කොලු කාලෙ කරපු අමන වැඩ

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඒ ලෙවල් වලට පාඩම් කරන්න කට්ටිය සෙට්වෙලා දවසින් දවස එක එකාගේ ගෙවල් වල. රෑ 10 ඉදන් 1 විතර වෙනකන් කොහොමත් පොත පතේ වැඩ තමයි. එක පහු උනා කියන්නේ ඉතින් තුප්පහිගතිය ඉහට ගහන වෙලාව. කොරාපු දහදුරා වැඩනම් එමටයි. පුටාර් එකේ (පුට් බයිසිකලේ) තමයි ඉතින් ඒ දවස් වල ගමන් බිමන්. දවසක් අපි නැවතිලා පාඩම් කල එකාගේ ගේ තිබ්බේ ප්‍රධාන පාරකට මායිම්ව. පාරෙන් එහා පැත්තේ පොඩි ඇලක් තියෙනවා බැම්මක් එක්ක. ලාවට කැලේ. සාමාන්යෙන් පාන්දර දෙක තුන වෙද්දී බේකරිවල උණු උණු බනිස් මලු පාන් එහෙම බානවා. කස්ටිය මාළු පාන් ගෙඩියක්වත් කමු කියල ආව එලියට. පට්ට සීතලයි, ගල් පන්දරණේ ඉතිං. එකෙක් හිටියා සුදු සරමක් ඇදන් මූ සරම ඔලුවේ ඉදන් පොරවන්. පාරේ වාහනයක් යනවා ඉදලා හිටලා. ඉදල හිටලා කිව්වට විනාඩි පහ දහයක් ඇතුලත වාහන තුන හතරක් එහා මෙහා යනව කොහොමත්. ලයිට් එළියක් ඈත එනවත් එක්කම අරූ බැස්සා පාරට. සුදු සරම උස්සන් ඔලුවත් වහගෙන. ඉනෙන් පහල නෑ මොනාත්, අමු හෙළුවෙන්... මේකා පාර මැද්දේ හිටගෙන. ආව වාහනේ හිමින් හිමින් නතර උනා දුර තියා.. අරූ හිමිහිට පාර පැනල ඇල පැත්තෙන් බැම්ම දිගේ ගිහින් වාඩි උනා. වාහනේ එකාට පෙන්නේ පාර හරහා යනවා විතරයි. වාහනේ නවත්තන් හිටියා විනාඩියක් විතර, හිමිට ගිය යන්න. අරූ ආපහු එද්දී කාර් එකක් අවා, මූ සුරුස්ගාල පැනල ආවා ගේ පැත්තට. අර විදියටම.. ආව වේගෙන්ම කාර් එක නැවැත්තුවා, රිවස් කළා, හරවන් ආපහු ගියා කොහේ ගියද දන්නේ නෑ...
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අපි ඕලෙවල් කරන කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ කෝච්චියේ. කොටුවේ ඉඳලා පාදුක්කට යන කෝච්චියේ තමා එන්නේ. අපි කෝච්චියට නගින්නේ නුගේගොඩින්. ඉතින් අපි ඒ කාලේ ෆුට්බෝඩ් එකේම එල්ලිලා යන්නේ කෝච්චියේ කොච්චර ඉඩ තිබ්බත්. ඔය යද්දී උඩහමුල්ල හරියේ මුඩුක්කු සෙට් එකේ වහලවල් උඩ ඇඳුම් දාලා තියෙනවා වේලෙන්න. ඉතින් අපි කරන්නේ ෆුට්බෝඩ් යන ගමන් අත දාලා ජෝක්කු, බ්රෙසියර්, එක එක ඇඳුම් අරන් වෙන ගෙදරක දොරක් ඇරලා තිබ්බොත් ඇතුලට විසි කරන එක. එක්කෝ වෙන කොහෙට හරි විසි කරගෙන යනවා. පහු වෙනිදට යද්දී ඒ ගෙවල් වල උන් ඉන්නවා පොලු, කුණු වතුර බේසම් තියාගෙන ෆුට්බෝඩ් වල යන උන්ට කෙලින්න. අම්මෝ දවසක් ෆුට්බෝඩ් ඉද්දි පොලු පාරක් කෑවා කකුල නිල් වෙන්න.

    ඒ දවස් වල කොලු කමට එහෙම කරාට ඒලෙවල් වලට වගේ එද්දී තමා තේරුණේ ඒක කොච්චර පව් වැඩක්ද කියලා. මොකද මුඩුක්කු වල ඉන්න ඒ මිනිස්සුන්ට තිබ්බ එකම ඇඳුමත් ඒක වෙන්න පුළුවන් :( පස්සේ ඉතින් ඒ වගේ අමන වැඩ කරේ නෑ.

