කොලඹ ට්‍රැෆික්
මචන්ලා මම මේක දාන්න හිතුවේ මේ දවස් වල ගොඩක් අය කොලඹ ට්‍රැෆික් ගැන කතා කරන හින්ද. එක එක අය එක එක විදිහේ විසඳුම් යෝජනා කරනවා. ඒත් එහෙම කියන දේවල් සමහර වෙලාවට කරන්න ගියහම තමයි ඒවගෙ තියෙන අමාරුකම තේරෙන්නෙ.
අපි කැම්පස් ඉන්නකොට ප්‍රොජෙක්ට් එකට කරේ කොලඹ තියෙන ට්‍රැෆික් එකට විසඳුමක් හොයන එක. එහෙම කරහම අපිට විසඳුම් 5ක් ඉදිරිපත් කරන්න පුලුවන් උනා.
1. පවතින මාර්ග පුලුල් කිරීම
2. Bus Rapid Transit System (BRT System)
3. Bus Priority Lane System
4. Monorail System
5. Subway System
මම දැන් උඩ කියපු විකල්ප ගැන කෙටි විස්තරයක් කරන්නම්.
1. පවතින මාර්ග පුලුල් කිරීම
මේ විසඳුම තමයි ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන් විසඳුම. ඒත් මම පැහදිලිවම කියන්න ඕන පාරවල් පලල් කරනව කියන එක තාවකාලික විසඳුමක් විතරයි කියන එක. ඒකට හේතු 3ක් තියෙනව.
1. පාරක් පලල් කරහම ට්‍රැෆික් අඩු වෙනව. එතකොට කලින් ට්‍රැෆික් වැඩි හින්දා ඒ පාර මග ඇරල විකල්ප මාර්ග භාවිතා කරපු අය ආයෙමත් පලල් කරපු පාරට එනව. එතකොට ටික දවසකින් ආයෙත් පාරෙ කලින් වගේම ට්‍රෆික් වැඩි වෙලා.
2. අපි ගොඩක් වෙලාවට කරන්නෙ පාරෙ ට්‍රැෆික් වැඩි වෙන වෙලාව මග හැරල ගමන යන එකනේ. ඒත් පාර පලල් කරහම මුලින් ට්‍රැෆික් අඩු වෙන හින්දා ආයෙත් අපි හරි වෙලාවටම යන්න පුරුදු වෙනව. එතකොට ටික දවසකින් ට්‍රැෆික් කලින් වගේම තමයි.
3. ගොඩක් මිනිස්සු පාරෙ ට්‍රැෆික් හින්ද අකමැත්තෙන් හරි පොදු ප්‍රවාහන සේවා ( විශේෂයෙන් කෝච්චි ) පාවිච්චි කරනව. ඒත් පාර පලල් වෙලා ට්‍රැෆික් අඩු උන ගමන් තමන්ගෙ වාහන වලින් යන්න පටන් ගන්නව. එතකොට ට්‍රැෆික් එක කලින් වගේම තමයි.

මේකෙදි කරන්නෙ පවතින පාරෙ තව එක ලේන් එකක් වැඩි කරනව. ඒ ලේන් එක තනිකරම බස් වලට විතරක් වෙන් කරනව. මේ ලේන් එකට වෙන වාහන ඇතුල් කරන්න බෑ. ඒක අනික් ලේන් වලින් වෙන් කරල තියෙන්නෙ. එතකොට ටවුන් දෙකක් අතර හැම විනාඩි 10ට වගේ සැරයක් බස් එකක් යනව. නමුත් සීමිත නැවතුම් තිබුනොත් වැඩේ ඉතාම සාර්ථකයි. මේකෙදි යම් පමනකින් ගමන් වෙලාව අඩු කරගන්න පුලුවන්. නමුත් හංදි වලදි ඇති වෙන ට්‍රැෆික් එක මේ සිස්ටම් එකටත් අනිවාර්යෙන්ම බලපාන හින්ද හොඳ විසඳුමක විදිහට සලකන්න බැහැ.
3. Bus Priority Lane System
මේක තමයි අඩුම වියදමකින් කරන්න පුලුවන් විසඳුම. නමුත් මේකෙ කාර්යක්ශමතාව ඉතාම අඩුයි. මේකෙදි කරන්නෙ පවතින මාර්ගයෙම වම් පැත්තෙ ලේන් එක බස් වලට විතරක් වෙන් කරනව. ඒත් අනික් වාහන ඒ ලේන් එක පාවිච්චි කරනවනම් මේක වැඩක් වෙන්නෙ නෑ මොකද බස් ලේන් එක වෙනම පාරෙන් වෙන් කරල නැති හින්ද.දැනටත් ලංකාවෙ මේකෙ සමහර දේවල් ක්‍රියාත්මක වෙනව උනත් කිසිම ආකාරයක ට්‍රැෆික් අඩුවීකම්වත් ගමන් කාලයේ අඩුවීකමක්වත් නෑ.
4. Monorail System
මොනො රේල් කියන්නෙ තනි පිහිල්ලක් උපයෝගී කරගෙන ධාවනය වන දුම්රිය කියන එක. ගොඩක් වෙලාවට විදුලියෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. ආසියාවෙ ගොඩක් රටවල ( විශේෂයෙන්ම ජාපානෙ ) මේක ඉතාම සාර්ථම අන්දමින් යොදා ගන්නව.
මේක පවතින මාර්ග එක්ක කිසිම සම්බන්ධයක් නැති හින්ද ඉතාම අඩු ගමන් කාලයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනව. ඒ වගේම තමයි විදුලියෙන් ක්‍රියාත්මක කරන කරන හින්ද පරිසර හිතකාමී වෙනව. ගමන් කරන මගීන් ප්‍රමානය අනුව මේකෙ විශාලත්වයත් වෙනස් කරගන්න පුලුවන් ( පෙටිටි ප්‍රාමානය ). ඒ වගේම මෙක අලුත් වැඩියාවන් අඩු සිස්ටම් එකක් විදිහටත් ප්‍රසිද්ධයි. Automated System එකක් හින්ද අනතුරු නැති තරම්.
මේක ලංකාවට අලුත්ම දෙයක් හින්දා විදේශ රටවලින් තාක්ශණික සහය ලබා ගන්න වෙනව. ප්‍රධානම දේ තමයි මේකට ලොකු මූලික වියදමක් ( Capital cost) වැය කරන්න වෙන එක.
5. Subway System
මේක තමයි අපි කවුරුත් දන්න උමං මාර්ග. කාර්යක්ශමතාව අතින් ගත්තහම මේක තමයි හොඳම එක. නමුත් වියදම ඉතාම ඉහලයි. කිලෝමීටරයක් හදන්න ඩොලර් බිලියන ගානක් යනව. ලංකාව වගේ රටකට මේක හරියන්නෙ නෑ.
එහෙම බලපුවහම මොනො රේල් තමයි අපිට තියෙන හොඳම විසඳුම. අපි බලමු ඉදිරියට අපිට මොනො රේල් එකක යන්න පුලුවන් වෙයිද කියල.

Last edited: