කොල්ලා(ෙපාඩි කතාවක්)

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඇයි බන් උඹ අපිට මෙහෙම කරන්නේ.....
    දාපන්කෝ ඉතුරු ටිකත් පව් නොදී.....................
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ඉට පස්සේ බස් එකෙන් බැහැල කට්ටිය සතුටින් බන්ඩාරවෙල ගියාලු.

    නිමි.
    :yes::yes::yes:
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    sira bn meka fatta athal story eka bn.uba liyana widiya fatta hebei bn dong! gala okkama dapu gaman kathawa iwara unama wena monawa kiyawanada bn.eka nis auba himita dapn mchn :D :D
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    කොල්ලත් බඩු මුට්ටු කර ගහන් ගියා නසරානියො සෙට් එක ඉන්න තැනට,ගිහින් අමිලය අතේ තිබ්බ ටිපි ටිප් පැකට් එකට අත දාල ඉතිරි වෙලා තිබ්බ ටිපි ටිප් දෙක තුනට ගේම දුන්න.අමිලය මූණ ඇද කරන් බැලුව නිකං ඕකට බඩ පලයං කියන්න වගේ..ඌ ලැජ්ජාව පැත්තකට දාල පැකට් එක දෙකටම පලල තිබ්බ ටික හූරගෙන කෑව.නොදමකිං මේ වගෙ බඩජාරියො..,එකෙක් කිව්ව.කස්ටියම ප්රමධාන බස් නැවතුම් පොළ බලා පිටත් උනා


    බස් ස්ටෑන්ඩ් එකට ආවට පස්සෙ කට්ටියම බැස්ස බස් එකෙන්.මේ වගේ ගමන් යද්දි සිරිතක් වශයෙන් පැය බාගෙන් බාගෙට සෙට් එකේ ඉන්න ඈයො ගනින්න ඕන,නැත්තම් කට්ටිය හිටි ගමන් අඩුවෙන්න පුලුවන්.ටන්කෙ ගනින්න ගත්ත..වන්, ටූ, තුනයි, හතරයි...ඒ මචං එකෙක් අඩුයිනෙ ගැනල ඉවර වෙලා ටන්කෙ කිව්ව.

    ගොනෝ..තෝ තෝව ගැන්නද?..එකෙක් ඇහුව.
    ආ නෑනෙ බං..මාවත් ගැන්නම ගාන හරි...ටන්කෙ අසරණ කමට හිනා වෙලා කිව්ව.
    සංඝණනයෙන් පස්සෙ කට්ටිය පිටත් උනා බණ්ඩාරවෙල යන්න බස් කට්ටක් හොයා ගන්න.ටන්කෙ ඇහුව අමිලයගෙන් “ඕයි ටිපි ටිප් ඉවරද? කියල.අමිලය කොල්ලට මාරාන්තික බැල්මක් දාල ටන්කෙට කිව්ව “ටිපි ටිප් ඉල්ලගනින් බොලයි ලොකු අප්පොච්චිගෙන්, කියල. “ඉදපන් මං එකක් අරන් තොපිට පේන්නම කනෝ,ඉල්ලගෙන එහෙම වරෙන්කො මගෙන්,ටන්කෙ යුධ ප්ර කාශ කරා සෙට් එකටම.

    එකෙක් ගියා බස් එකේදි කොටාබාන්න මොනවහරි අරන් එන්නම් කියල.තව එකෙක් ඌ පස්සෙන් ගියා දුරකථනයට කාඩ් එකක් අරන් එන්නම් කියල.තව එකෙක් නාහෙන් අඩන්න ගත්ත චූ බරයි කියල.එම බරම තිබ්බ තව එකෙක් ඌත් එක්ක ගියා ස්ටෑන්ඩ් එකේ වැසිකිළි පද්ධතිය හොයාගෙන.වැසිකිළි නැතත් බිත්තියකට හරි අල්ලන තත්වයක් උන් දෙන්නට තිබ්බෙ.ඉතුරු ඈයො ගිහින් වැල්ලවායෙ යන බස් එකකට රිංගගත්ත.බස් එක යන්න ඔන්න මෙන්න තියෙද්දි ඔක්කොමලම ඇවිත් පිටිපස්සෙ දිග සීට් එකයි තව සීට් එකකුයි බද්දට ගත්ත.අමිලය එකෙක්ට පගාව දීල ජනේලෙ තියන පැත්ත ඉල්ල ගත්ත එලිය බල බල යන්න ඕන කියල.ඌ ස්වභාව ධර්මෙට හෙන ලැදියිනෙ.“අනේ පුතාල ඔය අන්ධ දරුවටත් පොඩ්ඩක් ඉඩ දෙන්න,ඇන්ටි කෙනෙක් කිව්ව ඉස්සරහ ඉදන්.ඒ කියල තියෙන්නෙ සන්ග්ලාස් දාගෙන හිටපු එකා දැකල.ඌ ඒ පාර නම් සන්ග්ලාස් ගලවල බෑග් එකේ ඔබා ගත්ත.