    තව ඒ කාලෙම කරා පමුණුවෙන් රෙදි උස්සපු එක. මහරගම ස්ටේෂන් එක ගාව රේල් පාර අයිනේ, මැද්දේ රෙදි කඩ/ලෑලි දාගෙන ඉන්නවා. කෝච්චිය මහරගම ස්ටේෂන් එකෙන් අද්දනකොට අපි ෆුට්බෝඩ් එකට බැහැල අයිනේම තියෙන කඩවල් වල ඇඳුම් උස්සල විසි කරනවා. දවසක් අයිනේ කඩේක බ්රෙසියර් දාලා තිබ්බා. අපේ එකෙක් අතේ තිබ්බ පොල්ලක්. මූ ඒක දාලා බ්රෙසියර් එකක් ඉස්සුවා යන ගමන්. එහෙම්ම එක කොච්චි පෙට්ටිය ඇතුලට විසි කරා. බලද්දී ඒක වැටිලා තිබ්බේ වාඩි වෙලා හිටපු අක්කා කෙනෙක්ගේ ඔලුව උඩට. ඒකිට පට්ටම නෝන්ඩිය ඉතින් පුපුර පුපුර ආවේ.

    කෝච්චියේ එද්දී යුනිෆෝර්ම් එක පිටින් සිගරට් ගහලා තියෙනවා. වැඩේ කරද්දී කොල්ලෝ සේරම දොර ගාව වටේටම පිරෙනවා ඇතුලේ ඉන්න කාටවත් පේන්නේ නැති වෙන්න. සිගරට් එක ගහන එකා පහළම පඩියට බැහැල ගහලා ඊළඟ එකාට දෙනවා. දොර දෙපැත්තේ වැඩි වෙලා ඉන්න උන්ට නම් ජනේලෙන් පේනවා කරන වැඩේ. එත් ඉතින් මුකුත් කියන්නේ නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    අරෑ වාහනේ හප්පගන්නෙ නැතුව ගිය එක ලොකු දෙයක් :lol:

    ඔය ලයින් එකේ කෝචිචියෙ ෆුට් බෝඩ් යන්න වෙනම ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනෙ..
    පුරුදු නැතුව යන්නංවාලෙ ගියොත් තහඩුවකට බෙල්ලකපාගන්න තමයි වෙන්නෙ.

    එක පාරක් ඔය ලයින් එකේ එකෙක් අසූචි බාල්දියක පොඟවපු බූවල්ලක්(පොල් ගස්වල හනස්ස එක්ක තියෙන කොටස) ෆුට් බෝඩ් යන උන්ගෙ ඇගේ ගෑවෙන්න අල්ලන් ඉඳල තියෙනව..
    කලින් ගිය එකෙක් උඹල කරා වගේ වගේ අමන වැඩක් කරල වෙන්න ඇති.
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉස්කෝලේ ඉස්සරහ වාහන පාක් කරනවානේ ඒකක හෑන්ඩ්බ්‍රේක් ඇදලත් නෑ ගියර් එකත් නියුට්‍රල් අපි තල්ලු කරලා දැම්මා, ඉස්සරහ කාර් එකේ වැදිලා ලයිට් එකත් ඩැමේජ්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්කෝලේ ඉස්සරහ වාහන පාක් කරනවානේ ඒකක හෑන්ඩ්බ්‍රේක් ඇදලත් නෑ ගියර් එකත් නියුට්‍රල් අපි තල්ලු කරලා දැම්මා, ඉස්සරහ කාර් එකේ වැදිලා ලයිට් එකත් ඩැමේජ්
    මුං යකෝ.... :lol:
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    A/L කාලේ class යන්න ගෙදරින් bike එකක් අරගෙන දුන්නා. වැඩියෙන්ම කරේ යාලුවොන්ගෙ කෑලි ලයින් කරන්න bike එක use කරපු එක. අනිවා තුන් දෙනෙක් දාගෙන තමයි යන්නේ යනකොට. සමහර දවස් වලට bar එකෙන් ගල් බෝතලයක් අරගෙන් සෝඩාත් අරගෙන කොහෙ හරි ගිහිල්ලා තුන් දෙනා ගහලා එහෙමම bike එකේ එනවා. දැන් තමයි තේරෙන්නේ ඒ දවස් වල කරපු මෝඩ වැඩ වල තරම. බැරි වෙලාවත් හැප්පුනානම් එහෙම අම්මලා එහෙම පව්. :( බීපුවා තමයි බන් තියෙන්නේ. කෑලි ලයින් කරන සීන් එකේ මම හිටියේ නෑ.