මම මචන් ජාවා SSE. මම ගොඩක්ම වැඩ කරපු හොඳ ප්‍රොජෙක්ට්ස් එක්කෝ ගොඩක් කාලයක් තිස්සේ හදාගෙන යන client base එක වැඩි, එහෙම නැත්තන් risk එක වැඩි ඒවා. ඒවගේ ප්‍රොජෙක්ට් වල වැඩ කරද්දී අළුතෙන් එක එක මඟුල් අටවලා ක්ලයන්ට්ව පිස්සුවට්ටන ආතල් දෙනවට වඩා තියෙන ටික හරියට වැඩකරන stable තත්වෙන් පවත්වගෙන යන ගමන් අළුත් ඒවා ඇඩ් කරන එක තමයි කරන්නේ. මේ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගනිද්දී ගොඩක් වෙලාවට රික්වයමන්ට් එක ෆයිනලයිස් වෙන්නම මාස කීපයක් යනවා. ඒ වගේම බිස්නස් ඇනලිස්ට් කියන්නේ නිකන්ම නිකන් වර්ඩ් ඩොකියුමන්ට් එකක් ගහන කෙනෙක් නෙවෙයි. වැඩක් ලැබෙනකොට අපිට ඒක හම්බෙන්නේ හරියටම ෆයිනලයිස් කරපු රික්වයමන්ට් එකත් එක්ක ෆයිනල් cඔඩෙ එක ගහන්න ඕන තැනට වෙනකම්ම ඇනලයිස් කරලා. ටෙක්නිකල් සයිඩ් එකෙන් අළුත් දේවල් කරන්න වෙන්න පුළුවන්, ඒත් රික්වයමන්ට් එක ක්ලියර්. ඒ වගේම ඩෙඩ්ලයින් එක approachable. වැඩේ පටන් ගන්න ප්‍රොඩක්ශන් ගියාම වෙන ඉම්පැක්ට් එක අවම වෙන එක ගැනත් හිතලා. මොකද ක්ලයන්ට් මීටින්ග් එකේදී අරක දෙන්නම් මේක දෙන්නම් කියලා බොරු කිව්වා වගේ නෙවෙයි දීගන්න බැරිවුනොත් ඒවට දඩ.
ඊලඟට කම්පැනියක් තෝරගනිද්දී (ලන්කාවේ නම් වැඩකරන්නේ, වෙනරටක නම් මෙච්චර හොයන්නේ නෑ ), ගොඩක් වෙලාවට Product Based කොම්පැනියක් තෝරගන්නවා. Cambio, IFS වගේ කම්පැනි (I haven't worked with them, but as I know they don't push their employees. Cambio is selling a healthcare system and IFS is working on their framework based on java. They don't get very busy.). ඒවයේ තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ හදාගෙන යන ප්‍රොජෙක්ට්. සොෆ්ට්වෙයා ක්ලයන්ට්ලට හදලා විකුණන කම්පැනියක් නම් ඉතින් තත්වෙ පොඩ්ඩක් වෙනස් වෙනවා. සමහර කම්පනි ගන්නේ මාස 6න් 7න් හදලා දීලා දාන්න පුළුවන් පොඩි ප්‍රොජෙක්ට්. එහෙම කම්පැනි වල වැඩකරනවා කියන්නේ ඉතින් පුළුවන් තරම් ඉක්මනට ඩිලිවර් කරලා වෙන එකකට මාරු කරනවා. එතකොටත් ස්ට්‍රෙස් වැඩියි. ලොකු ප්‍රොජෙක්ට් ගන්න, කාලයක් තිස්සේ ඒ ප්‍රොජෙක්ට් එකට fixed ටීම් එකක් දීල තියෙන තැනක් නම් මේ අවුල නෑ. අයි.ටී නොවෙන කොම්පැනියක් නම් තත්වේ තවත් ලේසියි. ඒත් ටෙක්නිකල්ය් අප්ඩේට් වෙන්න අමාරුයි. ඒ රිස්ක් එක තියාගෙන සෙල්ෆ් ලර්නින්ග් කරන්න රෙඩි නම් මේ වගේ කම්පැනි OK. වැඩක් ඇත්තේම නැති තරම් සමහර වෙලාවට. පොඩි කම්පැනි ගොඩක් වෙලාවට බිසී.