    කට්ටිය හරි බරි ගැහිල වාඩි වෙලා කයිය ගහන්න පටන් ගත්ත.කයිය ගහනව කිව්වට හිමින් නෙවෙයි මහ හයියෙන්.මුන්ගෙ සද්දෙ නිසා වටේ පිටේ මිනිස්සුත් මුන්ට තියන ප්ර ශ්ණ දැනගන්නව.ඔය අතරතුර ටන්කෙවත් විවිධ ප්රදශ්ණ කිරීම් වලට ලක් උනා.කෑම ගේන්න ගියපු එකා කරන්න පුලුවන් අසික්කිතම වැඩේ කරල ටන්කෙගෙන් ඔක්කොම සීන් එක අහගත්ත.ඌ ටන්කෙට මාලු පාන් එකක් දුන්න,මාලු නැතත් එවයි පාන් තියන නිසා ටන්කෙ හිත හදාගෙන ඔක්කොම කිව්ව.උගේ දුක්බර කතාව අහපු සෙට් එකේ දෙතුන් දෙනෙක්ම ඌට උදව් කරන්න ඉදිරිපත් උනා.“උඹ උදේට බයිසිකල් පාගන්න ඕන්නෑ බන් ඇවිල්ල අපේ බයික් එක අරන් පලයන්, එකෙක් කිව්ව.“ඔව් බන් ඕනම නම් අපේ බයික් එක අරන් ක්ලාස් එක ගාවට හරි පලයන්,තව එකෙක් කිව්ව.උන්ගෙ කරුණාව දරාගන්න බැරුව ටන්කෙට ඇඩෙන්න ගිහින් මාලු පාන් එක හිර වෙලා කැස්ස හැදුන.උගේ වැඩේට හෙල්ප් කරන්න ක්ර මයක් නැතුව පසුතැවෙමින් හිටි කීප දෙනෙක් මෙහෙම වත් උදව්වක් කරනව කියල හිතන් කැස්ස නවතිනකම් ටන්කෙගෙ පිටට තඩි බෑව.ඔහොම ඉතින් නසරානි සෙට් එක බණ්ඩාරවෙලත් ගිහින් නුවර එළියෙත් ගිහින් රස්තියාදු ගහල දවස් ගානකින් අතේ පිච්චියක් නැතුව ගෙවල් වල ආව..


    ගෙදර ඇවිත් ඊට පස්සෙ දවසෙම ටන්කෙ උදේට උදේට තමංගෙ සුපුරුදු මල් පූජාව පටන් ගත්ත.දවස් දෙක තුනක් ඌ බයික් වලත් ගියා, විවිධත්වයක් තියෙන්නත් එපැයි.කොල්ලත් දවසක් දෙකක් ගෙදර මිනිස්සුන්ට හොරෙන් මිදුල එහෙම අතුගෑව.හැබැයි ගෙදර කව්රු හරි ඒ වෙලාවට එලියට බැස්සොත් ඉදල කෙලින්ම බලු කූඩුව උඩ.බල්ල ඔය සම්බන්ධව කොල්ලත් එක්ක එච්චර හිත හොදින් නෙවෙයි හිටියෙ.ඒ නිසාද දන්නෑ ඌ මල් දෙක ක්ලාස් යන වෙලාවට බල්ල වගේ බුරන්න තියා ගත්ත හැමදාම.මේ මර නින්දෙ ඉන්න එකා කෙල්ලො දෙන්න යනකොටම කූඩුවත් හප හප බුරල උන් ගියපු ගමන් අනික් පැත්තට හරක වගේ නිදා ගන්නව.කෙල්ලො දෙන්න හවස ගෙදර යන වෙලාවටත් මේ නරිය හැමදාම බුරල තියනව කියල කොල්ල පසුව දැනගත්ත.

    ඔහොම ඔහොම කොල්ල උදේට ටන්කෙ එක්ක පාන් ගේන්න යන තත්වෙටම වැටුන.මල් දෙකත් ඉතින් මුන් දෙන්නව දැක්කම නෝන්ඩියට හරි පුරුද්දට හරි හිනා වෙනව.අර මල නම් බිම බලන් හිනා වෙන්නෙ.ටන්කෙත් දවස් දෙක තුනක්ම කොට මොඩල් එකට ෆෝන් නම්බර් දික් කරන්න ගිහින් වැඩේ අනා ගත්ත.ඒ කෙල්ලත් මූව හොදට නෝන්ඩි කරල අන්තිමේදි දවසක් නම්බර් එක ගත්තයි කියමුකො.ගත්තට පස්සෙ ඔන්න මූ දවස් ගානක් නොකා නොබී බලන් හිටිය නොදන්න නම්බරේකින් මිස් කෝල් එකක් වත් එනකම්..දවසක් ඉතින් හරියටම කට්ටිය ග්රසවුන්ඩ් එකේ ඉද්දි ආව මුට කෙටි පණිවිඩයක්.ඒක කියවපු ගමන් මේ යකා බැට් එකත් බිමදාල මූණ දෙක කරන් එතනම වාඩි උනා.කට්ටිය ඉතින් ගිහින් බැලුව උගේ ෆෝන් එකට එබිල.

