කොල්ලා(ෙපාඩි කතාවක්)

simsam

Member
Apr 20, 2013
96
29
0
Matara
කොල්ල දැන්යකා වැහිල වගේ අතුගානව:frown:.අතුගෑමෙ හොද කමට දැන් අඩි බාගෙක විතර වලකුත් හෑරිල.තව ටිකක් මෙහෙම ගියොත් මූ මේ වලේම නිධන් ගත වෙනව එකෙන්ම.කොල්ලට හිතෙනව ගෙදර ඉන්න තඩි බල්ලව ලිහල අතාරින්න කාපිය කියල ඒත් ඉතින් කෙල්ලොනෙ. නේ? අර පාර පැත්තෙන් ගිය කෙල්ල නම් ලේන්සුවෙන් කට වහගෙන වැදගත් විදියට හිනාවෙනව. හිනාවෙනවද නැත්තම් උදේ පාන්දර මූව දැකල ඒකිට වමනෙට එනවද දන්නෙත් නෑ.මොකෝ මූ මූණ වත් හෝදල නෙවෙයිනෙ ඉන්නෙ.කොහොම හරි කොල්ලගෙ උපකල්පනය උනේ ඒකි හිනාවෙනව කියල.කොල්ල ඒකි ගැන ටිකක් පැහැදුනා වගේ උනා...:rolleyes:

ඒ උනාට මචංල අනිත් කෙල්ල....නොදමකිං ඒකි.ඒකි හිනාවෙනව නෙවෙයි ඝණ්ඨාර ගහනව.:baffled:ඒ සද්දෙට මල පැනල ගෙදර ඉන්න බල්ලත් බුරන්න ගත්ත.ඒත් මේකි නෙවෙයි හිනාව නවත්තන්නෙ.අහල පහල ගෙවල්වල මිනිස්සුත් පාරට එයි කියල කොල්ල බය උනා.මචංල මේ චාරයක් නැතුව හිනා වෙන්නෙ අර පාර අයිනෙන් අපු කෙල්ල.අර ඉවරයක් නැතුව කියවනව කිව්වෙ ආන්න ඒකි.හරි කෙල්ලො දෙන්න ටිං ටිං ගගා පාර දිගට ගියයි කියමුකො.කොලුව දැන් රේඩාර් එහෙම ඕන් කරල මේ හදුනා නොගත් පයාඹන පීරිසි දෙක ගැන දත්ත තියනවද කියල සර්ච් කරල බැලුව හාඩ් එකේ.:(

සර්ච් කරාට වැඩක් උනේ නෑ.දත්ත කිසිවක් නැත කියල වැටුන.අඩෝ එහෙම වෙන්න බෑනෙ මේ මුගේ ඒරියා එකේ සැරිසරන පීරිසි දෙකක්නෙ ඉතින් ඒව ගැන මූ දැනං ඉන්න එපැයි..ඒ උනාට මේ වස්තූන් දෙක ගැන කිසිම සදහනක් නෑ.ඔන්න ඉතින් කෙල්ලො දෙන්න ගිහිල්ල විනාඩි 5 ක් වත් ගියේ නෑ මොකෙක්ද එකෙක් පාරෙ එනව පුට්ටාර් එකකුත් පැදගෙන.කොල්ල ටක් ගාල 5x විතර සූම් කරල බැලුව මොකාද මේ එන්නෙ කියල.බැලින්නම් මේ එන්නෙ ටන්කෙ.:D:D

ටන්කෙ කිව්වට උගේ නම ටන්කෙ නෙවෙයි.දවසක් ඌ ඉස්කෝලෙදි ට්ර න්ක පෙට්ටියට ටන්ක පෙට්ටිය කියල කිව්ව එදා ඉදන් උගේ නම ඒක.ඌ ඒක කිව්ව ගමන් කොල්ලො ටික ඒ නම නොමිලේම ලියාපදිංචි කරල දුන්නනෙ.ඉතින් උටත් ඒක කරගන්න වැඩිය රස්තියාදු වෙන්න උනේ නෑ.අනේ වාසනාවන්!! හරි හරි ඒක නිකන් කිව්වෙ.දැන් මචංලා ටන්කෙ දැන් එනව පුට්ටාර් එක පැදගෙන.පදිනව කිව්වට පදිනවම නෙවෙයි පට්ටම ස්පිඩ් එකකින් එන්නෙ පැයට කිලෝමීටර් 80 කින් විතර එන්නෙ මේකා. පොලීසියෙන් දක්කොත් හයිස්පීඩ් අල්ලනව.කොල්ලට හිතුන මූ උදේ පාන්දර තේක කියල වරදිලා පෙට්රඅල් බෝතලයක් වත් බීලද කියල.එතකොටයි කොලුවට මතක් උනේ යකෝ ඉදල අතේ නේද කියල අරෑ මේක දැක්කොත් එහෙම වහ කාල කොච්චියට පනින්න වෙන්නෙ.මොකද ටන්කෙට නම රෙඡිස්ටර් කරද්දි කොල්ල තමයි තමන්ගෙ දේකට වගේ මහන්සි වෙලා මුල් තැන අරන් වැඩ කරේ.ඉතින් කල හොද පස්සෙන් එලවයි කියල කොල්ල තැති ගත්ත.:no:

කොල්ල මොකද කරේ සුපර් මෑන් වගේ ඉදල යැව්ව උඩින් ගේ පැත්තට.ඒක උඩින්ම ගිහින් වැටුනෙ බලු කූඩුව උඩට මෙච්චර වෙලා ලතෝනි ගහපු බල්ල කට වහගත්ත.ඌ හිතු‍වෙ ඌට ඉදලෙන් ගැහුව කියල.මුන්ට සප් එක දීල තව ඉදල් පාරවලුත් කන්න උනානෙ කියල දුක හිතිල බල්ල හිතින් බැන බැන එතනම ලැග්ග.ටන්කෙ එනඑ දැන් මී හරක වගේ පාර දිගේ කොල්ලත් සුපර් මෑන් චරිතෙට කිදා බැහැල පැන්න පාර මැදට.අඩෝ...ටන්ක පෙට්ටිය නැවතියන් ඩෝ...
 

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    තේරෙන්නෙ නම් නෑ මොකක්ද සීන් එක කියල, ඉවර උනාම ඔක්කොම කියවල බලන්නම්. උඹ මේ නවකතාවක්ද ලියන්නෙ?