ස්ප්‍රින්ට් එක ගත්තොත්, CR explain කරන මීටින්ග් එක about 2days යනවා. පස්සේ Sprint Planning එක දවසක් විතරම යනවා. ස්ප්‍රින්ට් එකක් දුවන්නේ සති දෙකයි.Spill වෙන ටාස්ක්නුත් තියෙනව. ඒවටත් එක්ක ටයිම් අරන් තමයි ස්ප්‍රින්ට් ප්ලෑන් කරන්නේ 1 දවසෙ වැඩේ සමහර වෙලාවට දවස් 1.5ක් විතර time allocate කරනවා. හැබැයි ස්ප්‍රින්ට් එක ඉවර වෙද්දි හැමෝගෙම වැඩ ගොඩක් දුරට ඉවරයි. සාමාන්‍ය CR එකක් නම් අඩුම ස්ප්‍රින්ට් දෙකක් විතර අදිනවා. පොඩි කම්පැනියක් නම් ඉතින් ඒ ටික දවස් 5න් හදල ප්‍රොඩක්ශනුත් ගිහින්. හැබැයි ආයේ කෙලවෙලා ෆික්සස් එනවා. මෙතන එහෙම නැත්තේ නෑ. හැබැයි අඩුයි. මම ජාව ඩිවලොපර් නිසා මට ජාවා විතරයි. Full Stack කතන්දර නෑ. ෆුල් ස්ටැක් නම් බිසී වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි. මම කලින් කිව්වා වගේ ලොකු Project තියන කම්පැනි වල Full Stack අඩුයි. සමහර වෙලාවට ෆුල් ඩොමේන් එකම දන්න අයත් හරිම අඩුයි. මම දැන් වැඩ කරන සිස්ටම් එකෙත් මම දන්නේ මොඩියුල් දෙකයි. එතනින් එහාට දන්නෙත් නෑ මගෙන් අහන්නෙත් නෑ. මම ගොඩක් වෙලාවට ඉන්ටවීව් එකකට යද්දී අනිවා අහනවා මොනවද ඔයාලගෙ ප්‍රොජෙක්ට්ස් කියලා. අහලා ටීම් එකේ සයිස් එකත් අහනවා. ඒව අනුව ප්‍රොජෙක්ට් එක බිසී වෙනවද නැද්ද කියල හිතාගන්න පුළුවන්. Full Stack කියලා කියනව නම් ඒ කියන්නේ Deployment සයිඩ් එකත් පොඩ්ඩක් දෙන, QA ටිකක් තියන එකක්ද කියල අහන්නත් ඕන. එහෙම නැතුව අද Java කරලා, හෙට .net දීලා අනිද්දා React කරන්න කියන Deployment කරලා QA නුත් කරන්න කියන ෆුල් ස්ටැක් නෙවෙයි. එක එක දවසට එක එක ලැන්ග්වේජ් කරලා වැඩක් නෑ. එක ලැන්ග්වේජ් එකක් හරියට එක දිගට කාලයක් කලේ නෑ කියන්නේ ආයේ වෙන ජොබ් එකක් ගනිද්දි අමාරුයි.
හැබැයි මෙහෙමයි, මම මේ කිව්වා වගේ ප්‍රොජෙක්ට් වල වැඩ්කරද්දී පොඩි කම්පැනියක මාස 6න් ඉගෙනගන්න, ටච් වෙන knowledge ටික ගන්න ගොඩක් කල් යනවා. මමත් ඉස්සරම වැඩකරේ පොඩි පොඩි තැන් වල. වැඩේ අල්ලගත්තට පස්සේ ඉතින් ෆ්‍රී ටයිම් එකේ අළුත් දේවල් ඉගෙනගන්න අතරේ තමයි වැඩ අඩු මේ කිව්වා වගේ හොඳ කම්පැනි වලට ගියේ. ඊලඟට තවත් දෙයක්, සමහර වෙලාවට එක පාර TL, ATL වගේ යන්න කලින් Architect, TL කෙනෙක් යටතේ ඉන්නකොටත් නිදහසක් තියෙනවා. මැනේජ්මන්ට් එකෙන් ඔළුව කන්නේ නෑ. පඩිය හොඳයි නම් Title එක ලොකුවටම ඕනත් නෑ කාලයක් යනකම්. ලන්කාවේ දිගටම වැඩකරන්නෙ නැත්තන් කොහෙත්ම ඕන නෑ.