම් ඇති.138 පාර නම් බ්ලොක් වෙන්නේ ඔය පොන්නයෝ නිසා ඕකුන් නැති දවස් වලට කිසිම ට්‍රැෆික් 1ක් නැහැ

    me kathawa nam sahatika atta ban..ape patheth handiyak tiyenawa..okun hitiyot ambanaka traffic...:growl::growl::growl:

    මමත් හිතෙන්නේ monorail තමයි හොඳම. ඒත් දේශපාලුවෝ අත ගහන්නේ කුට්ටිය ලොකු එවටනේ. අර මත්තල හදන වෙලාවේ ඔය වගේ එකක් ඒ සල්ලි වලින් හැදුවනම් කොච්චර වටිනවද? :(

    ගෝටා මාමා කරන්න හිටියේ :dull::dull::dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ මගේ අදහස් ටික

    කට්ටියම එන්න කතා කරමු
    1) කොළඹ තියෙන ඉස්කෝල ටික අනිවා අයින් වෙන්න ඕන. එක පාරට නෙවෙයි ක්‍රම ක්‍රමයෙන්,මේකට ආදි ශිෂ්‍ය සංගම් සද්දයක් දායි ඒත් ඒක කරන්නම ඕන.

    හේතුව-පිට පලාත් වලින් පුදුම වාහන ගොඩක් එන්නේ ළමයි අරගෙන.
    ට්‍රෆික් තියෙන ප්‍රධාන වෙලාවල් දෙකට අමතරව තව මැද්දෙත් වෙලාවක් හැදෙනවා මේ ඉස්කෝල ටික නිසා

    2)කොටුවේ මැනිං මාකට් එකත් එපා. මාළු මාකට් එක වගේ ඕකත් ළඟ තැනකට ගිහින් දාන්න ඕන, නාටමිල දකුණු පැත්තේ ලේන් එකේ කරත්ත තල්ලු කරන් යන්නේ පාරී වේගෙන්ම යන වාහනේ ඒක වගේ. අනෙක ලොරි තඩි.

    3)බස් නැවතුම් පළ
    මේකත් එපා. මුලු රටේම තියෙන බස් සේරම උඩේටයි හවසටයි මේකට රින්ගනවා. දවල්ට ඒව පාර්ක් කරන්න ඉඩ යනවා
    මගේ යෝජනාව
    කොලඹ මාර්ග සේරම ආවරණය වෙන්න බස් සේවාවක් පැය 24 අවශ්‍යතාවය අනුවක්‍රියාත්මක වෙන්න ඕන. මේකටත් බස් කාරයෝ අනිවා ගේම ඉල්ලනවා. එතකොට කොළඹින් පිට පිහිටුවන මධ්‍යම බස් නැවතුමේ ඉඳලා ඕනම තැනකට මේ බස් වලින් මිනිස්සුන්ට යන්න පුලුවන්.

    4) කොළඹට ඇතුලුවන පුද්ගලික වාහන වලින් මුදලක් අය කිරීම
    ඕකෙනුත් වාහන ඇතුලු වෙන එක සීඑමා වෙනවා. දැන් සමහර ඩයල්ස් මාන්නේ පෙන්නන්න තඩි කාර් වලින් වැඩට එන්නේ.

    සංවාදයට විවෘත්තයි

    puluwan weda gena witharak katha karamu bn... mit lesi subway system ekak hadana eka
     
    මචන් උඹ කියල තියෙන දේවල් හරියටම හරි. එක පාරක් යෝජනාවක් ආව එකේ එන බස් ඔක්කොම වලින් නවත්තල එතන ඉඳල කොටුවට වෙන බස් සර්විස් එකකින් අරගෙන යන්න.

    ඉස්කෝල කතාව හරියටම හරි. ඔක්කොමල දන්නව ඇතිනෙ ඉස්කෝල නිවඩු කාලෙට කොහොමද කියල පාරවල්
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මට හිතෙන විදියට ඕකට ප්‍රධාන හේතුව TOWN PLAN එකක් නැති එක