    “යාලුවො ටන්කෙ කියන්නෙ ඔයාටද?,මැසේජ් එකේ තිබ්බෙ එහෙමයි.ඉතින් මුට සසර එපා වෙන එක අහන්නත් දෙයක්ද?කට්ටිය ඒ පාර ක්රි කට් ගැහිල්ල පැත්තකට දාල බඩවල් අල්ලන් හිනා වෙන්න ගත්ත.හිනාව නවත්ත ගන්න බැරුව සමහරු ගෙදර ගියා.ඉතිරි ඈයො යන්තං රිප්ලයි එකක් යවන්න පුලුවන් තැනට ටන්කෙගෙ හිත හදන්න එක එක කතා කිව්ව.පස්සෙ මූත් ජාන වලින්ම ආපු මල් කැඩීමේ හැකියාව ප්ර්දර්ශණය කරන්නත් එක්ක මෙහෙම යැව්ව “මට එහෙම කියන්න ආදරේට..ඔයත් ඕනනම් එහෙම කියන්න..,ඒක යැව්වට පස්සෙ දවස් දෙකක් විතර යනකං රිප්ලයි ආවෙ නෑ.ඒ උනාට මූ‍ නෙවෙයි පසු බැස්සෙ.

    ඔය අස්සෙ දවසක් කොල්ල බැට් එකත් උස්සගෙන කිරිඩාංගනේ පැත්තට බඩගාද්දි අනිත් මල එනව ක්ලාස් ඇරිල.කොල්ලත් ඉතින් ස්ලෝ වෙලා මලෙන් ඇහුව“ක්ලාස් ගියාද ,කියල.ඒක සුපිරි මොට්ට ප්රෙශ්ණයක් කියල ඕන එකෙක්ට තේරෙනවනෙ ඉතින්.මලටත් හිනා ගිහින් ඔව් කියන්න ඔලුව වැනුව.

    එදා ඇයි කතා කරේ නැත්තෙ?කොල්ල ආයෙ ඇහුව..

    එදා කිව්වෙ බස් එකේදිද?මලත් ඇහුව ගොන් ප්රහශ්ණයක්..ඇයි යකෝ ඊට කලින් කතා කරේ

    නෑනෙ..මේ ගොනීට ඒක මතක නෑනෙ.

    හ්ම්..එදා තමයි..ඇයි ඒ? තරහ වෙලාද හිටියෙ?

    නෑ...ඒ නිකං..මං කතා කරානෙ ඉතින්..

    යන්නම් කියල විතරනෙ කිව්වෙ..ඒකටද කතා කරා කිව්වෙ?

    හ්ම්ම්ම්...මල හිනාව තද කරන් කිව්ව.

    අපේ බල්ල ඔයාලට බුරනව නේ?

    ඔව් මං බල්ලන්ට බයයි..

    එහෙමද,මං කියන්නම් බල්ලට බුරන්න එපා කියල..කොල්ල හුරතල් වෙන්න පටන් ගත්ත.

    හ්...හා.ග්රුවුන්ඩ් එකට නේද යන්නෙ?මං එහෙනම් යනවා..මල කිව්ව.

    ඔව්..හෙටත් ක්ලාස්ද?

    නෑ...
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    sira bn meka fatta athal story eka bn.uba liyana widiya fatta hebei bn dong! gala okkama dapu gaman kathawa iwara unama wena monawa kiyawanada bn.eka nis auba himita dapn mchn :D :D

    සමහරු හිමිහිට දාන්න එපාලුනෙ බන්..:baffled:
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    :shocked::shocked:

    එතකොට මූ මේ ලියන්නෙ ඇත්ත කතාවක්නම් මුන් සෙට් එක ඉසදීන් ටවුමෙ හෝල්ට් එකෙන් බස් එකට නැගල මේ සේරම මල් සිද්ධි වෙන්න විනාඩි 3ක්වත් යන්නෙ නැහැනෙ බන්. මොකද කොල්ලො කෙල්ලො ක්ලාස් යන්න බහින්නෙ ආසිරි එක ළඟ හෝල්ට් එකෙන්නෙ :confused::confused:

    ඉසදින් ටවුමෙ නෙවෙයි
     
    • Like
    Reactions: kaveensri